මන්ත්‍රි එස්.බි. දිසානායක ගමන් ගත් වාහනය අවහිර කළ පිරිසකට වෙඩි ප්‍රහාරයක් : දෙදෙනෙක් තුවාලයි

+++++++++++++++++++++++++++++++++++

= මේ පිටුවේ සිරස්තල =

• මන්ත්‍රි එස්.බි. දිසානායක ගමන් ගත් වාහනය අවහිර කළ පිරිසකට වෙඩි ප්‍රහාරයක් : දෙදෙනෙක් තුවාලයි

• ගිනිගත්හේනේ වෙඩි තැබීම ගැන කණගාටුවන බව ගෝඨාභය රාජපක්ෂ කියයි

• එස්.බී.ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

• හඟුරන්කෙත වෙඩි තැබීම මැතිවරණයට අදාලම නෑ… SB වාහනයේ සිට නෑ.. වෙඩි වැදුනු තරුණයන් රෝහලේ සිට කියන කතාව මෙන්න.. (විඩියෝ)

• දූවිලි නිසා දරුවන්ට මුඛ ආවරණ පළඳින්නැයි උපදෙස්

• හිරුට එරෙහි මඩ පෝස්ටර් ව්‍යාපාරයට සම්බන්ධ කිසිවෙකු අත්අඩංගුවට නොගැනීම ගැන පොලිස් කොමිෂන් සභාව දැනුවත් කෙරේ (විඩියෝ)

• 2015 මහ මැතිවරණයේදී සහරාන් මුස්ලිම් කොංග්‍රසයට සහය දුන් බවට චෝදනා (විඩියෝ)

• ජනපති අපේක්ෂකයන්ගේ නියෝජිතයන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවෙයි (විඩියෝ)

• වත්මන් රජය කාන්තාවන් ‘ණය කතුන්’ කරලා – බැසිල් රාජපක්ෂ (විඩියෝ)

• එජාප අපේක්ෂකයාගෙන් ප්‍රතිඥාවක් ගන්න – මහින්ද, මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලයි (විඩියෝ)

• ආණ්ඩුවේ ලිපි ගැන විශ්වාසයක් නැතැයි උපවාසයේ නිරතවූ කාශ්‍යප හිමියන් කියයි (විඩියෝ)

• “අපට කරදර නොකර පාඩුවේ ඉන්න දෙන්න” තිස්ස ජනනායක ගුරුතුමන් ඇතුලු වියතුන් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධයක ! (විඩියෝ)

• TNL ප‍්‍රවෘත්ති මගින් සජිත්ට බර අවි ප‍්‍රහාර … සජිත්ගේ රෙදි ගලවමින් ගෝටාගේ ගුණ වයයි … (විඩියෝ)

• ඡන්දය දැමීම කාටවත් කරදරයක් වෙන්නේ නෑ – මැතිවරණ කොමිසමේ සභාපති කියයි (විඩියෝ)

+++++++++++++++++++++++++++++++++++

මන්ත්‍රි එස්.බි. දිසානායක ගමන් ගත් වාහනය අවහිර කළ පිරිසකට වෙඩි ප්‍රහාරයක් : දෙදෙනෙක් තුවාලයි

(06.11.2019 – nethnews.lk)

ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බි. දිසානායක මහතා ගමන් කරමින් සිටි රථය පුද්ගලයින් පිරිසක් අවහිර කිරීම හේතුවෙන් මන්ත්‍රිවරයාගේ ආරක්ෂකයින් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

එස්.බි.දිසානායක මන්ත්‍රිවරයා ගමන් කරමින් සිටි වාහනය අවහිර කරමින් එම පුද්ගලයින් කටයුතු කිරීම නිසා ඉන් පිටු පසින් පැමිණි මන්ත්‍රිවරයාගේ ආරක්ෂකයින් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා තැලිගම රෝහලට ඇතුලත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

+++++++++++++++++++++

ගිනිගත්හේනේ වෙඩි තැබීම ගැන කණගාටුවන බව ගෝඨාභය රාජපක්ෂ කියයි

(07.11.2019 – 08:09 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් විසින් ගිනිගත්හේන ප්‍රදේශයේදී කරන ලදැයි කියන වෙඩි තැබීම පිළිබඳව තමන් බලවත් ලෙස කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ මෙම සිදුවීම සත්‍යයක් නම් ඒ පිළිබඳව අදාළ අංශ විසින් වහා පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

නීතිය හා සාමය රැකීම ප්‍රමුඛතාවක් ලෙස සැලකීමේ තමාගේ ප්‍රතිපත්තිය නැවතත් තහවුරු කරන බවද එහි තවදුරටත් දැක්වෙනවා.

+++++++++++++++++++++

එස්.බී.ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

(07.11.2019 – 07:35 +0530 – hirunews.lk/sinhala)

ගිනිගත්හේන – පොල්පිටිය ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ගමන් රථයකට බාධා කළ පිරිසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (06) රාත්‍රී 7.30 ට පමණ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ගමන් ගත් රථයකට පුද්ගලයින් පිරිසක් බාධා කරන විට පිටුපසින් පැමිණි රථයේ සිටි ආරක්ෂක නිලධාරීන් වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් අයෙකු කරවනැල්ල රෝහලටත්, සුළු තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ගිනිගත්හේන රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි ඇමති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා සමඟ ගිනි අවි දෙකක් ද ගිනිගත්හේන පොලීසිය භාරයට ගෙන ඇති අතර, හිස් පතොරම් කොපු තුනක් එම ස්ථානයේ තිබී සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම සිද්ධිය දේශපාලනමය හේතුවක් මත සිදුවූවක් නොවන බව පරීක්ෂණවලදී අනාවරණ වී ඇති බවයි ෴

+++++++++++++++++++++

හඟුරන්කෙත වෙඩි තැබීම මැතිවරණයට අදාලම නෑ… SB වාහනයේ සිට නෑ.. වෙඩි වැදුනු තරුණයන් රෝහලේ සිට කියන කතාව මෙන්න..

(07.11.2019 – 11:20 +0530 – lankacnews.com)

වෙඩි තැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පා.ම එස්. බි. දිසානායක මහතාගේ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් දෙදෙනෙක් අද (07) අලුයම සැක පිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

ගිනිගත්හේන පොලිස් වසමට අයත් කොත්තැල්ලෙන ප්‍රදේශයේ ජනාධිපතිවරණ ප්‍රචාරක පොකුරු රැස්විම වලට සහභාගි වි එස්. බි. දිසානායක මන්ත්‍රිවරයා ඇතුළු ආරක්ෂක නිලධාරින් ගිනිගත්හේන පොල්පිටිය මාර්ගය හරහා වාහන වලින් ඊයේ (06) රාත්‍රි 8 ට පමණ ගමන් කරමින් සිටියදි නාවලපිටියේ සිට පොල්පිටිය හරහා මිනුවන්දෙණිය දක්වා විවහා මංගල්‍යය උත්සවයකට සහභාගි වි නිවස කරා යමින් සිටි තරුණයන් සිව්දෙනෙක් රැගත් වැන් රථයේ ඇමති ආරක්ෂක අංශයේ කේ ඩි එච් වර්ගයට අයත් SP PE-6828 දරන වැන් රථයේ ඉදිරිපස පැති කණ්ණාඩිය තරුණයන් රැගත් වැන් රථයේ පැති කණ්ණාඩියේ ගැටි ඇත.

අනතුරත් සමග ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් සහ තරුණයන් පිරිස අතර ඇති වු බහින් බස් විමක් දුර දිග යාමෙන් පසු එම ස්ථානය මහනුවර දිස්ත්‍රික් පා.ම එස්.බි දිසානායක මහතා එම ස්ථානයට පැමිණ සිද්ධිය සමතයකට පත් කර ඔහු ගමන් ගත් වැන් රථයට ගොඩ වි පිටව යාමත් සමග ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින් තමන්ට සහ තම මිතුරෙකුට පිස්තොලයකින් වෙඩි තැබු බව වෙඩි වැදිමෙන් තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රොහලේ නේවාසික ප්‍රතිකාර ලබන ගිනිගත්හේන මිනුවන්දෙණිය ප්‍රදේශයේ පදිංචි රවින්ද්‍ර රෂාන්(22) කියා සිටියේය.

තමන්ගේ දකුණු අතට වෙඩි වැදුණු බවත්, තම මිතුරාගේවම් පාදයට වෙඩි වැදුණු බවත්, පසුව දෙදෙනාම කිතුල්ගල තැලිගම ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තමන්ව ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙතත් තම මිතුරා වන ගිනිගත්හේන පොල්පිටියේ පදිංචි චරිත් මදුෂාන් (23) කරවනැල්ල මුලික රෝහල වෙත මාරු කර යැවු බවයි රවින්ද්‍ර රෂාන් කියා සිටියේය.

වෙඩි තැබිම සිදු කලේ යැයි කියන ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් තලාතුඔය පොලිසිය වෙත ගොස් ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේදි තරුණයන් පිරිසක් වාහනය හරස් කර පහර දිමට උත්සහ කල බව පවසමින් සිදු කල පැමිණිල්ලක් මත එම ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් තලාතුඔය පොලිසිය මගින් පරික්ෂණ පැවැත්විම සදහා ගිනිගත්හේන පොලිසිය වෙත භාර දි ඇත.

ගිනිගත්හේන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් ඇමති ආරක්ෂන අංශයේ නිලධාරින් දෙදෙනා සහ වැන් රථය වෙඩි තැබිමට උපයෝගි කරගත් යැයි කියන පිස්තොල දෙක හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) ඉදිරිපත් කර ඇමති ආරක්ෂක අංශයේ නිලධාරින් දෙදෙනා හදුනාගැනිමේ පෙරට්ටුවක් සදහා ඉදිරිපත් කරන බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=Nuk1V5RWVJM#t=5

+++++++++++++++++++++

+++++++++++++++++++++

දෙදෙනෙකුට වෙඩි තැබු SB ගේ ආරක්ෂකයින් රිමාන්ඩ්

(07.11.2019 – 16:05 +0530 – sinhala.adaderana.lk)

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ගමන් ගත් රථයට බාධා කළ පිරිසකට වෙඩි තැබීම සිදු කළ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි ඇමති කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා මේ මස 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අදාළ සැකකරුවන් දෙදෙනා අද (07) පස්වරුවේ හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙම සැකකරුවන් දෙදෙනා 11 දින හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ගිනිගත්හේන පොලිසිය මගින් සැකකරුවන් දෙදෙනා සම්පුර්ණයෙන්ම මුහුණු ආවරණය කර හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයාගේ නිල කාමරය වෙත ඉදිරිපත් කරනු ලැබූ බව ‘අද දෙරණ’ වාර්තාකරු පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා ගමන් ගත් රථයට බාධා කළ පිරිසකට මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ පොලිස් නිලධාරීන් ඊයේ (06) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු කර තිබුණි.

එම වෙඩි තැබීම සිදුකළ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

ඊයේ (06) රාත්‍රී 07:30 ට පමණ ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේදී එස්. බී. දිසානායක මන්ත්‍රිවරයාගේ ආරක්ෂක අංශය ගමන් ගත් රථයේ, විවහා මංගල්‍යය උත්සවයකට සහභාගි වි නිවස කරා යමින් සිටි තරුණයන් සිව්දෙනෙක් රැගත් වැන් රථයක ඉදිරිපස පැති කණ්ණාඩිය ගැටි තිබේ.

එම අනතුරත් සමග ආරක්ෂක අංශ නිලධාරින් සහ එම වෑන් රථයේ බීමත්ව සිටි තරුණයන් පිරිස අතර බහින් බස් විමක් ඇති වුණි.

එය දුර දිග යාම හේතුවෙන් එස්. බි. දිසානායක මහතාද එම ස්ථානයට පැමිණ සිද්ධිය සමතයකට පත් කිරීමට උත්සහ ගෙන ඇති අතර එම අවස්ථාවේ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරින් දෙදෙනා වෙඩිතැබීමක් සිදුකර තිබේ.

වෙඩිතැබීමෙන් සුළු තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු කරවනැල්ල රෝහලේ සහ අනෙක් පුද්ගලයා ගිනිගත්හේන රෝහලේ ප්‍රතිකාර මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම වෙඩි තැබිමේ සිද්ධිය දේශපාලන සිදුවිමක් නොවන බව සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර ගිනිගත්හේන පොලිසිය විසින් වෙඩි තැබීම සිදු කළ පිස්තෝල දෙක සමග අදාල නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී හිස් පතුරම් තුනක් ද පොලිසිය විසින් සොයාගැණුනි.

වෙඩිතැබීම සිදුකල පොලිස් නිලධාරීන් දෙදෙනා හදුනාගැනිමේ පෙරෙට්ටුව සදහා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=7KX2KlzF3zA

***************************************

දූවිලි නිසා දරුවන්ට මුඛ ආවරණ පළඳින්නැයි උපදෙස්

(07.11.2019 – 07:24 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරය ඇතුලු ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ පවතින දූවිලි අධික තත්ත්වය නිසා කුඩා දරුවන්ට මුඛ ආවරණ පැළඳීම වඩාත් සුදුසු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේ මෙම තත්ත්වයත් සමඟ දරුවන්ට ඇතැම් විට ස්වසන අපහසුතා ඇතිවිය හැකි බවයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවර පවතින වායු දූෂණය මේ වනවිට ශ්‍රී ලංකාව දක්වා පැතිර ඇතැයි සැක මතුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළා.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ කොළඹ නගරයට ඉහළ වායුගෝලයේ පවතින දූවිලි අංශු ප්‍රමාණය ඊයේ (06) වනවිට සියයට සියයකින් ඉහළ ගොස් ඇති බවයි.

කොළඹ නගරයේ ඉහළ අහසේ මේ දිනවල මීදුම වැනි තත්ත්වයක් දක්නට ලැබෙනවා.

එලෙස පෙන්නුම් කරන්නේ මෙම දූවිලි අංශු බවයි ඔහු කියා සිටියේ. කියුබික් මීටරයකට මයික්‍රොග්‍රෑම් 50 ක් ලෙස සම්මතව පවතින වාතයේ කුඩා අංශු ප්‍රමාණය ඊයේ දහවල් වනවිට මයික්‍රොග්‍රෑම් 70 දක්වා ඉහළ ගොස් තිිබුණා.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයද ඊයේ (06) පස්වරුවේ යාවත්කාලීන කළ කොළඹ වායු ගුණාත්මක දර්ශකයට අනුව එය සෞඛ්‍යයට අහිතකර බවයි දක්වා තිබුණේ.

මීට අමතරව දිවයිනේ තවත් පළාත් කිහිපයකින්ම මෙම තත්ත්වය වාර්තාවන අතර, ඇදුම සහ ස්වසන රෝග සහිත පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු බවයි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා කියා සිටියේ.

එමෙන්ම බෙංගාල බොක්කේ මේ වනවිට පවතින පීඩන අවපාතය හේතුවෙන් සිදුව ඇති සුළං හැමීමේ රටාවේ වෙනස්වීමද මෙම තත්ත්වයට හේතුවී තිබෙනවා ෴

***************************************

හිරුට එරෙහි මඩ පෝස්ටර් ව්‍යාපාරයට සම්බන්ධ කිසිවෙකු අත්අඩංගුවට නොගැනීම ගැන පොලිස් කොමිෂන් සභාව දැනුවත් කෙරේ

(06.11.2019 – 20:10 +0530 – hirunews.lk/sinhala)

අද (06) ට දින 6 ක් ගත වුවද හිරු මාධ්‍ය ජාලයට එරෙහිව දියත් කළ මඩ පෝස්ටර් ව්‍යාපාරයට සම්බන්ධ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙතෙක් නොහැකි වී ඇති බව සිංහලේ සංවිධානයේ මහලේකම් පුජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් පොලිස් කොමිෂන් සභාව දැනුවත් කිරීමට අද පැමිණි අවස්ථාවේදීයි.

හිරු මාධ්‍ය ජාලයට අපහාස වන ආකාරයට පසුගියදා මඩ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබූ අතර, මේ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කලද මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව පවසමින් සිංහලේ ජාතික සංවිධානයේ නියෝජිතයින් ජාතික පොලිස් කොමිෂන් සභාව දැනුවත් කිරීමට පියවර ගත්තා.

මේ අතර, මාධ්‍ය නිදහසට එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ඊයේ (05) පැවති පැවිදි හඬ සංවිධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද අදහස් පළ වුණා.

***************************************

2015 මහ මැතිවරණයේදී සහරාන් මුස්ලිම් කොංග්‍රසයට සහය දුන් බවට චෝදනා

(06.11.2019 – 20:06 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ගිවිසුමක් අත්සන් කර තිබූ බවත් 2015 මහ මැතිවරණයේදී සහරාන් හෂීම් මුස්ලිම් කොංග්‍රසයට සිය සහයෝගය ලබාදුන් බවත් නව මහජන සේවා සංවිධානය චෝදනා කරනවා.

ඔවුන් මෙම චෝදනාව සිදුකළේ කොළඹ අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර, උතුරේ මුස්ලිම් ජනතාව කොළඹදී අද (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ල කළා.

***************************************

ජනපති අපේක්ෂකයන්ගේ නියෝජිතයන් මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවෙයි

(06.11.2019 – 20:04 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණයේ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ නියෝජිතයින් අතර හමුවක් අද (06) පැවැත්වුණා. ඒ මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී.

මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ නියෝජතයින් සඳහන් කළේ කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡාවේදී අවධානයට ලක්වූ බවයි.

***************************************

වත්මන් රජය කාන්තාවන් ‘ණය කතුන්’ කරලා – බැසිල් රාජපක්ෂ

(06.11.2019 – 19:57 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුව කාන්තාවන් ‘ණය කතුන්’ බවට පත්කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (06) කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.

***************************************

එජාප අපේක්ෂකයාගෙන් ප්‍රතිඥාවක් ගන්න – මහින්ද, මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලයි

(06.11.2019 – 18:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා සහකම්පන සංවිධානය සහ ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ, ජනාධිපති මැතිවරණයේදී ආබාධය බාධාවක් නොවන සමාජයක් නිර්මාණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කළා.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේදී අදාළ ගිවිසුමට අද අත්සන් තැබීමෙන් පසු බේල් ක්‍රමයට සහ පටිගත ක්‍රමයට සකස් කරන ලද තම ප්‍රතිපත්ති ප්‍රකාශයද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඔවුන්ට පිළිගැන්වූවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා තවත් ජන රැළියක් නිවිතිගල ප්‍රදේශයේදී අද (06) පැවැත්වුණා.

ඊට එක්වෙමින් අදහස් දැක්වූ රාවණාබලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කියා සිටියේ හිරු නාලිකාවට එරෙහිව පසුගියදා දියත්වූ මඩ පෝස්ටර් ගැන පොලීසියට කළ පැමිණිල්ල විභාග කිරීමට අමාත්‍ය මංගල සමරවීර ඉඩ ලබා නොදෙන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතාද ජන රැළියට එක්ව සිටියා.

එමෙන්ම ප්‍රවීන කලා ශිල්පී රෝහණ බැද්දගේ මහතාද ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරමින් රැළියට එක්වුණා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා තවත් ජන රැළියක් ඊයේ (05) කඩුගන්නාව ප්‍රදේශයේදී පැවැත්වුණා.

මේ අතර ඒකීය රාජ්‍ය පිළිබඳ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ ස්ථාවරය යන මැයෙන්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (06) නිවේදනයක්ද නිකුත් කර තිබුණා.

එහි දැක්වුණේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නොබෙදුණු හා වෙන් කළ නොහැකි රාජ්‍යයක් පිළිබඳ සංකල්පයක් හඳුන්වාදීමට යෝජනා කර ඇති බවයි.

එසේම මධ්‍යම ආණ්ඩුවේ බලය උපරිම ලෙස පළාත්වලට බෙදාහරින බවටත්, එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු එම යෝජනා මේ වසරේ ජනවාරි මාසයේ අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ සභා ගත කරන ලද යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පතේ අන්තර්ගතයට බොහෝ සෙයින් සමාන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව අදාළ ව්‍යවස්ථා කෙටුම්පතේ සියලු යෝජනාවලට විරුද්ධ වන බවට සහ ඒකීය රාජ්‍යය සුරකින බවට ලිඛිත ප්‍රතිඥාවක් එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයාගෙන් ලබාගන්නා මෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණා.

***************************************

ආණ්ඩුවේ ලිපි ගැන විශ්වාසයක් නැතැයි උපවාසයේ නිරතවූ කාශ්‍යප හිමියන් කියයි

(06.11.2019 – 18:53 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ ජනාධිපති ධූර අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස යොමුකළ ලිපි පිළිබඳව විශ්වාසයක් නොමැති බව මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්හිටුවන ලෙස ඉල්ලමින් මාරාන්තික උපවාසයක නිරත වූ කොළඹ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් පවසනවා.

කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ්‍රයේ සිදුකළ උපවාසය ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ අවසන් කිරීමෙන් අනතුරුව අද (06) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි උන්වහන්සේ මේ බව කියා සිටියේ.

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවන්නැයි ඉල්ලා පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් ඊයේ (05) පෙරවරු 08:45 ට පමණ මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර, ඊට සහය පළ කිරීම සඳහා මහා සංඝරත්නය, දේශපාලනඥයින්, කලාකරුවන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

එම ස්ථානයට වැඩම කළ රාමඤ්ඤ මහ නිකායේ ස්වාමීන් වහන්සේ කිහිප නමක්ද උපවාසය අත්හිටුවන ලෙස ඉල්ලීමක් කළද, උන්වහන්සේ අවධාරණය කළේ ගිවිසුම අත්සන් කිරීම අත්හිටුවන බවට ලිඛිත පොරොන්දුවක් ලැබෙන තුරු තම උත්සාහය අත්නොහරින බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලිපියක් රැගෙන පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් මාරාන්තික උපවාසයේ නිරත නිදහස් චතුරස‍්‍ර පරිශ්‍රයට ඊයේ (05) රාත්‍රියේ පැමිණියා.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකද ඊයේ (05) රාත්‍රියේ එම ස්ථානයට පැමිණ උපවාසයේ නිරත වූ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන්ට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සහ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යොමුකළ ලිපි දෙකක් ඉදිරිපත් කළා.

කෙසේ වෙතත්, ඉන් අනතුරුව පාර්ශව ගණනාවකින් ලැබුණු ලිඛිත පොරොන්දු හේතුවෙන් උන්වහන්සේ සිය මාරාන්තික උපවාසය නතර කළා.

මේ අතර, මුදල් අමාත්‍ය මංගල සමරවීර මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අද අදහස් පළ කළා. එහිදි ඔහු කියා සිටියේ තවත් ඇමරිකානු විරෝධී භීෂණයක් ඇති කිරීමට ඇතමුන් උත්සාහ දරමින් සිටින බවයි.

මේ අතර, මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම අත්සන් තැබීමට එරෙහිව පාර්ශව රැසකින් දැඩි විරෝධයක් එල්ලවුණා.

එමෙන්ම එම්.සී.සී. ගිවිසුම හරහා මෙරට ස්වෛරීභාවයට, නිදහසට සහ ආර්ථිකයට බාධා කිරිමක් සිදුවන බව පවසමින් සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය ඇමරිකානු තනාපති කාර්යාලයට අද (06) සංදේශයක් භාරදෙනු ලැබුවා.

එමඟින් දක්වා ඇත්තේ ශ්‍රී ලාංකිකයින් ලෙස එම්.සී.සී. ගිවිසුමට දැඩි ලෙස විරුද්ධ වන බවයි.

+++++++++++++++++++++

“අපට කරදර නොකර පාඩුවේ ඉන්න දෙන්න” තිස්ස ජනනායක ගුරුතුමන් ඇතුලු වියතුන් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධයක !

(06.11.2019 – nethgossip.lk)

ආන්දෝළනාත්මක MCC ගිවිසුම හැකි ඉක්මණින් අත්සන් කිරීමට ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන සිටින බවට පසුගිය දිනවල අතිශය කතාබහට ලක්විය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් ඇමති මංගල සමරවීර ඇතුලු ශ්‍රී ලංකා රජයේ නිළධාරීන්ද ප්‍රකාශ කළේ ජනපතිවරණයට පෙර මෙම ගිවිසුම අත්සන් කරන බවයි.

ඒ හේතුව නිසා මෙරට වියතුන් කණ්ඩායමක් එක්වී ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයටත්, භූමී අයිතියටත් බලපෑම් කිරීම නවතන ලෙස ඉල්ලා අද (06) උදෑසන ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයට සංදේශයක් භාර දුන්නා.

මහා සංඝ රත්නය, කතෝලික පූජකතුමන්ලා, ප්‍රවීණ ජීව විද්‍යා ගුරු තිස්ස ජනනායක මහතා ඇතුලු වියතුන් කණ්ඩායමක් මේ අවස්තාවට එක්වී සිටියා.

ඔවුන් මෙම සංදේශයෙන් ඉල්ලා ඇත්තේ මෙරට භුමී අයිතිය උදුරා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බලපෑම් කිරීම නවතන ලෙසටයි. සමස්ත ශ්‍රී ලාංකික ස්වදේශික ජනතාවම නියෝජනය කරමින් තමන් ඇතුලු කණ්ඩායම මෙම සංදේශය භාර දෙන බවට ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් ප්‍රකාශ කරන්නේ මෙම ගිවිසුම ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාරයක් බවත්, ශ්‍රී ලංකාව හැකි ඉක්මණින් MCC ගිවිසුම අත්සන් කළ යුතු බවටයි.

මෙම සංදේශය භාර දීමෙන් පසුව එම කණ්ඩායම ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයකද නිරත විය.

MCC ගිවිසුමට එරෙහිව ඇමරිකානු තානාපති කාර්‍යාලයට ලිපිය භාරදුන් මොහොත :

MCC ගිවිසුමට විරුද්ධව සාමකාමි උද්ඝෝෂණය :

https://www.facebook.com/ProtectLK/

+++++++++++++++++++++

පා ච රණවකයාගේ පච සහ ප්‍රවීණ ජීව විද්‍යා ගුරු තිස්ස ජනනායක මහතාගේ විග්‍රහය :

https://www.facebook.com/ProtectLK/videos/410451039634901/

***************************************

TNL ප‍්‍රවෘත්ති මගින් සජිත්ට බර අවි ප‍්‍රහාර … සජිත්ගේ රෙදි ගලවමින් ගෝටාගේ ගුණ වයයි …

(07.11.2019 – 09:20 +0530 – lankacnews.com)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ මහතාට අයත් TNL රූපවාහිනිය විසින් ඊයේ (06) දිනයේ තම ප්‍රවෘත්ති විකාශය අතරතුර දී සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් දැඩි විවේචනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.

එම රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ වරයෙක් වන ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් ප්‍රසිද්ධ කරමින් ඔවුන් මෙම වාර්තාව ඉදිරිපත් කලහ.

එමඟින් ඇය කියා සිටින්නේ තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවර්ධනය කිරීම තම පුද්ගලික කටයුත්තක් බවත් සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් තමාට ඇත්තේ අපකීර්තිමත් මතකයක් පමණක් බවත්ය.

එමෙන්ම රණසිංහ ප්‍රේමදාස යුගයේ සිදු වූ විවිධ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් ඇය එමගින් පැහැදිලි කර තිබිණි.

සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස විසින් සිදු කරන ලද ප්‍රකාශයක් මූලික කරගෙන ඇය මෙසේ විරෝධතා දක්වමින් නිවේදනය නිකුත් කර තිබූ අතර ටී.එන්.එල්. රූපවාහිනිය සැලකිය යුතු ගුවන් කාලයක් වෙන් කර එය විකාශණය කිරීමට කටයුතු කලේය.

https://www.facebook.com/badumathamaweb/videos/1290224177849133/

***************************************

Hiru TV – Salakuna – 2019-11-06 – Johnston Fernando & Namal Rajapaksa

+++++++++++++++++++++++++++++++++++

06-11-2019

+++++++++++++++++++++++++++++++++++

06-11-2019

+++++++++++++++++++++

06-11-2019

***************************************

ඡන්දය දැමීම කාටවත් කරදරයක් වෙන්නේ නෑ – මැතිවරණ කොමිසමේ සභාපති කියයි

(07.11.2019 – 15:02 +0530 – sinhala.adaderana.lk)

මෙවර ජනාධිපතිවරණයේදී පෙරට වඩා දිගින් යුතු ඡන්ද පත්‍රිකාවක් පැවතියද ඡන්ද දායකයන්ට කිසිඳු බාධාවකින් තොරව ඡන්ද භාවිතා කිරීමට අවස්ථාව සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

‘අද දෙරණ BIG FOCUS’ වැඩ සටහනට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා :

+++++++++++++++++++++

07-11-2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *