ඩීසල් මිල වැඩි කිරීමේ සූදානමක් ගැන වෘත්තීය සමිතිවලින් අනාවරණක්
දයාසිරිගෙන් කථානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි
සිර දඬුවම් නියම වූ ඥාණසාර හිමි පන්සලෙන් අතුරුදහන්…
වික්කේ කවුද? ගත්තේ කවුද? කවදාද? මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) නිල ලේඛනය මෙන්න (13.09.2026)
දෙහිවල බෝම්බ ප්‍රශ්නය විසඳන්න CID සහ CCIB පරීක්ෂණ අතට ගනී! බෝම්බ ගහන්න හේතු සොයාගනී! (12.09.2026)
පොලිස්පතිගේ ‘අයිස්’ කන්ටේනර් පරීක්ෂණය පුස්සක් වෙයිද? සියලු තොරතුරු සහිත අනාවරණය? (13.09.2026)
අද දෙකට බෙදුන රාජපක්ෂ රැලිය (12.09.2026)
පොළොන්නරුවෙ රැලියෙදි අනුරට නොසිතූ අභියෝගයක් (12.09.2026)
අනුර කෝමා වෙයි – රහසින් කී කතාව (13.09.2026)
අ’පුරට ආ අනුරට අදත් අමතක උනොත් (13.09.2026)
ඊයේ (12) අනුරාධපුරයේදී සිදුවූ සැබෑ දේශපාලන පෙරළිය! (13.09.2026)
1505 සිට මේ දක්වා සිදුවූ මහා පාවාදීම! | සත්කෝරල උරුමය (12.09.2026)
හොරෙන් අත්සන් කල ETCA ගිවිසුම යටතේ ශ්‍රමිකයන් ගේන අනුරගේ ප්ලෑන පොලොන්නරුවේදී එලියට! (13.09.2026)
මන්නාරමේ තෙල්-ගෑස් ගවේෂණයට රදගුරු සම්මේලනයෙන් බාල්දියක්? | අලුත් නිවේදනයේ ඇත්ත කතාව (12.09.2026)
අනුරාධපුර පොහොට්ටු රැලිය සාර්ථකද? අසාර්ථකද? | ජන ගඟ පිටුපස ඇත්ත කතාව (13.09.2026)
දෙහිවල බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනෙක් මරුට | රටේ ආරක්ෂාවට මොකද වෙන්නේ? (13.09.2026)
ඩීසල් මිල වැඩි කිරීමේ සූදානමක් ගැන වෘත්තීය සමිතිවලින් අනාවරණක්
(13.09.2026 – hirunews.lk)
පිරිවැයට සාපේක්ෂව මිල නියම කිරීමේ යාන්ත්‍රණයක් යළි ක්‍රියාත්මක කරන ලෙස මෙරට තුළ ඉන්ධන බෙදාහරින පෞද්ගලික සමාගම් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, ඔවුන් ඉන්ධන බෙදාහැරීමේදී මුහුණදී ඇති ගැටලු සැළකිල්ලට ගනිමින්.
එමෙන්ම බලශක්ති අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට ඔවුන් මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ කරුණ දැක්වීමක්ද සිදුකර ඇති බවයි ‘හිරු ප්‍රවෘත්ති අංශය’ට අදහස් දක්වමින් මෙරට තුළ ඉන්ධන බෙදාහැරීමේ නිරත පෞද්ගලික සමාගමක උසස් නිලධාරියෙකු කියා සිටියේ.
මේ අතර ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉහළ නාවික ප්‍රවාහන පිරිවැය හමුවේ, පෞද්ගලික සැපයුම්කරුවන් දැනට ඩීසල් ලීටරයකින් රුපියල් 170 ක පමණ අලාභයක් ලබන බවට වාර්තා වනවා.
එමෙන්ම රජය විසින් ඩීසල් ලීටරයක් සඳහා ලබාදුන් රුපියල් 100 ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා ලබාදුන් රුපියල් 20 ක සහනාධාරය ජුලි මාසයේ සිට අත්හිටුවීමත් සමඟ ඉදිරි ඉන්ධන ඇණවුම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේදී ගැටලුවකට මුහුණදී ඇති බවයි මෙරට තුළ ඉන්ධන බෙදාහැරීමේ නිරත පෞද්ගලික සමාගමක උසස් නිලධාරියා සදහන් කළේ.
ඒ අනුව ඉන්ධන බෙදාහරින සමාගම්වලට සාධාරණ වන පරිදි බාධාවකින් තොරව ඉන්ධන සැපයුම පවත්වාගෙන යාම තවදුරටත් කළ නොහැකි වනු ඇති බවයි පෙන්වා දෙන්නේ.
මෙවන් පසුබිමක පිරවුම්හල් සේවකයින් පැවසුවේ පිරිවුම්හල් වෙත සීමිත ඉන්ධන තොග ලැබෙමින් පවතින බවයි.
එමෙන්ම ඇතැම් පෞද්ගලික පිරවුම්හල්වල ඩීසල් නොමැති බවට සඳහන් පුවරු දක්නට ලැබෙන බවද අප වාර්තාකරුවන් සඳහන් කළා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා කියා සිටියේ සිපෙට්කෝ පිරවුම්හල් තුළ ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග පවතින බවයි ෴
දයාසිරිගෙන් කථානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි
(13.09.2026 – sinhala.adaderana.lk)
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත ලිඛිත පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
පසුගිය සැප්තැම්බර් මස 10 වන දින පාර්ලිමේන්තුවේදී මතු කිරීමට උත්සාහ කළ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කථානායකවරයා විසින් අවස්ථාව ලබා නොදීම සහ ඊට බාධා කිරීම පදනම් කර ගනිමින් මෙම පැමිණිලි සිදු කර ඇත.
සිර දඬුවම් නියම වූ ඥාණසාර හිමි පන්සලෙන් අතුරුදහන්…
(13.09.2026 – lankacnews.com)
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත 2019 වසරේදී ලබාදුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අහෝසි කිරීමෙන් අනතුරුව, උන්වහන්සේ මේ වන විට අතුරුදන්ව ඇති බවට වාර්තා වන බව Sunday Island පුවත්පත වාර්තා කරයි.
නියමිත වසර හයක (6) සිරදඬුවමෙන් ඉතිරි කොටස ගෙවීම සඳහා උන්වහන්සේ නැවත බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිණිස බන්ධනාගාර නිලධාරීන් රාජගිරිය නාවල පිහිටි උන්වහන්සේගේ විහාරස්ථානය වෙත ගොස් ඇති බව එම පුවත්පත සඳහන් කරයි.
කෙසේ වෙතත්, ඥානසාර හිමියන් මේ වන විට වැඩවසන ස්ථානයක් පිළිබඳව තමන් නොදන්නා බව විහාරස්ථානයේ වැඩසිටින සෙසු හිමිවරුන් බන්ධනාගාර නිලධාරීන්ට ප්‍රකාශ කර තිබේ.
2019 වසරේදී ඥානසාර හිමියන් වෙත එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් විශේෂ ජනාධිපති සමාව බලරහිත සහ අත්තනෝමතික තීරණයක් බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එමගින් මහජන විශ්වාසය සහ ස්වාභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය වී ඇති බවට පසුගියදා තීන්දු කළේය.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර හයක (6) සිරදඬුවම් නියමව සිටි උන්වහන්සේ, ඉන් මාස නවයක (9) පමණ කාලයක් සිරගතව සිටියදී 2019 මැයි මාසයේදී මෙම ජනාධිපති සමාව ලබා නිදහස ලැබූහ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමඟ අදාළ නීතිමය සහ බන්ධනාගාර රෙගුලාසිවලට යටත්ව උන්වහන්සේට සිය සිරදඬුවමේ ඉතිරි කාලය ගෙවීමට සිදුව ඇත ෴
වික්කේ කවුද? ගත්තේ කවුද? කවදාද? මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) නිල ලේඛනය මෙන්න (13.09.2026)
+
දෙහිවල බෝම්බ ප්‍රශ්නය විසඳන්න CID සහ CCIB පරීක්ෂණ අතට ගනී! බෝම්බ ගහන්න හේතු සොයාගනී! (12.09.2026)
+
පොලිස්පතිගේ ‘අයිස්’ කන්ටේනර් පරීක්ෂණය පුස්සක් වෙයිද? සියලු තොරතුරු සහිත අනාවරණය? (13.09.2026)
+
අද දෙකට බෙදුන රාජපක්ෂ රැලිය (12.09.2026)
+
පොළොන්නරුවෙ රැලියෙදි අනුරට නොසිතූ අභියෝගයක් (12.09.2026)
+
අනුර කෝමා වෙයි – රහසින් කී කතාව (13.09.2026)
+
අ’පුරට ආ අනුරට අදත් අමතක උනොත් (13.09.2026)
+
ඊයේ (12) අනුරාධපුරයේදී සිදුවූ සැබෑ දේශපාලන පෙරළිය! (13.09.2026)
+
1505 සිට මේ දක්වා සිදුවූ මහා පාවාදීම! | සත්කෝරල උරුමය (12.09.2026)
+
හොරෙන් අත්සන් කල ETCA ගිවිසුම යටතේ ශ්‍රමිකයන් ගේන අනුරගේ ප්ලෑන පොලොන්නරුවේදී එලියට! (13.09.2026)
+
මන්නාරමේ තෙල්-ගෑස් ගවේෂණයට රදගුරු සම්මේලනයෙන් බාල්දියක්? | අලුත් නිවේදනයේ ඇත්ත කතාව (12.09.2026)
+
අනුරාධපුර පොහොට්ටු රැලිය සාර්ථකද? අසාර්ථකද? | ජන ගඟ පිටුපස ඇත්ත කතාව (13.09.2026)
+
දෙහිවල බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් දෙදෙනෙක් මරුට | රටේ ආරක්ෂාවට මොකද වෙන්නේ? (13.09.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴