අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [03]

YouTube : Dew Suwa Sewa

+++++++++++++++++++++

+++++++++++++++++++++

23-10-2019

+++++++++++++++++++++

24-10-2019

+++++++++++++++++++++

26-10-2019

+++++++++++++++++++++

29-10-2019

+++++++++++++++++++++

02-11-2019

+++++++++++++++++++++

04-11-2019

+++++++++++++++++++++

09-11-2019

+++++++++++++++++++++

15.11.2019

+++++++++++++++++++++

19-11-2019

+++++++++++++++++++++

20-11-2019

+++++++++++++++++++++

21-11-2019

+++++++++++++++++++++

25-11-2019

+++++++++++++++++++++

27-11-2019

+++++++++++++++++++++

29-11-2019

+++++++++++++++++++++

+++++++++++++++++++++

08-12-2019

+++++++++++++++++++++

09-12-2019

+++++++++++++++++++++

11-12-2019

+++++++++++++++++++++

13-12-2019

+++++++++++++++++++++

= දෙව් සුව මෙහෙය නැවතත් ! =
2019 දෙසැම්බර් මස 14 දා සෙනසුරාදා – පානදුර, වලාන සරණපාල විහාරයේදී

මිනිත්තු 17
පැය 3 යි මිනිත්තු 16
හාස්කම් පිරුණු පානදුර වලාන දෙව් සුව මෙහෙයේ (2019-12-14) විස්තර (පැය 1)

+++++++++++++++++++++

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් බුද්ධසාසන අමාත්‍යංශය සතු, පිළියන්දල තිබෙන ඉඩමක් දෙව් සුව මෙහෙය පැවැත්වීම සඳහා (මසකට දෙවරක්) ලබාදීමට කටයුතු යෙදෙමින් තිබෙන බව 2019-12-21 දින පැවැත්වූ සජීවී දුරස්ථ ආශිර්වාද කිරීමේ වැඩසටහනේදී දීගොඩ කුමාර මහතා ප්‍රකාශකලා ! මීලඟ සුවමෙහෙය එම ස්ථානයේදී 2020-01-04 දා ! – අමරසර

මෙම වැඩසටහන සදහා සහභාගී වන සියලු දෙනා හැකි තරම් කාලයක් මස් මාළු ඇතුළු පිළී වර්ග ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු අතර එම කාලය තුල බෝධි පූජා හෝ ආගමානුකූල වතාවත්වල නිරත වී මේ සදහා සහභාගී වන්නේනම් ඉතාමත් සුදුසුය.
– දෙව් සුව සේවා

2019-12-21 (පැය 1 යි මිනිත්තු 24)

+++++++++++++++++++++

23-12-2019

***************************************

විශ්ව ශක්තියෙන් සුව කිරීම ගැන වෛද්‍ය අසාද් උඩුමාන් මහතාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය.. (20.11.2019)
https://www.youtube.com/watch?v=J8c5wEaTRUo

අත ඔසවා රෝග සුව කළ හැකිද..? ඒ බලය ඇත්තේ කාටද..? වෛද්‍ය අසාද් උඩුමාන් මහතාගේ විග්‍රහය.. (21.11.2019)
https://www.youtube.com/watch?v=zgp8GZSFPAk

+++++++++++++++++++++++++++++++++++

From : Rupavahini TV – SihinayakiRa 09.12.2019

https://www.youtube.com/watch?v=6-ATIl7o6Wo#t=876
මේ විඩියෝව නැවත නරඹන්න මේ පිටුව ‘රීලෝඩ්’ කරන්න (Ctrl + R)

+++++++++++++++++++++

+++++++++++++++++++++

පිළිකාවට අභියෝග කරන දිරිය යුවතියගේ සත්‍යය සොයා..

(11.12.2019 – YouTube-Satyaloka TV)

+++++++++++++++++++++

හසිනි ශෂිකලා මහත්මියගේ සැමියාවන අසේල චානක මහතා : (09.12.2019)

“හසිනි ශෂිකලාගේ ස්වාමියා වන මම ඔබ සැමට දැනගන්නට කිවයුතු දේවල් කිහිපයක් ඇත… හසිනි යනු විශේෂ රෝගියෙකි….මක්නිසාද යත්.. ඇයගේ රෝගය සොයාගත් විට වෛද්‍යවරුන් ඇයට එම රෝගය ගැනත් ඇය එවිට සිටි තත්වය ගැනත් යථාර්ථය විස්තර කර තිබුනි… එය සාමාන්‍යයෙන් නොකල යුතු ක්‍රියාවකි…. ඒ මන්ද යත් ඇයගේ මානසික මට්ටම දුර්වල වන විට එම රෝගය පැතිරීම වේගවත් වන බැවිනි…. කෙසේ වුවත් ඇය එම තත්වය හමුවේ වුවද නොසැලී සිටියාය… අමතරව සදහන් කලයුතු දෙයක් නම් ඇයව සුවකල නොහැකි මට්ටමේ රෝගියෙකු බවද අපට දැනුම් දී තිබුනි… ශල්‍යකර්මයක් සිදුකලද ඇයට ජීවත්වීමේ වාසනාව මාස කිහිපයකට සීමාවී තිබීමද අපට දැනුම් දී තිබුනි… එමනිසා ශල්‍යකර්ම සිදු නොකර වෙනත් ප්‍රථිකාර ක්‍රම සිදු කර බැලීමට මා තීරණය කෙරුනි…. බටහිර වෛද්‍ය ක්‍රම වලින් ඉවත්වීමට විරුද්ධව පැමිණි දැඩි බලපෑම් සොයාබලා දැනගත් කරුණු නිසා මා විසින් නොසළකා හරින ලදී… පසුව වෙනත් ප්‍රථිකාර ක්‍රම රැසකට හසිනිව ලක් කෙරුනි… ඒවා අතර ආයුර්වේද, හෝමියෝපති, රස බෙහෙත්, පාරම්පරික හෙලවෙදකම්, කෙම් ක්‍රම, බලි තොවිල්, ක්‍රිස්තියානි පූජකවරුන් සිදුකරන ප්‍රථිකාර ක්‍රම ආදී සියලුම දේවල් සිදුකරන ලදී… ලංකාවේ අප ඇයව රැගෙන නොගියේ යාපනයට පමනි…. මිල මුදල් විශාල ලෙස වැයවීම සිදුවිය…. මූල්‍යමය අර්බුද ඉතාම දැඩිවිය… අපහා සම්බන්ධ සියලුම මිත්‍රයින් මා සමග එක්වී ඇගේ ජීවිතය බේරාගැනීම උදෙසා කලයුතු සෑම දෙයක්ම කරන තත්වයට පත්විය… නමුත් තත්වය ඉතාම කණගාටුදායක විය…. ඇයගේ තත්වය දිනෙන් දින උග්‍ර අතර හැරෙනවා විනා මදක් හෝ සුවයක් ඇයට නොලැබින…. මේ අතර මගේ ඥාති සහෝදරයා විසින් අපව බැලුම්මහර ප්‍රදේශයේ එක්තරා ප්‍රසිද්ධ විහාරස්ථානයක පැවැත්වුන ආධ්‍යාත්මික බලයෙන් රෝගීන් සුව කරන දැවැන්ත කඳවුරක් වෙත රැගෙන යන ලදී… එහිදී අපට පුදුම එළවනසුළු ආකාරයෙන් රෝගීන් සුව කරන අයුරු දක්නට ලැබින… එය දීගොඩ කුමාර නම් මහත්මයෙක් විසින් මෙහෙයවන බව දැනගන්නට ලැබින…. නමුත් එතන සිටි අතිවිශාල සංඛ්‍යාවක රෝගීන් ප්‍රමාණය සහ හසිනිගේ බරපතල තත්වය අනුව එතැන ඇය තබා ගැනීම දුෂ්කර වූ නිසා පැය කිහිපයකට පසුව එම ස්ථානයෙන් පිටවී යාමට අපට සිදුවිය…. එදිනම සවස එහි සිදුවූ සියළුම විස්තර විශාරද සුජාතා අත්තනායක මහත්මිය වෙත මවිසින් දැනුම්දෙන ලදී පසුව ඇය විසින් විස්තර සොයාබලා හසිනිව දීගොඩ කුමාර මහත්මයාගේ ඊලග වැඩසටහන වෙත රැගෙන යන ලදී…. එහිදී සියල්ලෝම පුදුම කරමින් ඇය සුවපත්විය….. එමනිසා ඇයගේ ජීවිතය බේරාගැනීමේ සියළුම ගෞරවය හිමිවන්නේ දීගොඩ කුමාර මහත්මයා හට පමනක් බව ඔබ සැමට පවසා සිටිමි…. පසුගිය දින තුනක් පුරා මා හට ඇයගේ රෝගය සුවකලහැකි බව පවසා යම් යම් ආගමික නිකායන් වල පූජකතුමන්ලා කිහිපදෙනෙක්ම දුරකථනයෙන් මා අමතන ලදී… ඇය තවමත් බරපතල තත්වයෙන් පසුවන බවත් තවත් මසකට වඩා ඇගේ ජීවිතය නොරැකෙන බවත් ඔවුන් සියල්ලන්ම විසින් අවධාරණය කරන ලදී…. එහෙත් ඇයව සුවපත් කරගැනීමට අවශ්‍ය නම් එම ලොවට සිටින්නේ එක දෙවියකු පමනක් බවත් එය පිළිගෙන එම ආගමික නිකායට බැදීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවත් පවසන ලදී….. ඔවුන් සැමට හසිනිත් මමත් එකහඬින් පවසා සිටින වගනම් කුමන රෝගයකින් කවදා මිය යන්නට සිදුවුනත් සත්‍ය ලෙසම පවතින නිර්මල බෞද්ධ දර්ශනයෙන් අප ඉවත්ව නොයන බවයි… එහෙන්ම අප ඉපදුන ජාතිය හා ආගම අත්හැර ලබන සුවයෙන් අපට පලක් නැති බවයි….. එයට හොදම ආදර්ශය සපයන්නේ දීගොඩ කුමාර මහත්මයාය… එතුමන්ගේ සියළුම සුව මෙහෙයන් වලට බෞද්ධයන්ට අමතරව කතෝලික, ක්‍රිස්තියානි, මුස්ලිම් හා හින්දූන්ද විශාල ලෙස පැමිනේ…. ඔවුන්ගේ රෝග සුව කිරීමෙන් පසු ඔවුන්ට තම තමන්ගේ ආගම වෙනස් කර බෞද්ධ වීම සඳහා එතුමානෝ බලපෑම් නොකරයි…. එතුමා ඔවුන් සැමටම දැනුම්දෙන දෙය නම් තම තමුන් තමතමුන්ගේ ආගම් නිවැරැදිව අදහාගෙන ධාර්මිකව මස් මාංශයෙන් සහ මත් ද්‍රව්‍යන්ගෙන් තොරව දිවිගෙවිය යුතු බවයි…..”

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=mjgc3qYTcPk
11-12-2019

+++++++++++++++++++++

‘සිහිනයකි රෑ’ වැඩසටහන නිසා අද මුළු රටම මට ආදරෙයි – හසිනි ශෂිකලා

(18.12.2019 – YouTube – Hari Tv)

පිලිකා රෝගයේ ඇතිවීම සහ නැතිවීම ගැන වැඩිදුර තොරතුරු ඇගෙන් ලබාගැනීමේ හැකියාව මාධ්‍යවේදියාට තිබුණේ නැත – අමරසර

+++++++++++++++++++++

21-12-2019

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=sbD3GTc5tQA
22-12-2019

+++++++++++++++++++++

මරණයේ දොර හැරගෙන ජීවිතයේ පියගැටපෙළ නඟින හසිනි

(21.12.2019 – deshaya.lk)

+++++++++++++++++++++

28-12-2019

+++++++++++++++++++++

https://www.facebook.com/livesindu1/videos/178520716579258/
31-01-2020
https://www.youtube.com/watch?v=trEXUxMyw8I
කීර්ති පැස්කුවෙල් මහතාගේ උපන්දිනය වෙනුවෙන් ලක්ෂ 75 ක මුදලක් අපේක්ෂා රෝහලට පරිත්‍යාග කරන අවස්ථාවේදී හසිනි ශෂිකලා රාජපක්ෂ මහත්මිය සමග ගැයූ අවස්ථාව ….

+++++++++++++++++++++

මරණයේ දොර හැරගෙන ජීවිතයේ පියගැටපෙළ නඟින්නට වෙර දැරූ හසිනි අවසන් ගමන් යයි !

(11.03.2020 – webgossip.lk)

පසුගිය දවස්වල අන්තර්ජාලය පුරාම කතා බහට ලක්වුණු නමක් තමයි හසිනි ශෂිකලා. ඇය ගැන බොහෝ දෙනෙක් දැනගත්තේ කතා වුණේ ජාතික රූපවාහිනියේ ‘සිහිනයකි රෑ’ වැඩසටහන හරහා. ජීවිතයත් මරණයත් අතර සටනක සිටි ඇය සිය ජීවිත ගමන ඊයේ (11) නතර කර තිබුණා

+++++++++++++++++++++

හසිනි ශෂිකලා රාජපක්ෂ මහත්මියගේ දේහය අවසන් ගෞරව සදහා මහරගම, දෙහිවල පාරේ ඩිපෝව අසල ඉන්ධන පිරවුම්හලට යාබද රෝහිනී මල් ශාලාවේ තැන්පත් කර තිබේ…… අවසන් කටයුතු සෙනසුරාදා (14) හවස 03 ට මහරගම ගොඩිගමුව සුසානභූමයේදී පැවැත්වේ…..

FB – ලයිව් with ශාන් (12.03.2020)

+++++++++++++++++++++

12-03-2020

+++++++++++++++++++++

17-03-2020

From : Asela Chanaka Rajapaksa FB

16-03-2020

මගේ බිරිඳ වන හසිනි (සිහිනයකි රෑ) ගේ මරණය හා දීගොඩ කුමාර මහතා ඇයව සුව කර තිබීම ගැන දුර්මත පැතිර ඇති බැවින් හා එතුමා අපහසුතාවයට පත් කරන බැවින් ඒ පිළිබඳ සත්‍යතාව හෙළි කිරීම මෙහි අරමුණයි.

හසිනි මීට බොහෝ කලකට පෙර මාරාන්තික පිළිකා රෝගයට ගොදුරුව සිටි තැනැත්තියකි පසුගිය 2019 ජනවාරි මාසය වන විට ඇයට අප විසින් සියලු දේශීය හා බටහිර ප්‍රතිකාර ලබාදී අවසන් ව තිබූ අතර, බටහිර වෛද්‍යවරුන්ගේ අදහස වූයේ මාස තුනකට වඩා ඇය ජීවත් නොවන බවයි.

මේ අතරේ පසුගිය වසර මුල් භාගයේ ම අපි ඇයව දීගොඩ කුමාර මහතාගේ අධ්‍යාත්මික සුවය ට සහභාගී කරවූ අතර, ඔසවා ගෙන ගිය ඇය, එදිනම ආපසු ගියේ දෙපයිනි. මාසයක් තුල ඈ මහත් ප්‍රගතියක් පෙන්වූ අතර, නුවරඑළිය දෙව්සුව මෙහෙයට සහභාගී වූ අය ඊට සාක්ෂි දරති. සෑම දෙව්සුව මෙහෙයකට ම අපි ඇය සහභාගී කරවූ අතර, ඇගේ අසාධ්‍ය තත්වය නිසාම කුමාර මහතා ඉතා පෞද්ගලිකව ඇයට, විටෙක සතියකට වරක් ද, ඇතැම් විට දින දෙක තුනකට වරක් ද අධ්යාත්මික ශක්තියෙන් සුවය ලබා දුනි. ඇතැම් අසීරුතාවයන්ට පත්වූ දිනවල ඒ මහතා මධ්‍යම රාත්‍රියේත් 12.00 – 1.00 ට පවා නිවසට පැමිණ ප්‍රතිකර්ම කොට සුවය ලබා දුනි. ඒ සුවය නිසා ම ඇය, සිහිනයකි රෑ වැඩසටහන ට පවා සහභාගි වූ අතර, සමාජ මාධ්‍ය ජාලා හරහා සාකච්ඡා කිහිපයකට ද සහභාගි විය. ඈ පෙර සිටි තත්වය අනුව එය සිහිනයක්ම විය.

මේ සියලු සුවයන් ලබා දුන්නේ දීගොඩ කුමාර මහතා විසින් බව කෘතඥතා පූර්වකව සිහිපත් කරන අතර, පසුගිය අම්පාර වැඩසටහන, හොරොව්පතාන වැඩසටහන ආදියේ පටන් එම වැඩසටහනට නොයෙකුත් අකුල් හෙලීම්, බාධා කිරීම්, යම් පාර්ශවයක් විසින් සිදු කළ අතර, අවසානයේ එතුමා බන්ධනාගාරගත කිරීම දක්වා එම අකටයුතු සිදු විය.

එම වකවානුවේ කුමාර මහතා විසින් නොකඩවා ලබා දුන් ප්‍රතිකර්ම මගහැරී ගිය අතර, හසිනි වැනි බොහෝ සුවවෙමින් සිටි රෝගීන් අපහසු තත්ත්වයට පත්වූ බව නොරහසකි.

කුමාර මහතා බන්ධනාගාරයෙන් ඇප පිට එළියට පැමිණ ප්‍රථමයෙන්ම පැමිණියේද හසිනිව බලන්නටය. ඒ වන විට කුමාර මහතාට සිදුවූ අභාග්‍යය ගැන සිතමින්, හඩමින් කිසිදු කෑමක්, බීමක් පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයට හසිනි පත්ව සිටියේ එතුමාට තිබූ මහත් ආදරය, භක්තිය නිසාය. ඇය අසාධ්‍ය වූයේ මේ හේතුව නිසාමය. අනතුරුව කුමාර මහතා එතුමාගේ ප්‍රශ්න හා කටයුතු වෙනුවෙන් වෙහෙසුණු බැවින් ප්‍රතිකර්ම සදහා අසාධ්‍යව සිටි ඇයව රෝහල කරා රැගෙන යාමටත්, දුර්වල සිරුරට සේලයින් හා ලේ ලබාදීමටත් සිදුවූවත්, වෛද්‍ය තීරණය වූයේ පෙර තිබූ පරිදිම ඇය ව ජීවත් කළ නො හැකි බවයි.

ඇයගේ ජීවිතය – මරණය සම්බන්ධව කුමාර මහතාට ඇඟිල්ල දිගු කිරීම සාපරාධී ක්‍රියාවක් බවත්, මාස තුනකට වඩා ජීවත් නොවන බවකි බව කී හසිනි වසරකුත් මාස තුනක් ජීවත් වූයේ, සුව වෙමින් පසු වුයේත් කුමාර මහතාගේ ශක්තිය නිසා බව ඉතා කෘතඥතා පූර්වක ව දැනුම් දෙමු. ඒ මහතාට කිසිවකුගෙන් යම් සිත් තැවුලක් ඇති වූවා නම් වූවා නම් එතුමාගෙන් සුව වූ සියලු සියලු රෝගීන් ගේ නාමයෙන් අපි සමාව අයදිමු. දීගොඩ කුමාර මහතාගේ අධ්‍යාත්මික සුවය ඉතාමත් සත්‍යයක් බවද වැඩි දුරටත් ප්‍රකාශ කරමු.

මීට,
හසිනිගේ ස්වාමිපුරුෂයා වන අසේල, මව ඇතුළු පවුලේ සැම.

+++++++++++++++++++++++++++++++++++

එදා සිරස නාලිකාවේදී දීගොඩ කුමාර මහතා ගැයූ ගී.. ඔබේ ජීවිතය 2013-09-12

https://www.facebook.com/dewsuwasewalk/videos/1041657982857015/

+++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *