නිවාස සාදා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
ලස්සන වෙනුවෙන් විස විකුණූ පිටකොටුවේ රූපලාවණ්‍ය ජාවාරම පාරිභෝගික අධිකාරියෙන් වටලයි
පරිගණකයක් තියෙන්නේ ගෙවල් 5 කින් එකකයි (1) ඩිජිටල් සාක්ෂරතාව ගැන හෙළිදරව්වක්
බඩල්ගමදී මා ඔයේ සැඩපහරට හසුවූ සිව්දෙනාම (4) ජීවිතක්ෂයට
RMV අක්‍රමිකතා සහ මහජන පීඩාවන් දැන්වීමට නව WhatsApp අංකයක්!
කෑගල්ල නගරයේ හෝටලයක සාදයක් අතරතුර වෙඩි තැබීමක් : අයෙකුට තුවාල!
අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි – ෆයිසර් මුස්තාෆා
කොටි තිලීපන් මහ ඉහළින් සැමරේ – මන්ත්‍රි කෙනෙකුත් ගිහින්? (18.09.2026)
නාමල් එළියට එන්නේ කවදා ද? ඇප ලැබෙයි ද? Airbus නඩුවේ අලුත්ම තත්ත්වය (19.09.2026)
තිලිපන් සැමරුම් උතුර සිසාරා – වඩුන්නාගල සිල් සමාදානයේ ගැටලුව මොකක්ද? (19.09.2026)
නිවාස සාදා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(19.09.2026 – sinhala.adaderana.lk)
පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස ඉදිකර දෙන බව පවසමින් පුද්ගලික ආයතනයක් මගින් මුදල් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු (2) මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මුදල් ලබා ගෙන නිවාස ඉදි නොකිරීම සම්බන්ධයෙන් එම අංශයට ලද පැමිණිලි 245 ක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී මීට පෙර අදාළ පුද්ගලික ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදි එම ආයතනයේ ප්‍රධාන අලෙවි කළමනාකරු හා මෙහෙයුම් නිලධාරී ලෙස කටයුතු කළ කාන්තාවක් දෙදෙනෙකු (2) අදාළ මූල්‍ය වංචාවට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකාරියන් සතුව තිබී මෝටර් රථ 04 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
අදාළ කාන්තාවන් දෙදෙනා 30 හැවිරිදි හා 31 හැවිරිදි කහවත්ත හා කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ඔවුන් අද (19) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 29වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව පොලිසිය පැවසීය ෴
ලස්සන වෙනුවෙන් විස විකුණූ පිටකොටුවේ රූපලාවණ්‍ය ජාවාරම පාරිභෝගික අධිකාරියෙන් වටලයි
(19.09.2026 – hirunews.lk)
ශරීරයේ සම කඩිනමින් පැහැපත් කරන බව පවසමින් අලෙවි කෙරෙන අනතුරුදායක සම ආලේපන (ක්‍රීම්) සම්බන්ධයෙන් පිටකොටුව ප්‍රදේශයේ විශේෂ වැටලීමක් සිදු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද (19) පියවර ගෙන තිබෙනවා.
පිටකොටුව, 2 වන හරස් වීදියේ පිහිටි වෙළඳසැල් ඉලක්ක කරගනිමින් අද දහවල් ක්‍රියාත්මක වූ මෙම විශේෂ වැටලීමේදී, රසකාරක හා අන්තරායකර රසායනික ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන මුහුණු ආලේපන, සුවඳ විලවුන්, හිසකෙස් වර්ණක, සබන් වර්ග මෙන්ම සම පැහැපත් කරන ක්‍රීම් (Bleaching / Whitening Creams) විශාල තොගයක් නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
මෙම වැටලීමේදී හමුවූ සම පැහැපත් කරන ක්‍රීම් වර්ග බොහොමයක නිෂ්පාදකයා, මෙරටට ආනයනය කළ සමාගම හෝ පුද්ගලයා පිළිබඳ කිසිදු තොරතුරක් සඳහන්ව නොතිබූ බවත්, නිසි ප්‍රමිතියකින් තොරව සහ නීති විරෝධී ලෙස අලෙවි කිරීමට තබා තිබූ අදාළ නඩු භාණ්ඩ තොගය එම ස්ථානයේදීම සීල් තබා නිලධාරීන් භාරයට ගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ.
නීත්‍යානුකූල ආනයනකරුවෙකු නොමැති සහ ප්‍රමිතියෙන් තොර මෙවැනි ආලේපන අලෙවි කිරීමෙන් වළකින ලෙසත්, අදාළ ආනයනකරුවන් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් වෙළඳසැල් හිමියන්ට තරයේ අවවාද කර ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ ඉදිරිපත් කරමින් අදාළ වෙළඳුන්ට එරෙහිව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා ෴
පරිගණකයක් තියෙන්නේ ගෙවල් 5 කින් එකකයි (1) ඩිජිටල් සාක්ෂරතාව ගැන හෙළිදරව්වක්
(19.09.2026 – hirunews.lk)
වයස අවුරුදු 5 ත් 69 ත් අතර සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන්ම දෙදෙනෙකු (2) පමණක් පරිගණක සාක්ෂරතාවයෙන් යුක්ත වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.
පසුගිය වසර සිදු කරන ලද සමීක්ෂණයට අනුව එළිදක්වන ලද වාර්තාවේ දැක්වෙන්නේ වයස අවුරුදු 5 ත් 69 ත් අතර පුද්ගලයින් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකු ඩිජිටල් සාක්ෂරතාවයෙන් යුක්ත බවයි.
ඒ අනුව, ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක පවතින්නේ ගෘහස්ථ නිවාසවලින් 21.3% ක් පමණක් වන අතර සෑම නිවාස පහකින්ම (5) එක් (1) නිවසක ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණකයක් පවතින බවද එහි දැක්වෙනවා.
වැඩිම පරිගණක හිමිකාරිත්වයක් බස්නාහිර පළාතේ පවතින අතර අඩුම පරිගණක ප්‍රමාණයක් පවතින්නේ උතුරු පළාතේද වන බව සඳහන්.
එමෙන්ම, ඉහළ පරිගණක සාක්ෂරතාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එය අඩුම දිස්ත්‍රික්කය වන්නේ උතුරු මැද පළාතයි ෴
බඩල්ගමදී මා ඔයේ සැඩපහරට හසුවූ සිව්දෙනාම (4) ජීවිතක්ෂයට
(19.09.2026 – hirunews.lk)
බඩල්ගම ප්‍රදේශයෙන් මාඔයේ දිය නෑමට ගිය තරුණයෙකු (1) සහ තරුණියන් තිදෙනෙකු (3) ජීවිතක්ෂයට පත්වුණා.
අද (19) පස්වරුවේ මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වූ අතර, ජීවිතක්ෂයට පත් වූ සිව් දෙනාගේම (4) සිරුරු පොලිසිය විසින් මේ වන විට සොයාගෙන තිබෙනවා.
බදුල්ල සහ හපුතලේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් බඩල්ගම ප්‍රදේශයේ ගොවිපළක සේවය කරන බවයි පොලිසිය සඳහන් කළේ.
එහි සිටි පස්දෙනෙකු (5) මෙලෙස මාඔයේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදී එක් (1) තරුණයෙකු දියට බැසීමෙන් වැලකී සිට තිබෙනවා.
අනෙක් සිව්දෙනා (4) දිය නෑමට ගිය අවස්ථාවේ දී එක් (1) තරුණියක සැඩ පහරට හසුව ඇති බවයි වාර්තා වන්නේ.
පසුව දිය නාමීන් සිටි තරුණයා (1) සහ අනෙකුත් තරුණියන් දෙදෙනා (2) සැඩ පහරට හසු වූ තරුණිය මුදා ගැනීමට උත්සහ කිරීමේ දී එම අනතුරට මුහුණ දී තිබුණා ෴
RMV අක්‍රමිකතා සහ මහජන පීඩාවන් දැන්වීමට නව WhatsApp අංකයක්!
(19.09.2026 – hirunews.lk)
මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී හෝ සේවාවන් ලබා ගැනීමේදී මතුවන ගැටලු, අල්ලස් ගැනීම් වැනි විවිධ අක්‍රමිකතා මෙන්ම මෝටර් රථ මඟින් මහජනතාවට සිදුවන විවිධ පීඩාවන් පිළිබඳව පැමිණිලි කිරීම සඳහා මෝටර් රථ කොමසාරිස්වරයා විසින් විශේෂ වට්ස්අප් අංකයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, ඇතිවන යම් ගැටලුවක් හෝ පැමිණිල්ලක් ඇත්නම් එය ලිඛිතව 074 245 3300 යන අංකයට යොමු කළ හැකි බව දන්වා සිටින කොමසාරිස්වරයා මෙම අංකය වෙත දුරකථන ඇමතුම් ලබා ගත නොහැකි අතර, වට්ස්අප් පණිවිඩ මඟින් පමණක් පැමිණිලි ඉදිරිපත් කළ යුතු බවයි වැඩිදුරටත් නිවේදනය කර ඇත්තේ ෴
කෑගල්ල නගරයේ හෝටලයක සාදයක් අතරතුර වෙඩි තැබීමක් : අයෙකුට තුවාල!
(19.09.2026 – hirunews.lk)
කෑගල්ල නගරයේ පිහිටි හෝටලයක ඊයේ (18) රාත්‍රියේ පැවති සාදයක් අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන්, එම හෝටල් සේවකයෙකු විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙන බවට පොලිස් මාධ්‍ය ඒකකය ‘හිරු ප්‍රවෘත්ති’ වෙත පැවසුවා.
සාදය අතරතුර ඇති වූ ආරවුලක් හේතුවෙන් උණුසුම් වූ තත්ත්වය පාලනය කිරීමට යාමේදී හෝටල් සේවකයා විසින් වායු රයිෆලයකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴
අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි – ෆයිසර් මුස්තාෆා
(19.09.2026 – hirunews.lk)
සවුදි අරාබියේදී මරණ දඬුවමකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ‘සිවරාසා අනෝජන්’ගේ ජීවිතය බේරාගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික සහ නීතිමය මට්ටමින් කඩිනම් මැදිහත්වීමක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ‘ෆයිසර් මුස්තාෆා’ පවසනවා.
රටක ස්වෛරීභාවයට සහ එරට නීතියට ගරු කරන අතරම, ශ්‍රී ලාංකික පුරවැසියෙකු වෙනුවෙන් ගත හැකි උපරිම නීතිමය සහ මානුෂීය ක්‍රියාමාර්ග ගැනීම මේ මොහොතේ ප්‍රමුඛතාව විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අනෝජන් සම්බන්ධයෙන් සවුදි අධිකරණයේ තීන්දුවේ නිල ලිඛිත පිටපත මෙතෙක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලැබී නොමැති බැවින්, එම ලේඛනය කඩිනමින් ලබාගෙන තීන්දුවේ නීතිමය පදනම නිවැරදිව අවබෝධ කරගත යුතු බවද ‘ෆයිසර් මුස්තාෆා’ සඳහන් කරනවා.
එමෙන්ම, නීතිඥ උපදෙස් අනුව සවුදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාව ප්‍රමාදයකින් තොරව ප්‍රයෝජනයට ගත යුතු බවයි ඔහු පවසන්නේ.
අදාළ සමාජ මාධ්‍ය ප්‍රකාශය පළ කිරීමෙන් අනතුරුව එය ඉවත් කර අනෝජන් ප්‍රසිද්ධියේ සමාව අයැද ඇති බව වාර්තා වන බැවින්, එම කරුණුද සැලකිල්ලට ගනිමින් සවුදි බලධාරීන්ගෙන් මානුෂීය සහනයක් හෝ රාජකීය සමාවක් ඉල්ලා සිටිය යුතු බව ‘ෆයිසර් මුස්තාෆා’ පෙන්වා දෙනවා.
දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍ර සබඳතා උපයෝගී කරගනිමින් ඉහළම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවත්, රජය සහ විපක්ෂය පක්ෂ භේදයකින් තොරව ඒ සඳහා එක්ව කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කරනවා.
මීට පෙර සවුදි අරාබියේදී මරණ දඬුවමට මුහුණ දුන් ‘රිසානා නෆීක්’ගේ සිද්ධිය සිහිපත් කරමින් ‘ෆයිසර් මුස්තාෆා’ පවසන්නේ, විදේශ රටක බරපතල නීතිමය ගැටලුවකට මුහුණ දෙන ශ්‍රී ලාංකිකයන්ට ආරම්භයේ සිටම නිසි නීතිමය උපදෙස්, විශ්වාසනීය නියෝජනය සහ රාජ්‍ය තාන්ත්‍රික සහාය අඛණ්ඩව ලබාදීමේ වැදගත්කම එම සිද්ධියෙන් පැහැදිලි වන බවයි.
ඒ අනුව, අනෝජන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා ලිඛිත අධිකරණ තීන්දුව කඩිනමින් ලබාගෙන නීතිමය අභියාචනයක් ඉදිරිපත් කිරීම මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ උපරිම මැදිහත්වීමක් සිදුකළ යුතු බවයි ‘ෆයිසර් මුස්තාෆා’ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ෴
+++
+
කොටි තිලීපන් මහ ඉහළින් සැමරේ – මන්ත්‍රි කෙනෙකුත් ගිහින්? (18.09.2026)
+
නාමල් එළියට එන්නේ කවදා ද? ඇප ලැබෙයි ද? Airbus නඩුවේ අලුත්ම තත්ත්වය (19.09.2026)
+
තිලිපන් සැමරුම් උතුර සිසාරා – වඩුන්නාගල සිල් සමාදානයේ ගැටලුව මොකක්ද? (19.09.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴