රත්ගම වෙඩිතැබීමක් – එක් (1) අයෙකුට තුවාල

රත්ගම වෙඩිතැබීමක් – එක් (1) අයෙකුට තුවාල

බද්දේගම වෙඩිතැබීමේ සුලමුල හෙළිවෙයි


රත්ගම වෙඩිතැබීමක් – එක් (1) අයෙකුට තුවාල

(28.09.2026 – sinhala.adaderana.lk)

රත්ගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

අද (28) රාත්‍රි 08:15 පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයෙකු (1) ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

ඔහුගේ පාදයකට වෙඩි වැදී ඇති අතර තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

‘අද දෙරණ වාර්තාකරු’ පැවසුවේ 25 හැවිදිරි ‘මලිදු ප්‍රසන්’ නම් තරුණයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවය.

T-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොල්සිය කණ්ඩායම් 3 ක් යොදවා වැඩිදුර පරීක්ෂණ සිදු කරයි ෴


බද්දේගම වෙඩිතැබීමේ සුලමුල හෙළිවෙයි

(28.09.2026 – sinhala.adaderana.lk)

බද්දේගම, හල්පාතොටදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු (3) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වෙඩිතැබීමේ සිද්ධියට අදාළ ප්‍රවාහන පහසුකම් සැලසීම සම්බන්ධයෙනි.

ප්‍රශ්නකිරීම් වලදී සැකකරුවන් අනාවරණ කර ඇත්තේ ඩුබායිහි සැඟව සිටින මෙරට අපරාධකරුවන් දෙදෙනෙකු (2) වෙඩිතැබීම මෙහෙයවූ බවය.

බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘ලොකු පැටී’ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව කියන කාන්තාවක සිය මව සමග ගමන් කරමින් තිබූ කුලී ත්‍රිරෝද රථයකට බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේදී වෙඩිතැබීමේ සිදුවීම වාර්තා වුණේ ඊයේ (27) පෙරවරුවේදීය.

ත්‍රිරෝද රථය පසුපස මෝටර් රථයකින් හඹාආ පිරිසක් විසින් T-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.

එහිදී වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් කුලී රථ රියදුරා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්විය.

එමෙන්ම අදාළ කාන්තාව ද රෝහල්ගත කිරීමේ දී මියගිය අතර ඇගේ මවද වෙඩිවැදීමෙන් තුවාල ලැබීය.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු (3) ගෝනාපීනුවල ප්‍රදේශයේදී ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 16 කට අධික ප්‍රමාණයක්ද සමගය.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු (2) සහ හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි (1).

සිදුකෙරෙන ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් එම සිද්ධියට අදාළ තොරතුරු රැසක් අනාවරණ කර තිබේ.

ඊට අනුව, මෙම වෙඩිතැබීම මෙහෙයවා ඇත්තේ ඩුබායිහි සිටින මෙරට අපරාධකරුවන් දෙදෙනෙකු (2) විසින් වන අතර, ඉන් එක් (1) අයෙකු ‘කරන්දෙණිය සුද්දා’ගේ සමීපතමයෙකි.

ඔවුන්ගේ දැනුම්දීමට අනුව ඝාතනයට ප්‍රවාහන පහසුකම් සලසා ඇත්තේ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා (3) විසිනි.

ඔවුන් ලබාදුන් මෝටර් රථයකින් රියදුරා සහ වෙඩික්කරු අපරාධය සඳහා පිටත්ව ගොස්ඇති නමුත් වෙඩි තැබීමට සැලසුම් කළ ස්ථානයට මීටර් 200 ක් පමණ දුරින් එම මෝටර් රථයේ කාර්මික දෝෂයක් හටගෙන තිබේ.

රියැදුරා විසින් දුරකථන ඇමතුමක් මගින් ඒ බව තමනට දැනුම්දීමෙන් පසුව ඔවුන් දෙදෙනා (2) වෙනත් ස්ථානයකට කැටුව ගිය බවත් අපරාධය සඳහා වෙනත් මෝටර් රථයක් ලබාදුන් බව ද සැකකරුවන් පවසා ඇත.

මේ අතර මෙම සැකකරුවන් අතරින් දෙදෙනෙකු (2) ඝාතනයට පෙරදින මිද්දෙණිය පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් සැකකටයුතු හැසීරීම මත පරීක්ෂාවට ලක්කර මුදාහැර ඇතැයි වාර්තා වේ.

මිද්දෙණිය නගරයේදී රාත්‍රී කාලයේ සැකකටයුතු ලෙස හැසිරුණු ඔවුන් පරීක්ෂාවට ලක්කිරීමේදී නිසි පරිදි අනන්‍යතාවය තහවුරු කළ බැවින් මුදාහැර ඇති බව වාර්තා වේ.

මේ අතර කාර්මික දෝශයට ලක්වූ මෝටර් රථය සහ සිද්ධියට අදාළව භාවිත කළ ත්‍රිරෝද රථයක් ද වෙඩිතැබීමේ සිද්ධියට අදාළ විමර්ශන වලදී පොලිස් භාරයට ගෙන තිබේ.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ මෙහෙයවීමෙන් ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සහ තවත් විමර්ශන කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන ක්‍රියාත්මකය.

+++

බද්දෙගමදී වෙඩි කෑ ‘කළු නෝනා’ගේ මවත් මියයයි

(28.09.2026 – sinhala.adaderana.lk)

බද්දේගම, හල්පාතොටදී සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටි අනෙක් කාන්තාව ද මියගොස් තිබේ.

ඇය වෙඩි තැබීමෙන් ඊයේ (27) මියගිය ‘කළු නෝනා’ යන අන්වර්ථ නාමයෙන් ප්‍රචලිතව සිටි කාන්තාවගේ මවයි.

බද්දේගම, හල්පාතොට ප්‍රදේශයේදී ගමන් ගනිමින් තිබූ ත්‍රිරෝද රථයක් ඉලක්ක කරමින් වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වුණේ ඊයේ (27) පෙරවරුවේදීය.

ත්‍රිරෝද රථය පසුපස මෝටර් රථයේ හඹාආ පිරිසක් විසින් T-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.

සිද්ධියෙන් වෙඩි වැදුණු ත්‍රීරෝද රථ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා (2) බද්දේගම රෝහලට ඇතුළත්කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබුණි.

එහිදී එක් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මියගිය එම කාන්තාව අම්බලන්ගොඩ රතුකුරුස නිවාස, ගොඩහේන ප්‍රදේශයේ පදිංචි ‘සුසිතා ඉරෝෂණී’ නමැති 47 හැවිරිදි කාන්තාවකි.

‘කළු නෝනා’ යන අන්වර්ථ නාමයෙන් ප්‍රචලිතව සිටි ඇය දැනට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘ලොකු පැටී’ගේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාලයේ ප්‍රධාන පෙළේ කාන්තාවක බව අනාවරණවී ඇත.

ඇයට හෙරොයින් ග්‍රෑම් 21 යි මිලිග්‍රෑම් 710 ක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින අතර ඊට අදාළව ඉරිදා දිනවල බද්දේගම දිසා අපරාධ කොට්ඨාසයේ පෙනීසිට එහි අත්සන් තැබීමට නියමකර තිබී ඇත.

ඒ අනුව ඊයේ (27) කුලී ත්‍රිරෝද රථයකින් ගොස් පොලීසියේ පෙනීසිට නැවත පැමිණෙමින් සිටියදී මෙම වෙඩිතැබීම සිදුව තිබුණි ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤