මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගයේ බිහිසුණු බස් අනතුරක්- 22 දෙනෙකු රෝහලට

මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගයේ බිහිසුණු බස් අනතුරක්- 22 දෙනෙකු රෝහලට

මිරිස්ස වෙරළෙන් හමුවූ උර 17 තුළ ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 330 කට අධික ප්‍රමාණයක්


මහනුවර-මහියංගනය ප්‍රධාන මාර්ගයේ බිහිසුණු බස් අනතුරක්- 22 දෙනෙකු රෝහලට

(29.11.2026 – sinhala.adaderana.lk)

මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගයේ හසලක පාලම් හන්දිය ප්‍රදේශයේ ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ 22 දෙනෙකු මේ වනවිට මහියංගනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පැවසීය.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමින් 10 දෙනෙකු වන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

+++

+++

+++

+


මිරිස්ස වෙරළෙන් හමුවූ උර 17 තුළ ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 330 කට අධික ප්‍රමාණයක්

(29.11.2026 – sinhala.adaderana.lk)

මාතර, මිරිස්ස තල්අරඹ වෙරළ තීරයේදී ඊයේ (28) සිදුකළ විශේෂ මෙහෙයුමකින් සොයාගත් උර තොගයේ ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 330 කට අධික ප්‍රමාණයක් පවතින බවට මේ වන විට අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ඊයේ (28) පස්වරුවේ මෙම මෙහෙයුම සිදුකර තිබුණි.

එහිදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර 17 ක් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, එය වැඩිදුර පරීක්ෂා කිරීමේදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ අඩංගු බවට අනාවරණය වී තිබුණි.

එම මත්ද්‍රව්‍ය තොගය වෙරළට රැගෙන ආ බවට සැකකෙරෙන ඩිංගි යාත්‍රාවක් ද නිලධාරීන් භාරයට ගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු (2) එහිදී අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර, අදාළ මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කිරීම සඳහා එම ස්ථානයට පැමිණි බවට සැකකෙරෙන වෑන් රථ දෙකක් (2) ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

ඊට අදාළව සැකකාරියක් (1) ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අනුව මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව තිදෙනෙකි (3).

වසරේ ගතවූ කාලය තුළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් යාත්‍රා 69 ක් නාවික හමුදා භාරයට

මේ අතර මෙම (2026) වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් යාත්‍රා 69 ක් සිය භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ එම යාත්‍රා අතර බහුදින ධීවර යාත්‍රා 11 ක්, විදේශීය යාත්‍රා 5 ක් සහ අනෙකුත් යාත්‍රා 53 ක් වන බවය.

අදාළ මෙහෙයුම්වලදී ශ්‍රී ලාංකිකයින් 368 දෙනෙකු සහ විදේශිකයින් 21 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 389 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමුකර තිබේ.

මේ අතර, මෙම වසරේ ගතවූ කාලය තුළ සිදුකළ මෙහෙයුම්වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 1,686.887 ක්, ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 1,051.33 ක්, කොකේන් කිලෝග්‍රෑම් 256.20 ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 51.091 ක් ද සිය භාරයට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

මේ අතර, ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා නාවික හමුදා භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍යවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 116 ඉක්මවන බව ද නාවික හමුදාව පැවසීය.

ඉන් මෙම (2026) වසරේදී පමණක් සිදුකළ නාවික හමුදා මෙහෙයුම්වලින් රුපියල් බිලියන 75 කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොග සිය භාරයට ගෙන ඇති බව ද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤