කුලියට දෙන නිවාස හා ගොඩනැගිලි ගැන සැලකිලිමත් වන්න : පොලිසියෙන් නිවාස හිමියන්ට විශේෂ දැනුම්දීමක්
රන්දිකගේ ජාලයේ ප්‍රධාන ගෝලයෙකු වන ‘D.J. චතු’ගේ සුපිරි කුලී නිවස වටලයි
“මේ පාපයෙන් ගැලවෙන්න බෑ, ඛේදජනක ඉරණමකට රට ගෙනිච්ච, හදන්න බැරි වරදක් මේක” (26.09.2026)
කාගම හිමියනි, දානෙ නොදෙන ජෙප්පන්ට කඩේ යන්න එපා ! (26.09.2026)
ඊළඟපාර පරදින බව නලින්දලා දැනුත් පිළිගන්නවා… පොල්දුවට ආපු සෙනඟ ගැන ඔයාට බයයි ද ? (26.09.2026)
අයිස් කන්ටේනර් සිද්ධිය දුරදිග යයි! DIG ලාට, අධ්‍යක්ෂකට, ASPලාට මාරුවීම් දෙන්න යයි! (26.09.2026)
මාලිමා ආණ්ඩුව පෙරලන්න පුලුවන් කාටද? (26.09.2026)
22 ට මුවාවී ගහපු ඩීල් එක | සජිත් විරෝධය පාවා දුන්නේ ඇයි? (25.09.2026)
ක්‍රිෂ් හුටපටයේ සුලමුල | නාමල් රාජපක්ෂගේ සම්බන්ධය සහ නොකියූ කතාව (27.09.2026)
කුලියට දෙන නිවාස හා ගොඩනැගිලි ගැන සැලකිලිමත් වන්න : පොලිසියෙන් නිවාස හිමියන්ට විශේෂ දැනුම්දීමක්
(26.09.2026 – hirunews.lk)
නිවාස, ව්‍යාපාරික ස්ථාන හෝ වෙනත් දේපළ කුලියට දීමට පෙර ඒ පිළිබඳව සහ අදාළ පුද්ගලයින්ගේ පසුබිම ගැන නිසි ලෙස සොයා බලන ලෙස පොලිසිය නිවාස හා දේපළ හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත පැවසුවේ, අපරාධ කටයුතුවලට සම්බන්ධ මත්ද්‍රව්‍ය, ආයුධ සහ වෙනත් භාණ්ඩ නිතර කුලියට ගත් දේපළවල තිබී සොයා ගැනෙන බවයි.
ඇතැම් දේපළ හිමියන් කුලීකරුවන්ගේ පසුබිම පරීක්ෂා කිරීමකින් තොරව තම දේපළ කුලියට දෙන බවද ඔහු පෙන්වා දුන්නා.
යම් දේපළක් තුළ යම් අපරාධමය කටයුත්තක් සිදුවුවහොත්, පවතින නීතිමය තත්ත්වයන් සහ අවස්ථාවන් අනුව එම දේපළ හිමියන්ට ද ඊට එරෙහිව නීතිමය පියවරවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට පොලිසිය වැඩිදුරටත් අනතුරු අඟවනවා.
එමෙන්ම, තම ප්‍රදේශයේ සැකකටයුතු පුද්ගලයන් හෝ ක්‍රියාකාරකම් පිළිබඳව, විශේෂයෙන් නගරයේ හෝ ගමෙහි නිතර නොදකින අලුත් පුද්ගලයන් ගැවසෙන්නේ නම් ඒ පිළිබඳව වහාම පොලිසිය දැනුවත් කරන ලෙස ද ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
+++
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්තගේ හෙළිදරව්ව (26.09.2026)
+
රන්දිකගේ ජාලයේ ප්‍රධාන ගෝලයෙකු වන ‘D.J. චතු’ගේ සුපිරි කුලී නිවස වටලයි
(26.09.2026 – hirunews.lk)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට සැකකෙරෙන ‘D.J. චතු’ නමැත්තා කුලී පදනම මත පදිංචිව සිටි පානදුර, නල්ලූරුව, මැදවේල්ල පාරේ පිහිටි සුඛෝපභෝගී තෙමහල් නිවසක් ඊයේ (25) පස්වරුවේ වැටලූ බව පොලීසිය පවසනවා.
එහිදී මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා මුද්‍රණය කළ කඩදාසි, ඒවා මුද්‍රණය කිරීමට යොදාගැනීමට තිබූ විශේෂිත කඩදාසි තොගයක්, මුද්‍රණ යන්ත්‍ර සහ කඩදාසි කපන යන්ත්‍රයක් ඇතුළු භාණ්ඩ රැසක් සොයාගෙන තිබෙනවා.
එමෙන්ම හෙරොයින් මත්ද්‍රව්‍ය තොග වශයෙන් සැපයීමේදී සාම්පල පෙන්වීම සඳහා සකස් කළ බවට සැකකෙරෙන අංක 1, 2, 3, 4 සහ 5 ලෙස සකස් කළ කුඩා හෙරොයින් අඩංගු පැකට් පහක් (5) ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
නිවසේ සවිකර තිබූ කැමරා පද්ධතිවල මතක කාඩ්පත් සහ ජංගම දුරකථන තුනක් (3) ද සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ.
පානදුර, නල්ලූරුව, මැදවේල්ල පාරේ පිහිටි මෙම සුඛෝපභෝගී නිවස පුද්ගලයෙකු කුලී පදනම මත ලබාගෙන තිබුණද නිරතුරුවම වසා තිබීම සම්බන්ධයෙන් සැක මතුව තිබෙනවා.

පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් විශ්වනාත් මහතාට ලද රහසිගත තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ, ‘D.J. චතු’ නමැත්තා විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘පානදුර කුඩු සලිඳු’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම විදේශගතව මෙහෙයවන ‘රන්දික’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ගෝලයෙකු බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
එමෙන්ම ‘D.J. චතු’ නමැත්තා සිය අනියම් බිරිඳ සමඟ මෙම නිවස මාසිකව රුපියල් 70,000 ක කුලියකට ලබාගෙන පදිංචිව සිට ඇති බවද පොලීසිය සඳහන් කරනවා.
පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සෝදිසි වරෙන්තුවක් ලබාගැනීමෙන් අනතුරුව මෙම වැටලීම සිදුකර ඇති අතර, නිවසේ එක් කාමරයක විශාල ප්‍රමාණයේ තිර සවිකර විදේශ රටවල සිටින පුද්ගලයින් සමඟ සෘජුව සම්බන්ධ විය හැකි ආකාරයේ සන්නිවේදන තාක්ෂණික උපකරණ සවිකර තිබූ බවද පොලීසිය පවසනවා.
පොලිස් භාරයට ගත් රන් පැහැති ආභරණ පරීක්ෂා කිරීමේදී ඒවා රන් භාණ්ඩ නොවන බව අනාවරණය වීමෙන් අනතුරුව ‘D.J. චතු’ නමැත්තාගේ මව වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර පලාගොස් සිටින සැකකරු සහ ඔහුගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා ෴
“මේ පාපයෙන් ගැලවෙන්න බෑ, ඛේදජනක ඉරණමකට රට ගෙනිච්ච, හදන්න බැරි වරදක් මේක” (26.09.2026)
+++
22 ඉවර නැහැ, පටන් ගන්නේ ලබන සතියේ ඉඳන් | ආ අස්සේ මේ දේවල් කාටත් අමතක වෙලා | ඩිලාන් පෙරේරා (26.09.2026)
+++
මොන ප්‍රශ්න තිබ්බත් ආණ්ඩුව සාමුහිකත්වය පෙන්නුවා | නමුත් විපක්ෂය කළේ ඇතුලේ බෙදීම් පෙන්නපු එක | ඩිලාන් පෙරේරා (26.09.2026)
+
කාගම හිමියනි, දානෙ නොදෙන ජෙප්පන්ට කඩේ යන්න එපා ! (26.09.2026)
+
තමන්ට ආදරේ කළ මිනිස්සුන්ව පාවාදුන්නේ පුද්ගල වාසියට – ජේවීපීකාරයින්ට කොහොමත් හරිනිව දිරවන්නෙ නෑ (26.09.2026)
+
ඊළඟපාර පරදින බව නලින්දලා දැනුත් පිළිගන්නවා… පොල්දුවට ආපු සෙනඟ ගැන ඔයාට බයයි ද ? (26.09.2026)
+
මාස ගාණකට කලින් අපි කිවූ දේවල් දැන් හැමෝම කියනවා… මරික්කාර් ලා සජිත් ඇදගෙන යන්නේ කොයිබටද? (26.09.2026)
+
අයිස් කන්ටේනර් සිද්ධිය දුරදිග යයි! DIG ලාට, අධ්‍යක්ෂකට, ASPලාට මාරුවීම් දෙන්න යයි! (26.09.2026)
+
මාලිමා ආණ්ඩුව පෙරලන්න පුලුවන් කාටද? (26.09.2026)
+
සජිත් එපා (26.09.2026)
+
22 ට මුවාවී ගහපු ඩීල් එක | සජිත් විරෝධය පාවා දුන්නේ ඇයි? (25.09.2026)
+
ක්‍රිෂ් හුටපටයේ සුලමුල | නාමල් රාජපක්ෂගේ සම්බන්ධය සහ නොකියූ කතාව (27.09.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴