TT ක්‍රමයට රු. බිලියන 24 කට අධික මුදලක් මෙරටින් පිටරට යැවූ පුද්ගලයෙකු FCID අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් ලක්ෂ 475 කට අධික දේපොළ ක්‍රියාවිරහිත කෙරේ
මොරටුව, සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්න පාලනය කෙරේ
වැලිසර මහබාගේ පරිගණක අලෙවි සලක ගින්නක්
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 25 සිට 28 දක්වා අත්හිටුවයි
එන වාහනවලින් කප්පම් ගන්න චණ්ඩියෙක් කොළඹ අපරාධ කොට්ඨාසය ඉස්සරහ (23.09.2026)
ප්‍රබාගේ පිළිම හදන්න සල්ලි ගත්තා නේද | ලැජ්ජයි උත්තර දීපල්ලා බුරන්නේ නැතුව (23.09.2026)
TT ක්‍රමයට රු. බිලියන 24 කට අධික මුදලක් මෙරටින් පිටරට යැවූ පුද්ගලයෙකු FCID අත්අඩංගුවට
(23.09.2026 – sinhala.adaderana.lk)
භාණ්ඩ ආනයනය කරන බවට හඟවමින් විද්‍යුත් විගමන පැවරුම් හරහා රුපියල් බිලියන 24.85 ක වටිනාකමින් යුත් ඩොලර් සංචිත මෙරටින් බැහැර කිරීමට ආධාර අනුබල දුන් බවට සැකපිට පුද්ගලයෙකු (1) අත්අඩංගුවට ගෙන තිබේ.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ, මෙරට ලියාපදිංචි සමාගම් 89 ක් විසින් භාණ්ඩ ආනයනය කරන බවට හඟවමින් විද්‍යුත් විගමන පැවරුම් හරහා ඩොලර් සංචිත මෙරටින් බැහැර කර ඇති බවට පොලිස් මූලස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවයි.
පොලිස්පතිවරයාගේ නියමයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනයේදී මේ බව අනාවරණය වී තිබේ.
ඒ අනුව, ඊයේ (22) සිදුකළ විමර්ශනවලදී අදාළ සමාගම් අතරින් සමාගම් 05 ක් මගින් ව්‍යාජ ලෙස රුපියල් බිලියන 24.85 ක වටිනාකමින් යුත් ඩොලර් සංචිත මෙරටින් බැහැර කිරීමට ආධාර අනුබල දුන් බවට සැකපිට පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු 35 හැවිරිදි වේල්ලවීදිය, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2024 දෙසැම්බර් සිට 2025 නොවැම්බර් දක්වා කාලය තුළ භාණ්ඩ ආනයනයකින් තොරව ‘ටෙලිග්‍රැෆික් (TT) හුවමාරු ක්‍රමය’ හරහා අදාළ ඩොලර් විදේශ ගිණුම් වෙත යොමු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴
නීතිවිරෝධී ලෙස උපයාගත් රුපියල් ලක්ෂ 475 කට අධික දේපොළ ක්‍රියාවිරහිත කෙරේ
(23.09.2026 – sinhala.adaderana.lk)
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීතිවිරෝධී ලෙස උපයාගත් බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 475 කට අධික වටිනාකමින් යුත් දේපොළ රැසක් ක්‍රියාවිරහිත කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
පදවි පරාක්‍රමපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් උපයාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් පොලිස්පතිවරයා විසින් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබුණි.
ඒ අනුව සිදුකළ විමර්ශනයේදී අදාළ පුද්ගලයා නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් යොදාගෙන දේපොළ සහ වාහන මිලදීගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
ඒ අතර, ඔහුගේ බිරිඳගේ නමින් නව නගරය, පදවිය ප්‍රදේශයෙන් මිලදීගත් රුපියල් ලක්ෂ 275 ක් පමණ වටිනා පර්චස් 15 ක ඉඩමක් සහ එහි ඉදිකර ඇති දෙමහල් ගොඩනැගිල්ලක් පවතී.
එමෙන්ම විජයපුර, අනුරාධපුර ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 120 ක් පමණ වටිනා පර්චස් 15 ක ඉඩමක් සහ එහි ඉදිකර ඇති නිවසක්, රුපියල් ලක්ෂ 65 ක් පමණ වටිනා වෑන් රථයක් සහ රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා බට්ටා ලොරි රථයක් ද විමර්ශනවලදී හඳුනාගෙන තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් 47 හැවිරිදි සැකකරු සහ ඔහුගේ 45 හැවිරිදි බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ දේපොළ සහ වාහන ඇතුළත් රුපියල් ලක්ෂ 475 ක් පමණ වටිනා වත්කම් 2026 සැප්තැම්බර් 22 වනදා සිට දින 14 ක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කිරීමේ නියෝග නිකුත් කර තිබේ.
නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි ෴
මොරටුව, සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්න පාලනය කෙරේ
(23.09.2026 – hirunews.lk)
මොරටුව, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්න මේ වන විට මැඬ පවත්වා තිබෙනවා.
මෙම ගින්න හේතුවෙන් අයෙක් (1) මරණයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකු (3) තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණා.
මෙම ගින්න මැඬ පැවැත්වීම සඳහා මොරටුව ගිනි නිවන ඒකකය විසින් රථ තුනක් (3) යොදවා තිබූ බවත් ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
+++
+++
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්නට හේතුව ගෑස් කාන්දුවක් – පොලිසිය
(23.09.2026 – hirunews.lk)
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට සැක කරන බව පොලිසිය පවසනවා.
මෙම ගින්න හේතුවෙන් අයෙක් (1) මරණයට පත්ව ඇති අතර තවත් තිදෙනෙකු (3) තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණා.
අද (23) පස්වරු 06:40 ට පමණ මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ C කොටසේ නිවෙසක මෙම ගින්න හටගෙන තිබුණා.
මෙම ගින්න මැඬ පැවැත්වීම සඳහා මොරටුව ගිනි නිවන ඒකකය විසින් රථ තුනක් (3) යොදවා තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴
වැලිසර මහබාගේ පරිගණක අලෙවි සලක ගින්නක්
(23.09.2026 – hirunews.lk)
මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිසර මහබාගේ ප්‍රදේශයේ පරිගණක අලෙවි සලක අද (23) සවස ගින්නක් ඇතිවූ බව මහබාගේ පොලිසිය පවසනවා.
අද (23) සවස 07:00 ට පමණ ඇති වූ මෙම ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවූ මෙහි දේපල හානි සිදුව ඇති බවටත් මේ වන විට තොරතුරු හෙළිව ඇති පොලිසිය සඳහන් කරනවා.
මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා ප්‍රදේශවාසීන් මෙන්ම ගිනි නිවන රථ පැමිණ තිබූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහබාගේ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා ෴
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 25 සිට 28 දක්වා අත්හිටුවයි
(23.09.2026 – hirunews.lk)
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතියේ යාවත්කාලීන කිරීමක් නිසා සැප්තැම්බර් 25 සිට 28 දක්වා එම සේවාවන් අත්හිටුවීමට නියමිතව තිබෙනවා.
මේ හේතුවෙන් ඉහත දිනයන් අතර දින 4 ක කාලයක් පද්ධතියේ සේවාවන් අත්හිටුවීමට නියමිතයි.
ඒ අනුව මධ්‍යම, ඌව, දකුණ, සබරගමුව, උතුර, වයඹ සහ නැගෙනහිර ඇතුළු පළාත් සභා අටෙහිම (8) ප්‍රධාන ලේකම්වරුන්ගේ නිල එකඟතාවය සහ අනුමැතිය මත මෙම පද්ධති සංක්‍රමණ ක්‍රියාවලිය සිදුකෙරෙන් බව සඳහන්.
මෙහිදී දිවයින පුරා ක්‍රියාත්මක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතියේ සමස්ත ක්‍රියාකාරීත්වය, ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීම සඳහා තීරණාත්මක යටිතල පහසුකම් යාවත්කාලීන කිරීමක් (පද්ධති මාරුව)(System Cutover) සිදුකෙරෙනු ඇති ෴
එන වාහනවලින් කප්පම් ගන්න චණ්ඩියෙක් කොළඹ අපරාධ කොට්ඨාසය ඉස්සරහ (23.09.2026)
+
තිලීපන් සමරන්න ළමා චිත්‍ර තරගයක් – ළමාරක්ෂණ අධිකාරියට සාක්ෂි සහිත පැමිණිලි – ළමයින්ගේ මනස විකෘති කරනවා (23.09.2026)
+++
තීලිපන් කියන්නේ තනිකර ජඩ කොටියෙක් | එදා තිලීපන්ලා මිනිස්සු දහස් ගණන් නැති කරා (23.09.2026)
+
ප්‍රබාගේ පිළිම හදන්න සල්ලි ගත්තා නේද | ලැජ්ජයි උත්තර දීපල්ලා බුරන්නේ නැතුව (23.09.2026)
+
22 ට පෙර සහ පසු | අද දෙරණ අලුත් පාර්ලිමේන්තුව | 2026.09.23
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴