මනුෂ්‍යත්වයේ අමරණීය මතකයක් ඉතිරි කළ තරුණයා : 19 හැවිරිදි දිනුකගේ හදවතින් 14 හැවිරිදි දරුවෙකුට නව ජීවයක්

මනුෂ්‍යත්වයේ අමරණීය මතකයක් ඉතිරි කළ තරුණයා : 19 හැවිරිදි දිනුකගේ හදවතින් 14 හැවිරිදි දරුවෙකුට නව ජීවයක්

මහින්ද එක්ක තරහා කොටි ත්‍රස්තවාදියො තමයි… අවශ්‍ය වෙලාවට අපි ඔක්කොම මහින්දලා තමයි (28.11.2026)

අනුර බයටම දාන චන්ඩි පාට් නිසා රටටම නොන්ඩි වීම (28.11.2026)

රට යන්න හීනයක් නිසා ටී-56 කට පාතාලය ඇන්දූ ගල්කිස්සේ පොලිස් රාළහාමි! (28.11.2026)

මිරිස්සෙන් ඇල්ලු කුඩු මලු කොළඹට ගෙනාපු තොගයක්! වෙනත් ඉරාන බෝට්ටුවකින් දුන් බවට තහවුරු වෙයි! (28.11.2026)

මහින්දව බයිට් එකට ගත්තට අපිට මොකද ? (28.11.2026)

මේ ව්‍යාපාරිකයාගෙ කතාව ඔබ අහන්නම ඕනෙ (28.11.2026)

සිංහල උන්ට කඩ දාන්න බෑ මාලිමාවෙ අලුත් නීති (28.11.2026)

මාතර ඡන්ද අරන් පෝල්රාජ් එංගලන්තේදී කළ දේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු බලපන්ති ලුතිනන් ශාන්ත ජයතිලක හෙළි කරයි! (28.11.2026)

“ඩෝබි නෝනේ හොරිකඩ වැඩ කරන්න එපා, මොන නීති දැම්මත්, මොන ලියුම් ගැහුවත් සඳුදා අසනීපය අසනීපයම තමයි” (29.11.2026)


මනුෂ්‍යත්වයේ අමරණීය මතකයක් ඉතිරි කළ තරුණයා : 19 හැවිරිදි දිනුකගේ හදවතින් 14 හැවිරිදි දරුවෙකුට නව ජීවයක්

(28.11.2026 – hirunews.lk)

ජීවිතයක වටිනාකම මිල මුදලින් තීරණය කළ නොහැකි බව මිනිසත් බව ලැබූ අප කවුරුත් දන්නා කරුණක්.

ඒ ජීවිත වටිනාකම දෙගුණ තෙගුණ කරමින් මනුෂ්‍යත්වයේ පරමාදර්ශය ප්‍රදර්ශනය කළ සිදුවීමක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඒ හදිසි අනතුරක් හේතුවෙන් මොළය මියගිය 19 හැවිරිදි තරුණයෙකුගේ හදවත 14 හැවිරිදි දරුවෙකුට සාර්ථකව බද්ධ කළ පුවතයි.

තම අවයව දන්දී අකාලයේ සමුගෙන ගිය ‘දිනුක සඳරුවන්’ නම් තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (29) සිදුකිරීමට නියමිතයි.

වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරු දිනුක දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නායි.

තාරුණ්‍යයේ සුන්දරත්වය අත්විඳින්නට පටන් ගනිමින්, අනාගත බලාපොරොත්තු රැසක් සමග දිවි ගෙවූ දිනුක අධ්‍යාපනයෙන් මෙන්ම ක්‍රීඩාවෙන්ද දස්කම් දැක්වු සියලු දෙනාගේම සිත් දිනාගත් අයෙක්.

පසුගිය 23 වැනිදා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි දිනුක තවත් යතුරුපැදියක ගැටී හදිසි අනතුරකට ලක්වුණේ අනපේක්ෂිත ලෙසයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ දිනුක ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කළා.

නමුත් ඒ වන විටත් දිනුකගේ මොළය මියගොස් ඇති බව වෛද්‍යවරුන් අවබෝධ කර ගත්තා.

තම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට අපහසු බව දැනගත් දිනුකගේ මව්පියන් තීරණය කළේ ඔහුගේ ජීවිතයෙන් තවත් ජීවිත බලාපොරොත්තු කිහිපයකට පණ දීමටයි.

ඒ අනුව සිය පුත්‍රයාගේ හදවත ඇතුළු අවයව තවත් ජීවිත බේරා ගැනීම වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ඔවුන් තීරණය කළා.

ඒ වන විටත් කොළඹ ජාතික රෝහලේ හෘද ශල්‍ය ඒකකයේ 14 හැවිරිදි පිරිමි දරුවෙක් ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔහුගේ හදවත පැවැතියේ ඉතා දුර්වල තත්ත්වයකයි.

කඩිනමින් හදවතක් බද්ධ නොකළහොත් ඔහුගේ ජීවිතය පිළිබඳ අවදානමක් ද උද්ගතව තිබුණා.

ඒ අනුව, හදිසි අනතුරින් මොළය මියගිය දිනුකගේ හදවත 14 හැවිරිදි දරුවාට බද්ධ කිරීමේ කටයුතු ආරම්භ කෙරුණා.

සාමාන්‍යෙයන් පරිත්‍යාගශීලියෙකුගේ හදවතක් රුධිර සැපයුමක් නොමැතිව පැවතිය හැක්කේ පැය 4 ත් 6 ත් අතර, සීමාසහිත කාලයකට වන බැවින් ගම්පහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල දක්වා දිනුකගේ හදවත හැකි ඉක්මනින් රැගෙන ඒම දැඩි අභියෝගයක් වුණා.

ඒ සඳහා පසුගිය 26 වැනිදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් විශේෂ හෙලිකොප්ටර් යානයක් සූදානම් කර තිබුණ ද එදින සවස් කාලයේ ගම්පහ ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හෙලිකොප්ටරය ගුවන් ගත කිරීමට නොහැකි තත්ත්වයක් මතු වුණා.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වූ වෛද්‍ය කණ්ඩායම පොලිසියේ සහාය ඇතිව ගම්පහ – කොළඹ ප්‍රධාන මාර්ගයේ විශේෂ පොලිස් ආරක්ෂාවක් ද සමගින් දිනුකගේ හදවත ගිලන් රථයකින් විනාඩි 45 ක් වැනි කෙටි කාලයකදී කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කළා.

අනතුරුව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිල් අබේවික්‍රමගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් විසින් එදිනම පැය 07 කට අධික කාලයක් තිස්සේ සංකීර්ණ ශල්‍යකර්මයකින් දිනුකගේ හදවත 14 හැවිරිදි දරුවාට සාර්ථකව බද්ධ කළා.

මේ වන විට එම දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙය මෙරට සාර්ථකව නිම කළ තුන්වැනි (3) හදවත් බද්ද කිරීමේ සැත්කම ද වනවා.

තම පුත්‍රයා අහිමි වූ අසීමිත ශෝකය දරාගනිමින් වුවද ඔහුගේ අවයව පරිත්‍යාග කරමින් තවත් ජීවිත කිහිපයකට ජීවත්වීමේ වරම ලබා දීමට දිනුකගේ දෙමව්පියන් ගත් තීරණය සැමගේ ගෞරවාදරයට පත්වන බවට සැකයක් නැහැ.

මියගිය දිනුක සඳරුවන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි.

තවත් ජීවිතයකට පණ දෙන දිනුකගේ හදවත මෙරට වෛද්‍ය ක්ෂෙත්‍රයේත්, මනුෂ්‍යත්වයේත් සදාකාලික වටිනාකමට හුස්ම දෙනු ඇති.

+++

හිරු TV පණිවුඩයකින් දිනුකගේ හිතේ උපන් පරිත්‍යාගයේ සිතුවිල්ල (29.11.2026)

++

+


මහින්ද එක්ක තරහා කොටි ත්‍රස්තවාදියො තමයි… අවශ්‍ය වෙලාවට අපි ඔක්කොම මහින්දලා තමයි (28.11.2026)

+


අනුර බයටම දාන චන්ඩි පාට් නිසා රටටම නොන්ඩි වීම (28.11.2026)

+


රට යන්න හීනයක් නිසා ටී-56 කට පාතාලය ඇන්දූ ගල්කිස්සේ පොලිස් රාළහාමි! (28.11.2026)

+


මිරිස්සෙන් ඇල්ලු කුඩු මලු කොළඹට ගෙනාපු තොගයක්! වෙනත් ඉරාන බෝට්ටුවකින් දුන් බවට තහවුරු වෙයි! (28.11.2026)

+


මහින්දව බයිට් එකට ගත්තට අපිට මොකද ? (28.11.2026)

+


මේ ව්‍යාපාරිකයාගෙ කතාව ඔබ අහන්නම ඕනෙ (28.11.2026)

+


සිංහල උන්ට කඩ දාන්න බෑ මාලිමාවෙ අලුත් නීති (28.11.2026)

+


මාතර ඡන්ද අරන් පෝල්රාජ් එංගලන්තේදී කළ දේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු බලපන්ති ලුතිනන් ශාන්ත ජයතිලක හෙළි කරයි! (28.11.2026)

+


“ඩෝබි නෝනේ හොරිකඩ වැඩ කරන්න එපා, මොන නීති දැම්මත්, මොන ලියුම් ගැහුවත් සඳුදා අසනීපය අසනීපයම තමයි” (29.11.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤