නීතිඥවරියගේ සේප්පුව පැහැරගෙන එහි තිබූ රු. කෝටි ගාණක රන් සොරාගත් ‘වැල්ලවත්තේ උබයා’ ඇතුළු දෙකක් (2) අත්අඩංගුවට

නීතිඥවරියගේ සේප්පුව පැහැරගෙන එහි තිබූ රු. කෝටි ගාණක රන් සොරාගත් ‘වැල්ලවත්තේ උබයා’ ඇතුළු දෙකක් (2) අත්අඩංගුවට

සමාජ මාධ්‍ය වෙත මුදාහරින දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ ගැන අවධානයෙන්

රත්නපුර ප්‍රදේශ කිහිපයකට හෙට (30) පැය 13 ක් ජල කප්පාදුවක්

දොස්තරලාටත් අස්වැසුම දෙන්න වෙයි | අපේ පඩියටත් බදු පිට බදු ගහනවා (29.09.2026)

යහපාලනය කාලේ ‘ක්‍රිෂ් නඩුව’ ඉල්ලා අස් කරපු හිටපු නි.පොලිස්පති ‘රවී වෛද්‍යාලංකාර’ට නිතීය කෝ ?? (29.09.2026)

කියන දෙයක් අහලා දෙන දෙයක් කාලා ආණ්ඩුවට බයේ ඉන්න වෙන්නේ | පොහොට්ටු ප්‍රබලයෝ ඇමරිකන් එම්බසියට එයි (29.09.2026)

ඒකාබද්ධ විපක්ෂය හදිසියේම රැස්වෙයි – භාණ්ඩාගාරයේ සල්ලි ටික ටික අඩු වෙනවා (29.09.2026)

හදිසියේ ගිනි ගෙන විනාශ වුණු මයික්‍රෝ මෝටර් රථය – ගින්න නිවාගන්න බැරුව මෝටර් රථය අළු වෙයි (29.09.2026)

බස් මංතීරුවට වෙන වාහන දැම්මොත් දඩ ගහනවා – කොළඹ වාහන පදින්න ඕන හැටි පොලිසිය කියයි (29.09.2026)

පාඨකයන්ගෙන් පිරී ඉතිරී ගිය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | බලන්න වටින දර්ශණ පෙළක් (29.09.2026)

‘කලු නෝනි’ ඝාතනය, ‘කන්ට්‍රැක්’ එකට රු. කෝටි එකහමාරයි….! “අපිට සතපහක්වත් දුන් නෑ සර්..” (29.09.2026)

නීතිඥවරියගේ සේප්පුව පැහැරගෙන එහි තිබූ රු. කෝටි ගාණක රන් සොරාගත් ‘වැල්ලවත්තේ උබයා’ ඇතුළු දෙකක් (2) අත්අඩංගුවට

(29.09.2026 – sinhala.adaderana.lk)

වැල්ලවත්ත, කවිරත්න පෙදෙසේ නිවසට ඇතුළු වී රුපියල් කෝටි දෙකකට (2) ආසන්න වටිනා රන් ආභරණ තොගයක් බහා තිබු සේප්පුව සොරාගත් සැකකරුවෙකු (1) සහ තවත් පුද්ගලයෙකු (1) අත්අඩංගුවට ගැනීමට වැල්ලවත්ත පොලීසිය සමත්වී තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වන ‘වැල්ලවත්තේ උබයා’ නමැත්තා අපරාධ ගණනාවකට බන්ධනාගාරගතව සිට මීට සති දෙකකට (2) පමණ ඉහතදී ඇප මත නිදහස්ව පැමිණි පුද්ගලයෙකු බව පොලීසිය පැවසුවේය.

තම නිවසට හොර රහසේ ඇතුළු වු පුද්ගලයෙකු අල්මාරියක් තුළ සේප්පුවක බහා තිබූ රුපියල් කෝටි දෙකක් (2) පමණ වටිනා පවුම් 39½ ක රන් භාණ්ඩ, සේප්පුව ද සමඟ සොරාගෙන ගොස් ඇති බවට වැල්ලවත්ත, කවිරත්න පෙදෙසේ පදිංචි නීතිඥවරියක් විසින් වැල්ලවත්ත පොලීසියට පැමිණිලි කර තිබුණේ ඉකුත් 24 වැනිදායි.

ඒ අනුව වැල්ලවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතාගේ උපදෙස් මත විමර්ශන ඇරඹූ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේෂාන් කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ‘වැල්ලවත්තේ උබයා’ නැමැති සැකකරු අදාළ නිවසේ උඩුමහලේ වහල කඩා නිවසට ඇතුළු වී ඇති බව අනාවරණ කර ගෙන තිබේ.

පසුව අවට නිවාසවල CCTV දර්ශණ පරික්ෂා කිරීමේදී සැකකරු ඇඳ ඇතිරිල්ලකින් සේප්පුව ආවරණ කර, කරමත තබාගෙන යන දර්ශන සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසුවේය.

ඒ අනුව වැල්ලවත්ත, කල්‍යාණි පාරේ නිවසක සිටියදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මත්ද්‍රව්‍ය සහ සොරා ගනු ලැබූ රන්භාණ්ඩවලින් පවුම් 30 ක පමණ රන් භාණ්ඩද සමගිනි.

සේප්පුව සොරා ගැනීමෙන් අනතුරුව, කලකට ඉහතදී සැකකරු පදිංචිව සිටි බොරලැස්ගමුව වේරහැරවත්ත ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පදවන මිතුරෙකුගේ නිවසකට රැගෙන ගොස් එය කපා එහි තිබූ රන් ආභරණ පිටතට ගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

පසුව රන් ආභරණ කිහිපයක් බොරලැස්ගමුව ප්‍රදේශයේ රන් ආභරණ වෙ‍ළඳසලකට උකස් කර හොරයින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන මිතුරා සමග ඒවා පානය කළ බවත්, තවත් කොටසක් බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ පුද්ගලයකුට විකුණා ඇති බව පොලීසිය පවසයි.

ඊට අමතරව එම මුදල්වලින් ඇඳුම් පැළඳුම් මිලදීගෙන ඇති සැකකරු තම බැංකු ගිණුමකට රුපියල් 145,000 ක මුදලක් බැර කර ඇති බවද ප්‍රශ්න කිරීමේදී අනාවරණ කර තිබේ.

+

සමාජ මාධ්‍ය වෙත මුදාහරින දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ ගැන අවධානයෙන්

(29.09.2026 – sinhala.adaderana.lk)

සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන් ඇතුළු දරුවන්ගේ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටී.

Facebook ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ මුදල් ඉපයීමේ ක්‍රමවේද ක්‍රියාත්මක වීමත් සමඟ දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට එක් කිරීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

දරුවන්ගේ දක්ෂතා සහ සුරතල් ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය කිරීමේ මුවාවෙන් විවිධ පුද්ගලයන් සහ ආයතන එම ඡායාරූප හා වීඩියෝ වාණිජ අරමුණු සඳහා යොදාගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇති බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

දරුවන්ගේ දෛනික ජීවන රටාව ඇතුළත් වීඩියෝ සහ Vlog සටහන් සමාජ මාධ්‍ය වෙත එක් කිරීම හරහා ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව දැඩි අවදානමකට ලක්විය හැකි බවටද අමාත්‍යාංශය අනතුරු අඟවයි.

එමෙන්ම, අන්තර්ජාලයට එක්කරන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ උපයෝගී කර ගනිමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීමේ අවදානමක්ද පවතින බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

එබැවින් දරුවන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය තහවුරු කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී වඩාත් විමසිලිමත්ව සහ වගකීමෙන් කටයුතු කරන ලෙස දෙමාපියන් ඇතුළු දරුවන්ගේ භාරකරුවන්ගෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ඉල්ලා සිටී ෴

රත්නපුර ප්‍රදේශ කිහිපයකට හෙට (30) පැය 13 ක් ජල කප්පාදුවක්

(29.09.2026 – sinhala.adaderana.lk)

රත්නපුර, කොලොන්න ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හෙට (30) පැය 13 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබේ.

ඒ අනුව, හෙට (30) පෙරවරු 09:00 සිට රාත්‍රී 10:00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

එම කාලය තුළ මඩුවන්වෙල, කරගහයාය, මහයාය, කෑල්ල, අලුබෝද, වැල්කැටිය සහ ජදුර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

වඩා ගුණාත්මක ජල සේවාවක් ලබාදීම සඳහා මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

එබැවින් ජල සැපයුම අත්හිටුවීමට පෙර අවශ්‍ය ජලය රැස්කර ගන්නා ලෙසත්, රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව පළ කර තිබේ ෴

දොස්තරලාටත් අස්වැසුම දෙන්න වෙයි | අපේ පඩියටත් බදු පිට බදු ගහනවා (29.09.2026)

+

යහපාලනය කාලේ ‘ක්‍රිෂ් නඩුව’ ඉල්ලා අස් කරපු හිටපු නි.පොලිස්පති ‘රවී වෛද්‍යාලංකාර’ට නිතීය කෝ ?? (29.09.2026)

+

කියන දෙයක් අහලා දෙන දෙයක් කාලා ආණ්ඩුවට බයේ ඉන්න වෙන්නේ | පොහොට්ටු ප්‍රබලයෝ ඇමරිකන් එම්බසියට එයි (29.09.2026)

+

ඒකාබද්ධ විපක්ෂය හදිසියේම රැස්වෙයි – භාණ්ඩාගාරයේ සල්ලි ටික ටික අඩු වෙනවා (29.09.2026)

+

හදිසියේ ගිනි ගෙන විනාශ වුණු මයික්‍රෝ මෝටර් රථය – ගින්න නිවාගන්න බැරුව මෝටර් රථය අළු වෙයි (29.09.2026)

+

බස් මංතීරුවට වෙන වාහන දැම්මොත් දඩ ගහනවා – කොළඹ වාහන පදින්න ඕන හැටි පොලිසිය කියයි (29.09.2026)

+

පාඨකයන්ගෙන් පිරී ඉතිරී ගිය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය | බලන්න වටින දර්ශණ පෙළක් (29.09.2026)

+

‘කලු නෝනි’ ඝාතනය, ‘කන්ට්‍රැක්’ එකට රු. කෝටි එකහමාරයි….! “අපිට සතපහක්වත් දුන් නෑ සර්..” (29.09.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤