හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, කළුගල දී ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට විශාල ගලක් පෙරළී මගියෙකු ජීවිතක්ෂයට

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, කළුගල දී ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට විශාල ගලක් පෙරළී මගියෙකු ජීවිතක්ෂයට

වෑන් රථයක් පැහැරගෙන යමින් සිටි පිරිසකට ඇහැළියගොඩ, පරකඩුව අඟුරුවංගුව ප්‍රදේශයේදී පොලිසියෙන් වෙඩි


හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, කළුගල දී ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට විශාල ගලක් පෙරළී මගියෙකු ජීවිතක්ෂයට

(28.11.2026 – hirunews.lk)

හැටන් සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මතට කඳු මුදුනක සිට විශාල ගලක් පෙරළී වැටීමෙන් එහි ගමන් ගත් මගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (28) පස්වරු 02:30 ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, කළුගල පොලිස් මුරපොළ ආසන්නයේදීයි.

බස් රථය මතට ගල පෙරළී වැටීමෙන් එහි අසුනක සිටි මගියෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

අනතුරුව පොල්පිටිය සහ කළුගල පොලිස් නිලධාරීන් මෙන්ම බස් රථයේ මගීන් එක්ව තුවාලකරු ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ආගරපතන ප්‍රදේශයේ පදිංචි මුත්තන් සුදර්ශන් නමැති 35 හැවිරිදි පුද්ගලයෙක්.

අනතුරින් හැටන් ඩිපෝවට අයත් ලංගම බස් රථයට ද දැඩි අලාභහානි සිදුව තිබෙනවා.

ඊයේ (27) පොල්පිටිය ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් මෙම ගල කඳු මුදුනේ සිට පෙරළී එන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

+++

+++

+


වෑන් රථයක් පැහැරගෙන යමින් සිටි පිරිසකට ඇහැළියගොඩ, පරකඩුව අඟුරුවංගුව ප්‍රදේශයේදී පොලිසියෙන් වෙඩි

(28.11.2026 – sinhala.adaderana.lk)

වෑන් රථයක් පැහැරගෙන යමින් සිටි පිරිසකට ඇහැළියගොඩ, පරකඩුව අඟුරුවංගුව ප්‍රදේශයේදී පොලිසිය සිදුකළ වෙඩිතැබීමකින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අදාළ වෑන් රථය පැහැරගෙන යන බවට එහි හිමිකරු විසින් අද (28) පෙරවරුවේ අවිස්සාවෙල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිසිය, ඒ ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දැනුම්වත් කර ඇත.

එහිදී අදාළ නිලධාරීන් විසින් වෑන් රථය නතර කිරීමට කටයුතු කළද, එය නොනවත්වා ධාවනය කිරීමට සැකකරුවන් කටයුතු කර තිබේ.

එම අවස්ථාවේ වෑන් රථය පසුපස හඹාගිය පොලිසිය, එය ඇහැළියගොඩ පරකඩුව අඟරුවංගුව ප්‍රදේශයේදී නතර කරගැනීමට සමත්ව ඇත.

කෙසේවෙතත් අදාළ අවස්ථාවේ එක් සැකකරුවෙකු පළාගොස් ඇති අතර, තවත් සැකකරුවෙකු පොලිසියට පහරදී පලාළායාමට උත්සහ කර ඇති බව සඳහන්ය.

එහිදී පොලිසිය විසින් සැකකරු පාලනය කිරීම සදහා වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, ඉන් ඔහු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.

පලාගිය සැකකරු සොයා පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤