අද (30) මධ්‍යම රාත්‍රී 12:00 සිට ඉන්ධන මිල ඉහළට
අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුට පැන යාමට ව්‍යාජ හැඳුනුම්පත් හැදූ ග්‍රාම නිලධාරී අත්අඩංගුවට
අධික පොලී අයකරමින් ජනතාව අමාරුවේ දමන ‘Online ණය ජාලය’ ගැන පොලිස් විමර්ශන ඇරඹේ
‘සිරස නැති ජඩ මාධ්‍යවේදියෙකු’ගෙන් රනිල්ගේ රැකවලාට ප්‍රහාරයක්
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් තොරතුරු ලබාදෙන 1818 ක්ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මකයි
2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු ගෙවීමේ අවසන් දිනය අද (30)
පලෙයි රක්ෂිතයේ ත්‍රස්ත කඳවුරක් ඇති බවට ව්‍යාජ පුවතක් මැවූ තරුණයා යළිත් රිමාන්ඩ්
ඉස්ලාම් දහමට අපහාසයක් කළ බවට චෝදනා ලැබූ නඩුවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වරෙන්තු
අද (30) මධ්‍යම රාත්‍රී 12:00 සිට ඉන්ධන මිල ඉහළට
(30.09.2026 – hirunews.lk)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් අද (30) මධ්‍යම රාත්‍රී 12:00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක සිල්ලර මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව,
ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 414 ක් (පැවැති මිල රු. 399 ).
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 392 ක් (පැවැති මිල රු. 382 ).
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 528 කි (පැවැති මිල රු. 478 ).
ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 (ලීටරය රු. 475) සහ
ලංකා භූමිතෙල් (ලීටරය රු. 285) යන ඉන්ධන වර්ගවල මිල ගණන් වෙනස් කර නොමැති අතර, ඒවා පැවැති මිල ගණන් යටතේම පවතිනවා.
එමෙන්ම, සිපෙට්කෝ සමාගමේ ඉන්ධන මිල ගණන්වලට සමගාමීව ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ගණන්ද ඉහළ දමා තිබෙනවා ෴
අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුට පැන යාමට ව්‍යාජ හැඳුනුම්පත් හැදූ ග්‍රාම නිලධාරී අත්අඩංගුවට
(30.09.2026 – hirunews.lk)
අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරුවාට රටින් පලායාමට ව්‍යාජ හැඳුනුම්පතක් ‘රූබන් සුරේෂ්’ නමින් සකස්කර දුන් අත්තනගල්ල මීවල ප්‍රදේශයේ හතළිස්අට (48) හැවිරිදි ග්‍රාම නිලධාරියෙකු බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කළ විමර්ශන කටයුතුවලදී අදාළ වෙඩික්කරුවා විසින් ලබාදුන් ප්‍රකාශ අනුව බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම ග්‍රාම නිලධාරියා කැඳවා තිබූ අතර, අදාළ සැකකරු එවැනි කටයුත්තක් සිදුකළ බවට පාපොච්චාරණය කර තිබෙනවා.
ඒ අනුව, පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා ෴
අධික පොලී අයකරමින් ජනතාව අමාරුවේ දමන ‘Online ණය ජාලය’ ගැන පොලිස් විමර්ශන ඇරඹේ
(30.09.2026 – hirunews.lk)
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ජංගම දුරකථන යෙදවුම් (Mobile Apps) මාර්ගයෙන් ක්ෂණික ණය ලබාගැනීමේදී, එහි කොන්දේසි සම්බන්ධයෙන් නිසි අවබෝධයකින් හා සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එලෙස ලබාගන්නා ණය ආපසු ගෙවීමේදී අධික පොලී අනුපාත අය කරමින් ගනුදෙනුකරුවන් දැඩි අපහසුතාවයට පත්කරන බවට ලද තොරතුරු මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.
එම විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ණය ලබාගන්නා පුද්ගලයින් අදාළ ආයතනවල කොන්දේසි පිළිබඳ නිසි අවබෝධයකින් තොරව ණය ලබාගැනීම හේතුවෙන් මෙලෙස අපහසුතාවලට මුහුණ දෙන බවයි.
එබැවින් යම් පුද්ගලයෙකු මාර්ගගත ක්‍රමය ඔස්සේ ණය මුදලක් ලබාගන්නේ නම්, අදාළ ආයතනය ඉදිරිපත් කර ඇති කොන්දේසි කෙරෙහි නිසි අවධානය යොමුකර, පූර්ණ අවබෝධයකින් යුතුව කටයුතු කිරීමෙන් සිදුවිය හැකි මූල්‍ය අලාභ හා අනවශ්‍ය අපහසුතාවයන් මඟහරවා ගත හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් අවධාරණය කරනවා ෴
පෙම් පළහිලව්වක් නිසා පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙක් (2) මරුට; තවත් අයෙක් (1) දැඩි සත්කාර ඒකකයේ
(30.09.2026 – hirunews.lk)
මාලිගාවත්ත, කොළඹ 10 ප්‍රදේශයේදී ඊයේ (29) රාත්‍රී 10:30 ට පමණ දෙපිරිසක් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් දුරදිග යාමෙන් සිදුවූ පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකු (2) මියගොස් තවත් අයෙකු (1) බරපතළ තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.
ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කරගනිමින් දෙපාර්ශ්වයක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර, මාලිගාවත්ත නිමි ඇඳුම් සලක් අසලදී සිදුවූ මෙම සිදුවීමෙන් පුද්ගලයින් තිදෙනෙකු (3) බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
එලෙස රෝහල්ගත කිරීමෙන් පසු මාලිගාවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවන් වන මොහොමඩ් අබ්දුල්ලා (21) සහ මොහොමඩ් රෙයිහාන් නැමැති තරුණයින් දෙදෙනා (2) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම ගැටුමෙන් බරපතල තුවාල ලැබූ 16 හැවිරිදි අයෙක් මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ICU) දැඩි සත්කාර ලබමින් සිටින බවද පොලිසිය වැඩිදුරටත් පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි ෴
තිළිණි ප්‍රියමාලිට වරෙන්තු
(30.09.2026 – hirunews.lk)
රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති ‘ත්‍රිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනී තිලිණි ප්‍රියමාලි’ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කළා.

මෙම සැකකාරිය වෙනුවෙන් ඇපකරුවන් පෙනී සිටින බවට පුද්ගලයන් දෙදෙනෙකු (2) ඉදිරිපත් කර තිබු නමුත්, එම ඇපකරුවන් දෙදෙනා (2) සැකකාරියට පනවා තිබු වෙනත් නඩුවක ඇප තැබු අය බවත් මෙම නඩුවේ ඇප තබා ඇත්තේ ඔවුන් දෙදෙනා (2) නොවන බවත් සදහන් කරමින් මහේස්ත්‍රාත්වරයා අදාල වරෙන්තුව නිකුත් කළා.
තිළිණි ප්‍රියමාලි ඇතුළු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති මුදල් වංචා චෝදනා ගණනාවකට අදාළ නඩු කැඳවූ අවස්ථාවේ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු ද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
ඔවුන් වෙනුවෙන් ඇපකරුවන් පෙනී සිටි අතර මෙහි තවත් සැකකාරියක වන දැනට රිමාන්ඩ් භාරයේ සිටින ‘ජානකී සිරිවර්ධන’ යන අය වෙනත් නඩුවකට රිමාන්ඩ් භාරයේ පසුවන බවයි ඇයගේ නීතිඥවරයා සදහන් කළේ.
මෙම සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටින ‘බොරැල්ලේ සිරිසුමන හිමියන්’ අධිකරණය හමුවේ පෙනී සිටි අතර විදෙස් ගතවීමට කළ ඉල්ලීමට ද අද (30) අධිකරණයෙන් අවසර ලැබිණි.
‘තිළිණි ප්‍රියමාලි’ ඇතුළු පිරිසට එරෙහි නඩු සියල්ල ලබන වසරේ මාර්තු 31 වැනිදා යළි කැඳවන ලෙසයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේ ෴
‘සිරස නැති ජඩ මාධ්‍යවේදියෙකු’ගෙන් රනිල්ගේ රැකවලාට ප්‍රහාරයක්
(30.09.2026 – hirunews.lk)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (30) කොටුව අධිකරණයට පැමිණි අවස්ථාවෙන් අනතුරුව පිටතට පැමිණීමේදී පෞද්ගලික නාලිකාවක මාධ්‍යවේදියෙකු විසින් සිය කැමරාවෙන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහර දෙන දසුන් පෙළක් මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.
අදාළ ආරක්ෂක නිලධාරියා හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සපයමින් පිටතට පැමිණෙන අවස්ථාවේදී, එම මාධ්‍යවේදියා විසින් සිය රාජකාරියට බාධා කළ බවට යම් හැඟවීමක් සිදු කරමින් අදාළ ආරක්ෂක නිලධාරියාගේ හිස ප්‍රදේශයට සිය කැමරාවෙන් පහරදීමක් සිදු කරන ආකාරයයි එම දර්ශනවල දැක්වෙන්නේ.
අදාල මාධ්‍යවේදියා ආරක්ෂක රැකවලුන්ගේ රාජකාරියට බාධා වන අයුරින් සිය පටිගත කිරීම සිදුකරන අතරවාරයේ මෙම පහරදීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, අදාල ආරක්ෂක නිලධාරියා එම අවස්ථාවේ දී ප්‍රතිචාරයක් නොදැක්වූ නමුත්, සිදුවූ පහරදීම සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බවද වාර්තා වෙනවා ෴
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් තොරතුරු ලබාදෙන 1818 ක්ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මකයි
(30.09.2026 – hirunews.lk)
විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව හඳුන්වා දුන් 1818 ක්ෂණික ඇමතුම් අංකය මේ වන විට පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දිවයින පුරා සිදුවන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්, බෙදාහැරීම් හෝ ඊට අදාළ ඕනෑම සැකකටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දීම සඳහා මෙම දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා.
තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන අතර, එම තොරතුරු මත පදනම්ව ඉතා කඩිනමින් ක්‍රියාත්මක වීම ද මෙහි ඇති විශේෂත්වයක්.
මෙම සේවාව ජනාධිපති කාර්යාලයේ සහ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකයි ෴
2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු ගෙවීමේ අවසන් දිනය අද (30)
(30.09.2026 – hirunews.lk)
2025 සහ 2026 තක්සේරු වර්ෂයට අදාළව ගෙවීමට ඇති ආදායම් බදු අද (30) දිනයේදී නියම ආකාරයෙන් ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුව, සමාගම්, පුද්ගලික සහ හවුල් ව්‍යාපාර ආදායම් බදු ගෙවන සියලු බදු ගෙවන්නන් සඳහා ගෙවීම් කාල සීමා සංකේතය ලෙස 25260 භාවිත කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අදාළ දිනයෙන් පසු ගෙවීම් සිදුකිරීමේදී පොලී සහ දඩ මුදල් අය කෙරෙන බැවින් නියමිත දිනට පෙර බදු ගෙවීම් සිදුකරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා ෴
පලෙයි රක්ෂිතයේ ත්‍රස්ත කඳවුරක් ඇති බවට ව්‍යාජ පුවතක් මැවූ තරුණයා යළිත් රිමාන්ඩ්
(30.09.2026 – hirunews.lk)
පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයට අයත් කඳවුරක් ඇති බවට ව්‍යාජ පුවතක් ජනගත කිරීමේ සිද්ධියට අදාලව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 07 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කළා.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ සංගීත් ජයසේකර නමැත්තෙක්.
සිද්ධියට අදාල නඩුව අද (30) යළි කැඳවු අවස්ථාවේදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කරුණා.
මෙම සිද්ධියට අදාල සැකකරුගේ දුරකථන වර්තා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට තිබෙන බවත් සැකකරු ජාතික හැදුනුම්පත් 3 ක් තබා ගැනීම සම්බන්ධයෙන් ද විමර්ශනයක් කිරිමට ඇති බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු දැක්වුවා.
කිලිනොච්චිය, පලෙයි ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක් තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් පුහුණු කදවුරක් සහ බෝම්බ නිෂ්පාදනගාරයක් ඇති බවට ‘අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ’ ලෙස තමන්ව හදුන්වා ගත් ‘සංගීත් ජයසේකර’ නමැති අයෙක් මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගියදා පවසාඇති බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුයේ.
තවද මෙම සැකකරු ව්‍යාජ හැදුනුම්පත් කිහිපයක් භාවිතා කර ඇති බවටද තොරතුරු අනාවරණය වන බවයි විමර්ශන නිළධාරීන් අධිකරණට දන්වා සිටියේ.
මෙම සැකකරුට කිලිනොච්චි ප්‍රදේශයේ අඩවි වන නිලධාරියෙකු විසින් මෙම පදනම් විරහිත ප්‍රකාශය සිදු කළ ඇති බව සැකකරු ප්‍රකාශ ලබාදුන් අවස්ථාවේ පැවසූ බවද විමර්ශන් නිලධාරීන් අධිකරණයට දැන්වූවා.
එම අඩවි වන නිලධාරියා සහ ඔහුගේ බිරිදගෙන් ලබා ගත් ප්‍රකාශ අනුව මෙවැනි දෙයක් කොකියු බව පැවසූ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ.
මෙම සැකකරු විසින් කරන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය කරුණක් බවයි වැඩිදුරටත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ.
සැකකරු කොළඹ ප්‍රදේශය හෝටලයකදී 2026 අගෝස්තු මස 14 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් කිලිනොච්චියේ පලෙයි රක්ෂිතයේ එල්.ටී.ටී.ඊ. කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් ඇති බවට ප්‍රකාශ කළ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ ෴
චීන ජාතිකයකුගේ රු. කෝටි 2 ක මුදල් පැහැරගත් සිද්ධිය : ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පිරිසගේ නඩුව නොවැම්බර් 25 දක්වා කල් තැබේ
(30.09.2026 – hirunews.lk)
චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක (2) මුදලක් පැහැරගෙන සාවද්‍ය පරිහරණය කළැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුලු සැකකරුවන් පස්දෙනා (5) ගේ නඩුව ලබන නොවැම්බර් මස 25 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (30) නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව අද (30) අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදි මධ්‍යම අපරාධ කාර්යාංශය විසින් කරනු ලැබූ කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් වුණා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ විමර්ශන නිලධාරීන් පවසා සිටියේ මෙහි පස්වන (5) සැකකරු සමග අනෙක් සැකකරුවන් මෙම මංකොල්ලය සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ජා ඇතුළත් සී.සී.ටි.වි. දර්ශන රස පරීක්ෂක වෙත යවා ඇති බවයි.
සිද්ධියට අදාලව හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන ‘අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර’ (21) ඇතුලු සැකකරුවන් පස්දෙනා (5) අද (30) අධිකරණය හමුවේ ඇප මත පෙනී සිටියා.
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා කොල්ලුපිටිය පොලිසිය විසින් ඉකුත් ජුලි මස (21) වැනිදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවා.
චීන ජාතිකයා සිය මුදල් වාහනයකින් රැගෙන යමින් සිටි අවස්ථාවේ එම කොල්ල කෑම සිදුව ඇතැයි විමර්ශන නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නා ෴
ඉස්ලාම් දහමට අපහාසයක් කළ බවට චෝදනා ලැබූ නඩුවට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වරෙන්තු
(30.09.2026 – hirunews.lk)
ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළේ යැයි කියන සිද්ධියකට චෝදනා ලැබ සිටින ‘බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්’ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල අද (30) වරෙන්තු නිකුත් කළා.
ඒ, එම හිමිනම අද (30) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.
බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉස්ලාම් දහමට අපහාසයක් සිදුකළ බවට චෝදනා කරමින් නිතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අංක 09 අධිකරණයේ මෙම අධිචෝදනා ගොනුකරනු ලැබ තිබුණා.
එම නඩුව අද (30) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිමිනම අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරුණා.
ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිර දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෝසමකදී ද ඊයේ (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. එහිදී ද ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අභියාචනාධිකරණයද එම හිමියන්ට වරෙන්තු නිකුත් කළා.
පොලිස්පතිවරයා මාර්ගයෙන් එම වරෙන්තුව වහාම ක්‍රියාත්මක කරන ලෙසත් එම නියෝගයේ සඳහන් වුණා.
හෙට (01) විත්තිකාර ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් එම නියෝගයේ සඳහන් වුණා ෴
අධිකරණයට අපහාස කළ බවට වූ නිගමනයට එරෙහි දිලිත්ගේ රිට් පෙත්සම විභාගයට නොගෙනම අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කරයි
(30.09.2026 – hirunews.lk)
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ට එරෙහිව කර තිබෙන නිගමනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා ෴
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴