සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමේ දැඩි අවදානමක.. – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
ඒකාධිපතියාට බය වුණොත්, ඌ තවත් දරුණු වෙනවා… බයවෙන්න එපා, පොල්පොට්ලා එළවමු (11.09.2026)
කතානායක ඇයි එච්චර බෙඩ් ෂීට් මාරු කරන්නෙ ? දයාසිරිත් අහන්නෙ ඕනෙ නැති ප්‍රශ්න (11.09.2026)
බිමල් රත්නායකට දැනුයි වැඩේ තේරිලා තියෙන්නෙ… පාරේ ඉන්න හැමෝටම මෙට්‍රෝ බස්වල යන්ඩ බෑනේ (11.09.2026)
චීනෙදි ලෙඩ වීම සහ අනුරගෙ කොත්තමල්ලි සූත්‍රය (11.09.2026)
චීන ක්‍රමේට ආසද? ඉන්දීය ආරක්ෂක ඇමති සහ පළාත් සභා (11.09.2026)
දවසේ බෝම්බෙන් අහිංසක ජීවිත බිලි! දීප උයනට වුණු විනාශය මෙන්න! (11.09.2026)
හෙට (12) අනුරාධපුරයේ මොකද වෙන්නේ? පොහොට්ටු රැලියේ අලුත්ම තත්ත්වය (11.09.2026)
රොහින්ග්‍යා සරණාගතයින් ලංකාවට ආවේ කොහොමද? | පුරවැසිභාවය හා නිදහස ඉල්ලා UN එකට කළ ඉල්ලීම (11.09.2026)
සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමේ දැඩි අවදානමක.. – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
(11.09.2026 – lankacnews.com)
දිවයින පුරා සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව වසර දහයකට ආසන්න කාලයකින් සංශෝධනය කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය සේවයම බිඳවැටීමේ දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ අනතුරු අඟවයි.
සාමාන්‍යයෙන් සෑම වසර පහකට (5) වරක්ම සිදු කළ යුතු පූර්ණ කාර්ය මණ්ඩල සංශෝධනයක් මෙරට අවසන් වරට සිදු කර ඇත්තේ 2015 වසරේදී බව පෙන්වා දෙන එම සංගමය, ඉන් අනතුරුව ගෙවී ගිය දශකයක කාලය තුළ එවැනි කිසිදු සංශෝධනයක් සිදු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන නොමැති බව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
අදාල නිවේදනයේ මෙසේ දැක්වේ :
= මාධ්‍ය නිවේදනය =
සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යා සංශෝධනය නොකිරීම නිසා ඇතිවන ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම.
ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවය යනු ඉහල ඵලදායිතාවයක් අඩු වියදමකින් සපුරා ගත් ලොව පිළිගැනීමට ලක් වූ සෞඛ්‍ය සේවයකි. දශක ගණනාවක් පුරාවට ඉහළ ඵලදායිතාවයක් පෙන්වීමට සහ ඉහළ සෞඛ්‍ය දර්ශක ලබා ගැනීමට ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවයට හැකි වූයේ ඉහළ සුදුසුකම් සහිත විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කැපවීම නිසාවෙනි.
නිරන්තරයෙන් දියුණු වීම් වලට සහ තාක්ෂණික වෙනස් වීම් වලට ලක්වන සේවාවක් වශයෙන් සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමව සහ ඵලදායිව ලබාදීමේ දී නිවැරදි පුහුණුවලත් ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක අවශ්‍යතාවය ඉතාමත් වැදගත්ය.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නිසි ප්‍රමිතීන්ගෙන් සහ නිසි සංඛ්‍යාවෙන් පවත්වා ගැනීම සඳහා කාලයෙන් කාලයට සිදුකරන කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාවන්ගේ සංශෝධනයන් ඉතාමත් වැදගත් වන අතර සාමාන්‍ය වශයෙන් වසර පහකට වරක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන ලදී.
පූර්ණ මට්ටමේ දිවයිනම ආවරණය වන පරිද සිදු කරන ලද අවසන් කාර්ය මණ්ඩල සංශෝධනය 2015 වර්ෂයේදී සිදු කරන ලද අතර 2015 වර්ෂයෙන් පසු මේ දක්වා පූර්ණ කාර්ය මණ්ඩල සංශෝධනයක් සිදුවී නොමැත
නමුත් 2015 වසරට පසු ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ සංඛ්‍යාව, සිදු කරන ශල්‍ය හා අනිත් ක්‍රියා පටිපාටි, පරීක්ෂණ ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර ප්‍රතිකාර සේවාවන්හි සංකීර්ණතාවය මෙන්ම නව තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීම් ද වැඩි වී ඇත. එසේම නව රෝහල් හා සයන ඒකක පිහිටුවීම සහ පැවති සේවාවන් තවදුරටත් පුළුල් වීමද පසුගිය දශකය පුරාවට සිදු වීඇත.
නමුත් මෙම සේවාවන් පුළුල් වීම් සියල්ල සිදුවූයේ නිසි පරිදි කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යා සංශෝධනය කිරීමකින් තොරව වන අතර 2015 වර්ෂයේදී අනුමත කාර්ය මණ්ඩල සමඟ ඉහත සේවාවන් පුළුල් කිරීම් බොහෝ දුරට සිදුවිය.
එමෙන්ම පසුගිය ආර්ථික අර්බුදය කාලසීමාවේදී සැලකිය යුතු වෛද්‍යවරුන් පිරිසක් රට හැර යාම මගින් සෞඛ්‍ය සේවයට දහස් ගණනක වෛද්‍යවරුන්ගේ සේවය අහිමි විය.
සෞඛ්‍ය සේවාව තුළ අනුමත කාර්ය මණ්ඩල සංශෝධනය නිසි පරිදි සිදු කිරීමකින් තොරව වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් බඳවා ගැනීමේ ගැටලු ඇතිවී තිබෙන අතර සෞඛ්‍ය සේවය බිඳ වැටීමට ආසන්න තත්ත්වයට පත්වී ඇත.
මෙම තත්ත්වය පසුගිය කාලය පුරාමටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරන ලද අතර මේ දක්වා යහපත් ප්‍රතිචාරයත් සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් පළවී නොමැත.
ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පිළිගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රමාණයන් නිර්ණය කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේද ඇත. නමුත් දැනට ශ්‍රී ලංකාව තුල සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු සංශෝධනය සඳහා භාවිතා වන කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් හරියාකාරව භාවිතා කරන බවක් පෙනී නොයන අතර මේ සම්බන්ධයෙන් සති දෙකකට පමණ ඉහතදී තොරතුරු දැන ගැනීමේ පනත හරහා අප විසින් විමසන ලද අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලබාදීනොමැත
එමෙන්ම වර්තමාන රජය විසින් යෝජනා කරන සෞඛ්‍ය සේවාවේ ප්‍රතිසංවිධානයන් සහ වෙනස් කිරීම් සියල්ල සිදුකිරීම සඳහා ද පුහුණු කාර්ය මණ්ඩලික අවශ්‍යතාවය පවතින අතරින්ම වැඩපිළිවෙල වැනි සාර්ථක කර ගැනීමට නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු සංශෝධනය අත්‍යවශ්‍ය කාරණයක්ව තිබේ ෴
ඒකාධිපතියාට බය වුණොත්, ඌ තවත් දරුණු වෙනවා… බයවෙන්න එපා, පොල්පොට්ලා එළවමු (11.09.2026)
+
කතානායක ඇයි එච්චර බෙඩ් ෂීට් මාරු කරන්නෙ ? දයාසිරිත් අහන්නෙ ඕනෙ නැති ප්‍රශ්න (11.09.2026)
+
බිමල් රත්නායකට දැනුයි වැඩේ තේරිලා තියෙන්නෙ… පාරේ ඉන්න හැමෝටම මෙට්‍රෝ බස්වල යන්ඩ බෑනේ (11.09.2026)
+
ගෙවල් හදන්න සල්ලි අරන් මුන් අපිට රු. කෝටි දාහකට (1000) වැඩිය පොල්ල තිබ්බා. මගේ රු. ලක්ෂ 52 තිබ්බේ මුල්ගල විතරයි. (11.09.2026)
+
රන්මල් හරියට වැඩ කරලත් ඉලක්ක වුයේ ඇයි? දෙහිවල බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙක් (2) මරුට? (11.09.2026)
+
චීනෙදි ලෙඩ වීම සහ අනුරගෙ කොත්තමල්ලි සූත්‍රය (11.09.2026)
+
චීන ක්‍රමේට ආසද? ඉන්දීය ආරක්ෂක ඇමති සහ පළාත් සභා (11.09.2026)
+
දවසේ බෝම්බෙන් අහිංසක ජීවිත බිලි! දීප උයනට වුණු විනාශය මෙන්න! (11.09.2026)
+
හෙට (12) අනුරාධපුරයේ මොකද වෙන්නේ? පොහොට්ටු රැලියේ අලුත්ම තත්ත්වය (11.09.2026)
+
රොහින්ග්‍යා සරණාගතයින් ලංකාවට ආවේ කොහොමද? | පුරවැසිභාවය හා නිදහස ඉල්ලා UN එකට කළ ඉල්ලීම (11.09.2026)
+
“සිදුවූයේ නොසැලකිලිමත් දෝෂයක්” : කල්ඉකුත් වූ බනිස් අලෙවි කිරීමේ සිද්ධියට P&S වෙතින් ප්‍රසිද්ධියේ කණගාටුව
(11.09.2026 – hirunews.lk)
කොළඹ සාන්ත බෙනඩික්ට් මාවතේ පිහිටි සිය අලෙවිසැලක කල්ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවි කිරීමට තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් Perera and Sons (P&S) සමාගම පාරිභෝගිකයන්ගෙන් ප්‍රසිද්ධියේ කණගාටුව පළ කර සිටිනවා.
මෙය සිදුවූ නොසැලකිලිමත් දෝෂයක් බව පවසන සමාගම, අදාළ සිද්ධියෙන් පසු සියලුම P&S අලෙවිසැල් ජාලය පුරා කල්ඉකුත් වීමේ දිනයන් පරීක්ෂා කිරීමේ පටිපාටිය වඩාත් තදින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් කරනවා.
කල්ඉකුත් වූ බේකරි නිෂ්පාදන අලෙවිය සඳහා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවේදී Perera and Sons Bakers Pvt Ltd සමාගම පසුගියදා වරද පිළිගනු ලැබුවා.
ඒ අනුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් සමාගමට රුපියල් 200,000 ක දඩයක් නියම කරනු ලැබුවා.
පසුගිය අප්‍රේල් 20 වන දින පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සිදුකළ හදිසි පරීක්ෂාවකදී, අප්‍රේල් 16 වන දින කල්ඉකුත් වූ බනිස් අලෙවිය සඳහා තබා තිබියදී සොයා ගැනුණා.
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් Perera and Sons සමාගම සඳහන් කර සිටින්නේ මෙම අතපසුවීම සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව අභ්‍යන්තර සමාලෝචනයක් සිදුකරන බවයි.
ඒ අනුව, අදාළ සාන්ත බෙනඩික්ට් මාවතේ පිහිටි අලෙවිසැලේ පමණක් නොව, දිවයින පුරා පිහිටි සියලුම P&S අලෙවිසැල්වල නිෂ්පාදනවල කල්ඉකුත් වීමේ දිනයන් වඩාත් දැඩි ලෙස පරීක්ෂා කිරීමට සේවක කණ්ඩායම් උපදෙස් දී ඇති බව එම සමාගම පවසනවා.
මෙහිදී, පාරිභෝගිකයන්ට වඩාත් නැවුම් සහ ස්වාභාවික ආහාර ලබාදීමේ අරමුණින් සිය නිෂ්පාදනවල රාක්ක ආයු කාලය (Shelf life) සමාගම විසින්ම කෙටි මට්ටමක පවත්වාගෙන යන බව P&S සඳහන් කරනවා.
එහෙත් එම ක්‍රමය නිසා රාක්කවල ඇති නිෂ්පාදන පිළිබඳ නිරන්තර සහ දැඩි අවධානයක් යොමුකිරීම අත්‍යවශ්‍ය වන බවත්, මෙම අවස්ථාවේදී තමන්ගෙන් සිදුවූයේ එම අඩුපාඩුව බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ පිළිබඳව යම් ගැටලුවක්, චෝදනාවක් හෝ යෝජනාවක් වේ නම් ඔවුන්ගේ නිල විද්‍යුත් තැපෑල හරහා හෝ 076 643 0430 යන පාරිභෝගික සේවා අංකය ඔස්සේ සම්බන්ධ වන ලෙසද සමාගම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴