මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ‘පොලිස් නිෂ්කාශන සහතික’ සඳහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවයි

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ‘පොලිස් නිෂ්කාශන සහතික’ සඳහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවයි

සලේගේ වෛද්‍ය වාර්තා ලබා නොදීම ගැන කරුණු කියන්න ජාතික රෝහල් අධ්‍යක්ෂකට නොතිසී

අයියා – මලෝ බිලිගත් දෙහිවල බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ගේ පාපොච්චාරණය (15.09.2026)

අධිවේගයේ යන වාහනවල සියලුම අය ආසන පටි පැළඳීම සැප්තැම්බර් 20 සිට අනිවාර්යය කෙරේ

මහමග අනාරක්ෂිත රිය ධාවනයෙන් යතුරුපැදිකරු මරුට | අවාසනාවන්ත සිදුවීම CCTV කැමරාවේ (15.09.2026)

මගේ පුතා මට නැති වුනා – පුතා හොයාගෙන ‘ඉංගිරිය ජේතවනේ’ට ගිය මට ‘ශ්‍රමණවේශධාරීන්’ පහර දුන්නා (15.09.2026)


මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ‘පොලිස් නිෂ්කාශන සහතික’ සඳහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවයි

(15.09.2026 – hirunews.lk)

ශ්‍රී ලංකා පොලිසියේ නිෂ්කාශන පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ පද්ධතිය යථාවත් වනතුරු අයදුම්කරුවන්ට ළඟම පොලිස් ස්ථානය වෙත ගොස් නිෂ්කාශන සහතික සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එමෙන්ම, අයදුම්කරුවන්ට ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය වන https://police.lk/ වෙත පිවිස එහි Digital Services යටතේ ඇති Clearance Certificate හි Download Application මගින් අදාළ අයදුම්පත බාගත කරගත හැකි බවත් සඳහන් කරනවා.

( https://police.lk/wp-content/uploads/2026/01/clearance_application.pdf )

සම්පූර්ණ කළ අයදුම්පත සමඟ ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය සහ උප්පැන්න සහතිකය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු බවත් සඳහන්.

ජාතික හැඳුනුම්පතේ සහ විදේශ ගමන් බලපත්‍රයේ ‘නම්’ අතර වෙනසක් පවතින්නේ නම්, ‘විදේශ ගමන් බලපත්‍රයේ නම’ට නිෂ්කාශන සහතිකය ඉල්ලා සිටින අවස්ථාවක දිවුරුම් ප්‍රකාශයක පිටපතක් ද ඉදිරිපත් කළ යුතු බව පොලිසිය දැනුම් දෙනවා.

මේ සඳහා අයදුම්පත් ගාස්තුව ලෙස රුපියල් 5,000 ක මුදලක් අය කෙරෙන අතර, ඒ සඳහා මුදල් කුවිතාන්සියක් පොලිස් ස්ථානය මගින් ලබාදෙන බවද පොලිසිය සඳහන් කරනවා.

මීට පෙර භාවිත කළ clearapplication@gov.lk විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ අයදුම්පත් යොමු කිරීමද තවදුරටත් අවශ්‍ය නොවන බව පොලිසිය දැනුම් දෙනවා.

එම ක්‍රමය ඔස්සේ මීට පෙර අයදුම් කළ අයදුම්කරුවන්ද ළඟම පොලිස් ස්ථානය හරහා ඉහත ක්‍රමවේදයට අනුව පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම් කරන ලෙස දැනුම්දී තිබෙනවා.

විදෙස් ජාතිකයන්ට පොලිස් නිෂ්කාශන සහතිකයක් සඳහා අයදුම් කිරීමේදී ඔවුන්ගේ රටේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ගොස් අයදුම්පත් භාරදීමට හැකියාව පවතින බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා ෴


සලේගේ වෛද්‍ය වාර්තා ලබා නොදීම ගැන කරුණු කියන්න ජාතික රෝහල් අධ්‍යක්ෂකට නොතිසී

(15.09.2026 – hirunews.lk)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාලව රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ‘සුරේස් සලේ’ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයට වර්තාවක් ඉදිරිපත් නොකිරීම සහ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයට වාර්තා ලබා නොදීම සම්බන්ධයෙන් ලබන 22 වැනිදා අධිකරණයේ පෙනී සිට හේතු දක්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට නොතිසි නිකුත් කළා.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත යුතුද? නැද්ද? යන්න සම්බන්ධයෙන් වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පෙර නඩු දිනයේදී ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත දන්වා තිබුණද එම වාර්තාව අද (15) අධිකරණයට ඉදිරිපත් කර නොතිබීම නිසා මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට මෙලෙස නොතිසි නිකුත් කළා.

සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් විසින් කරන ලද ඉල්ලීමත් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් මෙලෙස නියෝග නිකුත් වුණා ෴

+++

සලේ පිළිබඳ නඩුවේදී දිලීප පීරිස්ගෙන් ආන්දෝලනාත්මක කරුණු දැක්වීමක් (15.09.2026)

+


අයියා – මලෝ බිලිගත් දෙහිවල බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ගේ පාපොච්චාරණය (15.09.2026)

+


අධිවේගයේ යන වාහනවල සියලුම අය ආසන පටි පැළඳීම සැප්තැම්බර් 20 සිට අනිවාර්යය කෙරේ

(15.09.2026 – sinhala.adaderana.lk)

අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා මගීන් සඳහා ආසන පටි පැළඳීම එළැඹෙන සැප්තැම්බර් 20 වැනිදා සිට අනිවාර්යය කිරීමට පියවර ගෙන තිබේ.

වාහන නිෂ්පාදකයා විසින් ආසන පටි සවි කර නොමැති ආසන සඳහා ඒවා සවි කර ගැනීමට ලබා දී තිබූ සහන කාලය අවසන් කිරීම වෙනුවෙන් නිකුත් කරන ලද 2026 ජූනි 17 දිනැති අංක 2493/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ නියෝග සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිව ඇත.

ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

දිනෙන් දින ඉහළ යන රිය අනතුරු සහ මරණ සංඛ්‍යාව අවම කරගැනීම සඳහා අංක 1717/14 දරන 2011.08.03 දිනැති මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරමින් 2025.09.25 දින අංක 2455/29 ගැසට් නිවේදනය මගින් ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරිණි.

පසුව ආසන පටි සවි කරගැනීමට මාස 03 ක සහන කාලයක් ලබා දුන් අතර, මෙම සහන කාලය 2025.12.25 දිනෙන් අවසන් විය.

එහෙත් මහජන ඉල්ලීම් සලකා බලා එම කාලය 2026.03.20 සිට 2026.06.19 දක්වා නැවත දීර්ඝ කරන ලදී ෴


මහමග අනාරක්ෂිත රිය ධාවනයෙන් යතුරුපැදිකරු මරුට | අවාසනාවන්ත සිදුවීම CCTV කැමරාවේ (15.09.2026)

+


මගේ පුතා මට නැති වුනා – පුතා හොයාගෙන ‘ඉංගිරිය ජේතවනේ’ට ගිය මට ‘ශ්‍රමණවේශධාරීන්’ පහර දුන්නා (15.09.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *