ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් අභිනව රන් කරඬුවක් – කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04 යි
දෙහිවල බෝම්බ ප්‍රහාරයට පැමිණි ත්‍රිරෝද රථය හමුවෙයි – තවත් තොරතුරු රැසක්
හෙට (12) රැළියට පෙර පොහොට්ටුවේ අවසන් මාධ්‍ය හමුව – පොහොට්ටු ලේකම් ආණ්ඩුවේ අයව බය කරයි (11.09.2026)
නන්දා මාලනී, සුනිල් ආරියරත්න ගීත වාණිජමය ලෙස යළි ගැයීම සහ ප්‍රතිනිර්මාණය තහනම්
හිරේ ඉඳන් ආපු අම්පිටියේ සුමන රතන හිමි Live එයි – මම පොලීසියට ගියා පැමිණිල්ලක් දාන්න … (11.09.2026)
ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් අභිනව රන් කරඬුවක් – කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04 යි
(11.09.2026 – hirunews.lk)
ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කොට තිබෙනවා.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාවට අනුව මෙම මහ කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04 ක් බවත් එහි රත්තරන් කිලෝග්‍රෑම් 65.224 ක්, විවිධ මැණික් ගල් කිලෝග්‍රෑම් 1.480 ක් සහ පැස්සුම් සඳහා භාවිත කළ උපකාරක ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20.822 ක් අඩංගු බවයි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි, වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහා නා හිමි සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් මඟින් දැනුම් දී ඇත්තේ.
ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටීම පිණිස අභිනවයෙන් පූජා කළ මෙම ස්වර්ණමය මහ කරඬුවක් සම්බන්ධයෙන් සමාජගත වන සාවද්‍ය තොරතුරු පැහැදිලි කරමින් මෙම ලිපිය යොමුකර තිබෙනවා.
එම නිල දැනුම්දීමට අනුව අනාවරණය කර ඇත්තේ මෙම ස්වර්ණමය මහ කරඬුවේ පූජා කර්මය 2026 සැප්තැම්බර් 08 වන දින මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා, දියවඩන නිලමේතුමා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ සහභාගීත්වයෙන් චිරාගත සම්ප්‍රදායානුකූලව මෙම පුණ්‍යකර්මය සිදුකර ඇති බවයි.
ඇතුල්කෝට්ටේ පදිංචි ‘කමන්ත අමරසේකර’ ඇතුළු පවුලේ ඥාතීන් සහ හිතෛෂීන්ගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් සහ මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනුමැතිය ඇතිව මෙම කරඬුව නිර්මාණය කර තිබෙනවා.
දෙවැනි විමලධර්මසූරිය රජු විසින් ආරම්භ කර කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සම්පූර්ණ කරන ලද, සුවිශේෂී ඓතිහාසික වටිනාකමකින් යුත් පැරණි රන් ආලේපිත රිදී මහ කරඬුව එහි අනන්‍යතාව සුරැකෙන පරිදි ශ්‍රී දළදා මාලිගාවේ අභ්‍යන්තරයේ සුරක්ෂිතව තැන්පත් කිරීමට පියවර ගනිමින් තිබෙනවා.
1853 ආඥා පත්‍රය ප්‍රකාරව ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාව, තේවාව සහ සියලු අයිතිවාසිකම් උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිලමේවරයා වෙත පැවරී ඇති අතර, ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ පවතින සුවිශේෂී ගෞරවය හා භක්ත්‍යාදරය ලෝකවාසි ජනතාව හමුවේ තහවුරු කිරීම මෙම පූජාවේ ප්‍රධාන පරමාර්ථය වූ බව ද එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා ෴
+++
+
දෙහිවල බෝම්බ ප්‍රහාරයට පැමිණි ත්‍රිරෝද රථය හමුවෙයි – තවත් තොරතුරු රැසක්
(11.09.2026 – sinhala.adaderana.lk)
දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා යොදාගත් බවට සැකකෙරෙන ත්‍රිරෝද රථයක් ඉහළ බෝපේ ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන තිබේ.
දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම 3 ට පමණ නාඳුනන පුද්ගලයෙකු විසින් අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
ඒ සඳහා සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණෙන අයුරු CCTV කැමරාවක සටහන් වී තිබුණි.
පොලීසිය සඳහන් කළේ සැකකරු නිවසේ දොරට තට්ටු කර, නිවැසියන් එය විවෘත කිරීමෙන් අනතුරුව නිවස තුළට අත්බෝම්බයක් එල්ල කර ඇති බවය.
එහිදී නිවසේ නිදාසිටි 11 හැවිරිදි හා 17 හැවිරිදි දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.
ප්‍රහාරයෙන් 55 හැවිරිදි ඔවුන්ගේ පියාගේද පාදයකට තුවාල සිදුව ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් ඔහු සම්බන්ධයෙන් කිසිඳු අපරාධ චෝදනාවක් නොමැති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (11) උදෑසන සිදුකර තිබේ.
බෝම්බ ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
+++
(11.09.2026 – hirunews.lk)
දෙහිවල,සිරිසගබෝ පාර ප්‍රදේශයේ නිවසකට අද (11) උදෑසන එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරය වැරදි ඉලක්කයක් නිසා සිදු වූ අපරාධයක් බව පොලිසිය පවසනවා.
මෙම ප්‍රහාරයෙන් ළමුන් දෙදෙනෙකු (2) මියගොස් ඔවුන්ගේ පියා තුවාල ලැබූ අතර තුවාලකරුගේ සහෝදරයා ‘බඩෝවිට අසංක’ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සාමාජිකයෙකු බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
එසේම, මෙම අත්බෝම්බ ප්‍රහාරය සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කොස්මල්ලි’ නැමැත්තාගේ මෙහෙයවීම මත සිදු කරන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ ෴
හෙට (12) රැළියට පෙර පොහොට්ටුවේ අවසන් මාධ්‍ය හමුව – පොහොට්ටු ලේකම් ආණ්ඩුවේ අයව බය කරයි (11.09.2026)
+++
මම හෙට (12) පොහොට්ටුවේ වේදිකාවට නඟිනවා – විමල් අවසන් තීරණය හෙළි කරයි (11.09.2026)
+
ශූට් එකක් තියලා මිනිත්තු 05 ක් ගිය ගමන් – ආණ්ඩුව ‘පාතාල – පතාල’ කියලා අත හෝදගන්නවා – ඒවා එහෙම කරන්න බෑ (11.09.2026)
+
නන්දා මාලනී, සුනිල් ආරියරත්න ගීත වාණිජමය ලෙස යළි ගැයීම සහ ප්‍රතිනිර්මාණය තහනම්
(11.09.2026 – lankacnews.com)
අභාවප්‍රාප්ත විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මිය විසින් ගායනා කරන ලද, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා රචනා කළ ගීත වාණිජ පරමාර්ථයෙන් යළි ගායනා කිරීම, පටිගත කිරීම හෝ ප්‍රතිනිර්මාණය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි වළක්වමින් නීතිමය නිවේදනයක් නිකුත් කර තිබේ.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපති, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ උපදෙස් මත Capital City Law නීතිඥ ආයතනය විසින් මෙම ප්‍රසිද්ධ නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව, අදාළ ගීත වාණිජ පරමාර්ථයෙන් යුතුව නැවත ගායනා කර පටිගත කිරීම, ‘කවර් වර්ෂන්ස්’ (Cover versions) ලෙස නිර්මාණය කිරීම, උපහාර හෝ අනුස්මරණ ප්‍රසංග නාමයෙන් ගෘහස්ථ හෝ එළිමහන් වේදිකාවල ගායනා කිරීම, වාණිජ අරමුණින් යුතුව මහජනතාව වෙත විකාශය කිරීම හෝ ප්‍රචාරය කිරීම, ඔහුගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන පරිදි ප්‍රතිනිර්මාණය කිරීම මුළුමනින්ම නීතිවිරෝධී ක්‍රියාවක් බව එම නිවේදනයේ අවධාරණය කර ඇත.
2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 9 සහ 10 වන වගන්ති මෙන්ම Cey Music සහ ACPOSL යන සාමූහික කළමනාකරණ සංවිධානවල රෙගුලාසි ප්‍රකාරව මහාචාර්ය සුනිල් ආරියරත්න සතු අයිතිවාසිකම් තහවුරු කර ඇති අතර, අංක SC Appeal No : 155/2014 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සහ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 22070/05 දරන නඩු තීන්දුව මඟින් ද එකී අයිතිවාසිකම් පිළිගෙන ඇති බව එහි සඳහන් වේ.
මෙම නෛතික හිමිකම් උල්ලංඝනය කරන්නන්ට එරෙහිව බුද්ධිමය දේපළ පනතේ 22 වන වගන්තිය යටතේ සිවිල් හෝ අපරාධ නඩු පවරන බවට අනතුරු අඟවා තිබේ.
කෙසේ වෙතත්, වාණිජ අරමුණුවලින් තොරව පාසල්, විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන, ගුවන්විදුලි හෝ රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වන ආධුනික ගායනා තරග සහ වෙනත් අධ්‍යාපනික වැඩසටහන් සඳහා මෙම තහනම අදාළ නොවන බව නීතිඥ ආයතනය පැහැදිලි කරයි.
ශ්‍රී ලංකාව තුළ හෝ විදේශයන්හි සිට මෙම බුද්ධිමය දේපළ අයිතීන් උල්ලංඝනය වන අයුරින් කටයුතු කිරීමෙන් වළකින ලෙසත්, එසේ කටයුතු කරන පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තම සේවාදායකයා උපදෙස් ලබා දී ඇති බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ ෴
හිරේ ඉඳන් ආපු අම්පිටියේ සුමන රතන හිමි Live එයි – මම පොලීසියට ගියා පැමිණිල්ලක් දාන්න … (11.09.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴