කුරුණෑගල ‘සිසේරියන් සාපියා’ : බිළිඳු මරණයක් ගැන වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිල්ලක්

(03.09.2019 – 18:48 +0530 – sinhala.adaderana.lk)

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි විසින් පසුගිය 2018 වසරේදී කළ සිසේරියන් සැත්කමකින් පසු දරුවෙකු මිය යාම සම්බන්ධයෙන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා වගකිවයුතු බව පවසමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අද (03) ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එහිදී උන්වහන්සේ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි දරුවාගේ ඡායාරූප කිහිපයක් මාධ්‍යයට නිකුත් කළේය.

එහිදී අදහස් දක්වමින් පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසා සිටියේ, මංගලිකා නැමති කාන්තාවක් විසින් ඇගේ දරුවා පළමු දවසේ කිරි පානය කළ බවත්, දෙවන දවසේ හෘද රෝගී තත්ත්වයකින් සාමාන්‍ය වාට්ටුවට ඇතුළත් කළ බවත්ය.

තුන් වන දිනයේ දී මෙම දරුවා මිය ගිය බවත් පැවසු රතන හිමියන් මව්පියන් විසින් මිනී පෙට්ටියට දමන ලද දරුවාගේ පාදයේ ගැට ගසා ඇත්තේ කුමක් ද යන්න පිළිබඳ නිරීක්ෂණය කිරීමේ දී කැපුම් තුවාල දුටු බවත් හිමියන් මෙහිදී වැඩිදුරත් පැවසීය.

මරණය සම්බන්ධයෙන් වාර්තා දෙකක් ඇති බවත් ඒවා පරස්පර විරෝධී බවත් සඳහන් කර සිටි රතන හිමියන් පොලීසියට ගොස් මේ ගැන පැවසු නමුත් පැමිණිල්ල බාර ගෙන නොමැති බවද කියා සිටියේය.

එනිසා මෙම අපරාධය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන්නැයි පොලිස් කොමිෂමින් ඉල්ලා සිටි බවත් පැවසු රතන හිමියන් අද වන විට CID පිළිබඳව විශ්වාසය බිඳ වැටී ඇති බවත් පැවසීය.

මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් පැවසු රතන හිමියන් මෙය එක් සිදුවීමක් පමණක් බවත් කියා සිටියේය.

https://www.youtube.com/watch?v=KUQtqjfu8Sc#t=5

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *