මත්ද්‍රව්‍ය බවට සැක යාත්‍රාවක් දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා භාරයට – 7 ක් අත්අඩංගුවට
(27.11.2026 – sinhala.adaderana.lk)
දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ‘හෙරොයින් සහ අයිස්’ බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ සමුද්‍රිය හවුල්කරුවන් සමග එක්ව ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයෙන් ඔබ්බට, මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නාවික හමුදාවට මෙම මෙහෙයුම සාර්ථකව සිදුකිරීමට හැකිවී ඇත.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් සමග ධජ රහිත යාත්‍රාව, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීම සඳහා මේ වනවිට ගොබිමට රැගෙන එමින් තිබේ.
ඉන්දීය සාගරයේ ඇති නෞකා ගමන් මාර්ග ඔස්සේ නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීම වෙනුවෙන්, නාවික හමුදාව කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සිදුකළ ශක්තිමත් සම්බන්ධීකරණය මෙම මෙහෙයුම සාර්ථක කරගැනීමට හැකිවී ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව ලොව විශාලතම බහුජාතික නාවික සන්ධානය වන, ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ සාමාජිකත්වය ලබා තිබීම සහ කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය හරහා තත්‍යකාලීන නිවැරදි තොරතුරු සහිතව සමුද්‍රීය වසම් පිළිබඳ සියලු සමුද්‍රිය පාර්ශ්වයන්ගේ දැනුවත්භාවය ශක්තිමත් කර තිබේ.
කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය හරහා බුද්ධි තොරතුරු සහ සමුද්‍රීය තර්ජන තක්සේරු කිරීම් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණය ඔස්සේ ලබාගන්නා දත්ත ඒකාබද්ධ කෙරෙන අතර, ගුවන් හමුදාව සමග සිදුකෙරෙන ඒකාබද්ධ ගුවන් ආවේක්ශන සහ නිරීක්ෂණ මගින් සාගරයේ නිරීක්ෂණ වපසරිය පුළුල් කර ඇත.
මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම වෙනුවෙන් පසුගිය 2025 වර්ශයේ ඔක්තෝබර් මාසයේදී රජය විසින් ආරම්භ කළ ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දිගුවක් ලෙස ජාත්‍යන්තර මුහුදේදී මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුකරනු ලැබේ.
එම මෙහෙයුම ආරම්භ වූ දා සිට මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින්, නාවික හමුදාව රුපියල් බිලියන 116 කට අධික (රු.කෝටි 11,600) දළ විථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගැනීම සිදුකර ඇත.
2026 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින්, විදේශීය යාත්‍රා 04 ක් ඇතුළුව යාත්‍රා 66 ක්, විදේශීය පුද්ගලයන් 18 ක් ඇතුළුව සැකකරුවන් 379 ක් නීතිය හමුවට පමුණුවා තිබේ.
+++
දකුණු මුහුදේ දී මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ යාත්‍රාවේ සිටි සැකකරුවන් විදේශිකයන් බව හෙළි වෙයි
(27.11.2026 – hirunews.lk)
දෙවුන්දරට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබිය දී අත්අඩංගුවට ගත් යාත්‍රාවේ සිටි සැකකරුවන් 07 දෙනා විදේශිකයන් බව නාවික හමුදාව පවසනවා.
එමෙන්ම මෙම වැටලීම සිදු කරන අතරතුර සැකකරුවන් විසින් යාත්‍රාවේ තිබූ මත් කුඩු විශාල ප්‍රමාණයක් මුහුදට දමා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් යාත්‍රාවේ ඉතිරිව ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය සම්බන්දයෙන් මෙතෙක් ගණනය කිරීමක් සිදු කර නැහැ.
මෙම වැටලීම සිදු කර ඇත්තේ දේශීය හා විදේශීය බුද්ධි අංශවල සහ සමුද්‍රීය හවුල්කරුවන්ගේ සහාය ඇතිවයි ෴
Submission of Individual Income Tax (IIT) Return – from IRD
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴