වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ජනරැළිය : ත්‍රස්තවාදය ගොඩනැඟුණේ රාජ්‍ය අනුග්‍රහයෙන් – විමල් වීරවංශ

(05.07.2019 – 12:17 +0530 – sinhala.adaderana.lk)

රට තුළ ඇති ත්‍රස්තවාදය රාජ්‍ය අනුග්‍රහය යටතේ ගොඩනැඟු ත්‍රස්තවාදක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ජනරැළියක් ඊයේ (04) නුගේගොඩදී පැවැති ජන හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

සහාරන් හෂිම් එක්සත් ජාතික පාක්ෂිකයෙක් බවට පාර්ලිමේන්තු කාරක සභා වෙත පැමණි පුද්ගලයෙකු විසින් පසුගි දා අනාවරණය කළ බව ඒ මහතා සඳහන් කළේය.

2015 බල පෙරළියේදී සහරන් හෂිම් සහය ලබා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

මෙහිදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩඩ අභයතිස්ස හිමියන් වහාබ්වාදී අන්තවාදීන් කාතන්කුඩි ප්‍රදේශයේදී ශරියා නීතිය ක්‍රියාත්මක කර ඇති බව අනාවරණය කළේය.

වහබ් අන්තවාදය අතුගා දමමු යන මැයින් වහාබ් අන්තවාදයට එරෙහි ජනතා ව්‍යාපාරය විසින් සංවිධාන කළ මෙම ජන රැලිය ඊයේ පස්වරුවේ පැවැත් වුණේ නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග පීඨයේදීය.

ඊට ආගමික නායකයින්, දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වුණි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

මිය ගිය සහරාන් පොඩ්ඩෙක්.. නායකතුමා ඉන්නවා.. හැමෝව ඔහුව දන්නවා.. ඒත් කියන්නෙ නෑ.. – විශ්නුකාන්තන් හෙලි කරයි.. !

+++++++++++++++++++++++++++++++++++

***************************************

දරුවා ගේන්න පාසැලට ගිය තාත්තට වෙඩි තියලා මරනවා.. – මහින්ද රාජපක්‍ෂ

(06.07.2019 – 03:32 +0530 – lankacnews.com)

මේ දිනවල බොරු ප්‍රචාරයක් ගෙන යනවා අපි කිවුවා කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනත් ජාතීන්ගේ ඡන්ද අවශ්‍ය නැහැ කියලා. දේශපාලන පක්‍ෂයකට ඡන්ද අවශ්‍ය නැහැ කියන පුද්ගලයින් ඉන්නවාද? දේශපාලන පක්‍ෂයකට සෑම ජාතියකම, සෑම ආගමකම ඡන්ද අවශ්‍යයි. පක්‍ෂයක සෑම ජාතියක්ම, සෑම ආගමක්ම නියෝජනය කරන අය ඉන්නා බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ඒ බව පැවසුවේ විද්වත් වෘත්තිකයින්ගේ ප්‍රධාන කාර්යාලය වන පවුර ප‍්‍රධාන කාර්යාලය හා එහි වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයට අද පෙරවරුවේ එක්වෙමිනි. මෙම කාර්යාලය නුගේගොඩ පිටකෝට්ට පාරේ සියපත ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටා ඇත.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා,

“රටේ අනාගතය ගැන මෙන්ම සමාජ, ආර්ථික ප්‍රශ්න ගැන බැලුවාම රටක් අවුරුදු 04 ක් තුළ මෙහෙම විනාශ කළ හැකි දැයි කියා සිතෙනෙවා. ප්‍රශ්න වලින් මඟ හරින්න ආණ්ඩුව දවස ගානේ අලුත් ප්‍රශ්නයක් මවනවා. පසුගියදා සිදු වූ සිදුවීමත් සමඟ රටට වගේම කිසිම ජාතියකට ආරක්‍ෂාවක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජාතියක්ම අනාරක්‍ෂිත තත්වයට පත්වෙලා. තාත්තට පාසලට ගිහින් තම දරුවා පාසලෙන් ගන්න බැරි තත්වයක් උදාවෙලා. ළමයා ගන්න ගිය තාත්තට වෙඩි තියලා මරනවා. එවැනි තත්වයක් රට තුළ උදාවෙලා. ජාතීන් අතර සැකය ඇතිවෙලා. රටක් ඉදිරියට යන්න අරමුණක් තිබිය යුතුයි. 2005 දී ජනතාව අපෙන් ඉල්ලුවේ යුද්ධය අවසන් කරදෙන ලෙසයි. වසර 30 ක් තිබූ යුද්ධය වසර තුනහමාරකින් අපි අවසන් කළා. ඊළඟට තිබුණේ සංවර්ධනය ආරම්භ කිරීමයි. අපි එයත් කළා. වසර 30 ක් යුද්ධයෙන් බැට කාපු උතුරු නැගෙනහිර පළාත්වලත් යටිතල පහසුකම් ගොඩ නගමින් සංවර්ධනය කළා.

අද රටට විවිධ බලපෑම් එන්න පටන් අරගෙන. විවිධ ගිවිසුම් වලින් රට පාවා දෙන්න හදනවා. සෑම අමාත්‍යංශයකටම පිටරැටියන් ඇතුළුවෙලා. පාර්ලිමේන්තුවේ ප්‍රථම වාතාවට ඇමරිකානු ඩොලර් වලින් පඩි ලබන නිලධාරීන් පත්කරගෙන. මැතිවරණ කොමසාරිස් කාර්යාලයට, අල්ලස් දෙපාර්තමේන්තුවට මෙන්ම රටේ අනෙකුත් ආයතන වලටත් විදේශකයින් ඇතුල් වෙන්න පටන් අරගෙන. එවැනි වෙලාවක අපේ රටේ උගතුන් විද්වතුන් හා වෘත්තිකයින් වැනි රටට ආදරය කරන පිරිසක් මෙවැනි සංවිධානයක් ගොඩනගාගෙන ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමට මුල්වීම ගැන අපි සතුටු වෙනවා. අපේ ගමන අතරමඟ නවත්වන්නේ නැහැ. සියලුදෙනා එකතු කරගෙන මෙම ආණ්ඩුව පලවා හැරීමට කටයුතු කරනවා.”

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, ගාමිණි ලොකුගේ, පවුර විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති එස් අමරසේකර, ලේකම් එස් ලියනගම යන මහත්වරුන්ද එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *