අමරසර – ‘දෙව් සුව සේවා’ පිටුව : [01]

YouTube > Dew Suwa Sewa

+++++++++++++++++++++++++++++++++++

හොරොව්පතාන සිදුවීමේ ඇත්ත කථාව කියන දෙව් සුව සේවා සංවිධායක මණ්ඩලය

+++++++++++++++++++++++++++++++++++

‘‘අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරගන්න ගිය දෙදෙනෙක් එලොව යති’’ පුවත අමූලික බොරුවක් – දෙව් සුව සේවාවේ දීගොඩ කුමාර සූරීන්

අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරගන්න ගිය දෙදෙනෙක් එලොව යති

(08.09.2019 – 09:52 +0530 – lankadeepa.lk)

අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනකට සහභාගී වීමට පැමිණි පිරිසක් අතරින් රෝගී ව සිටි කාන්තාවක සහ පිරිමියෙකු මියගොස් අසාධ්‍ය තත්වයේ පසු වූ තවත් 18 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි හොරොව්පොතාන පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ අංක.271/1 ආබ්‍රපුර, මහවස්කඩුව, කළුතර ලිපිනයෙ පදිංචි පත්තිනිගේ දිනූෂා ද සිල්වා (39), සහ දික්හේනවත්ත, ඌරල,වදුරඹ, ගාල්ල, ලිපිනයේ පදිංචිව සිටි අත්තනායක මුදියන්සේලාගේ රණවක (78) යන දෙදෙනාය.

අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ මෙම වැඩසටහන හොරොව්පොතාන මධ්‍යමහ විද්‍යාලීය ක්‍රීඩා පිටියේ ඊයේ (07) රාත්‍රියේ සිට අද (08) දහවල් දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණ අතර ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ රෝගාබාධවලට ලක්වූ 25,000 කට අධික රෝගීහු සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.

මියගිය රෝගීන් දෙදෙනා සහ රෝහල් ගත කළ රෝගීන් 18 දෙනා එම වැඩසටහනට සහභාගී වීමට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේය. එම වැඩසටහන අතරතුරදී ඔවුනට වැළඳී තිබූ රෝග උත්සන්න වීම නිසා හොරොව්පොතාන රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් බරපතළ තත්ත්වයේ සිටි දෙදෙනා මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.

අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කළ 18 දෙනාගෙන් 14 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව ද රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

මියගිය සිරුරු සම්බන්ධයෙන් මරණ පරීක්ෂණය හොරොව්පොතාන නාගරික හදිසි මරණ පරීක්ෂක ඩී.එම්.කෙ. දිසානායක මහතා විසින් සිදුකිරීමෙන් පසු ඥාතීන් වෙත බාරදුන් අතර හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කොස්තාපල්, (59233) ජයසෙන, (59397) හේරත් යන නිලධාරීන් ඉදිරි පරීක්ෂණ සිදු කරති.

– පැතුම් දර්ශන

++++++++++++++++++++++++

අධ්‍යාත්මික බලයෙන් ලෙඩ සුව කර ගැනීමට ගොස් දෙදෙනෙකු මරුට – 18 රෝහලේ

(08.09.2019 – 11:36 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනකට සහභාගි වීමට පැමිණි පිරිසක් අතරින් රෝගීව සිටි කාන්තාවක සහ පුද්ගලයෙකු මියගොස් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තවත් 18 දෙනෙකු රෝහල් ගත කිරීමේ පුවතක් අනුරාධපුරය – හොරොව්පතාන ප්‍රදේශයෙන් වාර්තා වුණා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 39 හැවිරිදි කාන්තාවක්.

හොරොව්පතාන රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන අයගෙන් තුන්දෙනෙකුගේ (03) තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ෴

++++++++++++++++++++++

අධ්‍යාත්මිකව රෝගීන් සුවකරන මධ්‍යස්ථානයකදී දෙදෙනෙක් මරුට

(08.09.2019 – nethnews.lk)

අනුරාධපුර, හොරොව්පතාන, රුවන්වැලි මහා විද්‍යාලයේ කී‍්‍රඩාංගණයේ අද (08) පැවති ආධ්‍යාත්මිකව රෝග සුව කිරීම යැයි පවසමින් සංවිධාන කළ වැඩසටහනකදී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තවත් පුද්ගලයින් දස දෙනෙකු අනුරාධපුර සහ හොරොව්පතාන රෝහල් වෙත ඇතුළත් කෙරුණු බවයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38 ක් පමණ වන කාන්තාවක් සහ අවුරුදු 78 ක් පමණ වන පිරිමි පුද්ගලයෙක්.

රෝහල්වලින් සුව කිරීමට නොහැකි රෝගීන් සඳහා ආධ්‍යාත්මිකව රෝග සුව කරන බව පවසමින් මෙම වැඩසටහන පවත්වා තිබෙනවා. හොරොව්පතාන ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකුගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන පවත්වා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයා ඒ සඳහා දීගොඩ කුමාර නමින් හැදින්වෙන ආධ්‍යාත්මිකව රෝග සුව කරන යැයි කියන පුද්ගලයෙකුද මෙම වැඩසටහන සඳහා යොදාගෙන ඇති බව වැඩිදුරටත් හෙළිව තිබෙනවා.

ආධ්‍යාත්මිකව රෝග සුව කිරීම සඳහා පැවැත්වූ බව පැවසෙන මෙම වැඩසටහන ඊයේ (07) දිනයේද පැවති අතර එය හෙට (09) දිනයේද පැවැත්වීමටයි සැලසුම් කර තිබුණේ. එම ස්ථානයට අදාළ රෝගීන් පැමිණ ඇත්තේ සිය භාරකරුවන්ද සමගයි. මෙම වැඩසටහන මීට පෙර අම්පාර ප‍්‍රදේශයේද පවත්වා ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

කෙසේවෙතත් මියගිය සහ අසාධ්‍ය තත්ත්වයේ පසු වූ පුද්ගලයින්ට මෙම වැඩසටහනේදී කිසිදු ඖෂධයක් හෝ කිසිදු ප‍්‍රතිකාරයක් ලබානොදුන් බවද පොලීසිය සිදුකළ පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

– කසුන් කැලුම්/සජිත් තිලකරත්න

+++++++++++++++++++++

Delving into the world of spiritual healing – Two deaths spark a conversation
By Shanelle Bandara – (15.09.2019 – themorning.lk)

+++++++++++++++++++++

08-09-2019

+++++++++++++++++++++

අධ්‍යාත්මික රෝග සුව කිරීමේ කඳවුරේදි සිදු වු මරණ සම්බන්යෙන් විශේෂ විමර්ශනයක්

(08.09.2019 – 18:54 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ අධ්‍යාත්මික බලයෙන් රෝගසුව කිරීමේ වැඩසටහනක් අතර තුර පුද්ගලයින් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (08) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ එම වැඩසටහන මෙහෙය වූ පුද්ගලයාගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි.

හොරොව්පතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ ඊයේ (07) සහ අද දිනයේ සංවිධානය කර තිබු රෝගීන් සුව කිරීමේ මෙම වැඩසටහන සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයින් විශාල පිරිසක් සහභාගි ඇත.

එම වැඩසටහන අතර තුර රෝගී තත්ත්වය උත්සන්න වු කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු හොරොව්පතාන රෝහලට ඇතුළත් කිරිමේ දී මියගොස් ඇති අතරතවත් 18 දෙනෙකු පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

කෙසේ වෙතත් අදාළ වැඩසටහන තුළ දී එවන් කිසිදුසිදුවීමක් සිදුනොවූ බව සමාජ මාධ්‍ය වෙත වීඩියෝ පටයක් නිකුත් කරමින් වැඩසටහන මෙහෙයවූ දීගොඩ කුමාර මහතා සදහන් කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට එමස්ථානයට ගිය අද දෙරණ මාධ්‍යවේදී සුජිත් නිශාන්ත හට එම ස්ථානයේ සිටි පිරිසක් පහර දී කැමරා උපකරණවලට හානී සිදුකර තිබේ.

ඒ සම්බන්ධයෙන් තමන් හොරොව්පතාන පොලීසියට පැමිණිල්ලක් ද සිදුකළ බව සුජිත් නිශාන්ත සදහන් කළේය.

+++++++++++++++++++++

08-09-2019

+++++++++++++++++++++

09-09-2019

+++++++++++++++++++++

09-09-2019

+++++++++++++++++++++

මගේ බිරිඳ මැරුණේ දීගොඩ කුමාර මහතා නිසා නොවේ. වැඩසටහනට පැය එකහමාරකට කලිනුයි ලෙඩවුනේ – මියගිය දිනූෂාගේ සැමියා

(10.09.2019 – gossiplankanews.com)

අනුරාධපුර හොරොව්පොතාන ක්‍රීඩාංගණයකදී විශ්වශක්තියෙන් රෝගීන් සුව කරන ස්ථානයකට යමින් සිටියදී කළුතර මහ වස්කඩුව පදිංචි පී. දිනූෂා ද සිල්වා නමැති (39) එක් දරු මව රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුගියදා මියගොස් තිබූ අතර ඊයේ (9) පළවූ මාධ්‍ය වාර්තා වල එම මියයාම රෝගීන් සුව කරන අතරතුර සිදුවූ ආකාරයට වැරදි ලෙස සටහන්ව ඇති බවට මියගිය දිනූෂා ද සිල්වා මහත්මියගේ ස්වාමිපුරුෂයා වන වර්ණ ගුණසේකර මහතා (41) මහතා චෝදනා කර තිබේ.

ඔහු මෙසේ පැවසීය. “මියගියේ මගේ බිරිඳ අපට එක් දියණියක සිටිනවා.මගේ දියණිය පානදුර ප‍්‍රදේශයේ විදුහලක හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. මාගේ බිරිඳ ප‍්‍රථම දරු ප‍්‍රසූතියෙන් මසකට පසු රෝගී තත්ත්වයට පත් වුණා. වසර එකොළහක් තිස්සේ බටහිර හා දේශීය වෛද්‍ය ක‍්‍රමවලින් ඇයට ප‍්‍රතිකාර කළත් ඉන් සුවයක් ලැබුනෙ නෑ. ඒ අනුව පසුගියදා අනුරාධපුර හොරොව්පොතානේ විශ්වශක්තියෙන් ලෙඩ සුවකරන වැඩසටහනක් ක්‍රිරයාත්මක කරන බව දැනගත් අපි පවුලේ කීපදෙනකු සමග දිනූෂාව ද එම ස්ථානයට රැගෙන ගිය එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පැය එකහමාරකට පමණ පෙර වෙලාවකදී ඇයට හුස්ම ගැනීමට අපහසුතාවක් ඇති වුණා.

එහිදී ඇයව අප විසින් හොරොව්පොතාන රෝහලට ඇතුළත් කර සුළු වේලාවකදී ඇය මියගොස් ඇති බව දැනගන්නට ලැබුණා.

මෙම මරණය පිළිබඳව විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය මගින් තොරතුරු විකෘති කර පළ කිරීම පිළිබඳව අප සැම දෙනාම පුදුමයට පත් වුණා.

කරුණු සොයා බැලීමෙන් තොරව විශ්ව ශක්තියෙන් රෝග සුව කරන අයගෙන්ද කරුණු නොවිමසා පුවත් පළ කිරීමෙන් එම ස්ථානයට පැමිණි සිටි පහළොස් දාහකට පමණ වන ජනයා හා රෝගීන් සුව කරන පුද්ගලයා ද අපහසුතාවකට පත්ව තිබෙනවා.

මා කියා සිටින්නේ මාගේ බිරිඳගේ මිය යෑමට කිසිසේත් එම වැඩසටහන බල නොපෑ බවයි.

මගේ දියණිය පානදුර ප‍්‍රදේශයේ විදුහලක හයවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා.”

වාද්දුව – විශේෂ සේපාලි ගුණසිංහ

– divaina.com

+++++++++++++++++++++

විශ්ව ශක්ති වැඩසටහනේදී අව්වයි තදබදයයි වැඩිවෙලා තාත්තාට අසාධ්‍ය වුණා මරණය ගැන සැකයක් නෑ – පුතා කියයි

(10.09.2019 – divaina.com)

හොරොව්පොතානේදී පැවැත්වුණ විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කිරීමේ වැඩසටහනකට සහභාගි වූ කලාවැව විජිතපුර, කාංඥනන්කුලම පදිංචි ටී. බී. විජේතුංග (52) මහතා දැඩි ලෙස රෝගාතුරව හොරොව්පොතාන රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අනුරාධපුර මහ රෝහලට වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටියදී මිය ගියේය.

මේ පිළිබඳව මියගිය විජේතුංග මහතාගේ පුතකු වන ටී. එම්. සුසන්ත කුමාර මහතා මෙසේ පැවසීය :

“මියගිය මගේ තාත්තාට පිළිකා රෝගයක් තිබුණා. රෝහල් ප‍්‍රතිකාරවලින් සුවයක් නොලැබුණ නිසා හොරොව්පොතානේ පැවැත් වූ කුමාර මහතාගේ විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන වැඩමුළුවට තාත්තා සහ අම්මා සමඟ මමත් ගියා. හොරොව්පොතාන ප‍්‍රාථමික විද්‍යාලයේ පිට්ටනියේ විශාල පිරිසක් රැස්ව සිටියා. පොලිසියෙන් පරීක්‍ෂා කරලයි ඇතුළට ගත්තේ. උදේ අටට අපි ගියේ දවල් දොළහ විතර වෙද්දි පනස් දාහක් පමණ සෙනඟ පිරුණා. ඒ වෙලාවේ දැඩි අව් රශ්මියක් තිබුණා. එන්න එන්නම තදබදය වැඩි වුණා. අසාධ්‍ය ලෙඩ්ඩු ඇතුළට ගන්න එපා කියා නිවේදනය කළා. තදබදයයි අව්වයි වැඩි නිසා අපේ තාත්තාට අමාරු වුණා. පසුව අපි තාත්තා හොරොව්පොතාන රෝහලට රැගෙන ගියා. තාත්තාට අමාරු නිසා අනුරාධපුර රෝහලට රැගෙන ගියා. එහිදී ඉරිදා අලුයම තාත්තා නැතිවුණා. අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු පැවසුවේ ඔලුවේ තිබුණු සැරව ගෙඩියක් පුපුරලා තාත්තා මියගිය බවයි.

තාත්තා මියගියේ දැඩි අව් රශ්මිය නිසා කියලා හිතෙනවා. සැකයක් නැහැ. කුමාර මහත්තයගේ විශ්ව ශක්තියෙන් බොහෝ අසාධ්‍ය අය එදා සුවපත් වෙලා තිබෙනවා. මගේ පියාගේ මරණය ගැන සැකයක් නැහැ…”

කැකිරාව – සුදත් ඒකනායක

+++++++++++++++++++++

10-09-2019

+++++++++++++++++++++

10-09-2019

+++++++++++++++++++++

ලංකාවට පහල වු අපුරු මිනිසා – දීගොඩ කුමාරයන්ට මේ දිනවල සිදු කෙරෙන අභුත චෝදනාවන්ට විදෙශ්ගත අපගේ කණගාටුව.. – SLD Voice (10-09-2019)

+++++++++++++++++++++

10-09-2019

+++++++++++++++++++++

10-09-2019

+++++++++++++++++++++

11-09-2019

+++++++++++++++++++++

11-09-2019

+++++++++++++++++++++

12-09-2019

+++++++++++++++++++++

14-09-2019

+++++++++++++++++++++

14-09-2019

+++++++++++++++++++++

16-09-2019

+++++++++++++++++++++

16-09-2019

+++++++++++++++++++++

17-09-2019

+++++++++++++++++++++

Dew Suwa Sewa pilibanda attha katha from YouTube > Nikila Matheesha

https://www.youtube.com/watch?v=DrtYzb5r2fA

+++++++++++++++++++++

19-09-2019

+++++++++++++++++++++

19-09-2019

+++++++++++++++++++++

20-09-2019

+++++++++++++++++++++

20-09-2019

+++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *