නැගෙනහිර සිංහල ජනතාව අරාබි මුස්ලිම් පාලනයකට යට වෙලා – විසදුම් නැත්නම් ජනාධිපති අගමැති කාර්යාල වටලනවා

(30.05.2019 – lakbima.lk)

අම්පාර පොතුවිල් මුහුදු මහා විහාර මාවත ඇතුළු නගරයේ සියලු පටු මාර්ග වල අරාබි බස හා අරාබි නම් ඇතුලත් පුවරු සවිකර ඇතැයි නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි නාහිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව පැවසූවේ ඊයේ (29) සවස එම විහාරස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

මුහුදු මහා විහාර මාවත නමින් මෙතෙක් කල් හැදින්වු මාර්ගය මේ වන විට සිංහල භාෂාව දෙවන ස්ථානයට යොදා ‘මස්කිතුල් ෆ්ලාහර් පාර’ ලෙස නම් කර තිබෙන බව උන්වහන්සේ පැවසූහ.

‘‘මම බොහොම සංවේගයෙන් අද කතාකරන්නේ. අද නැගෙනහිර පළාතේ සිංහල ජනතාව මුස්ලිම් අරාබි පාලනයට යටවෙලා මහා පිඩාවක් විදිනවා. මේවා කියන්න කෙනෙක් නැහැ. අහන්න බලන්න විසදුමක් දෙන්න බලධාරීයෙක් නැහැ. අපිට මේවා කියන්න තියෙන්නේ මාධ්‍ය විතරයි. නැගෙනහිර පළාතේ හිස්බුල්ලා අපිව විනාශ කරනවා.

මේ පුරාවිද්‍යා භූමියේ පන්සලට අයිති ඉඩම් අක්කර 72 න් මුස්ලිම් අන්තවාදීන් අක්කර 55 ක් අල්ලා ගත්තා. රජය නිහඬයි. ඒවාට උසාවියේ නඩුවක් බාරගන්නේ නැහැ. සිංහලෙන් නඩු ගෙන්න එපා; දෙමළ භාෂාවෙන් අරන් එන්නලු. ඊයේ පෙරෙදා තවුහිද් ජමාද් කණ්ඩායම එක්ක සම්බන්ධකම් ඇති අය පොතුවිල් නගරයේ සියලු පටු මාර්ග වලට අරාබි හා මුස්ලිම් නම් වලින් නාම පුවරු සවි කර ඇත. පන්සලට එන පාරත් අරාබි නමකින් නම් කරලයි තියෙන්නේ. මේවා පිටුපස දේශපාලන හස්තයන් තියෙනවා.’’

ජනාධිපතිවරයා විසින් නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට නැගෙනහිර පළාතේ සියලු දිස්ත්‍රීක් කමිටු වල සම සභාපතිත්වය පිරිනැමිම සම්බන්ධයෙන් නැගෙනහිර භික්ෂුන්වහන්සේලා විරෝධය පළ කරන බවද විහාරාධිපති හිමියන් මෙහිදි පැවසීය. අද වන විට සිංහල බෞද්ධ ජනතාව නැගෙනහිර පළාතේ තුන්වන තැනට වැටී ඇති බවත් තිස් අවුරුදු යුද්ධය අවසන් කළ රණවිරුවන් නමින් පළාතේ සියලු මාර්ග නම් කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

මෙහිදි අදහස් දැක්වු පොළොන්නරුව ශාසනාරක්ෂක බලමණ්ඩල හිටපු ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාංකාර හිමියන් පෙන්වා දුන්නේ රීසාඩ් බදුර්දීන් , අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන දේශපාලඥයන් බලය තහවුරු කරගෙන සිංහල , දෙමළ ජනතාවගේ මූලික අයිතීන් අමුඅමුවේ උල්ලංඝනය කර ඇති බවයි.

රීසාඩ් බදුර්දීන්, අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා තනතුරු වලින් පහ නොකරන්නේ නම් තමන්වහන්සේලා ජනාධිපති හා අගමැති කාර්යාල වටලන බවත් විසදුමක් දෙනතුරු උද්ගෝෂණ උපවාස ක්‍රීයාත්මක කරන බවත් පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

මම රටේ මිනිස්සු වෙනුවෙන් ගොඩක් දුක් වින්දා – පූජ්‍ය ඥාණසාර ස්වාමින්වහන්සේ (28.05.2019)

https://www.youtube.com/watch?v=Q-t6YPjfYJE#t=7

+++++++++++++++++++++++++++++++++++

හම්බන්තොට බුදු පිලිම දෙකක් කඩා දමයි..

(31.05.2019 – 12:43 +0530 – lankacnews.com)

ඊයේ (30) රාත‍්‍රියේ කිසියම් අයෙකු විසින් හම්බන්තොට රුවන්පුර උපරතන බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටි බුදු මැදුර තුල බුදුපිළිම දෙකක් කඩා දමා තිබේ.

අඩි 3-4 ක් පමණ උස පිලිම දෙකකට මෙසේ හානි කර ඇත.

එහි භික්‍ෂුන් වහන්සේලා විසින් කරන ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් මේ ගැන පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.

+++++++++++++++++++++

හම්බන්තොටදී බුදුපිළිම දෙකක් විනාශයි – පොලීසියෙන් පුළුල් පරීක්ෂණයක්

(31.05.2019 – 18:05 +0530 – sinhala.adaderana.lk)

හම්බන්තොට රුවන්පුර උපරතන බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිරිපිට බුදු මැදුරේ තිබු අඩි 3 ක් පමණ උස බුදුපිළිම දෙකක් සඳහා ඊයේ (30) සවස කිසියම් අයෙකු විසින් හානි කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලිසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්බ කර තිබේ.

අදාළ බුදු කුටියේ තුබූ බුදුපිළිම දෙකක් සඳහා මෙසේ හානි කර තිබෙන බව එම බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වසන හිමියන් විසින් හම්බන්තොට මුලස්ථාන පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.

මෙම ක්‍රියාව කවුරුන් කුමක් අරමුණු කරගෙන සිදුකළ ක්‍රියාවක්ද යන්න මෙතෙක් අනාවරණ කර ගෙන නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙකු අප වාර්තාකරු වෙත පවසා ඇත.

එමෙන්ම මේ වන විට එම ප්‍රදේශයට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාවක්ද යොදවා තිබෙනු දක්නට ලැබෙන බව අප වාර්තාකරු සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

ගෝටාභය අවදානමේ.. බුද්ධි අංශවලින් දැඩිව අනතුරු අගවයි.. ජනහමු සියල්ල අවලංගු කරයි..

(31.05.2019 – 09:20 +0530 – lankacnews.com)

මේ දිනවල තම ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත්ම සැළකිලිමත් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට රජයෙන් ආරක්ෂක බුද්ධි ප්‍රධානීන් විසින් උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව සිය ගමන් බිමන් හැකිතාක් සීමා කරන ලෙස ද ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වා ඇත.

එම උපදෙස් මත ගෝඨාභය රාජපක්ෂ මහතා කලින් යොදාගෙන තිබූ රැස්වීම් ගණනාවක් අවලංගු කර ඇත.

අම්පාර, අරන්තලාව ප්‍රදේශවල ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්වීම් සදහා සහභාගි වීමට නියමිතව සිටි අතර එය අවලංගු කරන ලදී.

මේ දිනවල සිංගප්පූරුවේ සංචාරයක යෙදී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දින නැවතත් දිවයිනට පැමිණීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් හෙට (01) දිනයේ මතුගමදී රැස්වීම් දෙකක් පැවැත්වීමට සූදානම් කර තිබුණද එම රැස්වීමට ද ඒ මහතා සහභාගීවන්නේ නැති බව වාර්තා වෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

පරිස්සමට අරන් තියන්න දුන්න සහරාන්ගේ ලැප්ටොප් පරිගණකය සොයා ගනී

(31.05.2019 – 16:22 +0530 – sinhala.adaderana.lk)

ත්‍රස්තවාදී නායක මොහොමඩ් සහරාන්ගේ බවට සැක කෙරෙන ලැප්ටොප් පරිගණකය අක්කරේපත්තුව, පාලමුනේ කලපුවේ තිබී සොයා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා විසින් මේ බව ප්‍රකාශ කර සිටියි.

+++++++++++++++++++++

කල්මුනේ සියාම් සඟවා තිබු රුපියල් ලක්ෂ 50 ක් හමුවෙයි – මාමාට වැඩි පරිස්සමට අරන් තියන්න දීලා

(31.05.2019 – 17:21 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර කාර්යාලයට ලැබැණු තොරතුරක් අනුව දීර්ඝ විමර්ශයනයකින් පසුව සහාරන්ගේ අම්පාර දිස්ත්‍රික් නායකයා වන කල්මුනේ සියාම් විසින් සඟවා තිබු රුපියල් ලක්ෂ 50 ක මුදලක් අම්පාර පොලීසිය සමඟ එක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

මින් ලක්ෂ 15 ක් දින දෙකකට පමණ පෙර සොයාගත් අතර ඉතිරි ලක්ෂ 35 මුදල අද (31) සොයා ගනු ලැබිය.

දැනට සති දෙකකට පමණ පෙර ශාහුල් හමීඩ් හමීස් මොහොමඩ් නැතහොත් කල්මුනේ සියාම්, එසේත් නැතිනම් අබු හසන් නමින් හඳුන්වනු ලබන පුද්ගලයා අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කරන අතර ඔහුගෙන් ලද තොරතුරු අනුව මෙම මුදල් සොයා ගෙන තිබේ.

කල්මුනේ සියාම්ගේ මාමාට මෙම මුදල් දි තිබු අතර ඔහුගේ නිවස තුළ අල්මාරියේ තිබු කලිසම්වල සාක්කුවේ මුදල් කොටසක් තිබු අතර තවත් මුදල් කොටසක් සී.ඩී. තැටි ක්‍රියාත්මක කරන යන්ත්‍රයක් තුළ තිබි සොයා ගැනිමට බුද්ධි සේවා නිලදාරින් සහ පොලීසිය සමත්ව තිබේ.

මෙයට අමතරයව රත්තරන් මාල දෙකක්,කරාබු ජෝඩුවක්,මුද්දක් ද ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබිය.

කල්මුනේ සියාම් විසින් අට්ටාලචේන කලපුවක සඟවා තිබු ලැප්ටොප් පරිඝණයක්ද සොයා ගැනිමට බුද්ධි අංශ නිලධාරින් සමත්ව තිබේ.

මැයි මස 26 වෙනි දින සහාරාන්ගේ සහෝදරයා වන සෙයිනි විසින් බොම්බය පුපුරුවා ගැනිමට පෙර මෙම මුදල් සහ ලැප්ටොප් පරිඝණකය ලබා දුන් බව කල්මුනේ සියාම් ආරක්ෂක අංශවලට පවසා තිබේ.

මෙම පරිඝණකය ඉතාමත් ආරක්ෂාවට තබන ලෙසට සහාරන් ගේ අම්පාර නායකයා වන සියම්ට පැවසු බව පරීක්ෂණවලදි තහවුරැ කරගෙන තිබේ.

ඒ අනුව මෙම පරිඝණකය සහාරන් විසින් භාවිත කල පරිඝණකය බව බුද්ධි අංශ නිලධාරින් විශ්වාශ කරයි.

මෙම පරිඝණකයේ ඇති දත්ත සොයා ගැනිමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින අතර මෙයින් ලබාගන්නා තොරතුරු ඉදිරි පරීක්ෂණ කටයුතුවලට වැදගත් වෙනු ඇතැයි ආරක්ෂක අංශ විශ්වාශ කරයි.

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් ගේ තොරතුරු අනුව අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අයේෂ කරුණාරත්න මහතාගේ උපදෙස් මත අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සාමන්ත විජෙසේකර මහතාගේ මෙහය වීමෙන් පොලිස් පරීක්ෂ ඉද්දමල් ගොඩ මහතා ඇතුලු නිලදාරින් විසින් මෙම මෙහෙයුමට එක්විය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • I suspect that destroying of images is the work of UNP activists and thugs instructed by UNP top leaders. All these are intended to cause a sinhalese backlash against muslims, which the politicians wouls use as an excuse to bring in US troops into the country. Americans are waiting in the corner to be invited, and the UNP politicians are likely to say that they need protection for the government ministers.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *