දෙමටගොඩ කළු පාලම අසල සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට
මත්පැන් සාදය අතරතුර ඇති වූ බහින්බස් වීමකින් මිතුරා උඩුමහලින් තල්ලුකර මරාදමලා
වත්තල ‘ශාරුක්ඛාන්’ ගේ රු. කෝටි 9 කට අධික දේපළ තහනම් කෙරේ
රු. කෝටි සීයක (100) හෙරොයින් සන්තකයේ තබාගත් අයෙක් පෝරකේට
‘කොකේන්’ සමග අත්අඩංගුවට පත් ‘විශ්ව කොඩිකාර’ට අධිකරණයෙන් රු. 5000 ක දඩයක් (17.09.2026)
දුම්රිය ප්‍රවේශපත්‍ර Online ක්‍රමයට
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ රුපියල් එක්ලක්ෂ විසි දහසක (1,20,000) කොන්ත්‍රාත්තුවකට
දෙමටගොඩ කළු පාලම අසල සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට
(17.09.2026 – sinhala.adaderana.lk)
දෙමටගොඩ කළුපාලම තුළදී සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල්ගත කිරීමට පියවර ගත්තද, ඔහු මිය ගොස් ඇති බවය.
සිය ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර, ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණි.
වෙඩි තැබීමට හේතුව හෝ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
+++
+
මත්පැන් සාදය අතරතුර ඇති වූ බහින්බස් වීමකින් මිතුරා උඩුමහලින් තල්ලුකර මරාදමලා
(17.09.2026 – hirunews.lk)
සීදූව නගරයේ පිහිටි හෝටලයක සේවය කළ සේවකයකු එහි උඩුමහලින් බිමට තල්ලු කර ඝාතනනය කර ඇතැයි සීදුව පොලිසිය පවසනවා.
මෙම මරණකරු අදාළ හෝටලයේ උඩුමහලේ නවාතැන් ගෙන සිටි සේවකයෙකු බව අනාවරණය වී තිබෙනවා.
මියගිය හොටෙල් සේවකයා සහ එම හෝටලයේම සේවය කරන ඔහුගේ මිතුරෙකු ඊයේ (16) මත්පැන් පානය කරමින් සිට ඇති බවත් පසුව දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමකදී මෙම සිදුවීම සිදුව ඇති බවටත් මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.
මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෝයගනේ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අයෙක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
විමර්ශනවලදී හෙළි වී ඇති පරිදි, සිදුවීම සිදු වන අවස්ථාවේදී මරණකරු සහ එම හෝටලයේම තවත් සේවකයෙකු උඩුමහලේ මත්පැන් පානය කරමින් සිට තිබෙනවා.
එහිදී ඔවුන් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන්, සැකකරු විසින් මරණකරු උඩුමහලෙන් බිමට තල්ලු කර මෙම ඝාතනය සිදු කර ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් 41 ක් වියැති සැකකරුවකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා ෴
වත්තල ‘ශාරුක්ඛාන්’ ගේ රු. කෝටි 9 කට අධික දේපළ තහනම් කෙරේ
(17.09.2026 – hirunews.lk)
සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ‘මොහොමඩ් ෆාදල්ඩීන්’ හෙවත් ‘ශාරුක්ඛාන්’ නමැත්තාට අයත් රු. කෝටි නවයකට (9) අධික වටිනා දේපළ තහනම් කර තිබෙන බව ‘නීති විරෝධී වත්කම් කොට්ඨාසයේ ජාල වංචා විමර්ශන ඒකකය’ සඳහන් කරනවා.
ඔහුව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙසේ දේපළ තහනම් කර ඇති බවයි එම ඒකකය පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගත් මොහු, 48 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි අයෙක්.
මත්ද්‍රව්‍ය ජාවරමෙන් උපයාගත් මුදලින් ලබා ගත් අධි සුඛෝපභෝගී නිවාස 2 ක් ඇතුළු නිවාස හයක් (6) සහ මොටර් රථයක් (1) ඇතුළු දේපළ මෙලෙස තහනම් කර තිබෙනවා ෴
රු. කෝටි සීයක (100) හෙරොයින් සන්තකයේ තබාගත් අයෙක් පෝරකේට
(17.09.2026 – hirunews.lk)
රුපියල් කෝටි සීයයකට (100) ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකුට හලාවත මහාධිකරණය විසින් අද (17) මරණ දඬුවම නියම කර තිබෙනවා.
මෙලෙස මරණීය දණ්ඩනය නියම වූයේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන ‘මොහොමඩ් අබ්දුල් කාදර් මොහොමඩ් මුජාහිර්’ නමැති අයටයි.
2017 වර්ෂයේ මැයි මස 17 වැනිදා හලාවත ආනවිලුන්දාව ප්‍රදේශයේදී මේ අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ හලාවත කොට්ඨාශ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසින්.
එහිදී ඔහුට චෝදනා නැගුණේ රුපියල් කෝටි සීයයකට (100) ආසන්න වටිනාකමක් ඇති හෙරොයින් තොගයක් ප්‍රවාහනය කිරීම හා ළඟ තබා ගැනීම සම්බන්ධයෙනුයි.
හලාවත හිටපු මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර විසින් හලාවත මහාධිකරණයේදී මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළා ෴
යුද්ධයෙන් පස්සේ පාස්කු ප්‍රහාරය වෙනකම් රතිඤ්ඤයක්වත් හරියට පිපිරුන් නැති රටක් මේ, අද චිකාගෝවක් කරලා – මිලින්ද රාජපක්ෂ (17.09.2026)
+
මේ ලංකාවේ පළවැනි තැන, සිස්ටම් චේන්ජ් වෙච්ච තැන – මිහින්තලා නාහිමිගෙන් අදත් දොස් මුරයක්,ආණ්ඩුව ලෙෆ්ට් (17.09.2026)
+
‘කොකේන්’ සමග අත්අඩංගුවට පත් ‘විශ්ව කොඩිකාර’ට අධිකරණයෙන් රු. 5000 ක දඩයක් (17.09.2026)
+
ඩොලර් මිලියන 80 ක් විදේශගත කළ ජාවාරමේ බැංකු නිලධාරීන් සිව්දෙනාට (4) ඇප – අදාල බැංකු පරිශ්‍රවලට ඇතුළුවීම තහනම්
(17.09.2026 – hirunews.lk)
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පිටරට පටවන ව්‍යාජ සමාගම් 36 ක හිමිකරුවකු බව කියන ඡාවාරම්කාර ‘ජෙෆ්රි මොහොමඩ්’ නමැත්තා සමග එක්ව අමෙරිකන් ඩොලර් මිලියන 80 ක් විදේශගත කර රජයට, පාඩු කළේ යැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෙරට ප්‍රධාන පෙළේ පුද්ගලික බැංකු නිලධාරීන් සිව්දෙනා (4) ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (17) නියෝග කළා.
ඒ අනුව, එක් සැකකරුවකුට රුපියල් 25,000 ක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග නිකුත් වුණා.
එමෙන්ම, සැකකාර බැංකු නිලධාරීන්ට අදාල බැංකු වෙත ඇතුළුවීම තහනම් කරමින් අධිකරණයෙන් නියෝගයක් ද නිකුත් වුණා.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘ජෙෆ්රි මොහොමඩ්’ සහ මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වු ‘මොහොමඩ් ඉන්ෆාඩ්’ යන දෙදෙනා (2) ලබන 01 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ද අධිකරණයෙන් නියෝග නිකුත් කෙරුණා.
සිද්ධියට අදාල නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වුණා.
පැමිණිල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතීඥ ඔස්වල්ඩ් පෙරේරා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා.
තවද මෙම සිද්ධියට අදාල පළමුවෙනි (1) සැකකරුට මත්ද්‍රව්‍ය පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණය පනත යටතේ කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළ බවත් එම සැකකරු විසින් රු. ලක්ෂ 65 කට අධික මුදලක් මත්ද්‍රව්‍ය ජවාරම් ඔස්සේ උපයා ගෙන බැංකු ගත කර ඇති බවත් රජයේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.
වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වු රජයේ නීතීඥවරයා මෙසේ ප්‍රකාශ කළා :
“ස්වාමිනි ඇමෙරිකන් ඩොලර් බිලියන 190 ක් මෙරටින් බැහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේදී මෙම මහා ජාවාරම අනාවරණය වුණා. මේ නඩුවේ පළමුවෙනි (1) සැකකරු තමයි ‘ජෙෆ්රි මොහොමඩ්’. ඔහු සමාගම් 36 ක් පිහිටවනවා. මේ සමාගම් 36 ට අමතරව තවත් සමාගම් 5 ක් ගැන කරුණු අණාවරණය වෙනවා. ඒ වගේම තවත් ‘මුස්ලිම් බැංකුවක්’ ද මෙයට සම්බන්ධ වෙලා.
මෙම සිද්ධියේ පළමු (1) සැකකරු විසින් 1554 වතාවක් ගණුදෙනු හුවමාරු කරගෙන තියෙනවා. රු. බිලියන 12, රු. මිලියන 415 ක් සහ රු. හත් ලක්ෂ පනස් නවදාහස් එකසිය හතළිස් හතක (7,59,147) මුදලක් ද ඒ අයුරින් හුවමාරු කරගෙන. දැනට කරලා තියෙන විමර්ශනයට අනුව මොහු රු. බිලියන 86 ක මුදලක් රටින් පිට කරලා.”
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාර බැංකු නිලධාරින්ට ඇප ලබා දෙමින් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා (2) ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබුවා ෴
‘බත්තරමුල්ලේ බන්ටිගේ’ උපදෙස් මත මාලඹේ සඟවා තිබූ T-56 උණ්ඩ 145 ක් සහ මාංචු කුට්ටමක් (1) CID අත්අඩංගුවට
(17.09.2026 – hirunews.lk)
මාලඹේ – තුන්අඳහේන ප්‍රදේශයේදී අපරාධයක් සිදු කිරීම සඳහා සඟවා තබා තිබූ T-56 උණ්ඩ 145 ක් සහ මාංචු යුගලක් (1) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සොයා ගෙන තිබෙනවා.
විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘බත්තරමුල්ලේ බන්ටි’ නමැත්තාගේ උපදෙස් මත මෙම උණ්ඩ සහ මාංචු තොගය අදාළ ස්ථානයේ සඟවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබූ බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා ෴
දුම්රිය ප්‍රවේශපත්‍ර Online ක්‍රමයට
(17.09.2026 – sinhala.adaderana.lk)
දුම්රිය භාවිත කරන මගීන් සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත්‍ර ලබාගත හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, https://pravesha.lk/ වෙබ් අඩවිය ඔස්සේ එම පහසුකම සලසා ඇති බවය.
එමෙන්ම pravesha ජංගම දුරකථන යෙදවුම ඔස්සේ ද දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ හැකියාව පවතින බව සඳහන්ය.
මෙලෙස මෙම තීරණය ගෙන ඇත්තේ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් මුල්කරගනිමින් දුම්රිය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය වර්ජනයක් දියත් කර ඇති පසුබිමකය.
ඒ හේතුවෙන් බොහෝ දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදු නොවූ බැවින් මෙම පියවරගෙන ඇති බව බව සඳහන්ය.
කෙසෙවෙතත් වර්ජනයක් දියත් කළ ද අද (17) සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන ආකාරය දක්නට ලැබුණා.
දුම්රිය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළේය.
ඒ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය, දුම්රිය සේවක සංගමය, ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය ගේට්ටු ක්‍රියාකරු එකමුතුව, දුම්රිය ආරක්ෂක නිලධාරින්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති 29 ක් එක්වය.
සේවක ගැටලුවලට විසඳුම් ලබානොදී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අත්තනෝමතික ලෙස ක්‍රියා කරන බැවින් ඔහු වහාම ඉවත් කරන්නැයි ඉල්ලමින් වෘත්තිය ක්‍රියාමාර්ගය දියත් කෙරුණි.
ඒ හේතුවෙන් අද (17) උදෑසන දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමක් සිදුනොවූවද මගීන් පැවසුවේ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය විය.
වර්ජනය ක්‍රියාත්මක වුව ද අද (17) උදෑසන මෙන්ම පස්වරුවේදිත් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කටයුතු සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙවන් පසුබිමක වර්ජනයේ නිරතවූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ විසඳුමක් ලබානොදෙන්නේනම් ඉදිරියේදී සිය වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කරන බවය.
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ රුපියල් එක්ලක්ෂ විසි දහසක (1,20,000) කොන්ත්‍රාත්තුවකට
(17.09.2026 – sinhala.adaderana.lk)
දෙහිවල නිවසකට පසුගිය 11 වැනිදා අත්බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පොලීසියට තොරතුරු රැසක් අනාවරණ කර තිබේ.
මෙම අත්බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනකු (2) මියගොස් ඔවුන්ගේ පියා බරපතළ තුවාල ලැබුවේය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන ආරම්භ කෙරුණි.
එවන් පසුබිමක අත්අඩංගුවට ගැනුණු බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අද (17) වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර දකුණ, දිසා අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවේය.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඔහු 2025 වසරේ නැදිමාල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිට ඉකුත් ජූලි මස 19 වැනිදා ඇපමත නිදහස්ව පැමිණි බවය.
පසුව ඔහු ඉකුත් අගෝස්තු පළමුවැනිදා (01) රත්මලානේදී ‘කුඩු අංජු’ගේ සමීපතමයෙක් වෙඩිතබා ඝාතනය කර තිබේ.
ඒ සඳහා ‘බෝධියාවත්තේ අවිශ්ක’ හා ‘කොස්මල්ලි’ විසින් තමාට රුපියල් ලක්ෂ 5 ක මුදලක් හා ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 10 ක් ලබාදී ඇතැයි ඔහු පොලිසියට අනාවරණ කර තිබේ.
අනතුරුව ඔහුට දෙහිවල නිවසට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ කොන්ත්‍රාත්තුව භාරදී ඇත්තේද ‘බෝධියාවත්තේ අවිශ්ක’ හා ‘කොස්මල්ලි’ විසින් බවද ඔහු පවසා තිබුණි.
ඒ අනුව ප්‍රහාරය එල්ලකිරීමට ගිය ත්‍රිරෝද රථයේ අත් බෝම්බය ද තබාතිබී ඇති අතර, ප්‍රහාරයට අදාළ නිවස පෙන්වීම සඳහා එහි තවත් පුද්ගලයෙකු සිටි බව සැකකරු පවසා ඇතැයි වාර්තා වෙයි.
කෙසේවෙතත් එම පුද්ගලයා තමන්ට පෙන්වා ඇත්තේ වැරදි නිවසක් බවත් සැකකරු එහිදී පවසා තිබේ.
අදාළ ප්‍රහාරයෙන් පසුව ‘බෝධියාවත්තේ අවිශ්ක’ හා ‘කොස්මල්ලි’ විසින් තමන්ට රුපියල් එක් ලක්ෂ විසිදහසක (1,20,000) මුදලක් ලබාදී, බිබිල ප්‍රදේශයට පලායන ලෙසට උපදෙස් දුන් බව සැකකරු පවසා ඇති බවයි වාර්තා වෙයි.
ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ බිබිලේ සිය හිතවතෙකුගේ නිවසක සැඟවී සිටියදීය.
මේ අතර ප්‍රහාරය සඳහා නිවස පෙන්වූ පුද්ගලයා ද බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනුලැබීය.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඒ සඳහා ‘අවිශ්ක’ හා ‘කොස්මල්ලි’ විසින් රුපියල් විසිදහසක (20,000) මුදලක් ලබාදුන් බවය.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මහතාගේ අධීක්ෂණයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරයි ෴
Hiru TV Balaya Live | Episode 658 | 2026-09-17
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴