මරණ තර්ජනයක් ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

(26.07.2019 – 20:07 +0530 – hirunews.lk/sinhala)

මහජන සේවා සංවිධානයේ සාමාජිකයෙකු බව කියන රිෂාම් මහරූෆ් නැමත්තෙකු විසින් තමන්ට එරෙහිව එල්ල කරන මරණ තර්ජනයක් සම්බන්ධයෙන් පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=mM6QK0b2Ic8

***************************************

එරාජ් ප්‍රනාන්දුගේ සොහොයුරෙකුගෙන් හෙළිදරව්වක්

(26.07.2019 – 20:24 +0530 – hirunews.lk/sinhala)

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතනය සම්බන්ධ ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තමාට පහරදී තර්ජනය කළ බව හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුගේ ඥාති සොහොයුරෙක් පවසනවා.

අද හම්බන්තොට මහ නගර සභාවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම පුද්ගලයා මේ සම්බන්ධයෙන් හෙළිදරව් කළා.

***************************************

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්න මුස්ලිම් ජනතාවගෙන්ම ඉල්ලීමක්

(26.07.2019 – 20:20 +0530 – hirunews.lk/sinhala)

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීම සදහා ඉක්මනින් පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කළ යුතු බව කාන්තා ක්‍රියාකාරී ජාල සංවිධානය පවසනවා.

අද (26) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් මේ බව ප්‍රකාශ කළා.

+++++++++++++++++++++

***************************************

අගෝස්තු 12 ට පෙර අපද්‍රව්‍ය ආපසු යවන්නැයි සමාගමට නියෝග

(26.07.2019 – 19:41 +0530 – hirunews.lk/sinhala)

එංගලන්තයේ සිට මෙරටට ආනයනය කරන ලද කසල බහාලුම් අගෝස්තු 12 වන දිනට හෝ ඊට පෙර ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගන්නා ලෙස ආයෝජන මණ්ඩලය අදාළ සමාගම වෙත දැනුම්දී තිබෙනවා.

එමෙන්ම, ප්‍රතිඅපනයනය කිරීම සදහා හෝ වෙනත් ඕනෑම කටයුත්තක් සදහා පශ්චාත් පරිභෝජන ද්‍රව්‍ය ආනයනය කිරිම සහ ඒවා ප්‍රතිචක්‍රීකරණ කටයුතුවල නිරත වීම තහනම් කරමින් නියෝගයක් අයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන සියලු වානිජ කේන්ද්‍රීය ක්‍රියාකාරි සමාගම් වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇතැයි ආයෝජන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා ෴

+++++++++++++++++++++

එංගලන්තේ කුණු ලංකාවට ගෙන්වු හොර මගඩිය මෙන්න (21.07.2019)

***************************************

පළාත් සභා අදහස් නොමැතිව ඉඩම් පනත් කෙටුම්පතට අවසර නැහැ

(26.07.2019 – 19:24 +0530 – hirunews.lk/sinhala)

රජයේ ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත පළාත් සභාවල අදහස් විමසීමකින් තොරව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වන්නේ රජයේ ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත මඟින් සාකච්ඡාවට ලක් කෙරෙන කාරණය පළාත් සභා විෂය පථයට ඇතුළත් වන බැවින් ජනාධිපතිවරයා විසින් අදාළ පනත් කෙටුම්පත සියළු පළාත් සභාවල අදහස් විමසීම සඳහා යොමුකළ යුතුව ඇති බවයි.

එසේ යොමු කර නොමැති නම් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළ නොහැකි අතර, නීතීයක් බවට ද පත් නොවන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ.

ඒ බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අද පාර්ලිමේන්තු ආරම්භයේදී කියා සිටියා ෴

***************************************

නුවරඑළියේ ඔත්තුව ගැන පොලීසියෙන් විමර්ශන

(26.07.2019 – 19:14 +0530 – hirunews.lk/sinhala)

සහරාන් හෂීම් ඇතුලූ පිරිසක් නුවරඑළිය – ශාන්තිපුර ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට පොලීසියට තොරතුරු ලබාදුන් පුද්ගලයෙකු පිළිබඳ හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප ඊයේ (25) අනාවරණ කළා.

ඔහු හෙළි කළ කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.

නුවරඑළිය – ශාන්තිපුර ප්‍රදේශයේ පිහිටි නිවසක සහරාන් හෂීම් ඇතුළු පිරිසක් පසුගිය වසරේ කුලී පදනම මත රැදී සිට තිබෙනවා.

ඔහුගේ හැසිරීම පිලිබඳ සැක සිතූ අසල්වැසියෙක් ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම්දී ඇතත් ඔහු හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ පොලීසිය නිසි පරිදි කියාත්මක නොවූ බවයි.

***************************************

සේමසිංහගෙන් ආණ්ඩුවට චෝදනාවක්

(26.07.2019 – 18:01 +0530 – sinhala.adaderana.lk)

වසර පහකට ආසන්න කාලයක් කිසිඳු සංවර්ධනයක් සිදු නොකළ වත්මන් ආණ්ඩුව මේ වන විට මහජන මුදල් භාවිත කරමින් තම ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමට උත්සහ කරමින් සිටින බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා චෝදනා කරයි.

අද (26) නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසීය :

“අද පුවත්පත් සියල්ලම පළාත් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනය කරලා තිබෙනවා. ඔවුන් සඳහන් කරලා තිබෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ පිළිබඳව අවධානය යොමු කරලා තිබෙනවා කියලයි. මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ප‍්‍රධාන පක්ෂයක් කටයුතු කිරීම වැදගත්.

නමුත් මේ පළාත් සභා මැතිවරණය පවත්වන්න යන්නේ මාස විස්සක් ප‍්‍රමාද උනාට පස්සෙයි. අපේ රටේ පළාත් සභා නවයෙන් පළාත් සභා අටක් ම දැනට පවතින්නේ අක‍්‍රිය තත්ත්වයෙන්. වර්තමාන ආණ්ඩුව මැතිවරණවලට මුහුණ දෙන්න තියෙන බයට පළාත් සභා මැතිවරණය අවුරුදු දෙකහමාරක් කල් දැම්මා.

ඒ නිසා අපි එක පැත්තකින් පුදුම වෙනවා. මැතිවරණය කල් දැමීමේදී ඒකාබද්ධ විපක්ෂය හැර අද විපක්ෂයේත් ආණ්ඩුවෙත් ඉන්න සියලුම කණ්ඩායම් ඒ සඳහා සහයෝගය දැක්වූවා. එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ආදී වශයෙන් සියලු පක්ෂ සහයෝගය දක්වල තමයි දින නියමයක් නොමැතිව පළාත් සභා මැතිවරණය කල් දැමුවේ.

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අපේ විරෝධතාවයක් නෑ. ඒත් ඉතා පැහැදිලිව කියන්න ඕන අද මේ රටේ තියන අරාජිකත්වය පිළිබඳව.

හැබැයි මේ අරාජිකත්වයේන් රට මුදවා ගන්න පුළුවන් එකම මැතිවරණය ජනාධිපතිවරණය පමණයි. ජනාධිපතිවරණය එන්න තියෙන අවස්ථාවකදී දින නියමයක් නැතිව කල් දාපු පළාත් සභා මැතිවරණය පවත්වන්න උත්සාහ කිරීම හරහා මේ රටේ අර්බුද ප‍්‍රශ්න ගැටලු ජනතාව මුහුණ දීලා තිබෙන අපහසුතා විඳ දරා ගැනීමේ හැකියාවක් නැති වෙනවා.

ඒ නිසා පළාත් සභා මැතිවරණය පැවැත්වීම වගේම මේ රටේ අද තිබෙන අරාජිකත්වය සහ ජනතාව මුහුණ දීලා තිබෙන පීඩනය අවම කිරීමටත් ජනාධිපතිවරණයක් කලින් පැවැත්වීම ඉතාම වැදගත් වෙනවා. ඒ හින්දා ජනාධිපතිවරණයක් කඩිනමින් පවත්වයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි සියලුම දේශපාලන පක්ෂ වලින් පක්ෂ භේදයකින් තොරව මේ රටේ ජනතාව ගැන හිතලා ජනාධිපතිවරණයක් වෙනුවෙන් කැප වෙන්න කියලා ඉල්ලනවා.

මොකද මේ රට නැවත ගොඩනැගිය හැක්කේ නව ජනාධිපතිවරයෙක් අපේ රටේ බිහිවුණාට පස්සෙ. අද ඉතාම වැදගත් දවසක්. අපේ රටේ දේශපාලන අනාගතයට වගේම අනාගතයේ දී ජනතාවාදී ජනාධිපති වරයෙක් සහ ස්ථාවර ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා වැදගත් වන දවසක්.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද පක්ෂ රැසක් සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයකට එළඹිලා තිබෙනවා. ඒ තමයි වර්තමාන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පලවා හැරලා ඉදිරියේදී ගොඩනැගෙන යූ ඇන් පී විරෝධී පුළුල් සන්ධානය ශක්තිමත් කිරීමේ අවබෝධතා ගිවිසුම.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඒකාබද්ධ විපක්ෂය තුළ කටයුතු නොකරපු පක්ෂ තමයි මේ අවබෝධතා ගිවිසුම් වලට අද එළඹුණේ. දෙවැනි අවස්ථාවේදී අපි පුළුල්ව දේශපාලන සන්ධානය නිර්මාණය කරනවා.

එම සන්ධානය ගොඩනැඟීමේදී දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීතුමා, වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීතුමා, උදය ගම්මන්පිල මන්ත‍්‍රීතුමා, විමල් වීරවංශ මන්ත‍්‍රීතුමා, ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ශ‍්‍රී ලංකා සමසමාජ පක්ෂය ආදී සියලු පක්ෂවල එකතුවෙන් ඉතා පුළුල් දේශපාලන සන්ධානයක් නිර්මාණය කෙරෙනවා.

අද මේ වෙනකොට අපේ රටේ කවදාවත් සිදුනොවුන කාරණා කිහිපයක් සිදු වෙනවා. ඒ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධාන නියෝජිතයින් අපේ රටේ අධිකරණ පද්ධතියට බලපෑමක් කිරීමේ අරමුණෙන් සාකච්ඡා පැවැත්වීමක් සම්බන්ධව දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුව තුළ මතු කළා.

මේක ඉතාම අසාධාරණ වගේම ස්වාධීන අධිකරණයට කරපු අපහාසයක්. ඒක නිසා අපි විශ්වාස කරනවා රජය මේ ගැන මීට වඩා විශේෂ අවධානයක් යොමු කරයි කියලා.

මාස තුනක් පසු වෙලාවත් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් වගකියන ත‍්‍රස්තවාදී සංවිධානය ගැන සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වෙලා නැහැ.

නමුත් රජය දිගින් දිගටම පවසන්නේ අපේ රට සුරක්ෂිත බවයි. පාස්කු ප‍්‍රහාරය ට මූලික වූ කණ්ඩායම් පිළිබඳව සොයා ගැනීමටවත් නොහැකි නම් අපේ රට සුරක්ෂිත වෙන්නේ කොහොමද කියලා මම මේ ආණ්ඩුවෙන් අහන්න කැමතියි.”

***************************************

ජනාධිපතිතුමාට පිටකොන්ද වගේම මොළත් තිබුණා නම් කාදිනල් තුමාට අර විදිහට කතා කරන්නේ නෑ

(25.07.2019 – YouTube > LANKA LEAD NEWS)

***************************************

කුමාරතුංග මුනිදාස උපත් සමරු උළෙල

(26.07.2019 – 20:36 +0530 – sinhala.adaderana.lk)

සිංහල භාෂාව හා සාහිත්‍ය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටුකළ කුමාරතුංග මුනිදාසයන්ගේ 132 වන උපත් සමරු උළෙල ඊයේ (25) කොළඹදී පැවැත්වුණි.

‘කුමාරතුංග මුනිදාස සිසුවරම’ අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානයද ඊට සමගාමීව සිදුකෙරුණි.

කුමාරතුංග මුනිදාස 132 වන උපත් සමරුව සහ ‘කුමාරතුංග මුනිදාස සිසුවරම’ අනුස්මරණ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතන පරිශ්‍රෙය්දී ඊයේ පස්වරුවේ පැවැත්වුණි.

2018 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘සිංහල භාෂාව හා සාහිත්‍යය’ විෂයට දිවයිනේ ඉහළම ලකුණු ලබාගත් මොණරාගල මහානාම මධ්‍ය මහා විද්‍යාලයේ හෂිණි පියුමිකා ශිෂ්‍යාවට මෙවර ශිෂ්‍යත්වය පිරිනැමුණි.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=tFUXuoPEls0
Tribute to Kumarathunga Munidasa (06.03.2017)

+++++++++++++++++++++

Kumarathunga Munidasa memorial ceremony (25.07.2011)

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=Ji7Xj-rq97w

+++++++++++++++++++++

‘KUMARATUNGA MUNIDASA’ 129 th birthday anniversary (17.08.2016)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *