දුම්රියකට යටවී අනතුරට පත් කාන්තා සෙබළියකගේ දිවි බේරාගත් පුද්ගලයා යුධ හමුදාධිපතිගේ ඇගයීමට
ලෝකයේ HIV අඩු වෙද්දී ලංකාවේ 48% කින් වැඩි වෙයි
රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ගැටුමට අදාළව කස්සප හිමි ඇතුළු 11 දෙනෙකුට ඇප
ලංකාවට කුදලන් ආ ගල්කිස්සේ කොස්තාපල් ඩුබායිවල ගෙවපු සැප ජීවිතේ
රෑට බීලා බීලා පහුවදා කියවන ඒවා පොර දන්නේ නෑ – ලාල් කාන්තගේ පතුරු යවපු අනුරාධ තෙන්නකෝන් (26.11.2026)
මිථ්‍යාදෘෂ්ටික ඇඩ් දාන්න දෙන්නේ නැල්ලු – හින්දු අය ගලකට වඳින එක මිථ්‍යාදෘෂ්ටිකද ? (26.11.2026)
අනුරාධපුරයේ කිසිම පන්සලක් හදන්න බැරිලු – ඇප අරන් එළියට ආපු හිමිවරුන්ගේ හෙළිදරව්ව (26.11.2026)
අනුර ඔන්න අපි ඇප අරගෙන එළියට ආවා – එළියට ආපු කස්සප හිමි ආණ්ඩුවට රතු එළි දල්වයි (26.11.2026)
ඇප අරගෙන ආපු කස්සප හිමි ඇතුළු පිරිස රුවන්වැලි මහා සෑය ළඟට එයි (26.11.2026)
දුම්රියකට යටවී අනතුරට පත් කාන්තා සෙබළියකගේ දිවි බේරාගත් පුද්ගලයා යුධ හමුදාධිපතිගේ ඇගයීමට
(26.11.2026 – hirunews.lk)
හෝමාගම, ගොඩගම ප්‍රදේශයේදී පසුගිය 18 වැනිදා සිදුවූ අනතුර හේතුවෙන් දුම්රියට යටවී සිටි තරුණ කාන්තා සෙබළියකගේ දිවි බේරාගැනීම සඳහා සිය ජීවිත අවදානම ද ක්‍රියා කළ චින්තක ගමගේ යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න විසින් ඇගයීමට ලක් කර තිබෙනවා.
ඒ අනුව, ඊයේ (25) යුධ හමුදා මූලස්ථානයේදී චින්තක ගමගේ යුද්ධ හමුදාධිපති හමුවූවා.

අදාළ අනතුර සිදුවූ අවස්ථාවේදී දුම්රියට යටවී සිටි තුවාල ලැබූ කාන්තා සෙබළියගේ දිවි බේරාගැනීම සඳහා දුම්රිය යටින් රිංගා ගොස් සිය ජීවිතය ද දැඩි අවදානමකට ලක් කරමින් ඇය ආරක්ෂිතව ඉන් මුදාගැනීමට ඔහු කටයුතු කර තිබුණා.
ඉන් අනතුරුව තුවාල ලැබූ සෙබළියට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සහතික කිරීම සඳහා ඇය රෝහල්ගත කරන තෙක්ම ඔහු, ඇය සමග රැඳී සිටීමට ද කටයුතු කර තිබෙනවා.
මෙම හමුවේදී ඔහුගේ අසමසම ධෛර්යය, කරුණාව සහ පරාර්ථකාමී මැදිහත්වීම යුද්ධ හමුදාධිපතිගේ විශේෂ ප්‍රශංසාවට ලක්ව ඇති අතර, හදිසි අවස්ථාවකදී අන්‍යයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් කිසිදු පැකිළීමකින් තොරව ඉදිරිපත් වීම සමාජයේ සෑම පුද්ගලයකු තුළම පැවතිය යුතු උතුම් මානුෂීය ගුණාංගයක් බව ද ඔහු මෙහිදී අවධාරණය කළා.
තවද, සිය පෞද්ගලික ආරක්ෂාව පවා නොතකා තවත් පුද්ගලයකුගේ ජීවිතය බේරාගැනීම සඳහා එක් පුද්ගලයකු ගනු ලබන නිර්භීත තීරණයක් මගින් අන්‍යයන්ගේ ජීවිතවලට කෙතරම් විශාල බලපෑමක් සිදුකළ හැකිද යන්න ඔහුගේ ක්‍රියාව තුළින් මනාව පිළිබිඹු වන බවත්, එවැනි ආදර්ශවත් ක්‍රියාවන් සමාජය තුළ ධෛර්යය, කරුණාව සහ මානුෂීයත්වය වැනි උතුම් ගුණාංග තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට මහඟු ආදර්ශයක් සපයන බවත්, යුධ හමුදාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ලියාපදිංචි සහතිකයකට රු. ලක්ෂ 15 ක අල්ලස් ගත් බව කියන හෝමියෝපති වෛද්‍යවරයෙකු ලබන 11 වැනිදා දක්වා රිමාන්ඩ්
(26.11.2026 – hirunews.lk)
හෝමියෝපති වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකයක් ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 15 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් එම වෛද්‍ය සභාවේ සමාජික හෝමියෝපති වෛද්‍යවරයෙක් ලබන (11) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (26) නියෝග කළා.
සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හෝමියෝපති වෛද්‍ය සභාවේ සේවයේ නියුතු වෛද්‍ය සමන් පාලිත පතිරගේ නමැති හෝමියෝපති වෛද්‍යවරයෙක්.
මෙම සැකකරු එම සභාවේ සමාජිකයෙකු ද වන බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ ෴
ලෝකයේ HIV අඩු වෙද්දී ලංකාවේ 48% කින් වැඩි වෙයි
(26.11.2026 – hirunews.lk)
2025 වසරේදී ලෝකයේ HIV ආසාදන ප්‍රමාණය 42% කින් පහත වැටී ඇතත් මෙරට නව ආසාදන 48% කින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනූ ධර්මකුලසේන මේ බව පැවසුවා.
එළැඹෙන දෙසැම්බර් 01 වැනිදාට යෙදෙන ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව HIV වැළැක්වීමේ ක්‍රම, ප්‍රතිකාර සහ සේවා පිළිබඳ ප්රවෘත්ති සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත රෝග සහ AIDS මර්දන ඒකකය විසින් පවත්වනු ලැබුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය විනූ ධර්මකුලසේන පවසා සිටියේ මෙවැනි අදහසක් :
“මේ වන විට HIV සමග ජීවත්වන පුද්ගලයින් 8700 ක් විතර වාර්තා වෙනවා. නමුත් අපි දකිනවා වසරින් වසර HIV අලුත් හඳුනා ගැනීම් වැඩිවීමක් තියනවා. 2025 වසරේ 874 ක්. මෙය වසරක් තුළ වාර්තා වූ වැඩිම අගය. තවමත් 66% තමන්ගේ HIV තත්ත්වය දන්නේ. ලෝකයේම 2010 ට සාපේක්ෂව 2025 දී 42% කින් HIV නව ආසාධන අඩු වෙලා තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය වෙනස්. ශ්‍රී ලංකාවේ නව ආසාදන 48% කින් වැඩිවෙලා තියෙනවා ෴
රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ගැටුමට අදාළව කස්සප හිමි ඇතුළු 11 දෙනෙකුට ඇප
(26.11.2026 – hirunews.lk)
අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි සහ චීවරධාරී සද්ධාරතන ඇතුළු 11 දෙනෙකු ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි ෴
ලංකාවට කුදලන් ආ ගල්කිස්සේ කොස්තාපල් ඩුබායිවල ගෙවපු සැප ජීවිතේ
(26.11.2026 – sinhala.adaderana.lk)
සිය රාජකාරී ගිනිඅවිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වෙත ලබාදී වසර 2 කට ආසන්න කාලයක් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි පොලිස් කොස්තාපල්, විමර්ශනවලදී කරුණු රැසක් අනාවරණය කර තිබේ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා, ඩුබායි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අද (26) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුරය, පේමඩුව හැලඹගස්වැව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ‘ජයකොඩි ආරච්චිගේ කවිඳු ආකාශ් ජයකොඩි’ නමැති ගල්කිස්ස පොලිසියට අනියුක්තව සේවයකළ පොලිස් කොස්තාපල්වරයෙක්ය.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී සැකකරු ඩුබායි රාජ්‍යයේ ගත කළ ජීවිතය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ඇත.
ඔහු පවසා ඇත්තේ තමන් එරට පිහිටි නිවාස සංකීර්ණයක් මිලදී ගෙන, එය කොටස් කර විවිධ පුද්ගලයන්ට කුලී පදනම මත ලබාදුන් බවය. ඊට අමතරව එරට කායවර්ධන මධ්‍යස්ථානයක අමතර රැකියාව නිරත වූ බවද ඔහු සඳහන් කර තිබේ.
කෙසේවෙතත්, තමන් ලබාදුන් රාජකාරී ගිනිඅවිය සම්බන්ධයෙන් ඔහු මෙතෙක් කිසිදු තොරතුරක් හෙළි කර නොමැත.
මෙම කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිසියේ මාර්ග බාධකයක රාජකාරී කරමින් සිටියදී අතුරුදන් වූයේ ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදීය.
විමර්ශනවලදී අනාවරණය වූයේ ඔහු සිය ටී-56 වර්ගයේ රාජකාරී ගිනිඅවිය ඩුබායිහි සැඟව සිටින ‘ඉහළ ගැමුණුගේ දර්ශන’ හෙවත් ‘අයිඩී’ නමැත්තාගේ සමීපතමයෙකුට ලබාදී ඩුබායි වෙත පලාගිය බවය.
පසුව අදාළ ගිනිඅවිය පොලිසිය විසින් සොයාගනු ලැබූ අතර, මෙරට පොලිසිය විසින් ජාත්‍යන්තර පොලිසිය හරහා සැකකරුට එරෙහිව රතු නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
එම රතු නිවේදනයට අනුව ඉකුත් ඔක්තෝබර් 29 වනදා ඥාතියෙකු රැගෙන යාමට ඩුබායි ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී එරට ආරක්ෂක අංශ ඔහුව අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමට කටයුතු කර තිබුණි.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත.
+
රෑට බීලා බීලා පහුවදා කියවන ඒවා පොර දන්නේ නෑ – ලාල් කාන්තගේ පතුරු යවපු අනුරාධ තෙන්නකෝන් (26.11.2026)
+
මිථ්‍යාදෘෂ්ටික ඇඩ් දාන්න දෙන්නේ නැල්ලු – හින්දු අය ගලකට වඳින එක මිථ්‍යාදෘෂ්ටිකද ? (26.11.2026)
+
නැගිටගන්න බැරිතරමට කස්සප හිමිට රිද්දලා | කස්සප හිමි දවස් 3 ක් නොකා ඉද්දි මගේ පපුව කීරි ගැහිලා ගියා (26.11.2026)
+++
අනුරාධපුරයේ කිසිම පන්සලක් හදන්න බැරිලු – ඇප අරන් එළියට ආපු හිමිවරුන්ගේ හෙළිදරව්ව (26.11.2026)
+++
අනුර ඔන්න අපි ඇප අරගෙන එළියට ආවා – එළියට ආපු කස්සප හිමි ආණ්ඩුවට රතු එළි දල්වයි (26.11.2026)
+++
ඇප අරගෙන ආපු කස්සප හිමි ඇතුළු පිරිස රුවන්වැලි මහා සෑය ළඟට එයි (26.11.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴