අරගලයෙන් මහින්දට අධි චෝදනා නැහැ : නීතිපති තීරණය කරයි
බෞද්ධ ආගමික ස්ථාන හින්දුකරණය කරනවා – කොටි ඩයස්පෝරාවට ඕන දේ තමයි මේ වෙන්නේ (27.09.2026)
අරගලයෙන් මහින්දට අධි චෝදනා නැහැ : නීතිපති තීරණය කරයි
(27.09.2026 – hirunews.lk)
මැයි 09 වැනිදා ගාලුමුවදොර අරගලයේදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පුද්ගලයින් 31 දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා.
මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස ද නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
2022 වසරේ මැයි 09 වැනිදා එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහාය පළ කළ පිරිසක් හා ගාලුමුවදොර අරගලයේ සිටි පිරිස අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගත්තා.
වාහන ගිනි තැබීම්, දේපළ හානි මෙන්ම දේශපාලනඥයින්ගේ නිවාස ගිනි තැබීම ඇතුළු ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් ඉන් පසුව සිදුවූ අතර, ඊට අදාළව පුද්ගලයින් 34 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර තිබෙනවා.
මෙහි පරීක්ෂණ සඳහා ඇසින් දුටු සාක්ෂි, පරිවේෂණීය සාක්ෂි සහ ප්‍රහාරය සිදුවූ ස්ථානයේ වීඩියෝ දර්ශන පිළිබඳ විශේෂඥ විශ්ලේෂණ යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම සැකකරුවන් 34 දෙනාගෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් සහ හිටපු වෘත්තීය සමිති නායිකාවක වූ වසන්තා හඳපාන්ගොඩ යන අය මියගොස් ඇති අතර, ඒ හේතුවෙන් අනෙකුත් සැකකරුවන් 31 දෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නියමිතයි.
එම සැකකරුවන් අතර,
- හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
- මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු
- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක
- දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක අමල් පුෂ්පකුමාර ද සිල්වා
- කොළඹ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක අජන්ත ලියනගේ
- හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම
- ‘අරාබි වසන්ත’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන අසංක නාලක විජේසිංහ
යන අය ඇතුළත්.
ඔවුන්ට එරෙහිව චෝදනා 327ක් ගොනු කිරීමට නියමිත අතර, ඒ අතර නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, මිනීමැරීමට තැත් කිරීම සහ බරපතළ ශාරීරික තුවාල සිදු කිරීම යන චෝදනා එල්ල වී තිබෙනවා.
කෙසේවෙතත් එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂට එරෙහිව අධිචෝදනා ගොනු නොකිරීමටයි නීතිපතිවරයා විසින් පියවර ගෙන ඇත්තේ.
ඒ, විමර්ශන නිලධාරීන් විසින් ඉදිරිපත් කර ඇති සාක්ෂි ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන්.
මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස ද නීතිපතිවරයා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගෙන් ඉල්ලා තිබෙනවා.
+++
ගෝඨාගෝගම ප්‍රහාරයේ නඩුව ඇරඹෙයි | මහින්දට අධිචෝදනා නැහැ? අරගලයේ ඇත්ත හොයන්න කොමිසමක් නැත්තේ ඇයි? (27.09.2026)
+
බෞද්ධ ආගමික ස්ථාන හින්දුකරණය කරනවා – කොටි ඩයස්පෝරාවට ඕන දේ තමයි මේ වෙන්නේ (27.09.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴