ව්‍යාජ බැංකු වෙබ් අඩවියක් සකස් කර රුපියල් ලක්ෂ 10 ක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

ව්‍යාජ බැංකු වෙබ් අඩවියක් සකස් කර රුපියල් ලක්ෂ 10 ක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය බවට සැක යාත්‍රාවක් නාවික හමුදා භාරයට – 7 ක් අත්අඩංගුවට

ආඝාත රෝගීන්ගේ ඉහළ යෑමක් ගැන අනාවරණයක්

අතුරු වෛද්‍යවරුන් මේ දැන් පාරට බහියි – ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි (26.11.2026)

චාමර සම්පත් ආණ්ඩුව හාන්සි කරවලා දායි – හිරේ ඉඳන් ආපු චාමර ආණ්ඩුවේ කටවල් වස්සපු හැටි (26.11.2026)

වසන්ත උඹ අහිංසක මිනිස්සුන්ට වස කවන්න ද හදන්නේ? | මිරිස් කන්ටේනර් 120 ක දරුණු පිළිකාකාරක තත්ත්වයක්..!! (26.11.2026)

මුළු ලෝකයක් ඉස්සරහ මෙහෙම ලජ්ජා වෙන්න පුළුවන් ද ? (26.11.2026)

සමහරවිට දේව හාස්කමකින් ඔහු නිදහස් වෙන්නත් පුළුවන් (26.11.2026)

ඔහුගේ යුගයට වඩා ඉදිරියෙන් සිටි මිනිසෙක් (26.11.2026)

රොටුඹ අමිලගේ පැටිකිරිය. අපරාධ රාජ්‍යයේ මදුෂ්ගේ කතාව. ජෙරෝම් ප්‍රනාන්දුගේ ආධ්‍යාත්මික පියා අත්අඩංගුවට (26.11.2026)

පොලීසියේ T56 උස්සා ගල්කිසිසේ අයි.ඩී.ට වික්ක කොස්තාපල් ලංකාවට ගෙනෙයි! ඩුබායි වල ව්‍යාපාරත් කරලා! (26.11.2026)

පද්මෙලට ආයුධ දුන්න හිටපු ලුතිනන් කර්නල්ව ඝාතනය කරයි! ආයුධ ගනුදෙනුවකට එන්න කියා වෙඩි තියලා! (26.11.2026)

කුලේ බලේ සහ පොල්රාජ් සංශෝධනය (26.11.2026)

ලිමිණි, ජලනි සහ “මල්ලිකා” (26.11.2026)

සුභ උපන් දිනයක් චරිත් තෑග්ග හවසට (27.11.2026)

ඡන්දෙ දුන්න NPP පාක්ෂිකයන්ට පාරට බහින්න වෙන දවස (26.11.2026)

මරණ තුනක් මැද පැණි කන මෝඩ සිංහලයා (26.11.2026)

මොහොමඩ් ෆසල්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ | ලංකාව බෞද්ධ රටක් නොවේද? නීතිය කෝ? (26.11.2026)


ව්‍යාජ බැංකු වෙබ් අඩවියක් සකස් කර රුපියල් ලක්ෂ 10 ක් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

(27.11.2026 – hirunews.lk)

පෞද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමාන ලෙස ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ ව්‍යාජ වෙබ් අඩවිය හරහා පුද්ගලයෙකු රවටා ඔහුගේ බැංකු ගිණුමට ප්‍රවේශ වීමේ දත්ත ලබාගෙන ගිණුමේ තිබූ මුදල් වංචා කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව අනාවරණ වූ තොරතුරු මත පෞද්ගලික ආයතනයක ‘දත්ත ඇතුළත් කිරීමේ නිලධාරියෙකු’ ලෙස සේවය කරන සැකකරුවෙකු ඊයේ (26) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


මත්ද්‍රව්‍ය බවට සැක යාත්‍රාවක් නාවික හමුදා භාරයට – 7 ක් අත්අඩංගුවට

(27.11.2026 – sinhala.adaderana.lk)

දෙවුන්දරට ​​දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ‘හෙරොයින් සහ අයිස්’ බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දේශීය හා විදේශීය බුද්ධි අංශ සහ සමුද්‍රිය හවුල්කරුවන් සමග එක්ව ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයෙන් ඔබ්බට, මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නාවික හමුදාවට මෙම මෙහෙයුම සාර්ථකව සිදුකිරීමට හැකිවී ඇත.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් සමග ධජ රහිත යාත්‍රාව, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීම සඳහා මේ වනවිට ගොබිමට රැගෙන එමින් තිබේ.

ඉන්දීය සාගරයේ ඇති නෞකා ගමන් මාර්ග ඔස්සේ නිදහස් මුහුදු ගමනාගමනය තහවුරු කිරීම වෙනුවෙන්, නාවික හමුදාව කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සමග සිදුකළ ශක්තිමත් සම්බන්ධීකරණය මෙම මෙහෙයුම සාර්ථක කරගැනීමට හැකිවී ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව ලොව විශාලතම බහුජාතික නාවික සන්ධානය වන, ඒකාබද්ධ සමුද්‍රීය බලකායේ සාමාජිකත්වය ලබා තිබීම සහ කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය හරහා තත්‍යකාලීන නිවැරදි තොරතුරු සහිතව සමුද්‍රීය වසම් පිළිබඳ සියලු සමුද්‍රිය පාර්ශ්වයන්ගේ දැනුවත්භාවය ශක්තිමත් කර තිබේ.

කොළඹ තොරතුරු විලයන මධ්‍යස්ථානය හරහා බුද්ධි තොරතුරු සහ සමුද්‍රීය තර්ජන තක්සේරු කිරීම් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණය ඔස්සේ ලබාගන්නා දත්ත ඒකාබද්ධ කෙරෙන අතර, ගුවන් හමුදාව සමග සිදුකෙරෙන ඒකාබද්ධ ගුවන් ආවේක්ශන සහ නිරීක්ෂණ මගින් සාගරයේ නිරීක්ෂණ වපසරිය පුළුල් කර ඇත.

මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම වෙනුවෙන් පසුගිය 2025 වර්ශයේ ඔක්තෝබර් මාසයේදී රජය විසින් ආරම්භ කළ ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ දිගුවක් ලෙස ජාත්‍යන්තර මුහුදේදී මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුකරනු ලැබේ.

එම මෙහෙයුම ආරම්භ වූ දා සිට මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින්, නාවික හමුදාව රුපියල් බිලියන 116 කට අධික (රු.කෝටි 11,600) දළ විථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සිය භාරයට ගැනීම සිදුකර ඇත.

2026 වර්ෂයේ ජනවාරි මාසයේ සිට මේ දක්වා සිදුකළ මෙහෙයුම් මගින්, විදේශීය යාත්‍රා 04 ක් ඇතුළුව යාත්‍රා 66 ක්, විදේශීය පුද්ගලයන් 18 ක් ඇතුළුව සැකකරුවන් 379 ක් නීතිය හමුවට පමුණුවා තිබේ ෴


ආඝාත රෝගීන්ගේ ඉහළ යෑමක් ගැන අනාවරණයක්

(27.11.2026 – sinhala.adaderana.lk)

ආඝාත රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ස්නායු වෛද්‍ය ඒකකයේ මහාචාර්ය උදය රණවක මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය දශකයක කාලයේ දත්ත විශ්ලේෂණය කිරීමේදී මෙම තත්ත්වය තහවුරු වන බවය.

ජාතික ආඝාත සංගමය ඊයේ (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය උදය රණවක මහතා :

“අපේ කලාපයේ තියෙන ආඝාත ප්‍රවණතාවය ගත්තොත්, ශ්‍රී ලංකාවේ අපි හුඟාක් වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. අපේ ගම්වල, ප්‍රදේශවල ජීවත් වෙන ජනගහනය ගත්තොත්, අපේ ගෙවල්වල ඉන්න අය ගත්තොත්, දහදෙනෙකුගෙන් (10) එක්කෙනෙකුට (1) ආඝාතයක් හැදිලා තියෙනවා අපි කරලා තියෙන සමීක්ෂණවලින් අපිට අවබෝධ වෙලා තියෙන හැටියට. ආඝාත රෝගීන්ට අවශ්‍ය නිසි ප්‍රතිකාර ලබා දෙන්න අවශ්‍ය ආඝාත ඒකක ශ්‍රී ලංකාවේ දැනට දහයක් (10) පමණයි තියෙන්නේ. අපිට මීට වඩා විශාල ප්‍රමාණයක් අවශ්‍යයි. අඩුම ගානේ හැම දිස්ත්‍රික්කයකටම, හැම ප්‍රධාන රෝහලකටම එකක් බැගින්වත්. ඒ වගේම ආඝාතයට මුල් අවධියේම ප්‍රතිකාර කරන්න පුළුවන් බෙහෙත් තියෙනවා, ඖෂධ තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන් රෝහල් කිහිපයයි තාම තියෙන්නේ. මේවා සියල්ලම අපි දියුණු කරන්න ඕනේ. අපේ රෝහල්වලට ඇතුළු වෙන ආඝාත රෝගීන් බැලුවොත් විශාල වැඩිවීමක් තියෙනවා ආඝාත රෝගීන් ඇතුළු වීමේ ප්‍රවණතාවයේ. ශ්‍රී ලංකාවේ සියයට හැත්තෑපහක් (75%) විතර මොළයේ නහර අවහිර වීමෙන් ඇතිවන ආඝාත තමයි තියෙන්නේ.”


අතුරු වෛද්‍යවරුන් මේ දැන් පාරට බහියි – ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි (26.11.2026)

+


චාමර සම්පත් ආණ්ඩුව හාන්සි කරවලා දායි – හිරේ ඉඳන් ආපු චාමර ආණ්ඩුවේ කටවල් වස්සපු හැටි (26.11.2026)

+


වසන්ත උඹ අහිංසක මිනිස්සුන්ට වස කවන්න ද හදන්නේ? | මිරිස් කන්ටේනර් 120 ක දරුණු පිළිකාකාරක තත්ත්වයක්..!! (26.11.2026)

+


මුළු ලෝකයක් ඉස්සරහ මෙහෙම ලජ්ජා වෙන්න පුළුවන් ද ? (26.11.2026)

+


සමහරවිට දේව හාස්කමකින් ඔහු නිදහස් වෙන්නත් පුළුවන් (26.11.2026)

+


ඔහුගේ යුගයට වඩා ඉදිරියෙන් සිටි මිනිසෙක් (26.11.2026)

+


රොටුඹ අමිලගේ පැටිකිරිය. අපරාධ රාජ්‍යයේ මදුෂ්ගේ කතාව. ජෙරෝම් ප්‍රනාන්දුගේ ආධ්‍යාත්මික පියා අත්අඩංගුවට (26.11.2026)

+


පොලීසියේ T56 උස්සා ගල්කිසිසේ අයි.ඩී.ට වික්ක කොස්තාපල් ලංකාවට ගෙනෙයි! ඩුබායි වල ව්‍යාපාරත් කරලා! (26.11.2026)

+


පද්මෙලට ආයුධ දුන්න හිටපු ලුතිනන් කර්නල්ව ඝාතනය කරයි! ආයුධ ගනුදෙනුවකට එන්න කියා වෙඩි තියලා! (26.11.2026)

+


කුලේ බලේ සහ පොල්රාජ් සංශෝධනය (26.11.2026)

+


ලිමිණි, ජලනි සහ “මල්ලිකා” (26.11.2026)

+


සුභ උපන් දිනයක් චරිත් තෑග්ග හවසට (27.11.2026)

+


ඡන්දෙ දුන්න NPP පාක්ෂිකයන්ට පාරට බහින්න වෙන දවස (26.11.2026)

+


මරණ තුනක් මැද පැණි කන මෝඩ සිංහලයා (26.11.2026)

+


මොහොමඩ් ෆසල්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ | ලංකාව බෞද්ධ රටක් නොවේද? නීතිය කෝ? (26.11.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤