යාපනයේ දී කිතුණු දේව් මැඳුරක සුරුවමක් කඩා දමයි

(24.07.2019 – 06:02 +0530 – sinhala.adaderana.lk)

යාපනය, කොටුව ආසන්නයේ පිහිටි කිතුණු දේවස්ථානයක පිහිටි සුරුවමක් කිසියම් පිරිසක් කඩා දමා ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසයි.

ඊයේ (23) මෙම සුරුවම කඩා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

දේශවාසීන් පැවසුවේ ‍යාපනය කොටුව ආසන්නයේ පිහිටි කුඩා දේවස්ථායක පැවති කිතුණු දේව ප්‍රතිමා කිහිපයක් එලෙස කඩා දමා ඇති බවයි.

අදාළ ප්‍රහාරය කවුරුන් විසින් සිදුකළේද යන්න සම්බන්ධයෙන් සොයා පරික්ෂණ මෙහෙයවන අතර, කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් දේව ප්‍රතිමා කඩා දමන්නට ඇති බව පොලීසිය සැක පළකරයි.

මීට පෙර අවස්ථා කිහිපයකදීද යාපනය, වඩ්ඩු‍කොඩ්ඩෙයි හා මන්නාරම ප්‍රදේශයන්ගේ පිහිටි දේව සුරුවම් කිහිපයක් කඩා දමා තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

***************************************

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය දිවයිනට

(24.07.2019 – 07:26 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුව වෙත ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.

රාත්‍රී 11.45 ට සිංගප්පුරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් 468 දරණ යානයෙන් ඔහු කටුනායක වෙත පැමිණි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ.

මැදමුලන – ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 දශම 9 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇති අතර එම නඩුව අනිද්දා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ යලි විභාගයට ගැනීමට නියමිතයි.

පසුගිය මස 19 වනදා මෙම නඩුව කැදවූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කියා සිටියේ මැයි මස 31 වනදා තම සේවාදායකයාට සිංගප්පූරු රෝහලකදී හෘද සැත්කමක් සිදුකළ බවයි.

ඒ අනුව විදෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම්වරයාට අධිකරණය අවසරය ලබාදුන් අතර, එම කාලය අදින් අවසන් වනවා.

***************************************

අගමැති ඉදිරියේදී නන්දා මාලනී දේවිය කිව්ව කතාව.. (24.06.2019)

***************************************

ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය අවසන්. ඇසින් දුටු සාක්ෂි මෙන්න

(25.07.2019 – YouTube > Udaya Gammanpila)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *