A 9 ක් ගත් සිසුවා කුඩු ගහන්න සල්ලි නොදුන්නැයි තම මවට පොලු පහර දී අවසන් ගමන් යවයි
ආණ්ඩුව සහ රාජ්‍යය බිඳ වැටෙමින් යන්නේ – හිටපු ආණ්ඩුකාර කීර්ති කරන හෙළිදරව්ව (16.09.2026)
ශිරන්ති රාජපක්ෂ රටින් පැනලා ගියේ නෑ – මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක සියල්ල හෙළි කරයි (16.09.2026)
ආණ්ඩුව ගෙදර යවන සටන 24 ඇරඹෙයි – ඒකාබද්ධ විපක්ෂය මහ රෑ රැස්වෙයි (15.09.2026)
අලුත් පාර්ලිමේන්තුව : විපක්ෂයේ කඩුව කා අතද? (16.09.2026)
කථානායකත් ගෙදරට? රාජ්‍ය බලය ගන්න හදන JVP සූරපප්පා! (15.09.2026)
දිලීප පීරිස් උසාවියේදී නාගනී! මාස 3 ට රු. බිලියන 744 ක අලුත් ණයක්! (16.09.2026)
කැලුම්ගේ වැඩක් බලා ගෙන ඉන්න කියූ සජබයියන්ට උත්තර මෙන්න (16.09.2026)
A 9 ක් ගත් සිසුවා කුඩු ගහන්න සල්ලි නොදුන්නැයි තම මවට පොලු පහර දී අවසන් ගමන් යවයි
(16.09.2026 – lankacnews.com)
මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ලබා නොදීම හේතුවෙන් උරණ වූ දහහත් (17) හැවිරිදි පුත්‍රයෙකු විසින් සිය මවට පොල්ලකින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කිරීමේ පුවතක් යාපනය, අච්චුවේලි ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අච්චුවේලි, පුතූර් බටහිර, ශිව දේවාල පාරේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි.
අපරාධය සිදු කළ සැකකාර පුත්‍රයා යාපනය හින්දු විද්‍යාලයේ ඉගෙනුම ලබමින් පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ (A) නවයක් (9) හිමිකරගත් දක්ෂ සිසුවෙකු බව අනාවරණය වී ඇත.
කෙසේවෙතත්, පාසල් සමයේදීම මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වීම හේතුවෙන් ඔහු ඇතුළු සිසුන් තිදෙනෙකු (3) පාසලෙන් නෙරපා හැරීමට විදුහල්පතිවරයා පියවර ගෙන තිබිණි.
පාසලෙන් ඉවත් කෙරුණද මත් උවදුරින් මිදීමට නොහැකි වූ මෙම සැකකරු, නිරන්තරයෙන් මවට බියවද්දා මුදල් ලබා ගැනීමට හුරුව සිට ඇත.
විදේශගතව සේවය කරන සෙසු දරුවන් විසින් මවගේ නඩත්තුව සඳහා එවන ලද මුදල්වලින් වැඩි ප්‍රමාණයක්ද මොහු විසින් තර්ජනය කර ලබාගෙන මිතුරන් සමඟ මත්පැන් හා මත්ද්‍රව්‍ය පානයට වැය කර ඇති බව හෙළිව තිබේ.
පසුගිය 14 වනදාද ඔහු සුපුරුදු පරිදි මත්ද්‍රව්‍ය සඳහා මවගෙන් මුදල් ඉල්ලා ඇති අතර, ඇය ඊට දැඩි ලෙස විරෝධය පා මුදල් දීම ප්‍රතික්ෂේප කර ඇත.
ඉන් දැඩි ලෙස කෝපයට පත් සැකකරු සිය මවට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී තහවුරු විය.
පොලිසියට ලද තොරතුරක් මත අදාළ නිවස පරීක්ෂා කිරීමේදී නිවෙස තුළ තිබී මියගිය කාන්තාවගේ සිරුර සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ ෴
[ආනන්තරීය පාප කර්ම පහකි. 1) තම මව මැරිම, 2) තම පියා මැරීම, 3) රහත් උතුමෙකු මැරීම, 4) බුදුරජුන්ගේ ශරීරයේ ලේ වෛරී සිතින් සෙළවීම, 5) සංඝ භේදය සිදුකිරීම (කළහැක්කේ උපසම්පදා භික්ෂුවක විසින් පමණි). ආනන්තරීය පාප කර්ම සිදුකළ තැනැත්තා මියගිය මොහොතේම ඒකාන්තයෙන් ම දරුණු කර්ම විපාකයකට මුහුණදීමට සිදුවේ. එයට අදාළ කර්ම විපාකය නම් මරණින් මතු ‘අවිචී මහා නරකයෙහි’ ඉපිද දුක් විඳීන්නට සිදුවීමයි. ආනන්තරීය පාප කර්මයේ විපාක අතිශයින්ම ප්‍රබලය ෴]
ආණ්ඩුව සහ රාජ්‍යය බිඳ වැටෙමින් යන්නේ – හිටපු ආණ්ඩුකාර කීර්ති කරන හෙළිදරව්ව (16.09.2026)
+
ශිරන්ති රාජපක්ෂ රටින් පැනලා ගියේ නෑ – මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක සියල්ල හෙළි කරයි (16.09.2026)
+
ආණ්ඩුව ගෙදර යවන සටන 24 ඇරඹෙයි – ඒකාබද්ධ විපක්ෂය මහ රෑ රැස්වෙයි (15.09.2026)
+
මිනිස්සු ගෙන්නලා කතාවක් කරලා චූන් කරලා ඇරියා කියලා මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ – දයාසිරි (16.09.2026)
+
අලුත් පාර්ලිමේන්තුව : විපක්ෂයේ කඩුව කා අතද? (16.09.2026)
+
කථානායකත් ගෙදරට? රාජ්‍ය බලය ගන්න හදන JVP සූරපප්පා! (15.09.2026)
+
දිලීප පීරිස් උසාවියේදී නාගනී! මාස 3 ට රු. බිලියන 744 ක අලුත් ණයක්! (16.09.2026)
+
කැලුම්ගේ වැඩක් බලා ගෙන ඉන්න කියූ සජබයියන්ට උත්තර මෙන්න (16.09.2026)
+
ඇඳ ඇතිරිල්ලේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ළබැඳියාවන් අතර ගැටුම – ලජ්ජා නැතිකම කතානායකකමටත් වඩා ලොකුයි (16.09.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴