මහ වැසි නොතැකූ සජබ විරෝධය පාර්ලිමේන්තු පිවිසුම හිරකරයි
සජිත්ගේ විරෝධය අරඹන්න පෙරම අල වෙයි.. විපක්‍ෂයෙන්ම විරෝධය.. ආණ්ඩුවත් එක්ක ඩීල්ලු..
22 ට එරෙහි විපක්ෂයේ එකමුතුව කැඩුණාද? සජබ තනියම පොල්දූවට! (24.09.2026)
ලැට් ශුදාට සුභ පැතුම් ! ආණ්ඩුවට සුපිරි නම්බුවක් ! (23.09.2026)
22 සම්මත වෙන්න දෙන්නෙ නෑ – ජන බලයෙන් ආණ්ඩුවම වට්ටනවා ! (23.09.2026)
අනුරගේ සාවද්‍ය හෘදසාක්ෂ්‍යය ද මේ දොඩවන්නේ ? සජිත් ප්‍රේමදාස මේවා ප්‍රශ්න නොකරන්නේ ඇයි ? (23.09.2026)
වෙඩිමක සින්දු කියන්ඩත් උන්ට ලක්ෂයක් ගෙවන්ඩෝනැලු… අපට උඹලත් එපා උඹලාගෙ සිංදුත් එපා (23.09.2026)
මේක සජිත් දැනුම්වත්ව ගහපු කැත ගේම් එකක්… ලැජ්ජා නැති එවුන් තවත් පස්සෙන් පලයල්ලා (23.09.2026)
22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම (23.09.2026)
මේ යන්නේ කොයි පාරේ රාජපක්ෂ ගිය පාරේ අනුරට උන දේ (23.09.2026)
මරික්කාර් ඉවර කරල ඉමු (23.09.2026)
ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද තීරණය ප්‍රජාතන්ත්‍ර විරෝධියෙකු අත (23.09.2026)
අධිකරණ තීන්දුව හමුවේ ආණ්ඩුව සිරවෙයිද? මරික්කාර්ගේ කතාව පිටුපස ඇති රහස! (23.09.2026)
නැගෙනහිර දිවුල්පොතාන ගොවියන් පැන්නීමට ලාල්කන්න්ත-ශානක්‍යන් අතිනත ගනී (23.09.2026)
පාස්කු නඩු ඉවරද? තව නඩු කීයක් තියෙනවද? සම්පූර්ණ කතාව (23.09.2026)
මහ වැසි නොතැකූ සජබ විරෝධය පාර්ලිමේන්තු පිවිසුම හිරකරයි
(23.09.2026 – sinhala.adaderana.lk)
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ විරෝධතාව හේතුවෙන් මේ වනවිට පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
‘ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා’ යන තේමාව යටතේ සමගි ජන බලවේගය සංවිධානය කරනු ලැබූ මෙම විරෝධය අද (24) උදෑසන 09:30 ට පමණ පොල්දූව මංසන්ධියෙන් ආරම්භ වුණි.
අද (24) උදෑසන සිට බත්තරමුල්ල ප්‍රදේශයට වැසි ඇදහැලෙමින් පැවතියට විරෝධතාකරුවන් විශාල පිරිසක් මේ වනවිට විරෝධතාවයට එක්ව තිබේ.
විරෝධතාව සඳහා සමගි ජන බලවේගයේ, නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම පක්ෂයේ නියෝජිතයින් සහ පාක්ෂිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටින බව ‘අද දෙරණ වාර්තාකරු’ පැවසුවේය.
විරෝධතාවය හේතුවෙන් බත්තරමුල්ල ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති අතර, විරෝධතාකරුවන් මේ වනවිට පාර්ලිමේන්තු පිවිසුම දෙසට මාර්ගයේ ඉදිරියට ගමන් කරමින් සිටී.
විරෝධතාකරුවන් අතරට එක්වූ සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් නීතියේ ආධිපත්‍ය විනාශ කිරීමට උත්සාහ දරන වත්මන් ආණ්ඩුව ඉතා ඉක්මනින් පරාජය කරන බවත් හැකි නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසත්ය.
+++
+++
+
සජිත්ගේ විරෝධය අරඹන්න පෙරම අල වෙයි.. විපක්‍ෂයෙන්ම විරෝධය.. ආණ්ඩුවත් එක්ක ඩීල්ලු..
(24.09.2026 – lankacnews.com)
වත්මන් රජයේ ක්‍රියාකලාපයට සහ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාව සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් අතර අර්බුදයක් හටගෙන තිබේ.
මෙම මතභේදාත්මක තත්ත්වය හමුවේ සැලසුම් කළ විරෝධතාවට සහභාගී නොවීමට ‘සමබිම පක්ෂය’ ප්‍රමුඛ ‘දිනන දකුණ’ බහුජන සංවිධානය තීරණය කර ඇත.
විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සමබිම පක්ෂයේ නියෝජිතයෙකු සඳහන් කළේ, රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව අද පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාවට එක්වන ලෙස මහජනතාව දැනුවත් කර තිබුණ ද, විපක්ෂයේ ඇතැම් පාර්ශ්වයන්ගේ මැදිහත්වීම මත එම වැඩපිළිවෙළ අවුල් සහගත තත්ත්වයකට පත්කර ඇති බවයි.
තම පක්ෂයේ අනන්‍යතාව හෝ බැනරය යටතේ මෙම විරෝධතාවට සහභාගි වීමට විපක්ෂයේ සාම්ප්‍රදායික කණ්ඩායම් විරෝධය පළකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, ඒ පිළිබඳව විරෝධතාවට එක්වීමට සූදානම්ව සිටි ජනතාවගෙන් සමාව අයදින බවත් හෙතෙම පැවසීය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුල් කරගනිමින් විපක්ෂයේ පොදු පෙරමුණක් ගොඩනැගීම සඳහා පසුගිය සති දෙකක කාලය පුරා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් සහ නායකත්ව මණ්ඩල සමඟ දීර්ඝ සාකච්ඡා වට රැසක් පැවැත්වූ බව එම නියෝජිතයා පෙන්වා දුන්නේය. ඒ අනුව කොළඹ ජානකී හෝටලයේදී විපක්ෂයේ කණ්ඩායම් 21 ක සහභාගිත්වයෙන් සාර්ථක මූලික සාකච්ඡාවක් පැවැත්වීමට පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, අවසන් මොහොතේදී මෙම ඒකාබද්ධ විරෝධතාව කඩාකප්පල් කිරීමට ක්‍රියාකළ පුද්ගලයන් පිළිබඳ සියලු තොරතුරු තමන් සතුව ඇති බව පැවසූ ඒ මහතා, විපක්ෂයේ ඇතැම් පාර්ශ්වයන් ආණ්ඩුව සමඟ රහසිගත ‘ඩීල්’ දමමින් කටයුතු කරන බවට ද චෝදනා කළේය.
වත්මන් පාර්ලිමේන්තුවේ පවතින්නේ නමට පමණක් සීමා වූ ‘රූකඩ විපක්ෂයක්’ බවත්, වංචාවෙන් හා දූෂණයෙන් තොර සැබෑ ජනතා විපක්ෂයක් ගොඩනැගීම සඳහා ඉදිරියේදී මහජනතාව සමඟ එක්ව නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය ෴
22 ට එරෙහි විපක්ෂයේ එකමුතුව කැඩුණාද? සජබ තනියම පොල්දූවට! (24.09.2026)
+
ලැට් ශුදාට සුභ පැතුම් ! ආණ්ඩුවට සුපිරි නම්බුවක් ! (23.09.2026)
+
22 සම්මත වෙන්න දෙන්නෙ නෑ – ජන බලයෙන් ආණ්ඩුවම වට්ටනවා ! (23.09.2026)
+
අනුරගේ සාවද්‍ය හෘදසාක්ෂ්‍යය ද මේ දොඩවන්නේ ? සජිත් ප්‍රේමදාස මේවා ප්‍රශ්න නොකරන්නේ ඇයි ? (23.09.2026)
+
වෙඩිමක සින්දු කියන්ඩත් උන්ට ලක්ෂයක් ගෙවන්ඩෝනැලු… අපට උඹලත් එපා උඹලාගෙ සිංදුත් එපා (23.09.2026)
+
මේක සජිත් දැනුම්වත්ව ගහපු කැත ගේම් එකක්… ලැජ්ජා නැති එවුන් තවත් පස්සෙන් පලයල්ලා (23.09.2026)
+
22 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසු ජනාධිපතිගේ පොරොන්දුවලට සහ ආණ්ඩුවට අත් වන ඉරණම (23.09.2026)
+
ඇමතිට හොරකම උගන්නන්නෙ නිලධාරී. උන්ගේ හොරකම් වලට බෑ කියපු නිසා මාව රස්සාවෙනුත් එළියට දැම්මා (22.09.2026)
+
පාස්කු නඩුවේ ඇත්තටම මොකද උනේ. ශිරාන් බාසික් සල්ලි ගනිපු උන් ගැන කට ඇරලා. හරක්කටා, පද්මේ ඇතුළේ මරා ගෙන (23.09.2026)
+
පාස්කු චූදිතයන්ට මරණ දඬුවම නොලැබුනේ ඇයි? ඩෑන්ගේ මස්සිනා ගිනිඅවි කුඩු එක්ක මාට්ටු! කටා සහ පද්මේ මාරගනී! (23.09.2026)
+
මේ යන්නේ කොයි පාරේ රාජපක්ෂ ගිය පාරේ අනුරට උන දේ (23.09.2026)
+
මරික්කාර් ඉවර කරල ඉමු (23.09.2026)
+
ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද තීරණය ප්‍රජාතන්ත්‍ර විරෝධියෙකු අත (23.09.2026)
+
අධිකරණ තීන්දුව හමුවේ ආණ්ඩුව සිරවෙයිද? මරික්කාර්ගේ කතාව පිටුපස ඇති රහස! (23.09.2026)
+
නැගෙනහිර දිවුල්පොතාන ගොවියන් පැන්නීමට ලාල්කන්න්ත-ශානක්‍යන් අතිනත ගනී (23.09.2026)
+
පාස්කු නඩු ඉවරද? තව නඩු කීයක් තියෙනවද? සම්පූර්ණ කතාව (23.09.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴