රු. කෝටි 32 ක් වටිනා ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගයක් කටුනායකදී අල්ලයි
‘කළුබෝවිල අවිශ්ක’ගේ ප්‍රධාන ගෝලයෙකු අයිස් සහ හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට
අහුංගල්ලේ ‘කුඩු නෝනි’ ඉලක්ක කරගත් වෙඩිල්ලක් ව්‍යාර්ථ වෙයි
හිට්ලර් ඇවිත් දොරට තට්ටු කරනතුරු ද, කාලය නාස්ති කරන්නේ ? (14.09.2026)
අනුර ඔයා ඉල්ලං කෑවේ, එච්චරයි… දැන් ඔයාගේ කතාව එන්න එන්න අවුල් වෙනවා (13.09.2026)
දෙහිවල බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුද? ශිරාන් හෝටලයක් අරගෙන කරන්න ගියදේ? (14.09.2026)
නාමල්ගේ රැලිය ගැන අපි සතුටු විය යුතුද ? (14.09.2026)
අනුර සජිත්ගෙන් කල අරුම පුදුම ඉල්ලීම (14.09.2026)
හරිනි ඉදිරියේ අනුර දණගසයි? NPP අභ්‍යන්තරයේ මහා පිපිරීම! (14.09.2026)
JVP + SJB + පෙරටුගාමී ජනතා විරෝධී කල්ලියේ එක ගෙයි කෑම හෙළි කරන හේෂා (14.09.2026)
ළමයින් ඇල්ලූ TB සරත්ට වැඩ වරදීද? සජිතුත් ළමයි අල්ලලා | දැන් මතුවෙන අලුත්ම විවාදය (14.09.2026)
කතානායක බෙල්ල මුලටම හිරවෙයිද? අප්‍රිකා සංචාරයෙන් පසු ජගත් වික්‍රමරත්න ඉල්ලා අස්වෙයිද? (14.09.2026)
රු. කෝටි 32 ක් වටිනා ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගයක් කටුනායකදී අල්ලයි
(15.09.2026 – sinhala.adaderana.lk)
කටුනායක ගුවන් තොටුපොළේ ගමන් මලු පථ අංක 06 අසළ අතහැර දමා තිබූ රුපියල් කෝටි තිස් දෙකක් (32) වටිනා ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගයක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
ගමන් මලු දෙකක් (2) තුළ සුළං නොවදින ලෙස පැකට් 60 ක අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය, ඊයේ (14) තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL-405 දරන ගුවන් යානයෙන් පැමිණි මගියකු විසින් රැගෙන විත් ඇති බව සඳහන් වේ.
ගුවන් තොටුපොළ තුළදී අත්අඩංගුවට පත්වීමට ඇති බිය නිසා අදාළ මගියා මෙම මත්ද්‍රව්‍ය තොගය අතහැර දමා පළා යන්නට ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සැක කරයි.
අදාළ ගමන් මලු රැගෙන ආ ගුවන් මගියා කවුරුන්දැයි අනාවරණය කරගැනීම සඳහා මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
අත්අඩංගුවට ගත් ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගය අද (15) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴
+++
+
‘කළුබෝවිල අවිශ්ක’ගේ ප්‍රධාන ගෝලයෙකු අයිස් සහ හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට
(15.09.2026 – sinhala.adaderana.lk)
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කළුබෝවිල අවිශ්ක’ නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ බව කියන පුද්ගලයා ‘අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය’ සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී කොහුවල කළුබෝවිල ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 10 ක්, ‘හෙරොයින්’ ග්‍රෑම් 504 ක්, විද්‍යුත් තරාදියක්, රබර් සීල් 2 ක් සහ ජංගම දුරකථන 2 ක් සොයාගෙන තිබේ.
සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාරදී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය ෴
අහුංගල්ලේ ‘කුඩු නෝනි’ ඉලක්ක කරගත් වෙඩිල්ලක් ව්‍යාර්ථ වෙයි
(14.09.2026 – sinhala.adaderana.lk)
අම්බලංගොඩ – අහුංගල්ල පොලිස් වසමට අයත් වැලිකන්ද ප්‍රදේශයේ නිවසකට අද (14) රාත්‍රියේ පැමිණි පුද්ගලයෙකු, එහි සිටි කාන්තාවකට වෙඩි තැබීමට උත්සාහ කර ඇතත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩි තැබීම ව්‍යාර්ථ වී තිබේ.
සිද්ධිය වන අවස්ථාවේදී අදාළ නිවසේ එම කාන්තාව පමණක් සිට ඇති අතර, කිසියම් පුද්ගලයෙකු පැමිණ දොරට තට්ටු කිරීමත් සමඟ ඇය දොර විවෘත කර ඇත.
ඒ ක්ෂණයකින් ක්‍රියාත්මක වූ අදාළ පුද්ගලයා ඇයට වෙඩි තැබීමට උත්සාහ කර ඇතත් ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැත.
පසුව වෙඩික්කරු එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස දිවි ගලවාගත් අදාළ කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදීම බන්ධනාගාරගතව සිටි ‘ලියන ගමගේ අනෝමා’ හෙවත් ‘කුඩු නෝනි’ නැමැති කාන්තාවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
+
අක්කර 135 ක තේ වත්තකට යෝෂිත, රෝහිත රාජපක්ෂලා ගහපු ගේමක් නිර්නාමික ලියකියවිලිවලින් පත්තු වෙයි ? (14.09.2026)
+
හිට්ලර් ඇවිත් දොරට තට්ටු කරනතුරු ද, කාලය නාස්ති කරන්නේ ? (14.09.2026)
+
අනුර ඔයා ඉල්ලං කෑවේ, එච්චරයි… දැන් ඔයාගේ කතාව එන්න එන්න අවුල් වෙනවා (13.09.2026)
+
දෙහිවල බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුද? ශිරාන් හෝටලයක් අරගෙන කරන්න ගියදේ? (14.09.2026)
+
නාමල්ගේ රැලිය ගැන අපි සතුටු විය යුතුද ? (14.09.2026)
+
අනුර සජිත්ගෙන් කල අරුම පුදුම ඉල්ලීම (14.09.2026)
+
අනුර හෙලි කල රහස (15.09.2026)
+
හරිනි ඉදිරියේ අනුර දණගසයි? NPP අභ්‍යන්තරයේ මහා පිපිරීම! (14.09.2026)
+
JVP + SJB + පෙරටුගාමී ජනතා විරෝධී කල්ලියේ එක ගෙයි කෑම හෙළි කරන හේෂා (14.09.2026)
+
ළමයින් ඇල්ලූ TB සරත්ට වැඩ වරදීද? සජිතුත් ළමයි අල්ලලා | දැන් මතුවෙන අලුත්ම විවාදය (14.09.2026)
+
කතානායක බෙල්ල මුලටම හිරවෙයිද? අප්‍රිකා සංචාරයෙන් පසු ජගත් වික්‍රමරත්න ඉල්ලා අස්වෙයිද? (14.09.2026)
+
ජනතාවට නැති වරප්‍රසාද එපා කිව්ව ආණ්ඩුවේ මන්ත්‍රීලා රු. 2000 ට ගෙවල් අරන්! ඇමතිවරු ඉන්නේ කාගේ ගෙවල්වලද? (15.09.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴