පානදුර, වලානේ දී ව්‍යාපාරිකයෙකුට පහර දී පැහැරගෙන ගිහින්

පානදුර, වලානේ දී ව්‍යාපාරිකයෙකුට පහර දී පැහැරගෙන ගිහින්

මහා ගාලගෝටියකින් පසු ‘සිංදු ගාස්තුව’ අත්හිටුවයි

ආර්ථිකය අඩාලයි.. වෙන කුමන බලය ඇල්ලුවත් වැඩක් නෑ.. ආර්ථිකය වැටුනොත් දේශපාලන බලය අනිවාර්යයෙන්ම ගිලිහෙනවා..

බද්දේගම ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයට තවත් සැකකරුවෙකු (1) අත්අඩංගුවට

සාහිත්‍ය මාසෙ සුපිරියට විකිණෙන ‘පැලවත්ත ප්‍රකාශන’ අදම මිලදීගන්න (29.09.2026)

මඟුල් ගෙවල්වලිනුත් සල්ලි ඉල්ලන්ඩ ලජ්ජා නැද්ද හලෝ ? රූකාන්තත් මෙච්චර පහළට වැටුණද ? (29.09.2026)

ජේවීපීකාරයින්ට ‘ශ’ ‘ෂ’ ශබ්ද කරන්නට බැරි ඇයි ? ජනාධිපති වුණාට අනුරටත් බෑ (29.09.2026)

තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවි ද නුදුරු දිනේ? (30.09.2026)

‘ක්‍රිස් නඩුවේ’ නාමල්ට අල්ලස් දුන්න කවුද මේ ‘ජානකි’. ගඩාෆි ළඟ ඉඳලා ලංකාවට ගෙනාවේ ප්‍රයිවට් ජෙට් එකේ. (29.09.2026)

ටොන් 2.8 ක අයිස් තොගය ‘ලෝඩ් ඔෆ් ඩ්‍රග්ස්’ හෙවත් ‘හාජි සලීම්’ගේ බව තහවුරුවෙයි! කවුද මේ ‘හාජි සලීම්’? (29.09.2026)

කන්ටේනර් 323 බොරුව හෙලිවෙයි (29.09.2026)

බඩු පොත නැති කර ගත්ත පොඩි ළමය (29.09.2026)

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ආණ්ඩුවට වැදුණු මරු පහර! රවී – ශානිට වැඩ වරදීද? (29.09.2026)

තිලීපන් සැමරුම ඩෝබීන් කියන විදිහට අහිංසක එකක්ද? (29.09.2026)

ගම්මන්පිල නිදොස් කොට නිදහස්! වසර ගණනක් ඇදුණු නඩුවේ උසාවියේදී මොකද වුණේ? (29.09.2026)


පානදුර, වලානේ දී ව්‍යාපාරිකයෙකුට පහර දී පැහැරගෙන ගිහින්

(30.09.2026 – sinhala.adaderana.lk)

පානදුර, වලාන, මහනාම පාරේදී පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු නිවසට පැමිණෙමින් සිටියදී නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ.

ඊයේ (29) රාත්‍රී 10 ට පමණ අදාළ ව්‍යාපාරිකයා ඔහුගේ දියණියන් දෙදෙනා (2) සහ බිරිඳ සමග මෝටර් රථයෙන් නිවස බල පැමිණෙමින් සිටියදී නිවස ආසන්නයේ දී මෝටර් රථයක සිටි නාඳුනන පිරිසක් විසින් ව්‍යාපාරිකයාට පහරදී ඔහුගේ මෝටර් රථයේ වීදුරු කඩා මෙලෙස පැහැරගෙන ගොස් ඇතැයි පානදුර දකුණ පොලීසිය පවසයි.

මෙම සිද්ධියෙන් එම ව්‍යාපාරිකයාගේ දියණියන් දෙදෙනාට (2) කිසිදු හානියක් සිදුව නොමැති අතර බිරිඳ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

නාඳුනන කණ්ඩායම අදාළ ව්‍යාපාරිකයාව පැහැරගැනීමට උත්සාහ කිරීමේ දී ව්‍යාපාරිකයා සිය මෝටර් රථය නොවනවත්වා ධාවනය කර ඇති අතර, එම අවස්ථාවේ දී මෝටර් රථය මාර්ගයේ තිබු කාණුවකට ඇද වැටී ඇත.

පසුව පැහැරගැනීමට පැමිණි පිරිස ව්‍යාපාරිකයාගේ මෝටර් රථයේ වීදුරු කඩා ව්‍යාපාරිකයාව එළියට ගෙන ඔහුට පහරදී නාඳුනන පිරිස පැමිණි මෝටර් රථයේ දමාගෙන පිටව ගොස් තිබේ.

පැහැරගැනීම ව්‍යාපාරිකයාගේ ඥාතියෙකු විසින් සිදුකර ඇති බවට මේ වන විටත් තොරතුරු අනාවරණය වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලීසිය විශේෂ විමර්ශනයක් සිදුකරනු ලබයි.

එම ව්‍යාපාරිකයාගේ මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇත.

+++

පැහැරගත් ව්‍යාපාරිකයා මිනුවන්පිටියෙන් හමුවෙයි

(30.09.2026 – sinhala.adaderana.lk)

පානදුර, වලාන, මහනාම පාර ප්‍රදේශයේදී පැහැරගත් ව්‍යාපාරිකයා මිනුවන්පිටිය කනත්ත අසල දමා ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (29) රාත්‍රී 10 ට පමණ සිය මොර්ටර් රථයෙන් ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා (2) සමඟ නිවස වෙත ගමන් කරමින් සිටියදී ව්‍යාපාරිකයාව පැහැරගෙන ගොස් ඇති බවය.

තවත් මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමකින් විසින් ඔහු ලුහුබැඳ ගොස් ව්‍යාපාරිකයාගේ වාහනයට පහරදී වීදුරු කඩා මෙම පැහැර ගැනීම සිදුකර තිබුණි.

මෙම සිද්ධියෙන් එම ව්‍යාපාරිකයාගේ දියණියන් දෙදෙනාට (2) කිසිදු අනතුරක් සිදුව නොමැති අතර ව්‍යාපාරිකයාගේ බිරිඳ තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ව්‍යාපාරිකයා ද මේ වනවිට එම රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසුවේය.

මුදල් ආරවුලක් හේතුවෙන් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවට සැකකරන බව පොලීසිය පැවසුවේය.

ව්‍යාපාරිකයාගේ මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන නිලධාරීන් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ ෴


මහා ගාලගෝටියකින් පසු ‘සිංදු ගාස්තුව’ අත්හිටුවයි

(29.09.2026 – lankacnews.com)

පෞද්ගලික සාද, ප්‍රසංග සහ විවාහ උත්සවවලදී භාවිත කරන සංගීත නිර්මාණවල මුල් රචකයන්ට හා සංගීත අධ්‍යක්ෂවරුන්ට අදාළ කර්තෘභාගය අය කිරීමේ යෝජිත බලපත්‍ර ක්‍රමය දැනට ක්‍රියාත්මක නොකරන බව ‘ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය’ පවසයි.

එහි සභාපති නිලාර් එන්. කාසිම් පැවසූයේ, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ගැසට් පත්‍රය මුල් කර ගනිමින් අභූත චෝදනා සමාජගත කර ඇති බවයි. මෙය කිසිසේත් රජය අය කරන බද්දක් නොවන බව පැවසූ ඔහු එය නිර්මාණකරුවන් වෙනුවෙන් අය කරන කතෘභාගයක් පමණක් බවද අවධාරණය කළේය. අය කර ගන්නා අදාළ කතෘ භාගය ඒ සාමාජිකයන් වෙතටම බෙදා දීමට පියවර ගන්නා බවද මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.

‘ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ’ ප්‍රධාන විධායක රංග දසනායක මෙහිදී පැවසූයේ, නොවැම්බර් මාසයේදී මහා සභා රැස්වීම පැවැත්වෙන තෙක් මෙම ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

යෝජිත ගැසට් පත්‍රයේ සඳහන් ආකාරයට එවැනි පෞද්ගලික සාද, ප්‍රසංග සහ විවාහ උත්සවවලදී භාවිත කරන සංගීත නිර්මාණවලට අදාළ කර්තෘ භාගය ගෙවීම අදාළ උත්සවයේ හිමිකරුගේ වගකීමක් වන බවද රංග දසනායක මෙහිදී පෙන්වා දුන්නේය.

වෙනත් රටවලද මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවත්, උත්සවයේ හිමිකරු විසින් අදාළ බලපත්‍රය ලබා ගත යුතු බවත්, ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මෙම සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලක සඳහන් කළේ, සිය සංගමය මේ ආකාරයෙන් සටන් කරන්නේ ගීත නිර්මාණයක මුල් අයිතිකරුවන් වන ගීත රචකයාගේ හා සංගීත අධ්‍යක්ෂවරයාගේ අයිතිය සුරැකීමට බවයි.

“කවුරුත් වැඩිපුර කතා වෙන්නේ ගායකයා ගැන පමණයි. ගීත රචකයා හෝ සංගීත අධ්‍යක්ෂවරයාගේ ගැන කතා කරන ප්‍රමාණය ඉතාම අල්පයි. නමුත් ඔවුන්ට වෙනත් කිසිම ආදායමක් තිබුණේ නැත්නම් ඔවුන්ට හිමි වෙන්නේ මේ කර්තෘභාගය පමණයි.

ගීත නිර්මාණය කරන අයටත් ආදරය කරන්න පුරුදු වෙන්න. ගීත නිර්මාණය කියන්නේ දෙවියන්ගෙන් ලැබෙන ත්‍යාගයක් වගේ දෙයක්. ඕනම ගීතයක් ගායනා කරන්නේ සංගීත ශිල්පියා වෙන්න පුළුවන්. නැත්නම් ගීත රචකයා වෙන්න පුළුවන්. ඒ නිසා ගීතයේ මුල් අයිතිකරු ඒ ගීතය හදපු කෙනා.

ඒ නිසා කාගේ හෝ ගීතයක් සංදර්ශන වේදිකාවේදි ගායනා කරනවා නම්, කිසියම් මුදලක් මේ ගීතයේ නිර්මාණකරුවන්ට ගෙවිය යුතුයි. ඕනෑම ගීතයකට අයිතිකරුවෙක් ඉන්නවා. ඒ නිසා ඒ ගීත ඕනෑම කෙනෙකුට මගේ ගීත කියන්න පුළුවන් කියලා තමන් නොලියපු ගී ගැන ගායකයෙකුටවත් කියන්නත් බැහැ.” යැයිද රූකාන්ත ගුණතිලක මෙහිදී වැඩිදුරටත් පැවසීය ෴


ආර්ථිකය අඩාලයි.. වෙන කුමන බලය ඇල්ලුවත් වැඩක් නෑ.. ආර්ථිකය වැටුනොත් දේශපාලන බලය අනිවාර්යයෙන්ම ගිලිහෙනවා..

(26.09.2026 – lankacnews.com)

රටක පාලකයන් අධිකරණ බලය, රාජ්‍ය බලය හෝ වෙනත් කුමන දේශපාලන බලයක් අත්පත් කරගැනීමට උත්සාහ කළ ද, ආර්ථිකය වර්ධනය කරගැනීමට නොහැකි වුවහොත් එම දේශපාලන බලය අනිවාර්යයෙන්ම ගිලිහී යන බව ප්‍රමුඛ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2026 වසරේ දෙවැනි කාර්තුවේ ආර්ථික දර්ශක පිළිබඳව විශේෂ විග්‍රහයක් සිදුකරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙරට ආර්ථිකය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා ආර්ථික වර්ධන වේගය 6% ත් 7% ත් අතර ඉහළ මට්ටමක දීර්ඝකාලීනව පවත්වාගත යුතු වුවද, නවතම දත්ත අනුව ආර්ථික වර්ධන වේගයේ පැහැදිලි අඩාල වීමක් පෙන්නුම් කරන බව ඔහු පෙන්වා දුන්නේය.

නිල සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2026 වසරේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 4.2% කින් වර්ධනය වී තිබේ. කෙසේ වෙතත්, 2026 පළමු කාර්තුවේදී වාර්තා වූ 5.1% ක ආර්ථික වර්ධනය සමඟ සැසඳීමේදී, දෙවැනි කාර්තුව වන විට ආර්ථික වර්ධන වේගය ආසන්න වශයෙන් 0.9% කින් හෙවත් 1% කට ආසන්න ප්‍රමාණයකින් අඩාල වී ඇති බව හෙතෙම පැහැදිලි කළේය.

මෙහිදී ආර්ථිකය වර්ධනය නොවන බවක් අදහස් නොවන නමුත්, ආර්ථිකය ප්‍රසාරණය වන වේගය මන්දගාමී වීම බරපතළ අවධානයට ලක්විය යුතු කරුණක් බව ධනනාත් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

ක්ෂේත්‍රයන් වශයෙන් සලකා බැලීමේදී, මෙවර කාර්මික සහ සේවා ක්ෂේත්‍රයන්හි යම් වර්ධනයක් දක්නට ලැබුණ ද, පසුගිය වසරේ අදාළ කාර්තුවට සාපේක්ෂව කෘෂිකාර්මික ක්ෂේත්‍රය සෘණාත්මක වර්ධනයක් පෙන්වමින් සංකෝචනය වී ඇති බව වාර්තා වේ. මැදපෙරදිග අර්බුදය, පොහොර සහ ඉන්ධන සැපයුම් ගැටලු මීට බලපෑ හැකි බව පෙන්වා දුන් ඒ මහතා, කෘෂිකාර්මික රටක් ලෙස හඳුන්වන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජීවනාලියක් බඳු කෘෂි අංශයේ සිදුව ඇති මෙම පසුබෑම සමස්ත ආර්ථික වර්ධනය අඩාල වීමට සෘජුව බලපා ඇති බව පැවසීය.

ආර්ථික වර්ධන වේගය මන්දගාමී වන විට සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයට සහ ආදායම් මට්ටම්වලට එමඟින් කිසිදු සැබෑ සහනයක් හෝ වෙනසක් අත්නොවන බවත්, තම ආර්ථිකය යහපත් අතට හැරෙන්නේ නැතැයි හැඟී යන විට ජනතාව තුළින් ආණ්ඩුව කෙරෙහි දැඩි දේශපාලන ප්‍රතිරෝධයක් ගොඩනැගීම නොවැළැක්විය හැකි බවත් ඔහු අනතුරු ඇඟවීය.

එමෙන්ම රටක් තම ණය බර දරාගන්නේ ආර්ථිකයේ ප්‍රමාණය ප්‍රසාරණය වීම මත පදනම්ව බැවින්, ආර්ථික වර්ධන වේගය අඩාල වීම හමුවේ රට යළිත් වරක් දැඩි ණය අර්බුදයකට හා දුප්පත්කම ඉහළ යාමේ අවදානමකට මුහුණ දිය හැකි බව ද ධනනාත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අවධාරණය කළේය ෴


බද්දේගම ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයට තවත් සැකකරුවෙකු (1) අත්අඩංගුවට

(30.09.2026 – sinhala.adaderana.lk)

බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් සිදුකරන විමර්ශනවලට අනුව, අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරු ඊයේ (29) රාත්‍රියේ හල්පාතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 06 යි මිලිග්‍රෑම් 100 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

අවුරුදු 23 ක් වයසැති සැකකරු කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු බද්දේගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴


සාහිත්‍ය මාසෙ සුපිරියට විකිණෙන ‘පැලවත්ත ප්‍රකාශන’ අදම මිලදීගන්න (29.09.2026)

+


මඟුල්ගෙවල් වලිනුත් සල්ලි ඉල්ලන්ඩ ලජ්ජා නැද්ද හලෝ ? රූකාන්තත් මෙච්චර පහළට වැටුණද ? (29.09.2026)

+


ජේවීපීකාරයින්ට ‘ශ’ ‘ෂ’ ශබ්ද කරන්නට බැරි ඇයි ? ජනාධිපති වුණාට අනුරටත් බෑ (29.09.2026)

+


තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්න වේවි ද නුදුරු දිනේ? (30.09.2026)

+


‘ක්‍රිස් නඩුවේ’ නාමල්ට අල්ලස් දුන්න කවුද මේ ‘ජානකි’. ගඩාෆි ළඟ ඉඳලා ලංකාවට ගෙනාවේ ප්‍රයිවට් ජෙට් එකේ. (29.09.2026)

+


ටොන් 2.8 ක අයිස් තොගය ‘ලෝඩ් ඔෆ් ඩ්‍රග්ස්’ හෙවත් ‘හාජි සලීම්’ගේ බව තහවුරුවෙයි! කවුද මේ ‘හාජි සලීම්’? (29.09.2026)

+


කන්ටේනර් 323 බොරුව හෙලිවෙයි (29.09.2026)

+


බඩු පොත නැති කර ගත්ත පොඩි ළමය (29.09.2026)

+


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ආණ්ඩුවට වැදුණු මරු පහර! රවී – ශානිට වැඩ වරදීද? (29.09.2026)

+


තිලීපන් සැමරුම ඩෝබීන් කියන විදිහට අහිංසක එකක්ද? (29.09.2026)

+


ගම්මන්පිල නිදොස් කොට නිදහස්! වසර ගණනක් ඇදුණු නඩුවේ උසාවියේදී මොකද වුණේ? (29.09.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤