වෙඩි ප්‍රහාර මධ්‍යයේ අණ නොතකා පලාගිය මෝටර්රථය ඇල්ලූ පොලිස් මෙහෙයුම

වෙඩි ප්‍රහාර මධ්‍යයේ අණ නොතකා පලාගිය මෝටර්රථය ඇල්ලූ පොලිස් මෙහෙයුම

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්

මාලිමා ආණ්ඩුව නිසා මඟුල් කාලා හමාරයි | වෙඩින් එකේ සිංදු දැම්මොත් වෙන දේ මෙන්න (22.09.2026)

හිරේ ඉඳන් ආපු නාමල් පාර්ලිමේන්තුව දෙක කරයි – ආණ්ඩුවේ හැමෝගෙම කටවල් වහපු කතාව මෙන්න (22.09.2026)

කඩවත වෑබඩම තිගැස්සූ සිද්ධිය | ගෙදර හරියට හමුදා කදවුරක් වගේ | නිවසක් ඇතුළෙන් මහා අවි ගබඩාවක් (22.09.2026)

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට (23) පැය 8 ක ජල කප්පාදුවක්


වෙඩි ප්‍රහාර මධ්‍යයේ අණ නොතකා පලාගිය මෝටර්රථය ඇල්ලූ පොලිස් මෙහෙයුම

(22.09.2026 – sinhala.adaderana.lk)

ගිරිඋල්ල පොලීසිය විසින් නැවැත්වීමට කරන ලද සංඥා නොතකා පලාගිය සුඛෝභෝගී මෝටර් රථයක් පන්නල නගරයේදී වටලා, එහි රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ගිරිඋල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් මෙම මෝටර් රථය පරීක්ෂා කිරීම සඳහා රියදුරුට රථය නවත්වන ලෙසට සංඥා කළ ද ඔහු වේගයෙන් ඉදිරියට රිය පදවා ඇති බවය.

ඒ අනුව, මෝටර්රථය පසුපසු හඹාගිය පොලීස් නිලධාරින්, රථය නවත්වන ලෙසට රියදුරට නැවත නැවත් සංඥා කළද ඔහු පොලිස් අන නොකතා මෝටර් රථය ධාවනය කිරීම හේතුවෙන් පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදුකළ ද ඔහු රථය නොනනවත්වා ධාවනය කර ඇත.

අනතුරුව,පොලීසිය විසින් පන්නල නගරයේදී පොලිස් ජීප් රථය සහ තවත් වාහන කිහිපයක් මෝටර් රථයට හරස් කර එය නවතා ගැනීමට සමත්ව ඇත.

එහිදී වාහනය නැවැත්වූවද රියදුරු මෝටර් රථයේ දොරවල් වෘත්ත නොකිරීම හේතුවෙන්පොලිස් නිලධාරීන් ටී-56 ගිනි අවි පෙන්වා දොර විවෘත කරන ලෙස නියෝග කළද, රියදුරු එය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ හේතුවෙන්, පොලිස් නිලධාරීන් විසින් මෝටර්රථයේ වම්පස ඉදිරි දොරේ වීදුරුවට ගිනි අවියෙන් පහරදී බිඳ දැමීමෙන් පසු රියදුරු දොර විවෘත කර ඇත.

ඒ අනුව මෝටර්රථයේ සිටි රියදුරු සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු (2) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී රියදුරු සන්තකයේ තිබී මත්ද්‍රව‍ය සුළු ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරිඋල්ල ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

+++

වීදුරු කඩලා අල්ලපු කාර් එකේ අධි තාක්ෂණික උපකරණ | වටේම කැමරා දාලා – ටියුබ්වල දාලා කොකේන් බෙදලා (22.09.2026)

+


කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්

(22.09.2026 – sinhala.adaderana.lk)

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලදී ගැනීමට පැමිණෙන විට, ඒ සඳහා සුදුසු පරිසර හිතකාමී නැවත භාවිත කළ හැකි බෑගයක් රැගෙනවිත් පරිසරය සුරැකීමට දායක වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පසුගිය වසරවල පැවැති පොත් ප්‍රදර්ශනවලදී පොත් රැගෙන යාම සඳහා පාරිභෝගිකයන් විශාල වශයෙන් ප්ලාස්ටික් බෑග් (සිලි සිලි මලු) භාවිත කර ඇති බව නිරීක්ෂණය වී තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව නිකුත් කළ අංක 2456/41 දරන 2025 ඔක්තෝබර් මස 01 වැනි දිනැති ගැසට් නිවේදනයට අනුව, අතලු සහිත ‘සිලි සිලි මලු’ කිසිදු පාරිභෝගිකයෙකුට නොමිලේ ලබා නොදිය යුතුය.

අදාළ බෑග් මුදලට විකුණන්නේ නම්, අය කරන මුදල බිල්පතේ පැහැදිලිව සඳහන් කළ යුතු බවට ද නීතියෙන් නියෝග කර ඇත.

තනි භාවිත පොලිතීන් සහ ප්ලාස්ටික් නිසා පරිසරයට සිදුවන හානිය වැළැක්වීම මෙම නීති මගින් අපේක්ෂා කෙරේ.

මීට අමතරව, පහත සඳහන් තනි භාවිත ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදන රට තුළ විකිණීම, නොමිලේ ලබා දීම, ප්‍රදර්ශනය හෝ භාවිතය නීතියෙන් තහනම් කර ඇත.

  • තනි භාවිත ප්ලාස්ටික් බීම බට සහ කලතන
  • තනි භාවිත ප්ලාස්ටික් පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු සහ පිහි
  • පොලිතීන් අමුද්‍රව්‍ය ලෙස යොදා සකසන ලද ආහාර දවටන (Lunch Sheets)

එබැවින්, පොත් ප්‍රදර්ශන පරිශ්‍රයේ පිහිටි ආහාර විකුණුම් ස්ථානවලදී ද මෙම තහනම් ප්ලාස්ටික් හා පොලිතීන් වර්ග කිසිදු අයුරකින් භාවිත නොකිරීමට අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ තිබේ.

2026 සැප්තැම්බර් මස 25 වන දින ආරම්භ වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අතරතුර, වෙළෙඳුන් සහ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය හා එක්ව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇත.

“නුවණින් කියවමු – නුවණින් රැගෙන යමු” යන තේමාව යටතේ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වන බව එම අධිකාරිය පවසයි ෴


මාලිමා ආණ්ඩුව නිසා මඟුල් කාලා හමාරයි | වෙඩින් එකේ සිංදු දැම්මොත් වෙන දේ මෙන්න (22.09.2026)

+


හිරේ ඉඳන් ආපු නාමල් පාර්ලිමේන්තුව දෙක කරයි – ආණ්ඩුවේ හැමෝගෙම කටවල් වහපු කතාව මෙන්න (22.09.2026)

+


කඩවත වෑබඩම තිගැස්සූ සිද්ධිය | ගෙදර හරියට හමුදා කදවුරක් වගේ | නිවසක් ඇතුළෙන් මහා අවි ගබඩාවක් (22.09.2026)

+


අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට (23) පැය 8 ක ජල කප්පාදුවක්

(22.09.2026 – sinhala.adaderana.lk)

අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට (23) පැය 08 ක කාලයක් සඳහා තාවකාලිකව ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කලාවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීම සිදුකරන බව එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව හෙට (23) පෙරවරු 08:30 සිට පස්වරු 04:30 දක්වා ඉහළගම, කලාවැව, මරදන්කඩවල, තිරප්පනේ සහ කැකිරාව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් සිදුවන අපහසුතා මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය ජලය කල්තියා රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම, ජල සැපයුම යථා තත්ත්වයට පත් කරන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද එම මණ්ඩලය දැනුම් දෙයි.

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *