‘හිරු CIA’ හෙළිදරව්වෙන් පසු බලධාරීන්ගේ ඇස් ඇරෙයි : විල්පත්තුවේ කුඹුක් ගස් විනාශ කළ පිරිස සෙවීමට පරිසර අමාත්‍යාංශයෙන් කඩිනම් පරීක්ෂණ

‘හිරු CIA’ හෙළිදරව්වෙන් පසු බලධාරීන්ගේ ඇස් ඇරෙයි : විල්පත්තුවේ කුඹුක් ගස් විනාශ කළ පිරිස සෙවීමට පරිසර අමාත්‍යාංශයෙන් කඩිනම් පරීක්ෂණ

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි – 2 වන කොටස : එක්නැලිගොඩට තර්ජනය කළේ ඇයි? ජපානයේ දී කලිසම් ඇඳගෙන විනෝද ගමන් ගියා ද? (17.09.2026)

“ආණ්ඩුවේ බුද්ධි අංශ මගේ පස්සෙනුත් පන්නනවා” – නාමල් වෙනුවෙන් ජිනීවා ගිය මිලින්ද දැන් කියන කතාව (16.09.2026)

‘හිරු CIA’ හෙළිදරව්වෙන් පසු බලධාරීන්ගේ ඇස් ඇරෙයි : විල්පත්තුවේ කුඹුක් ගස් විනාශ කළ පිරිස සෙවීමට පරිසර අමාත්‍යාංශයෙන් කඩිනම් පරීක්ෂණ

(18.09.2026 – hirunews.lk)

විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිමේ පිහිටි පරණ එළුවක්කුලම, නෙළුම් වැව පරිශ්‍රයේ අනුභූමි ප්‍රදේශයේ තිබූ වටිනා කුඹුක් ගස් කිහිපයකට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පරිසර අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

‘හිරු සී.අයි.ඒ.’ (Hiru CIA) කණ්ඩායම විසින් සිදුකළ අනාවරණයත් සමඟින් මෙම පාරිසරික විනාශය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කෙරුණා.

විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිමේ පරණ එළුවන්කුලම, නෙළුම්වැව මධ්‍යයේ පිහිටා තිබූ වසර සිය ගණනක් පැරණි දැවැන්ත කුඹුක් ගස් පද්ධතිය, පසුගිය දින කිහිපය තුළ සංවිධානාත්මක පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබුණා.

මෙම ගිනි තැබීම් පිළිබඳව තොරතුර ලද සැණින් අප මාධ්‍යවේදීන් අදාළ ප්‍රදේශයට ළඟා වූ අතර, ඒ වනවිටත් කුඹුක් ගස් ඇතුළු දැවැන්ත වනස්පතීන් ගිනි ගෙන දැවෙමින් පැවැතියා.

සියලු කුඹුක් ගස්වල මුල් ඉලක්ක කර, වෙන් වෙන් වශයෙන් ගින තබා තිබූ හෙයින්, මෙය සංවිධානාත්මකව කළ අපරාධයක් බවට පරිසරවේදීන් සැක පළ කරනවා.

පරිසරවේදීන් ඇතුළු පිරිස් පෙන්වා දෙන්නේ, පොලිස් විමර්ශන පවා අවසන් නොමැති පසුබිමක කුඹුක් ගස් විනාශය වසා දැමීමට වාරිමාර්ග නිලධාරීන් කඩිමුඩියේ නෙළුම්වැවට වතුර පිරවීම විමතියට කරුණක් බවයි ෴

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි – 2 වන කොටස : එක්නැලිගොඩට තර්ජනය කළේ ඇයි? ජපානයේ දී කලිසම් ඇඳගෙන විනෝද ගමන් ගියා ද? (17.09.2026)

+++

“ආණ්ඩුවේ බුද්ධි අංශ මගේ පස්සෙනුත් පන්නනවා” – නාමල් වෙනුවෙන් ජිනීවා ගිය මිලින්ද දැන් කියන කතාව (16.09.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *