සිසේරියන් සිදුකළ වෛද්‍යවරයා ගැන තවත් කරුණු හෙළි වෙයි – බදියුදීන්ටත් සම්බන්ධයි

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 01
පිටුව – [01][02][03][04][05][06][07]

(25.05.2019 – 14:11 +0530 – sinhala.adaderana.lk)

සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

තවත් නීති විරෝධී ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන්ම මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නැමැති 42 හැවිරිදි කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් සිදුකරන වෛද්‍යවරයෙකි.

සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කුරුණෑගල පොලිස් ස්ථානය වෙත තොරතුරු ලැබී ඇත.

ඒ අනුව ඊයේ (24) රාත්‍රී 10 ට පමණ කුරුණෑගල පොලීසිය විසින් කුරුණෑගල පිහිටි ඔහුගේ නිවසේදී අදාල වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර අද මාධ්‍ය හමුවක් කැඳවමින් එම රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මෙම වෛද්‍යවරයා සිය වෘත්තියේ නියලෙන අතරතුදී සිදු කළ තවත් නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විටත් පරික්ෂණ සිදු කෙරෙන බවයි.

මෙම වෛද්‍යවරයා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයෙකු වන අතර ඉකුත් මහමැතිවරණයට කුරුණැගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයේ අංක 18 න් තරග කර ඇත.

+++++++++++++++++++++++++++++++++++

වඳ සැත්කම් හොරෙන් කළ හැකිද?

(23.05.2019 – Channa Jayasumana FB)

අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැමුන් සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය. ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති. මම මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය ෴

සිංහලයන් වඳ කිරීම ගැන කතා කළ විට ඒ මනෝ ව්‍යධියකැයිද, බොරු භීතිකා නිර්මාණය නොකරන්නැයිද පැවසූ අපේම සහෘදයන් ගැන කණගාටුව. ගබ්සා පෙති සහ අනේක විද උපත්පාලන පෙති මෙරටට ගෙන එන්නේ ද මේ ව්‍යාපෘතියේම කොටසක් ලෙසයි ෴

+++++++++++++++++++++

https://www.facebook.com/jayasumanachanna/videos/2409757072682356/
වඳ කළ මව්වරුන් සොයා රාජසන්තක කළ තහුහිද් ජමාත් දේපළ සහ මුදල්වලින් ඔවුන්ට වන්දි දිය යුතුයි. (25.05.2019)

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=5ZGTYB6vWiY

+++++++++++++++++++++

අත්අඩංගුවට ගත් සිසේරියන් වෛද්‍යවරයාට තවත් චෝදනා රැසක්

(25.05.2019 – 19:16 +0530 – sinhala.adaderana.lk)

සිසේරියන් සැත්කම් 8000 ක් පමණ සිදු කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ඊයේ (24) රාත්‍රියේදී පොලිස් අත්අංඩගුවට ගනු ලැබුවේය.

සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂය නියෝජනය කරමින් 2015 මහමැතිවරණයේදි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ අපේක්ෂකයෙක්ද විය.

වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නැමැති 42 හැවිරිදි වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් සිදුකරන අයෙක්.

සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කුරුණෑගල පොලිස් ස්ථානය වෙත තොරතුරු ලැබි තිබේ.

ඒ අනුව ඊයේ රාත්‍රි 10 ට පමණ කුරුණෑගල පොලිසිය විසින් කුරුණෑගල පිහිටි ඔහුගේ නිවසේදි අත්අඩංගුවට ගෙන ඇත.

මොහොමඩ් සාෆි වෛද්‍යවරයා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයෙකු වන අතර ඉකුත් මහමැතිවරණයට කුරුණැගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයේ 18 අංකයෙන් තරග කර තිබේ.

ලබා ගත් මනාප අනුව මෙම වෛද්‍යවරයා එක්සත් ජාතික පක්ෂායේ අපේක්ෂක ලයිස්තුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මීළගට පාර්ලිමේන්තු පැමිණිමේ අවස්ථාව හිමිවන පුද්ගලයායි.

මේ අතර අද (25) මාධ්‍ය හමුවක් කැඳවමින් එම රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මෙම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000 ක් කළ බවට ඊයේ තමා ඉදිරියේදි පිළිගත් බවයි.

අදාළ වෛද්‍යවරයා පිළිබඳව අප කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ මෙම රෝහලේදි පසුගිය අප්‍රේල් 10 වැනිදා දරු ප්‍රසූතියක් කළ මවකගේ ඇඳ ඉහපත අංකය වෙනස් කිරීම මගින් ඇයගේ දරුවා වෙනත් පාර්ශ්වයකට ලබාදීමට මෙම වෛද්‍යවරයා කටයුතු කළ බවට රෝහල් පාලනාධිකාරිය විසින් සිදුකළ පරීක්ෂණයකදි වරදකරු වි ඇති බවයි.

ඒ අනුව පසුගිය 13 වැනිදා රෝහල් අධ්‍යක්ෂවරයා සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදුකිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර ඇත.

මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නැහැ.

මේ අතර ඊයේ පස්වරුව වන විට එම රෝහලේම හෙද නිලධාරිනියක් වන ආර්.ඒ.මධුමාලි රූපසිංහ විසින් රෝහල් පාලනාධිකාරිය වෙත මොහොමඩ් සාෆි වෛද්‍යවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පැමිණිල්ලේ සඳහන් වූයේ වෛද්‍ය ශාෆි මහතා යටතේ තමන් 2018 මාර්තු මස 06 වනදා සිසේරියන් සැත්කමක් කරගත් බවයි.

එම සැත්කමකින් පසු මූත්‍රා පද්ධතියේ ඇති වූ වෙනස්කම්වලින් තමන් පීඩා විඳ බවත් ප්‍රසූතියෙන් වසරකට පසුවත් විවිධ ඖෂධ නික්ෂේපණ වශයෙන් ලබාගනිමින් ශාරීරිකව හා මානසිකවත් පීඩාවට පත්ව සිටින බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ හෙද නිලදාරිනිය පැමිණිල්ලෙන් ඉල්ලා තිබුණේ, තවත් ගර්භනී මාතාවකට මේ තත්ත්වයට මුහුණ පෑමට සිදු නොවන පිණිස මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

මේ අතර අද පෙරවරුවේ මොහොමඩ් සාෆි වෛද්‍යවරයාගෙන් සිසේරියන් සැත්කමක් කළ තවත් මවක් කුරුණෑගල පොලිසිය වෙත පැමිණියා.‍

මේ අතර පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ද ඊයේ පැවති මාධ්‍ය හමුවකදි මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළි කළේය.

මේ අතර කාන්තාවන් 4000 ක් වන්ද්‍යකරණයට පත් කළ බවට පළවු මාධ්‍ය වාර්තා පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙසට සත්‍ය ගවේශකයෝ සංවිධානය අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

+++++++++++++++++++++

කුරුණෑගල වෛද්‍යවරයා ගැන තවත් තොරතුරු හෙළිවෙයි

(25.05.2019 – 18:34 +0530 – hirunews.lk/sinhala)

සැකසහිත ආකාරයට වත්කම් ඉපයීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුණෑගල මහරෝහලේ වෛද්‍යවරයා පිළිබඳ තවත් කරුණු හෙළිදරව් වී තිබෙනවා.

ඒ අනුව ඔහු රදවා තබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර රැඳවුම් නියෝග ලබාගැනීමටද පොලීසිය අපේක්ෂා කරනවා.

සිසේරියන් සැත්කම් අතරතුරදී මව්වරුන් වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේද මෙම වෛද්‍යවරයාට බව පැවසෙනවා.

අදාළ වෛද්‍යවරයාගේ වත්කම් පිළිබද සොයා බැලීමට සහ ඔහු වත්කම් උපයාගත් ආකාරය පිළිබදව සොයා බැලීමටයි සැකකරු ඊයේ රාත්‍රියේ කුරුණෑගල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ.

අවුරුදු 42 ක් වන සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි නම් ඔහු කුරුණෑගල – නුවර පාරේ වීරසිංහ මාවතේ පදිංචිකරුවෙක්.

සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් 4,000 ක් වඳ භාවයට පත් කළ වෛද්‍යවරයෙකු පිළිබඳව ජාතික පුවත්පතක් පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා කර තිබූ අතර, එම පුවත්පතම අද සිය පුවත යළි තහවුරු කරමින් වාර්තා කළේ තමන් චෝදනාව එල්ල කළේ සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි නම් මෙම වෛද්‍යවරයාට බවයි.

වෛද්‍ය සාෆි ෂිහබ්දීන් වසර 13 කට අධික කාලයක් රෝහල් 3 ක ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකවලට අනුයුක්තව සේවය කර තිබෙනවා.

මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ඔහු මීට පෙර සේවය කර ඇත්තේ ගලේවෙල සහ දඹුල්ල යන මූලික රෝහල්වලයි.

මොහු, පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කර ඇති බවටද තොරතුරු වාර්තාවනවා.

එම මැතිවරණයට පෙර වෛද්‍ය ශාෆි ශිහාබ්දීන් පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ තමන් පැය දෙකක කාලයක් තුළ සිසේරියන් සැත්කම් 8 ක් සිදුකර ඇති බවයි.

එසේම තමන් සිසේරියන් සැත්කම් 8,000 ක් සිදුකර ඇති බවද ඔහු එහිදී තහවුරු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් වෛද්‍ය ශාෆි ශිහාබ්දීන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර අද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මෙම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8,000 ක් පමණ සිදුකර ඇති බවයි.

ඔහු සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට යොමු කිරීමට කටයුතු කරන බවද අධ්‍යක්ෂවරයා කියා සිටියා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

පොලිස් අත්අඩංගුවට ගත් කුරුණෑගල වෛද්‍යවරයා CID භාරයට

(25.05.2019 – 20:20 +0530 – hirunews.lk/sinhala)

සැකසහිත ආකාරයට වත්කම් ඉපයීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුරුණෑගල මහරෝහලේ වෛද්‍යවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

සිසේරියන් සැත්කම් අතරතුරදී මව්වරුන් වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේද මෙම වෛද්‍යවරයාට බව පැවසෙනවා.

අදාළ වෛද්‍යවරයාගේ වත්කම් පිළිබද සොයා බැලීමට සහ ඔහු වත්කම් උපයාගත් ආකාරය පිළිබදව සොයා බැලීමටයි සැකකරු ඊයේ රාත්‍රියේ කුරුණෑගල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ.

අවුරුදු 42 ක් වන සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි නම් ඔහු කුරුණෑගල – නුවර පාරේ වීරසිංහ මාවතේ පදිංචිකරුවෙක්.

සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් 4,000 ක් වඳ භාවයට පත් කළ වෛද්‍යවරයෙකු පිළිබඳව ජාතික පුවත්පතක් පසුගිය බ්‍රහස්පතින්දා වාර්තා කර තිබූ අතර, එම පුවත්පතම අද සිය පුවත යළි තහවුරු කරමින් වාර්තා කළේ තමන් චෝදනාව එල්ල කළේ සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි නම් මෙම වෛද්‍යවරයාට බවයි.

වෛද්‍ය සාෆි ෂිහබ්දීන් වසර 13 කට අධික කාලයක් රෝහල් 3 ක ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකවලට අනුයුක්තව සේවය කර තිබෙනවා.

මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ඔහු මීට පෙර සේවය කර ඇත්තේ ගලේවෙල සහ දඹුල්ල යන මූලික රෝහල්වලයි.

මොහු, පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කර ඇති බවටද තොරතුරු වාර්තාවනවා.

එම මැතිවරණයට පෙර වෛද්‍ය ශාෆි ශිහාබ්දීන් පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර ඇත්තේ තමන් පැය දෙකක කාලයක් තුළ සිසේරියන් සැත්කම් 8 ක් සිදුකර ඇති බවයි.

එසේම තමන් සිසේරියන් සැත්කම් 8,000 ක් සිදුකර ඇති බවද ඔහු එහිදී තහවුරු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් වෛද්‍ය ශාෆි ශිහාබ්දීන්ට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර අද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මෙම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8,000 ක් පමණ සිදුකර ඇති බවයි.

ඔහු සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට යොමු කිරීමට කටයුතු කරන බවද අධ්‍යක්ෂවරයා කියා සිටියා.

https://www.youtube.com/watch?v=THw-nkFe4ug#t=5

+++++++++++++++++++++

කුරුණෑගලදී අත්අඩංගුවට ගත් සිසේරියන් සැත්කම් කළ වෛද්‍යවරයා CID බාරයට

(25.05.2019 – 20:13 +0530 – sinhala.adaderana.lk)

වත්කම් සම්බන්ධ සිදුවීමට අදාළව කුරුණෑගලදී අත්අඩංගුවට ගත් සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නම් වෛද්‍යවරයා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇත.

සිසේරියන් සැත්කම් 8000 ක් පමණ සිදු කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ඊයේ (24) රාත්‍රියේදී පොලිස් අත්අංඩගුවට ගනු ලැබුවේය.

සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මොහු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂය නියෝජනය කරමින් 2015 මහමැතිවරණයේදි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කළ අපේක්ෂකයෙක්ද විය.

ඊයේ රාත්‍රි 10 ට පමණ කුරුණෑගල පොලීසිය විසින් කුරුණෑගල පිහිටි ඔහුගේ නිවසේදි අත්අඩංගුවට ගෙන ඇත ෴

+++++++++++++++++++++

සිසේරියන් සැත්කම් කළ වෛද්‍යවරයා ගැන හොයන කමිටුවේ මූලික වාර්තාව හෙට (27)

(26.05.2019 – 12:16 +0530 – sinhala.adaderana.lk)

අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් හෙට (27) දිනයේ රැස්වන විධායක කමිටුවේ දී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි.

එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේ අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරීක්ෂණ කමිටුවක් මේ වන විට පත් කර ඇති බවයි.

එම කමිටුවේ මූලික වාර්තාව හෙට දිනයේ විධායක කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.

+++++++++++++++++++++

කුරුණෑගල වෛද්‍යවරයා වඳ සැත්කම් කළ බවට පැමිණිලි ඇත්නම් CIDයට දැනුම් දෙන්න

(26.05.2019 – 17:22 +0530 – sinhala.adaderana.lk)

සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැති වෛද්‍යවරයා මේවන විට ප්‍රශ්නකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන සිටියි.

ඔහු සිදුකළ සිසේරියන් සැත්කම්වලදී අනවසරයෙන් වඳභාවයට පත්කිරීම පිළිබඳව පැමිණිලි ඇත්නම් ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නමැති වෛද්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීම ඊයේ (25) රාත්‍රියේ සිදුකෙරුණි.

කෙසේ වෙතත් පැතිර ගොස් තිබූ ඇතැම් ප්‍රචාර හේතුවෙන් මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වූ අතර එවන් පසුබිමක කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා අනාවරණ කර සිටියේ එම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000 කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇති බවයි.

රෝහලේදී බිළිඳෙකු වෙනත් පාර්ශ්වයකට ලබාදීමට ක්‍රියාකර ඇතැයි මොහොමඩ් සාෆි වෛද්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඔහු යටතේ සිදු කළ සැත්කමකින් පසු මූත්‍රා පද්ධතියේ ඇති වූ වෙනස්කම්වලින් තමන් පීඩා විඳින බවට කුරුණෑගල රෝහලේම හෙද නිලධාරිනියක් පැමිණිලි කර තිබේ.

+++++++++++++++++++++

26.05.2019

+++++++++++++++++++++

වඳ සැත්කම් චූදිත දොස්තර ගැන මව්වරුන් දෙදෙනෙකුගෙන් පැමිණිළි !!

(26.05.2019 – colombotoday.com)

චෝදනා කීපයක් සම්බන්ධයෙන් සැකපිට මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවෝ දෙදෙනෙක් අද (26) කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය වෙත පැමිණිලි කළහ.

වාරියපොළ සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 ක් සහ 29 ක් වයැසැති කාන්තාවන් දෙදෙනෙකු මෙසේ පැමිණිලි කර ඇත.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියොජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ඉදිරියේ එම කාන්තාවන්ගේ පැමිණිලි සටහන් කර ගැනීම සිදුවිය.

තමන් විවාහ වී කෙටි කාලයකදී ගැබ්ගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පළමු දරුවා බිහි කිරීමේ සිසේරියන් සැත්කම්වලින් යළි ගැබ් ගැනීමක් සිදු නොවූ බව ඔවුන්ගේ පැමිණිලේ සඳහන්ය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී තමන්ට සිසේරියන් සැත්කම් කළේ මේවනවිට වඳ සැත්කම් කිරීමේ චෝදනාවකට ලක්ව සිටින ෂාෆි ෂියාබ්දීන් නමැති වෛද්‍යවරයා වූ බැවින් තමන් නැවත ගැබ් ගැනීමකට ලක් නොවූයේ එම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කමේදී තමන්ව වන්ධ්‍යකරණයකට ලක්කර ඇතැයි සැක කරන බව නම සඳහන් කිරීමට අකැමැති වූ එම කාන්තාවෝ දෙදෙනා ප්‍රකාශ කළහ.

එම පැමිණිලි බාර ගැනීමෙන් අනතුරුව මෙම කාන්තාවන් දෙදෙනාගේම කැමැත්ත අනුව හෙට (27) ඔවුන් වන්ධ්‍යකරණයට ලක්ව ඇතිදැයි අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂාවට ලක්කරන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය ෴

+++++++++++++++++++++

බදුර්දීන්ගේ අයථා වත්කම් සඟවා තිබුණේ ෂාෆි ෂිහාබ්දීන් ළඟ ද යන්න සැකයක්-මුසම්මිල්

(26.05.2019 – 20:32 +0530 – sinhala.adaderana.lk)

අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා සතු වත්කම්, ඇමති රිෂාඞ් බදුර්දීන් විසින් අයථා ලෙස උපයාගත් වත්කම් ද යන්න රට හමුවේ මතුව ඇති සැකයක් බව ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්වරයා මේ බව සඳහන් කෙළ්ය.

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ පක්‍ෂයෙහි ප‍්‍රබලයකු වන වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් එක්සත් ජාතික පෙරමුණෙන් 2015 මහ මැතිවරණයට තරඟ වැද පරාජයට පත්වූ පසු නැවත කුරුණැගල මහ රෝහලටම පත් කිරීමට අදාළ කැබිනට් පත‍්‍රකාව පවා ඉදිරිපත් කළේ බදුර්දීන් ඇමතිවරයා විසින් බව ඒ මහතා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා සහ වෛද්‍යවරයා අතර පවතින දැඩි හිතවත්කම මතඅමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා උපයාගත් අයථා වත්කම් සඟවා තිබුණේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ළඟ ද, යන බරපතළ සැකය රට හමුවෙහි මතුවීම පහසුවෙන් බැහැර කළ නොහැකි බවත් ජානිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මංගල සමරවීර, අනුර දිසානායක වැනි ඇමතිවරුන් අද මෙවැනි අනාවරණයක් සිදු කරන මාධ්‍ය ආයතන වෙත චෝදනා කරමින් සත්‍ය වසන් කරන බවත් අවසානයේදී දැඩි මාධ්‍ය මර්දනයකට පාර කැපීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවත් මෙහිදී මුසම්මිල් මහතා සඳහන් කළේය ෴

26.05.2019

+++++++++++++++++++++

26.05.2019

+++++++++++++++++++++

27.05.2019

+++++++++++++++++++++

කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහිව තවත් පැමිණිලි 10 ක් – වෛද්‍ය සභාවත් මැදිහත්වීමට සූදානම්

(27.05.2019 – 12:41 +0530 – hirunews.lk/sinhala)

චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයාට එරෙහිව අද දිනය තුළ තවත් කාන්තාවන් 10 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කළා.

ඒ අනුව මෙම වෛද්‍යවරයාට එරෙහිව මේ වනවිට ඉදිරිපත්ව ඇති පැමිණිලි සංඛ්‍යාව 15 ක්.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පැමිණිලි ඉදිරිපත් කළ කාන්තාවන් සියලුදෙනාගේ ප්‍රකාශ සටහන් කරගැනීමට කටයුතු කළ බවයි.

සැකසහිත ආකාරයට වත්කම් ඉපයීම සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 24 වනදා රාත්‍රියේදි කුරුණෑගල – නුවර පාරේ ඔහුගේ නිවසේදියි.

පසුව මෙම වෛද්‍යවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙනු ලැබුවා.

මේ වනවිට අනාවරණ වී ඇත්තේ 42 හැවිරිදි මෙම වෛද්‍යවරයා වසර 13 කට අධික කාලයක් රෝහල් 3 ක ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කර ඇති බවයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ විධායක කමිටු රැස්වීමක් මේ වනවිට පැවැත්වෙනවා.

ඒ, එම සංගම් මූලස්ථානයේදියි. විධායක කමිටු රැස්වීමට සහභාගිවීමට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ වෛද්‍ය සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේ චෝදනා එල්ලවී ඇති වෛද්‍යවරයා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් අප වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා ගෙන්ද විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ චෝදනා එල්ලවී ඇති වෛද්‍යවරයා සම්බන්ධයෙන් අගතියට පත්ව ඇති පාර්ශවයක් විසින් වෛද්‍ය සභාව වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවයි. විමර්ශනයක් ආරම්භ කළ හැක්කේ ඒ මත පදනම්ව බවද වෛද්‍ය සභාවේ සභාපතිවරයා සඳහන් කළා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ වනවිට කුරුණෑගල රෝහලට පැමිණ තිබෙනවා.

ඒ, එම රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ උද්ගතවී ඇති තත්වය පිළිබඳව සොයාබැලීම සඳහායි.

සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් 4,000 ක් වඳ භාවයට පත් කළ වෛද්‍යවරයෙකු පිළිබඳව පසුගිය බ්‍රහස්පතින්දා ජාතික පුවත්පතක් ප්‍රවෘත්තියක් වාර්තා කර තිබුණා.

එවැනි පසුබිමකයි චෝදනා එල්ලවී ඇති මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ.

ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවයි.

වෛද්‍ය සාෆි සහබ්දීන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් එක්සත් ජාතික පෙරමුණ යටතේ තරග කරනු ලැබුවා.

මැතිවරණයට තරග කිරීම හේතුවෙන් ඔහු රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වූ අතර, පරාජයට පත්වූ වෛද්‍යවරයාව නැවත කුරුණෑගල රෝහලට පත් කරනු ලැබුවේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, යොමුකළ විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින්.

කෙසේ වෙතත් මෙම පත් කිරීම නීතිවිරෝධී බව පවසමින් වයඹ පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මහතා අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කිරීමට සූදානම් වනවා ෴

+++++++++++++++++++++

• කුරුණෑගල වේසිපුත්‍ර ‘සිසේරියන් සාපියා’ : පිටුව 01
පිටුව – [01][02][03][04][05][06][07]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *