බද්දේගම වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 2 දක්වා ඉහළට
අරලිය ගහ මැදුරේ උත්සවයට නාවොත් මහපොල නෑ කියා සිසුන්ට ලිපි යවලා
‘ඇස යොමන තැනක’ සිංදුව කියනවනම් රු. කෝටියක් ඕන – අජිත් මුතුකුමාරණට ලියුමක් එයි (27.09.2026)
උතුරෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 1.5 යි
සිවිල් ආරක්ෂක නිලධාරියකුගේ හොරණ පොකුණුවිට පිහිටි නිවෙස ගින්නකින් විනාශයි
බද්දේගම වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 2 දක්වා ඉහළට
(27.09.2026 – hirunews.lk)
බද්දේගම, හල්පතොට ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකට එල්ල වූ වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව 2 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථයේ රියදුරු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇති අතර, තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා (2) බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී එක් (1) කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
+++
බද්දේගම, හල්පතොට වෙඩිතැබීම ගැන තවත් තොරතුරු අනාවරණය වෙයි
(27.09.2026 – sinhala.adaderana.lk)
මෝටර් රථයකින් පැමිණි පිරිසක් ත්‍රීරෝද රථයකින් ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු (2) හා පිරිමි පුද්ගලයෙකු (1) ඉලක්ක කර බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ දී අද (27) උදෑසන සිදුකළ වෙඩිතැබීම ගැන තවත් තොරතුරු අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මෙම වෙඩි ප්‍රහාරයෙන් ත්‍රිරෝද රථය පැදවූ පිරිමියා (1) එම ස්ථානයේදීම මියගිය අතර, කාන්තාවන් දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙකු බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය.
එම කාන්තාව අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිය බව සඳහන්.
තුවාල ලැබූ අනෙක් කාන්තාව (1) වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මියගිය කාන්තාව බද්දේගම පිහිටි ගාල්ල අපරාධ කොට්ඨාසයට අත්සන් කිරිමට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.
ඔවුන් ගමන් ගත් ත්‍රීරෝද රථයේ මග හරස් කරමින් ටී-56 වර්ගයේ ගිනි අවිකින් මෙම වෙඩිතැබීම සුදුකර ඇති බව මූලික විමර්ශවලදී අනාවරණය වී තිබේ.
+
අරලිය ගහ මැදුරේ උත්සවයට නාවොත් මහපොල නෑ කියා සිසුන්ට ලිපි යවලා
(27.09.2026 – lankacnews.com)
අගමැතිනි හරිනි අමරසූරියගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැත්වෙන උත්සවයකට සහභාගී නොදුනහොත් සිසුන්ට හිමි මහපොළ ශිෂ්‍යත්වය ලබා නොදෙන බවට රජය විසින් බලහත්කාරී කොන්දේසියක් පනවා ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් චෝදනා කරයි.
2024 / 2025 අධ්‍යයන වර්ෂය සඳහා මහපොළ ශිෂ්‍යත්වයට සුදුසුකම් ලැබූ සිසුන්ට ලිපි යවමින් සහ අදාළ නිල වෙබ් අඩවිය ඔස්සේ නිවේදන නිකුත් කරමින් මෙම බලපෑම සිදු කර ඇති බව හෙතෙම පෙන්වා දෙයි.
අදාළ නිවේදන උපුටා දක්වමින් ඔහු සඳහන් කළේ, කොළඹ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය සඳහා සිසුන් අනිවාර්යයෙන්ම සහභාගී විය යුතු බවට දැනුම් දී ඇති බවයි.
විශේෂයෙන්ම සිසුන්ගේ නිවෙස් වෙත යවා ඇති ලිපිවල, අදාළ උත්සවයට පැමිණ ලියාපදිංචි වී සහතිකය ලබා ගැනීමට අපොහොසත් වන සිසුන්ට මහපොළ ශිෂ්‍යත්ව ප්‍රතිලාභය ලබා දීමට නොහැකි වන බවට පැහැදිලිවම තර්ජනාත්මක ස්වරූපයෙන් සඳහන් කර ඇති බව ද ඔහු පැවසීය.
මෙය ශිෂ්‍ය ප්‍රජාව දේශපාලන ප්‍රචාරණ යාන්ත්‍රණයකට බලහත්කාරයෙන් යොදා ගැනීමේ පහත් උත්සාහයක් බවට චෝදනා කරන අන්තරේ කැඳවුම්කරු, ජාතික ජන බලවේගයේ දේශපාලන රැස්වීමක් බවට අදාළ උත්සවය පත් කර ගනිමින් සිසුන්ගේ මූලික අයිතිවාසිකමක් වන මහපොළ ශිෂ්‍යත්වය අහිමි කරන බවට මෙලෙස බියවැද්දීම තරයේ හෙළා දකින බව ද වැඩිදුරටත් සඳහන් කළේය ෴
‘ඇස යොමන තැනක’ සිංදුව කියනවනම් රු. කෝටියක් ඕන – අජිත් මුතුකුමාරණට ලියුමක් එයි (27.09.2026)
+
උතුරෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 1.5 යි
(27.09.2026 – sinhala.adaderana.lk)
නාවික හමුදාව විසින් අද (27) අලුයම උතුරේ මාදගල් කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අල්ලා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.5 ක් වන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමේදී සොයාගන්නා ලද මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව මෙම මෙහෙයුමේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ මුළු ප්‍රමාණය කිලෝ 81 කට ආසන්න බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ තුළ හෙරොයින් කිලෝ 35 කට ආසන්න ප්‍රමාණයක් සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 45 කට ආසන්න ප්‍රමාණයක් බවතින බවද සඳහන් කළේය.
එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ මෑත ඉතිහාසය තුළ උතුරෙන් අල්ලා ගන්නා ලද විශාලම මත්ද්‍රව්‍ය තොගයද මෙය වන බවය.
තවද 2025 වසරේදී නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුම්වලදී සොයාගනු ලැබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන්ගේ වටිනාකම රුපියල් බිලියන 75 ක් පමණ වන බවද පැවසූ අමාත්‍යවරයා මෙම වසරේ මේ දක්වා කාලය තුළ සිදුකරන ලද මෙහෙයුම්වලින් සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයන් හී වටිනාකම රුපියල් බිලියන 56 ක් බවද පැවසීය.
ලැබුණු බුද්ධි තොරතුරෙන් සිදුකළ වැටලීම ගැන නාවික හමුදාපති සිදුකළ හෙළිදරව්ව
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා පැවසුවේ උතුරු විධානයට ලද බුද්ධි තොරතුරක් අනුව නාවික නෞකා අග්බෝ ආයතනය සහ දියත් අංශය යන කණ්ඩායම් කිහිපය එක්ව මෙම වැටලීම සිදුකළ බවය.
ඒ අනුව අල්ලාගත් මෙම මත්ද්‍රව්‍ය තොගය යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ විශේෂඥ සහාය ඇතිව වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කළ බවද නාවික හමුදාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
නාවික හමුදාව මේ වන විට කණ්ඩායම් වශයෙන් මෙහෙයුම් කටයුතු සිදුකරන බවත් ඒ අනුව ඉදිරියේදී සිදුකරන මෙහෙයුම් තවත් දැඩිවනු ඇතැයිද නාවික හමුදාපතිවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම නාවික හමුදාව විසින් සිදුකරන මෙහෙයුම් සංකීර්ණ පරිසරයක සිදුවන බවත් නාවික හමුදාව ඉදිරියේදී මෙහෙයුම් කටයුතු සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
මේ සඳහා අවශ්‍ය කරන මෙවලම් මේ වන විටත් නාවික හමුදාවට ලැබෙමින් පවතින බවද පැවසූ නාවික හමුදාපතිවරයා ඒ අනුව ඉදිරියේදී පුළුල් ලෙස මෙහෙයුම් කටයුතු සිදුකරන බවද මෙහිදී අදහස් දක්වමින් පැවසීය ෴
සිවිල් ආරක්ෂක නිලධාරියකුගේ හොරණ පොකුණුවිට පිහිටි නිවෙස ගින්නකින් විනාශයි
(27.09.2026 – hirunews.lk)
හොරණ, පොකුණුවිට ප්‍රදේශයේ නිවෙසක ඊයේ (26) රාත්‍රී හටගත් හදිසි ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා.
මෙසේ ගිනිගෙන විනාශ වී ඇත්තේ කළුතර, සේරුපිට සිවිල් ආරක්ෂක කඳවුරට අනුයුක්තව සංස්කෘතික කණ්ඩායමේ සේවය කරන 37 හැවිරිදි අවිවාහක සිවිල් ආරක්ෂක නිලධාරියෙකුට අයත්, හොරණ, පොකුණුවිට, සිරිමෙවන්ගම, ලිපිනයේ පිහිටි නිවෙස බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය වන අවස්ථාවේදී අදාළ නිලධාරියා නිවෙසේ සාලයේ බුදු පහන දල්වා මව සමඟ විහාරස්ථානයට ගොස් ඇති අතර, පසුව රාත්‍රි 07:45 ට පමණ අසල්වැසියෙකු දුරකථන ඇමතුමක් මඟින් නිවෙස ගිනි ගන්නා බව ඔහුට දැනුම් දී තිබූ බවයි වාර්තා වන්නේ.
කන්දක් උඩ පිහිටා තිබීම නිසා මෙම නිවෙස වෙත හොරණ ගිනි නිවන රථයට ළඟා වීමට නොහැකි වී ඇති අතර, ප්‍රදේශවාසීන් සමඟ එක් වූ ගිනි නිවන නිලධාරීන් වෙනත් ක්‍රම මඟින් ජලය ලබාගෙන ගින්න මැඩ පැවැත්වීමට විශාල වෙහෙසක් දරා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත්, එම නිවෙසේ මුළුතැන්ගෙය සහ නාන කාමරය හැර අනෙක් සියල්ල සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇති බව සඳහන්.
මෙම නිලධාරියා බැංකු ණයක් ලබාගෙන අදාල නිවෙස ඉදිකර එහි පදිංචි වී තවම ගත වී ඇත්තේ මාස දෙකක (2) පමණ සුළු කාලයක් බවද විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන හොරණ මූලස්ථාන පොලිසිය විසින් සිදු කරනු ලබනවා ෴
(නිවැසියන් සියලුදෙනා නිවසින් පිටව යන්නේ නම් ඊට පෙර නිවසේ දැල්වෙමින් තිබෙන පොල්තෙල් පහන්, හඳුන්කූරු සහ මදුරු කොයිල් නිවා දමන්න. ගෑස් සිලින්ඩරයේ රෙගියුලේටරය වසා දමන්න – අමරසර)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴