මහා පරිමාණ වැලි ජාවාරමක් ‘අද දෙරණ උකුස්සා’ට හසු වුණු හැටි
කොටි යළි නැගිටියි. සාක්ෂි මෙන්න. (19.09.2026)
අපි ආය හම්බවෙයිද කියලා දන්නේ නෑ – ගලබොඩඅත්තේ හිමි සංවේදී වෙමින් කියපු කතාව (20.09.2026)
පැලවත්තේ බලනහර තර්ජනයට… කාගම හාමුදුරුවො බය වුණා ද ? (20.09.2026)
සජිත් හොරගල් අහුලන බව දැන් හැමෝම දන්නවා… UN නියෝජිතයත් ඔන්න කියලා තියෙනවා (19.09.2026)
රු. මිලියන 75 ක් ඉල්ලලා ප්‍රමෝද්‍ය එරාන්ලාට නඩු දමයි… ක්‍රිකට් නම් පුතේ ඉවරෙටම ඉවරයි (20.09.2026)
මහින්දානන්දලා පුද්ගලිකව හොරකම් කරලා නෑලු… ඒත්, දේශපාලන බලය අවභාවිත කරලා (19.09.2026)
මත්කුඩු ජාවාරමේ මුහුණු අලුත් වෙයි! තවත් කන්ටේනර් දෙකක් විවෘත්ත කරයි! (19.09.2026)
ශිරාන් බාසික් මුදල් ගනුදෙනු ගැන සියල්ල වමාරයි! මුදල් බාරව සිටි දෙදෙනාම රට පැනලා! (20.09.2026)
UNP, SJB පාක්ෂිකයන්ට ආදරෙන් (19.09.2026)
හිරේ දැම්මට හොරෙක් නෙමේ (20.09.2026)
අනුර හා හා බලගෙනයි (20.09.2026)
උතුරේ බෞද්ධ උරුමය අතුගා දැමීමේ කුමන්ත්‍රණයක්ද? | පූජ්‍ය අරඹේපොල රතනසාර හිමි (19.09.2026)
ඥානසාර හාමුදුරුවෝ, අනගාරික ධර්මපාල තුමා අවසානයේ ගිය මගම යයි! (20.09.2026)
තිලිපන්ට පිළිමයක් හැදුවා… ඊළඟට කාගේ පිළිමයද? | උතුරේ මතුවන අලුත්ම කතාව (20.09.2026)
මහා පරිමාණ වැලි ජාවාරමක් ‘අද දෙරණ උකුස්සා’ට හසු වුණු හැටි
(20.09.2026 – sinhala.adaderana.lk)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා හා මුතුර් ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් සිදුවන නීතිවිරෝධී වැලි ජාවාරමක් සම්බන්ධයෙන් ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු ලැබුණි.
දහවල් කාලයේ පවා කිසිඳු බියකින් සැකයකින් තොරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කීන්නියා ප්‍රදේශය හා මුතුර් ප්‍රදේශයේදී බලපත්‍ර නොමැති මෙම ජාවාරම්කරුවන් වැලි කැපීම සිදුකර තිබේ.
බලපත්‍රලාභි එක් පුද්ගලයෙකුට මසකට වැලි කියුබ් 45 ක් පමණක් ගොඩදැමීමට අවසර ඇති නමුත් මෙහි බලපත්‍ර නොමැති පිරිස් ප්‍රමාණය ඉක්මවා වැලිකැපීම සිදුකරන බව අද දෙරණ උකුස්සා තහවුරු කරගනු ලැබීය.

ඒ පිළිබඳ සොයාබැලීමට, වැලි කැපීම තහනම් කර ඇති රජයේ නිවාඩු දිනයක ‘අද දෙරණ උකුස්සා’ එම ප්‍රදේශයට ගියේ වැලි කැපීම නැරඹීමට පැමිණෙන සාමාන්‍ය පුද්ගලයින් ලෙසයි.
එදිනත් මෙම ජාවාරම සිදුකර තිබේ.
ජාවාරම්කරුවන් පිරිසක් සමඟ සුහද කතාබහක නිරතවූ ‘උකුස්සා’ට ඔවුන්ගේ දෛනික වියදම් පොත නිරීක්ෂණයටද අවස්ථාව හිමිවුණි.
එම වියදම් පොතේ පොලිස් නිලධාරින් සඳහා ද දෛනිකව රුපියල් දහසක (1000) මුදලක් වෙන්කර තිබුණි.
මෙහි සිදුවන වැලි ජාවාරම සම්බන්ධයෙන් ආසන්න පොලිස් ස්ථාන කිහිපයක් දැනුම්වත්කිරීමට ‘උකුස්සා’ පියවර ගනු ලැබීය.
අප දුරකථන ඇමතුම ලබාදී සුළු වේලාවකින් වැලි ජාවාරම්කරුවන් ගඟෙන් ගොඩවුණේ අප පොලීසියට ලබාදුන් තොරතුර මෙම ජාවාරම්කරුවන් දැනගත්තේ කෙසේද යන ප්‍රශ්නාර්ථය මතුකරමිනි.
ඔවුන් එදින තාවකාලිකව වැලි කැපීම නතර කළ නමුත් මෙම පුවත වාර්තාකරන අද (20) දිනයේත් උදෑසන සිටම ජාවාරම ක්‍රියාත්මක බව අපට දැනගන්නට ලැබුණි.
ඒ අනුව, කලක් මුළුල්ලේ නිද්‍රාශීලීව පසුවන බලධාරීන්ගේ ඇස් දැන්වත් ඇරෙනු ඇතැයි ‘අද දෙරණ උකුස්සා’ගේ විශ්වාසයයි ෴
කොටි යළි නැගිටියි. සාක්ෂි මෙන්න. (19.09.2026)
+
අපි ආය හම්බවෙයිද කියලා දන්නේ නෑ – ගලබොඩඅත්තේ හිමි සංවේදී වෙමින් කියපු කතාව (20.09.2026)
+
පැලවත්තේ බලනහර තර්ජනයට… කාගම හාමුදුරුවො බය වුණා ද ? (20.09.2026)
+
සජිත් හොරගල් අහුලන බව දැන් හැමෝම දන්නවා… UN නියෝජිතයත් ඔන්න කියලා තියෙනවා (19.09.2026)
+
රු. මිලියන 75 ක් ඉල්ලලා ප්‍රමෝද්‍ය එරාන්ලාට නඩු දමයි… ක්‍රිකට් නම් පුතේ ඉවරෙටම ඉවරයි (20.09.2026)
+
මහින්දානන්දලා පුද්ගලිකව හොරකම් කරලා නෑලු… ඒත්, දේශපාලන බලය අවභාවිත කරලා (19.09.2026)
+
මත්කුඩු ජාවාරමේ මුහුණු අලුත් වෙයි! තවත් කන්ටේනර් දෙකක් විවෘත්ත කරයි! (19.09.2026)
+
ශිරාන් බාසික් මුදල් ගනුදෙනු ගැන සියල්ල වමාරයි! මුදල් බාරව සිටි දෙදෙනාම රට පැනලා! (20.09.2026)
+
UNP, SJB පාක්ෂිකයන්ට ආදරෙන් (19.09.2026)
+
හිරේ දැම්මට හොරෙක් නෙමේ (20.09.2026)
+
අනුර හා හා බලගෙනයි (20.09.2026)
+
උතුරේ බෞද්ධ උරුමය අතුගා දැමීමේ කුමන්ත්‍රණයක්ද? | පූජ්‍ය අරඹේපොල රතනසාර හිමි (19.09.2026)
+
ඥානසාර හාමුදුරුවෝ, අනගාරික ධර්මපාල තුමා අවසානයේ ගිය මගම යයි! (20.09.2026)
+
තිලිපන්ට පිළිමයක් හැදුවා… ඊළඟට කාගේ පිළිමයද? | උතුරේ මතුවන අලුත්ම කතාව (20.09.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴