පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 15 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි – 9 දෙනෙකු නිදොස්කොට නිදහස්
(22.09.2026 – hirunews.lk)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15 දෙනකු සියළු චෝදනාවලට වරදකරුවන් කරමින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (22) සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දැනුම් දුන්නා.
එමෙන්ම විත්තිකරුවන් 09 දෙනකු සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය නියෝග කළා.
ඒ අනුව නිතිපතිවරයා විසින් ගොනු කළ සියළුම චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී ඇති බවට තීරණය කළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නඩුවේ පළමු (01) සැකකරු වන ‘නවුෆර් මවුලවි’ ඇතුළු විත්තිකරුවන් 15 දෙනකු වරදකරුවන් බවට පත් කළා.
මෙලෙස වරදරකරුවන් බවට පත් කරනු ලැබුවේ මෙම නඩුවේ 01, 02, 03, 04, 05, 06, 07, 08, 09, 10, 11, 15, 16, 18, සහ 19 යන විත්තිකරුවන්.
එසේම මෙහි 10 වැනි විත්තිකරු 16 වැනි චෝදනාවෙන් පමණක් නිදෙස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළා.
එමෙන්ම, සියළුම චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවට තීරණය කරමින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විත්තිකරුවන් 09 දෙනකු නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.
මෙලෙස නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ මෙම නඩුවේ 12, 13, 14, 17, 20, 21, 23, 24 සහ 25 යන විත්තිකරුවන්.
කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ (සභාපති විනිසුරු), සුජීව නිශ්ශංක, රාමනාදන් කන්නන් යන විනිසුරුවරුන් විසින් මෙම නඩු තීන්දුව ලබා දෙනු ලැබුවා.
ඒ අනුව, දඩුවම් නියම කිරීම සදහා අධිකරණය විනාඩි 10කට කල් තැබුවා.
+++
+++
+++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴