ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්

ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්

නීති විරෝධී ලෙස රැගෙන ආ රු. කෝටි තුනකට (3) අධික ස්වර්ණාභරණ සමඟ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

කොළඹ මෙට්‍රෝ බස් අද (29) සිට – බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් දැඩි වෙයි

කොළඹ වරායේ ඇති සැකකටයුතු බහාලුමක් ගැන විමර්ශන ඇරඹේ

මහනුවර පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පදික වේදිකාව ගිලා බසී

රූකාන්ත අයියේ, අහන්නකෝ අයියේ, පොඩ්ඩක් හිතන්නකෝ අයියේ … (28.09.2026)

ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

ආණ්ඩුව හදිසියේ තිලීපන් ප්‍රතිමාව ඉවත් කළේ ඇයි? කොටි සැමරුම්කරුවන්ට වෙන දේ මෙන්න. (AI අංජලී සමග ගම්මන්පිල) (29.09.2026)

22 ගැන විනිසුරන් කී කතා මෙන්න. අධිකරණයට අපහාස කළ දේශපාලකයින්ට වෙන දේ. (29.09.2026)


ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්

(29.09.2026 – hirunews.lk)

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21 ක් සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ අද (29) නියම කළා.

දීර්ඝ අඩු විභාගයකින් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවයි.

ඒ අනුව විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් නියෝගයේ සඳහන් වුණා.

ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍ර යොදාගෙන අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 21 ක සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් උදය ගම්මන්පිලට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණා ෴

+++

ගම්මන්පිල නිර්දෝෂියි. මහාධිකරණය තීන්දු කරයි. මහජන මුදල් නාස්ති කර නඩු පැවරුවාට දොස්. (29.09.2026)

++


නීති විරෝධී ලෙස රැගෙන ආ රු. කෝටි තුනකට (3) අධික ස්වර්ණාභරණ සමඟ කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

(29.09.2026 – hirunews.lk)

බලපත්‍ර නොමැතිව , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද රුපියල් තුන් කෝටි හැට හය ලක්ෂයකට (3,66,00,000) අධික වටිනාකමින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමඟ ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ, හල්ගහදෙණිය පාර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක්.

ඩුබායි සිට පැමිණ ඇති සැකකාර කාන්තාව සිය ගමන් මල්ලක් තුළ පාර්සල් 12 ක් ලෙස සකස් කර ග්‍රෑම් 916 ක් බරැති වළලු සහ මාළ තොගයක් මෙලෙස රැගෙනවිත් ඇති බවයි ‘හිරු ගුවන් තොටුපළ වාර්තාකරු’ සඳහන් කළේ ෴


කොළඹ මෙට්‍රෝ බස් අද (29) සිට – බස් ප්‍රමුඛතා මංතීරු නීතියත් දැඩි වෙයි

(29.09.2026 – hirunews.lk)

බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද (29) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල ප්‍රකාශ කළා.

එමෙන්ම කොළඹ නගරය පුරා මෙට්‍රෝ බස් සේවාව අද (29) සිට ක්‍රියාත්මක කරන බවයි මෙට්‍රෝ බස් සමාගමේ සභාපති එස්.එම්.පී. තිලකරත්න කියා සිටියේ.

රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල කියා සිටියේ උදෑසන 6 සිට උදෑසන 9 දක්වා එක් දිශාවකටත්, පස්වරු 4 සිට 7 දක්වා අනෙක් දිසාවටත් මාර්ගයේ ඇති මංතීරු තුනෙන් (3) එක් (1) මංතීරුවක් පොදු ප්‍රවාහන බස් රථ සඳහා වෙන් කිරීමට කටයුතු කර ඇති බවයි.

එමෙන්ම කොළඹ නගරයේ රථවාහන තදබදයට විසඳුමක් සහ ජනතාවට සුවපහසු ප්‍රවාහන සේවාවක් තහවුරු කිරීමේ අරමුණින්, ආනයනය කළ මෙට්‍රෝ බස් රථ 114 ක් අද (29) සිට ධාවනයට එක්කෙරෙනවා.

+++

+++


කොළඹ වරායේ ඇති සැකකටයුතු බහාලුමක් ගැන විමර්ශන ඇරඹේ

(29.09.2026 – sinhala.adaderana.lk)

කොළඹ වරාය පරිශ්‍රයේ ඇති සැකකටයුතු බහාලුමක් සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ බහලුම පරීක්ෂා කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ඔවුන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක්ද කර ඇති බව වාර්තා වෙයි.

කොළඹ වරාය පරිශ්‍රයේ ඇති සැකකටයුතු බහාලුමක් පිළිබද ලැබුණු තොරතුරකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ රේගු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශයකයෙකු සඳහන් කළේ, එවැනි බහාලුමක් සම්බන්ධයෙන් අධිකරණය විසින් දැනුම්දීමක් සිදුකර ඇති බවයි.

අපනයනය සඳහා සූදානම් කර ඇති බහාලුමක් පිළිබදව මෙලෙස කරුණු වාර්තාකර ඇති අතර එය පරීක්ෂා කිරීම සඳහා පොලීසියට අවසර ලබාදෙන ලෙස අධිකරණය දැනුම්දී ඇති බව රේගුව සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අවසර ලබාදීමට නියමිත බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය ෴


මහනුවර පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පදික වේදිකාව ගිලා බසී

(29.09.2026 – sinhala.adaderana.lk)

මහනුවර නගරයේ පැරණි බන්ධනාගාරය ඉදිරිපිට පිහිටි පදික වේදිකාවක් අද (29) පෙරවරුවේ ගිලා බැසීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු (4) තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එම අවස්ථාවේ පදික වේදිකාවේ ගමන් කරමින් සිටි පිරිමින් තිදෙනෙකු (3) සහ එක් (1) කාන්තාවකි.

පදික වේදිකාව අසල වූ වෙළෙඳසැලක් ඉදිරිපිට කොටසක් මෙසේ එකවරම ගිලා බැසීමට ලක්ව ඇත.

​වෙළෙඳසැල්වලට පිටුපසින් ගලාබසින ඇළ මාර්ගයේ ජල පහර හේතුවෙන් පදික වේදිකාවට යටින් වූ පස් තට්ටුව ඛාදනය වීම මෙම හදිසි ගිලා බැසීමට හේතුවන්නට ඇතැයි ප්‍රදේශවාසීහු සැක පළකරති.

​සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

+


රූකාන්ත අයියේ, අහන්නකෝ අයියේ, පොඩ්ඩක් හිතන්නකෝ අයියේ … (28.09.2026)

+


ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස්වරයෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

(29.09.2026 – hirunews.lk)

සිය නිල බලය අයුතු ලෙස යොදා ගනිමින් රජයේ ඉඩමක් පෞද්ගලික පාර්ශ්වයක් සතු ඉඩමක් ලෙස පෙන්වා රජයට පාඩුවක් සහ වෙනත් පාර්ශ්වයකට වාසියක් සිදු කිරීමේ චේතනාවෙන් කටයුතු කළ බව කියන සිද්ධියට ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ විමර්ශන කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (විමර්ශන) ලෙස කටයුතු කළ අයෙක්.

සැකකරු විසින් ආයතනයේ ලිපි ශීර්ෂ භාවිත කර, විධිමත් නොවන විමර්ශන අංකයක් යටතේ නිකුත් කරන ලද ව්‍යාජ විමර්ශන වාර්තාවක් මගින් මෙම වංචාව සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව වාර්තා වෙනවා.

බොරැල්ල එලියට් පාර පිහිටි, ප්‍රමාණයෙන් හෙක්ටයාර් 1.0982 ක් වන සහ රුපියල් 1,586,000,000 ක (බිලියන 1.5කට අධික) වෙළඳපල වටිනාකමකින් යුත් රජයේ ඉඩමක් මෙලෙස පෞද්ගලික ඉඩමක් ලෙස හැඳින්වීම මඟින් රජයට පාඩුවක් සිදු කිරීමට මෙම සැකකරු උත්සාහ කර ඇති බවයි අල්ලස් කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (29) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා ෴


ආණ්ඩුව හදිසියේ තිලීපන් ප්‍රතිමාව ඉවත් කළේ ඇයි? කොටි සැමරුම්කරුවන්ට වෙන දේ මෙන්න. (AI අංජලී සමග ගම්මන්පිල) (29.09.2026)

+


22 ගැන විනිසුරන් කී කතා මෙන්න. අධිකරණයට අපහාස කළ දේශපාලකයින්ට වෙන දේ. (29.09.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤