රු. ලක්ෂ ගණනින් මුදල් වංචා කළ හැටන් – දික්ඔය නගර සභා මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ වරද පිළිගනී
සිංගප්පූරු ගිය ශිරන්තිගෙන් FCID යට ලිපියක්
සිංදු හුට පටය ! මාර වැඩේ නේ මේක ? (24.09.2026)
අරක්කු බීවද පොහොට්ටුවෝ ? සුරාමේරය මන්ද පමා ! (24.09.2026)
22 න් ජවිපෙ අනුර දිනුම්; හරිනිගෙ මාලිමාව පරාදයි ! (25.09.2026)
අපි නොදන්න ලයිව්, අවු 25 කට පස්සේ ගම්පහදී… චූටි මල්ලි පොඩි මල්ලි දෙරණේ බිසී (24.09.2026)
හිනාවෙවී හිරගෙට ගිය පාස්කු දා ඝාතකයෝ… සහරාන්ගේ සලකුණත් පෙන්නගෙනයි ගියේ (24.09.2026)
රොෂාන් වටවලට වසන්ත සමරසිංහගේ තර්ජනය… හෙට ඉඳන් පැලවත්තේ සුපිරි වැඩ බලන්න පුළුවන් (24.09.2026)
මේ කරන වැඩෙන් ලංකාවෙ සෝලා ඉවරෙටම ඉවර වෙනවා. ගේම පිටිපස්සේ ඉන්නේ පරණ ආණ්ඩුවල පිල්ලි (24.09.2026)
“සජබ ඩීල් කාරයෝ” ඔර්ජිනල් UNP කාරයෙකුගේ සටහන (24.09.2026)
පාර්ලිමේන්තු ගේට්ටුව ඇරල කැන්ටිමෙනුත් කාල ගිය සජබ (25.09.2026)
චපල ස්ත්‍රිය සහ 22 න් පසු (25.09.2026)
පොහොට්ටුවට එක්වූ හසන් අලල්දීන් රහස් එළියට දමයි! (24.09.2026)
22 ට එරෙහිව කරන උද්ඝෝෂණ නීති විරෝධීද? (24.09.2026)
බෞද්ධ අන්තවාදයේ නිරුවත ලෝකයටම හෙළි කරමින් ගෝඨාභය හිරේ යවන්නේ මෙහෙමයි (25.09.2026)
රු. ලක්ෂ ගණනින් මුදල් වංචා කළ හැටන් – දික්ඔය නගර සභා මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ වරද පිළිගනී
(25.09.2026 – hirunews.lk)
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් කැබලි ලබා දෙන බවට පොරොන්දු වී පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීමේ ජාවාරමකට සම්බන්ධ හැටන් – දික්ඔය නගර සභාවේ ලංකා කම්කරු කොංග්‍රස් මන්ත්‍රී සුන්දරරාජ් ප්‍රභාකරන් නැමැත්තා හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (24) අත්අඩංගුවට ගත් සැකකරු අද (25) හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, අධිකරණය හමුවේ තමන් කළ වරද පිළිගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අදාළ වංචාව සම්බන්ධයෙන් ලබාගත් රූපියල් 635,000 ක මුදල එදිනම අධිකරණය හමුවේ ගෙවීමට සැකකරු එකඟ වීම නිසා, ඔහුව රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
සැකකාර මන්ත්‍රීවරයා 2022 වසරේ සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ක්ෂේත්‍ර නිලධාරියෙකු හා එක්ව හැටන් රුවන්පුර ප්‍රදේශයේ පිහිටි ඉඩම් ලබා දෙන බව පවසා ඇති අතර, ඒ වෙනුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 6 සිට ලක්ෂ 15 දක්වා වන මුදල් සිය ගිණුමට ලබාගෙන ඇති බවත්, එම මුදල් ලබාගෙන දීර්ඝ කාලයක් තිස්සේ ඉඩම් ලබා නොදීම හේතුවෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකරගේ අධීක්ෂණය යටතේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ඇතුළු කණ්ඩායම විසින් සැකකරුගේ බැංකු ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා ෴
සිංගප්පූරු ගිය ශිරන්තිගෙන් FCID යට ලිපියක්
(25.09.2026 – sinhala.adaderana.lk)
‘සිරිලිය සවිය’ අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූයේ යැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඊයේ (24) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබූ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඒ සඳහා වෙනත් දිනයක් ඉල්ලා තිබේ.
ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු ලිපියක් මගින් එම කොට්ඨාසයට දැනුම් දී ඇත්තේ රෝගී තත්ත්වයකට ප්‍රතිකාරගැනීම සඳහා විදේශගතව සිටින බැවින් මෙම අවස්ථාවේ එම කොට්ඨාසය හමුවේ පෙනී සිටිය නොහැකි බවය.
එමෙන්ම යළි දිවයිනට පැමිණි විගස එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින බව ද එම ලිපියෙන් දැනුම් දී ඇත ෴
සිංදු හුට පටය ! මාර වැඩේ නේ මේක ? (24.09.2026)
+
අරක්කු බීවද පොහොට්ටුවෝ ? සුරාමේරය මන්ද පමා ! (24.09.2026)
+
22 න් ජවිපෙ අනුර දිනුම්; හරිනිගෙ මාලිමාව පරාදයි ! (25.09.2026)
+
අපි නොදන්න ලයිව්, අවු 25 කට පස්සේ ගම්පහදී… චූටි මල්ලි පොඩි මල්ලි දෙරණේ බිසී (24.09.2026)
+
හිනාවෙවී හිරගෙට ගිය පාස්කු දා ඝාතකයෝ… සහරාන්ගේ සලකුණත් පෙන්නගෙනයි ගියේ (24.09.2026)
+
රොෂාන් වටවලට වසන්ත සමරසිංහගේ තර්ජනය… හෙට ඉඳන් පැලවත්තේ සුපිරි වැඩ බලන්න පුළුවන් (24.09.2026)
+
මේ කරන වැඩෙන් ලංකාවෙ සෝලා ඉවරෙටම ඉවර වෙනවා. ගේම පිටිපස්සේ ඉන්නේ පරණ ආණ්ඩුවල පිල්ලි (24.09.2026)
+
ජානකී අල්ලද්දී නිමල් ආරක්ෂාව පතා ඔසීවල සැඟවේ! හරක් කටාගේ පියා පුතා වෙනුවෙන් ගේමක් ඉල්ලයි! (24.09.2026)
+
“සජබ ඩීල් කාරයෝ” ඔර්ජිනල් UNP කාරයෙකුගේ සටහන (24.09.2026)
+
පාර්ලිමේන්තු ගේට්ටුව ඇරල කැන්ටිමෙනුත් කාල ගිය සජබ (25.09.2026)
+
චපල ස්ත්‍රිය සහ 22 න් පසු (25.09.2026)
+
පොහොට්ටුවට එක්වූ හසන් අලල්දීන් රහස් එළියට දමයි! (24.09.2026)
+
22 ට එරෙහිව කරන උද්ඝෝෂණ නීති විරෝධීද? (24.09.2026)
+
බෞද්ධ අන්තවාදයේ නිරුවත ලෝකයටම හෙළි කරමින් ගෝඨාභය හිරේ යවන්නේ මෙහෙමයි (25.09.2026)
+
දිවුලපතාන ගොවිබිම් අර්බුදය : සිංහල ජනතාව පලවා හැරීමේ සැලසුමක්ද? අනුරාධා යහම්පත් හෙළි කරයි (25.09.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴