හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ්ගේ හෙල්ල 5 කට ගුවන් ගමනේදී හානි
කොටහේනේ දී 18 හැවිරිදි තරුණයෙක් + යක්කලමුල්ල මොරකැටිය ප්‍රදේශයේදී 54 හැවිරිදි පිරිමියෙක් ඝාතනය වෙති
මුන්දලමේ ගින්නක් නිවන්න ගිය ගිනි නිවන රථයට වෙච්චි වැඩේ (15.09.2026)
නුවරඑළියේ පෝනියෝ : පාර පැන්න පෝනියා වෑන් එකේ වැදෙන හැටි (15.09.2026)
හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ්ගේ හෙල්ල 5 කට ගුවන් ගමනේදී හානි
(15.09.2026 – sinhala.adaderana.lk)
වත්මන් ලෝක මලල ක්‍රීඩා පිටියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ආධිපත්‍ය තවදුරටත් තමන් සතු කරගෙන සිටින ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) උදෑසන දිවයිනට පැමිණියේය.
එහිදී ඔහු සතු හෙල්ල 5 ක් ගුවන් මගින් ගෙන ඒමේදී සැකසහිත ලෙස කැඩී හානිවී ඇති බව වාර්තා වෙයි.

ඔහු ලෝක වාර්තා තැබූ එනම් හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී මීටර් 91.09 ක් දුර විසි කළ හෙල්ල, ස්විට්සර්ලන්තයේ සුරීච් නුවරදී මීටර් 92.07 ක් දුර විසි කළ හෙල්ල ඇතුළු ඔහු භාවිතා කරන හෙල්ල 5 ටම හානි වී ඇති බව සඳහන්ය.
අල්ටිමේට් සහ ඩයමන්ඩ් ලීග් ශූරතා දෙකම දිනාගත් රුමේෂ් තරංග අද (15) අලුයම 05:10 ට තුර්කි ගුවන් සේවයේ ටී.කේ. 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
+++
+
කොටහේනේ දී 18 හැවිරිදි තරුණයෙක් + යක්කලමුල්ල මොරකැටිය ප්‍රදේශයේදී 54 හැවිරිදි පිරිමියෙක් ඝාතනය වෙති
(15.09.2026 – sinhala.adaderana.lk)
කොටහේන නගරයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ තරුණයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
ඊයේ (14) දින රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර, කොටහේන පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මියගොස් ඇත්තේ, අවුරුදු 18 ක් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර, යක්කලමුල්ල පොලිස් වසමේ මොරකැටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට යක්කලමුල්ල පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ, අවුරුදු 54 ක් වූ යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පැරණි ආරවුලක් මත බහින් බස්වීමක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
අවුරුදු 27 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, යක්කලමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴
මුන්දලමේ ගින්නක් නිවන්න ගිය ගිනි නිවන රථයට වෙච්චි වැඩේ (15.09.2026)
+
නුවරඑළියේ පෝනියෝ : පාර පැන්න පෝනියා වෑන් එකේ වැදෙන හැටි (15.09.2026)
+
භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා සල්ලි තිබ්බට වැඩක් නෑ, බැන්ඩේජ් නෑ – රෝහල් අර්බුදය හොදටම ඔඩුදුවයි (15.09.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴