විල්පත්තුවේ කුඹුක් ගස් සංහාරය ගැන අනාවරණයක් : දිය පුරවා අපරාධය යට ගැසීමේ උත්සාහයක් ගැන තොරතුරු එළියට

විල්පත්තුවේ කුඹුක් ගස් සංහාරය ගැන අනාවරණයක් : දිය පුරවා අපරාධය යට ගැසීමේ උත්සාහයක් ගැන තොරතුරු එළියට

සාර්ථක ජන රැළියක් ! ආණ්ඩුවට හිසරදයක් ? (15.09.2026)

බුදුන් සමයේ අසූචි කෑ බමුණා ‘ලැට් ෂුදා’ ලෙස ඉපදුනාද ? (16.09.2026)

දැන් නං, ඉතාම අවබෝධයෙන් බොරු කියන්නෙ… වැව් 450 ක් / විශ්වවිද්‍යාල 50 ක් / ගෙවල් 35,000 ක්/හයිවේ 3 ක් (15.09.2026)

ජේවීපීකාරයො හදන්නෙ සජිත්ව ජනාධිපති කරන්නද ? සජබෙ කුක්කො හිතන්නෙ එහෙමද ? (15.09.2026)

කොහොම හිරේ දැම්මත්, 2029 නාමල් ජනාධිපති… කොත්තමල්ලි ජනාධිපති මට නඩු දැම්මා (14.09.2026)

සජිත් ඔයා ඇයි මේ විකට් එක වටේ දුවන්නේ… අනුරව අවුට් කරන්න බයයි ද ? (15.09.2026)

ඇස් දෙකම බැඳගෙන වැඩේ දෙන්ඩ යන්නෙ… එතකොට අඳුනාගන්න බෑනෙ කවුද කියලා (16.09.2026)

අනුරාධපුරේ රැස්වීම ගැන අන්තිම කතාව… මේක තේරුම් ගත්තොත් අලුත් වෙන්න පුළුවන් (16.09.2026)

අනුර කියපු පච අහනකොට නලින්දට කටඋත්තර නෑ… ඇත්තම කියනවා නං, මේක බල උමතුවක් (16.09.2026)

දෙහිවල බෝම්බයේ මහමොළකරුවක් බිබීලේදී අල්ලයි! ඕලුගලගේ උපාය දූතයා මරන්න ආ රු. ලක්ෂ 140 කොන්ත්‍රාත්තුව! (15.09.2026)

දෙහිවල බෝම්බයට ගනන රු. 20,000 යි! ඝාතනයට ඍජුව සම්බන්ධ ‘කොස්මල්ලි’ගේ මස්සිනා අත්අඩංගුවට (16.09.2026)

අනුර ඔයාට 24 වෙනකන් කල් දෙන්නම් (15.09.2026)

රොහින්‍යා ගැන සජබ ස්ථාවරය (15.09.2026)

හරිණි හිරවෙයිද ? හැරෙයිද ? (16.09.2026)

සජබ පොහොට්ටු ගැටුම සහ UNP ය (16.09.2026)

විල්පත්තුවේ කුඹුක් ගස් සංහාරය ගැන අනාවරණයක් : දිය පුරවා අපරාධය යට ගැසීමේ උත්සාහයක් ගැන තොරතුරු එළියට

(16.09.2026 – hirunews.lk)

විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිමේ ඇති නෙළුම්වැවේ කුඹුක් ගස් සිය ගණනක් ගිනි තබා වැනසීමේ අපරාධය යටගැසීමට, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කඩිමුඩියේ නෙළුම්වැවට වතුර පිරවීමට පියවර ගෙන ඇතැයි පරිසරවේදීන් චෝදනා කරනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තු නිලධාරීන් මෙලෙස ක්‍රියාකර ඇත්තේ, කුඹුක් ගස් සංහාරය පිළිබඳව විල්පත්තුව ප්‍රාදේශීය ලේකම්වරයා පොලිස් පැමිණිල්ලක් ද යොමුකර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් තිබෙන පසුබිමක් තුළයි.

පුරාණයේ රජවරුන් වැව් තැනීමේදී ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීම වස්, වැව් බැම්මේත් පෝෂක කලාපයේත් කුඹුක් ගස් සිටුවූයේ පරම්පරා ගණනාවක පැවැත්ම තහවුරු කිරීම සඳහායි.

අතීත මුතුන්මිත්තන්ගේ දූරදර්ශී ඥානයෙන් පෝෂණය වූ වැව් බැඳි රාජ්‍යයට මායිම්ව පිහිටි විල්පත්තුව ජාතික වනෝද්‍යානය මායිමේ, එම අතීත ඥානයට පයින් ගැසූ පුවතක් අපට මෙලෙස වාර්තා වුණා.

විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිමේ පරණ එළුවන්කුලම, නෙළුම්වැව මධ්‍යයේ පිහිටා තිබූ වසර සිය ගණනක් පැරණි දැවැන්ත කුඹුක් ගස් පද්ධතිය, පසුගිය දින කිහිපය තුළ සංවිධානාත්මක පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබූ අතර, මේ වනවිටත් වැව් පිටිය දක්නට ලැබෙන්නේ සොහොන් බිමක් ලෙසයි.

මෙම ගිනි තැබීම් පිළිබඳව තොරතුර ලද සැණින් අප මාධ්‍යවේදීන් අදාළ ප්‍රදේශයට ළඟා වූ අතර, ඒ වනවිටත් කුඹුක් ගස් ඇතුළු දැවැන්ත වනස්පතීන් ගිනි ගෙන දැවෙමින් පැවැතියා.

සියලු කුඹුක් ගස්වල මුල් ඉලක්ක කර, වෙන් වෙන් වශයෙන් ගින තබා තිබූ හෙයින්, මෙය සංවිධානාත්මකව කළ අපරාධයක් බවට පරිසරවේදීන් සැක පළ කරනවා.

මෙම කුඹුක් ගස් විනාශය පිළිබඳව සැළ වූ වහාම, මේ පිළිබඳ විමර්ශනයක් කරන ලෙස වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම්වරයා වනාතවිල්ලුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.

පරිසරවේදීන් ඇතුළු පිරිස් පෙන්වා දෙන්නේ, පොලිස් විමර්ශන පවා අවසන් නොමැති පසුබිමක කුඹුක් ගස් විනාශය වසා දැමීමට වාරිමාර්ග නිලධාරීන් කඩිමුඩියේ නෙළුම්වැවට වතුර පිරවීම විමතියට කරුණක් බවයි.

ලෝක බැංකු ආධාර යටතේ රුපියල් ලක්ෂ 500 ක් වැය කර මෙම වැව් බැම්ම ඉදි කළ ද අද වනවිට කර ඇති මෙම අඳබාල ක්‍රියාව හරහා, යළි නෙලුම්වැවට අවදානමක් මතුව තිබෙනවා.

ලහි ලහියේ වැව පිරවීම හරහා වාරි බලධාරීන් මේ කරන්නේ, සංවිධානාත්මක අයුරින් සාහසික ලෙස මැරූ කුඹුක් ගස්, ජලය පුරවා වැව් පතුලේ සැඟවීම ද ?

‘හිරු සී.අයි.ඒ.’ මේ පිළිබඳව නිරන්තර අවධානයෙන්.

+

සාර්ථක ජන රැළියක් ! ආණ්ඩුවට හිසරදයක් ? (15.09.2026)

+

බුදුන් සමයේ අසූචි කෑ බමුණා ‘ලැට් ෂුදා’ ලෙස ඉපදුනාද ? (16.09.2026)

+

දැන් නං, ඉතාම අවබෝධයෙන් බොරු කියන්නෙ… වැව් 450 ක් / විශ්වවිද්‍යාල 50 ක් / ගෙවල් 35,000 ක්/හයිවේ 3 ක් (15.09.2026)

+

ජේවීපීකාරයො හදන්නෙ සජිත්ව ජනාධිපති කරන්නද ? සජබෙ කුක්කො හිතන්නෙ එහෙමද ? (15.09.2026)

+

කොහොම හිරේ දැම්මත්, 2029 නාමල් ජනාධිපති… කොත්තමල්ලි ජනාධිපති මට නඩු දැම්මා (14.09.2026)

+

සජිත් ඔයා ඇයි මේ විකට් එක වටේ දුවන්නේ… අනුරව අවුට් කරන්න බයයි ද ? (15.09.2026)

+

ඇස් දෙකම බැඳගෙන වැඩේ දෙන්ඩ යන්නෙ… එතකොට අඳුනාගන්න බෑනෙ කවුද කියලා (16.09.2026)

+

අනුරාධපුරේ රැස්වීම ගැන අන්තිම කතාව… මේක තේරුම් ගත්තොත් අලුත් වෙන්න පුළුවන් (16.09.2026)

+

අනුර කියපු පච අහනකොට නලින්දට කටඋත්තර නෑ… ඇත්තම කියනවා නං, මේක බල උමතුවක් (16.09.2026)

+

දෙහිවල බෝම්බයේ මහමොළකරුවක් බිබීලේදී අල්ලයි! ඕලුගලගේ උපාය දූතයා මරන්න ආ රු. ලක්ෂ 140 කොන්ත්‍රාත්තුව! (15.09.2026)

+

දෙහිවල බෝම්බයට ගනන රු. 20,000 යි! ඝාතනයට ඍජුව සම්බන්ධ ‘කොස්මල්ලි’ගේ මස්සිනා අත්අඩංගුවට (16.09.2026)

+

අනුර ඔයාට 24 වෙනකන් කල් දෙන්නම් (15.09.2026)

+

රොහින්‍යා ගැන සජබ ස්ථාවරය (15.09.2026)

+

හරිණි හිරවෙයිද ? හැරෙයිද ? (16.09.2026)

+

සජබ පොහොට්ටු ගැටුම සහ UNP ය (16.09.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *