ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ‘සිරිලිය’ රු. කෝටියක් අරන් ළමා රෝහලට දුන් ‘ස්කෑන් යන්ත්‍රය’ චීන පරිත්‍යාගයක්

ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ‘සිරිලිය’ රු. කෝටියක් අරන් ළමා රෝහලට දුන් ‘ස්කෑන් යන්ත්‍රය’ චීන පරිත්‍යාගයක්

සජීව – හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ ජන සටන ජන රැළිය (12.09.2026)


ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ‘සිරිලිය’ රු. කෝටියක් අරන් ළමා රෝහලට දුන් ‘ස්කෑන් යන්ත්‍රය’ චීන පරිත්‍යාගයක්

(11.09.2026 – lankadeepa.lk)

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යවශ්‍යව තිබු ‘සී.ටී ස්කෑන්’ යන්ත්‍රයක් ගැනීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන චීන රජයෙන් ලංකාවට ලබාදුන් ‘සී.ටී. ස්කෑන්’ යන්ත්‍රයක් ඒ වෙනුවෙන් ‘සිරිලිය පදනම’ මගින් ළමා රෝහලට පරිත්‍යා කරන ලදැයි කියන සිද්ධියට අදාළව හිටපු ජනාධිපති ආර්යා ශීරන්ති රාජපක්‍ෂ මහත්මිය ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

නීතීපතිවරයා වෙනුවෙන් මෙම සිද්ධිය අධීක්‍ෂණය කරන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධීපති නීතීඥ දිලීප පීරීස් මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව ඉදිරි කාලයේදී සිරිලිය පදනමේ සභාපති ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු එම පදනමේ අධ්‍යක්‍ෂක මණ්ඩලයෙන් මෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතා ඇතුළු වගකිවයුත්තන්ගෙන් රහස් පොලිසියේ මූල්‍ය විමර්ශන ඒකකයේ නිලධාරීන් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන බව වාර්තාවේ.

සිද්ධියට අදාළව ලැබුණු පැමිණීල්ලකට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර අදාළ විමර්ශන වලදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අත්‍යවශ්‍යව තිබු ‘සී.ටී ස්කෑන්’ යන්ත්‍රයක් ගැනීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් කෝටියක මුදලක් ලබාගෙන චීන රජයෙන් ලංකාවට ලබාදුන් ‘සී.ටී ස්කෑන්’ යන්ත්‍රයක් ඒ වෙනුවෙන් ‘සිරිලිය පදනම’ මගින් ළමා රෝහලට පරිත්‍යා කර ඇති බව මුලික විමර්ශන වලදී කරුණු හෙළී වී ඇතැයි වාර්තාවේ ෴


සජීව – හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ ජන සටන ජන රැළිය (12.09.2026)

+++

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *