සඳේ අයිතිය ඇමෙරිකාවට. ලෝක සිතියම වෙනස් කළේ ඇයි? (10.09.2026)
Hiru TV Balaya Live | Episode 657 | 2026-09-10
ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල සැලකිය යුතු වර්ෂාපතනයක්
හෙම්මාතගම දරුවන් වැරදි පාරේ ගෙනගිය ‘පෙති අක්කා’ කොටුවෙයි
‘හොර සිම්’ වලින් කරන නීතිවිරෝධී වැඩ ඉහළට – TRC අනාවරණයක්
‘ශිරාන් බාසික්’ගේ පියාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ප්‍රශ්න කරයි
පිළිකා බෙහෙත ගැන වෛද්‍යවරු දුන්නු සැර උත්තරය (11.09.2026)
හරි ඔයා දාන්නකෝ උසාවි අපි බලාගමු – මම වීඩියෝ එකත් අරගෙන එන්නම් උසාවියට (11.09.2026)
විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කරන බව පවසා එසේ නොකර අ.ඩො. මිලියන 80 ක මුදලක් (රු.බි. 23.7) නීතිවිරෝධී අන්දමින් විදෙස් රටවලට ප්‍රේෂණය කිරීම
(10.09.2026 – sinhala.adaderana.lk)
විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කරන බව පවසා අමෙරිකානු ඩොලර් මිලියන 80 ක මුදලක් (රු.බි. 23.7) නීතිවිරෝධී අන්දමින් විදෙස් රටවලට ප්‍රේෂණය කිරීමේ සිද්ධියට අද (10) අත්අඩංගුවට ගත් පුද්ගලයා ගැන තවත් කරුණු හෙළිවී තිබේ.
අදාළ සැකකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහිදී ඔහු එළැඹෙන සැප්තැම්බර් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කරන බව පවසා, මුදල් විදෙස් රටවලට ප්‍රේෂණය කරන සමාගම් කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා රේගුව විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
ඊට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගත් අතර, ඔවුන් මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.
එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මරදානේ පදිංචි මෙම සැකකරු ගැන තොරතුරු අනාවරණ වී ඇත.
සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඔහු 2023 වසරේ ජනවාරි පළමුවැනිදා සිට 2025 වසරේ නොවැම්බර් මස 21 වනදා දක්වා කාලය තුළදී මෙරටින් අමෙරිකානු ඩොලර් මිලියන 80 ක මුදලක් එනම්, රුපියල් බිලියන 23.7 කට අධික මුදලක් ප්‍රේෂණය කර ඇති බවය.
රාජ්‍ය හා පෞද්ගලික බැංකු 6 ක් ඔස්සේ සමාගම් 26 කින් අවස්ථා 3,198 කදී ඔහු විසින් මෙලෙස මුදල් ප්‍රේෂණය කර ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.
ඔහු අදාළ මුදල්, චීනය, ඉන්දියාව හා ඩුබායි වෙත ප්‍රේෂණය කර ඇති බවත්, ඒ සඳහා ‘ටෙලිග්රැෆික් ට්‍රාන්ස්ඇක්ෂන්’ හෙවත් ‘ටීටී’ ක්‍රමය යටතේ අදාළ මුදල් යැවූ බවත් පවසා තිබේ.
මොහු විසින් සාක්ෂරතාව අඩු සහ ඔහු යටතේ සේවය කළ පිරිස් යොදවා පුද්ගලික සමාගම් සහ ඒම සමාගම්වලට අදාළව බැංකු ගිණුම් විවෘත කර ඇති අතර, ඒ සඳහා එක් (1) පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක (100,000) පමණ මුදල් ලබාදී ඇති බවත් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
කෙසේ වෙතත් අදාළ බැංකුවලින් මොහු පිළිබඳ හෝ සමාගම් සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදුකර නොමැති බවද වාර්තා වේ.
රූපලාවණ්‍ය භාණ්ඩ ගෙන්වන මුවාවෙන් මොහු මෙම ජාවාරම සිදුකර තිබේ. කෙසේවෙතත් මොහු හරහා මුදල් යොමුකළ පුද්ගලයන් පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත. එමෙන්ම මොහුට සහාය දැක්වූ පිරිස් සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
බැංකුවකට අන් අයෙකු ලෙස පෙනී සිට වංචා කිරීම, කූඨ ලේකන සැකසීම රජය වෙත වංචා කිරීම යන චෝදනා යටතේ සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපියවර ගැනීමට නියමිතව ඇත. මොහුට මුදල් ලැබුණු මූලශ්‍ර පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මකය.
‘මොහොමඩ් මුසම්මිල් මොහොමඩ් ඉන්ෆාස්’ නම් මෙම සැකකරුව අද (10) පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගමගේ මහතා හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ මෙලෙස දක්වා තිබේ :
“ස්වාමීනී, මොහුට අයත් සමාගම් 26 න් එකඳු සමාගමකින්වත් කිසිඳු භාණ්ඩයක් ගෙන්වලා නැහැ. භාණ්ඩ ගෙන්වන බවට ඉදිරිපත් කර ඇති සියලුම ලේඛන කූඨ ලේඛනයි.
මෙවැනි සමාගම් හරහා රුපියල් බිලියන ගණනින් සූක්ෂ්ම ලෙස රජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා මුදල් යවලා තිබෙනවා. ශ්‍රී ලංකා රේගු රේගු පනතට අනුව විමර්ශන සිදුකරනවා. මොහු යවපු මුදල් මොහුගේ මුදල් නොවෙයි. මොහුට මුදල් දුන් අය පිළිබඳව විමර්ශන සිදුකරන්න අවශ්‍යයි.
මේ පුද්ගලයා සාක්ෂි විනාශ කරලා තිබෙනවා. විමර්ශන කටයුතුවලට බලපාන සාක්ෂි විනාශ කරන්න කටයුතු කරලා. මොහුව ඇපමත මුදාහැරීම විමර්ශනයට බාධාවක්.”
අනතුරුව සැකකරු වෙනුවෙන් නීතීඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ මෙලෙස කරුණු ඉදිරිපත් කළේය :
“ස්වාමීනී, මොහුට කිසිදු ආකාරයකින් නිති විරෝධී මුදල් ලැබිලා නැහැ. මේ මුදල් පිටකොටුවේ ව්‍යාපාරිකයන්ගේ මුදල්. රේගුව හරහා භාණ්ඩ නීත්‍යානුකූලව ගෙනල්ලා ව්‍යාපාර කරන්න බැහැ.
ඒ නිසා තමයි ‘අන්ඩර් වැලිව්’ හෙවත් ‘නියමිත වටිනාකමට අඩුවෙන් මිල සදහන් කරමින්’ භාණ්ඩ ගෙන්වන්නේ. පද්ධතියේ ඇති වැරදි නිසා පුද්ගලයෙකුව වැරදිකරුවකු කරන්නත් බැහැ.”
සියලු කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු එළැඹෙන සැප්තැම්බර් 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය.
+
සඳේ අයිතිය ඇමෙරිකාවට. ලෝක සිතියම වෙනස් කළේ ඇයි? (10.09.2026)
+
දෙහිවල, කවුඩාන සිරිසගබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – කුඩා දරුවන් දෙදෙනෙකු (2) මරුට
(11.09.2026 – sinhala.adaderana.lk)
දෙහිවල, කවුඩාන සිරිසගබෝ පාර ප්‍රදේශයේ පිහිටි නිවසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු (2) මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ අද (11) අලුයම මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා (2) කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
රෝහල්ගත කරන අවස්ථාවේදී දස (10) හැවිරිදි දරුවා මියගොස් ඇති බව සඳහන් වේ.
අනෙක් 14 හැවිරිදි දරුවා ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
දරුවන්ගේ පියා වන 52 හැවිරිදි පුද්ගලයා තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

+
Hiru TV Balaya Live | Episode 657 | 2026-09-10
+
ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල සැලකිය යුතු වර්ෂාපතනයක්
(11.09.2026 – hirunews.lk)
දැනට වියළි කාළගුණයක් පවතින ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ඔක්තෝම්බර්, නොවැම්බර් මාස වලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මාස හතරකට (4) ආසන්න කාලයක් පැවති දැඩි නියගය නිමාකරමින් මොණරාගල නගරයට සහ ඒ ආසන්න ප්‍රදේශ රැසකට ඊයේ (10) පස්වරුවේ සාමාන්‍ය වර්ෂාපතනයක් පතිත වුණා.
මේ අතර පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව, මේ වන විට කෘෂිකර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්තයන්ට පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමේ දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිනවා.
උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත්, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක තවදුරටත් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර ඊයේ (10) දිනය වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක 8 ක පුද්ගලයින් 135,037 දෙනෙකු පානීය ජලය සපයා ගැනීමේ ගැටලුවට මුහුණ පා සිටින බව ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය නිවේදනය කළා.
ප්‍රදේශ කිහිපයකට පතිත වූ වර්ෂාව හේතුවෙන් මෙම සංඛ්‍යාව පහළ ගොස් තිබෙනවා ෴
හෙම්මාතගම දරුවන් වැරදි පාරේ ගෙනගිය ‘පෙති අක්කා’ කොටුවෙයි
(11.09.2026 – hirunews.lk)
වසර ගණනාවක් තිස්සේ වෛද්‍ය බෙහෙත් වට්ටෝරු නොමැතිව මත් වීම පිණිස භාවිත කරන ඖෂධ අලෙවි කළ බව කියන, මත්පෙති ලෝලීන් අතර ‘පෙති අක්කා’ ලෙස ප්‍රකට හෙම්මාතගම, ගම්පොල හන්දියේ පිහිටි ෆාමසියක හිමිකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ හෙම්මාතගම, ගිනිහප්පිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක්.
කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක එස්.ඒ.ආර්.ජේ. සූරවීර සහ හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති චමින්ද ගුණරත්නගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සමන් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
එහිදී සිවිල් පුද්ගලයෙකු උපාය දූතයෙකු ලෙස යොදවා රුපියල් 500 ක මුදලක් ලබා දී, බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව මත්වීම සඳහා අවභාවිත කරන වර්ගයේ මත්පෙති ලබාගන්නා අවස්ථාවේදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇති පරිදි, මෙම සැකකාරිය පාසල් පිරිමි සහ පාසල් ගැහැණු දරුවන්ට මෙන්ම ප්‍රදේශයේ තරුණයන්ට ද වයස් භේදයකින් තොරව මෙම මත්පෙති අලෙවි කර තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.
තවද, මාවනැල්ල, ගම්පොල, අරණායක, හොරේවල සහ දිප්පිටිය වැනි ප්‍රදේශවලට යතුරුපැදි මගින් පුද්ගලයන් යොදවා මෙන්ම ඇතැම් අවස්ථාවල සැකකාරිය විසින්ම යතුරුපැදියෙන් ගොස් මෙම මත්පෙති ජාවාරම ජයටම කරගෙන ගොස් ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබෙනවා ෴
‘හොර සිම්’ වලින් කරන නීතිවිරෝධී වැඩ ඉහළට – TRC අනාවරණයක්
(11.09.2026 – sinhala.adaderana.lk)
අවිධිමත් ක්‍රම මගින් ලබාගෙන ඇති ‘සිම් කාඩ්පත්’ භාවිතාකර සිදුකරන ලද නීතිවිරෝධි ක්‍රියාවන්ගේ වැඩිවීමක් වාර්තාවී ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා පවසන්නේ ඒ හේතුවෙන් සිමි කාඩ් පත් සමිබන්ධයෙන් නියාමනයක් සිදුකරන බවය.
ඊයේ (10) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා මේ බව කියා සිටියේය.
“සිම් කාඩ්පත් නිකුත් කිරීමේ රෙගුලාසි අපි යාවත්කාලීන කරලා තියෙනවා. මොකද නීතිය ක්‍රියාත්මක කරන ආයතන, එනම් පොලීසිය වගේ ආයතනවලින් අපිට ඉල්ලීමක් කළා, ගිය වසර දෙක – තුනක (2 – 3) කාලයේදී සිම් කාඩ්පත් භාවිතයෙන් නීතිවිරෝධී ක්‍රියාකාරකම් ඉතාමත් වැඩිවෙලා කියලා. ඒකට යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා.
ඒ ආයතනත් එක්ක එකතුවෙලා සිම් රෙගුලාසි යාවත්කාලීන කරලා, විශේෂයෙන් මේක ක්‍රියාත්මක වන දිනයේ පටන් – බොහෝ දුරට මේ අවුරුද්ද අවසානයේ – අලුතින් සිම් ගන්න අයට සජීවී ඡායාරූපයක් සමග තමයි ඒ සිම් එක ගන්න පුළුවන් වෙන්නේ.
ඒක පටන්ගත්තට පස්සේ 2027 වසරේදී සියලුම දුරකථන පාවිච්චි කරන, සිම් භාවිත කරන අය සඳහා, එනම් පාරිභෝගිකයා හඳුනා ගැනීම සියයට සියයක් සහතික වෙන විදියේ වැඩපිළිවෙළක් සිදු කරනු ඇති.
මෙහිදී කිසිම වෙලාවක සාමාන්‍ය ජනතාවට මේකෙන් කිසිදු ගැටලුවක් නොවන විදිහට සහ විදේශිකයන්ටත් කිසිම විදිහකින් ගැටලුවක් නොවන විදිහට ඒක ක්‍රියාත්මක වෙනවා.
වැඩිපුරම බලන්නේ මේ රටේ තියෙන නීතිවිරෝධී ක්‍රියාකාරකම් සඳහා සිම් භාවිතා කිරීම අවම කිරීම යි.
රටේ මිලියන 30 කට ආසන්න ප්‍රමාණයක් මේ සිම් පාවිච්චි කරනවා. ඒ ජනතාවගේ එක පැමිණිල්ලක් තමයි සේවාවේ ගුණාත්මකභාවය අඩුයි කියන එක. දැනට අපි ක්‍රියාකරන්නේ අදාළ සේවා සපයන්නන්ගේ තියෙන දත්ත මත. අපිට ඒක තවදුරටත් නිවැරදිව කියන්න, බලාගන්න පද්ධතියක් නැහැ” ෴
‘ශිරාන් බාසික්’ගේ පියාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ප්‍රශ්න කරයි
(11.09.2026 – hirunews.lk)
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ශිරාන් බාසික්’ගේ පියාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ වනවිට ප්‍රශ්න කරමින් සිටිනවා.
ගම්පහ ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක රුපියල් කෝටි 3 ක් පමණ වටිනා නිවසක් ‘ශිරාන් බාසික්’ විසින් මිලදී ගෙන ඇති අතර, එය ඔහුගේ පියාගේ නමින් මිලදී ගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ‘ශිරාන් බාසික්’ගේ පියාට අද (11) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර තිබුණා ෴
පිළිකා බෙහෙත ගැන වෛද්‍යවරු දුන්නු සැර උත්තරය (11.09.2026)
+
හරි ඔයා දාන්නකෝ උසාවි අපි බලාගමු – මම වීඩියෝ එකත් අරගෙන එන්නම් උසාවියට (11.09.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴