මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රු. කෝටි 10 කට වැඩි දේපොළ ක්‍රියා විරහිත කෙරේ
ෆේස්බුක් සාද ගැන බුද්ධි තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙළක්
පොලීසිය දැන් ඇඟිලි තුඩක දුරින්
නාමල්ගේ අල්ලස් නඩුව උසාවියෙන් බේරගන්නේ නැතුව ජිනීවා ගිහිල්ලා මොනවා කරන්නද? (10.09.2026)
හරියටම නිලේ බලලා වැඩේ කරන්න ඩඩ්ලි දස්සයා (10.09.2026)
දහස් ගණන් ආපු බේරුවල සමුපකාරේ ඡන්දේ පරාදයි… මාලිමාව 0 යි ලු (10.09.2026)
අයිස් කන්ටේනර් දෙක (2) ඇල්ලීම ගැන පොලිස්පති, පොලීසියට විරුද්ධව කරන විමර්ශනයේ ඇත්ත! (10.09.2026)
නාමල් හමුවීම අලුත් වීරයා සාරය සහ මම (10.09.2026)
කතානායක පාර්ලිමේන්තුවෙන් දිව්වේ ඇයි? පොළොන්නරුවේ රැස්වීමත් හුළං! (10.09.2026)
අනුරගේ රැස්වීමට SL තණකොළ බුදින්නන්ගේ සංගමය සමඟ ගැරඬි ආවේ ඇයි? (10.09.2026)
ආණ්ඩුව මිලින්දට බයද? ජිනීවා ගිය මිලින්දට එල්ලවන දැවැන්ත මඩ ප්‍රහාරය! (10.09.2026)
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රු. කෝටි 10 කට වැඩි දේපොළ ක්‍රියා විරහිත කෙරේ
(10.09.2026 – sinhala.adaderana.lk)
ෙමත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි 10 කට අධික වටිනාකමින් යුත් දේපල ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
2020 වසරේ මැයි 14 වනදා පෑලියගොඩ පොලීසිය විසින් ජීප් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ද විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
එම විමර්ශනවලදී පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් යොදාගෙන දේපල මිලදීගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව, මහර, කඩවත ප්‍රදේශයේ පර්චස් 19.90 ක ඉඩමක ඉදිකර ඇති දෙමහල් නිවසක් සහ සිංහාරමුල්ල, කැලණිය ප්‍රදේශයේ පර්චස් 18 ක ඉඩමක ඉදිකර ඇති දෙමහල් නිවසක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තිබේ.
එම දේපොළ දෙකෙහි දළ වටිනාකම රුපියල් ලක්ෂ 500 බැගින් වන අතර, සමස්ත දළ වටිනාකම රුපියල් කෝටි 10 කට අධික වේ.
විමර්ශනවලට අනුව, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් නීති විරෝධී ලෙස උපයාගත් මුදලින් මෙම දේපොළ මිලදීගෙන ඇති බවට සැලකෙන බැවින්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව 2026 සැප්තැම්බර් 10 වනදා සිට දින 14 ක කාලයක් සඳහා ඒවා ක්‍රියා විරහිත කිරීමේ නියෝග ලබාගෙන තිබේ.
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි ෴
ෆේස්බුක් සාද ගැන බුද්ධි තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙළක්
(10.09.2026 – sinhala.adaderana.lk)
ෆේස්බුක් ඔස්සේ සංවිධානය කරන සාද සහ ඒවා පැවැත්වෙන ස්ථාන සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් පොලිස්පතිවරයා විසින් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ, එම වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් ලෙස මීට දින කිහිපයකට පෙර තෙල්දෙණිය පොලිස් වසමේ පැවති ෆේස්බුක් සාදයකට සහභාගී වූ තරුණ තරුණියන් 41 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.
ඉදිරියේදී ද මෙවැනි ස්ථාන සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු අඛණ්ඩව ලබාගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ෆේස්බුක් සාද මුවාවෙන් තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානමක් පවතින බැවින්, එවැනි සාද සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
මෙවැනි සාද ඇතැම් අවස්ථාවල මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් විසින් සංවිධානය කරන බවත්, ඒවා ජාලගත අපරාධ හා මුදල් ඉලක්ක කරගත් ව්‍යාපාර බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
එමෙන්ම තම දරුවන්ගේ කතාබහේ, හැසිරීම්වල සහ ගමන්බිමන්වල සිදුවන වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කරන ලෙසද ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර, මත්ද්‍රව්‍ය ව්‍යසනය හේතුවෙන් 2025 වසරේ පුද්ගලයින් 175 දෙනෙකු සියදිවි හානි කරගෙන ඇති බවත්, ඉන් පිරිමි පුද්ගලයින් 172 දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු (3) වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
2026 වසරේ මේ දක්වා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය ෴
පොලීසිය දැන් ඇඟිලි තුඩක දුරින්
(10.09.2026 – sinhala.adaderana.lk)
හදිසි අවස්ථාවකදී කඩිනමින් පොලීසිය දැනුවත් කිරීම සඳහා නව ජංගම යෙදවුමක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන තිබේ.
‘Sri Lanka Police App’ ලෙස හඳුන්වා දී ඇති මෙම යෙදවුමට ජාතික හැඳුනුම්පතක් හිමි ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ලියාපදිංචි විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.
මෙම යෙදවුමේ ඇති SOS බොත්තම හදිසි අවස්ථාවකදී තත්පර 10 ක් ක්‍රියාත්මක කිරීමෙන්, අදාළ පුද්ගලයා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ලබාදීමට හැකියාව පවතින බව ද ඔහු සඳහන් කළේය.
119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලීසිය දැනුවත් කිරීමට අමතරව, මෙම යෙදවුම හරහා ද කඩිනමින් තොරතුරු ලබාදිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
දරුවෙකු කිසියම් අනතුරකට හෝ කරදරයකට මුහුණ දී ඇති අවස්ථාවකදී වුවද මෙම යෙදවුම හරහා පොලීසිය දැනුවත් කළ හැකි අතර, ඒ සම්බන්ධයෙන් පොලීසිය කඩිනමින් ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළේය.
‘Play Store’ ඔස්සේ ‘Sri Lanka Police App’ වෙත පිවිස ලියාපදිංචි විය හැකි අතර, ජාතික හැඳුනුම්පතක් ඇති දරුවන්ට ද ඒ සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එමෙන්ම මෙම පොලිස් යෙදවුම අවභාවිත කිරීම නොහැකි බවත්, 2025 වසරේදී 119 හදිසි ඇමතුම් අංකය අවභාවිත කළ පුද්ගලයින් 91 දෙනෙකුට අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය ෴
++
+ https://play.google.com/store/apps/details?id=lk.slpolice.app&hl=en&pli=1
නාමල්ගේ අල්ලස් නඩුව උසාවියෙන් බේරගන්නේ නැතුව ජිනීවා ගිහිල්ලා මොනවා කරන්නද? (10.09.2026)
+
හරියටම නිලේ බලලා වැඩේ කරන්න ඩඩ්ලි දස්සයා (10.09.2026)
+
දහස් ගණන් ආපු බේරුවල සමුපකාරේ ඡන්දේ පරාදයි… මාලිමාව 0 යි ලු (10.09.2026)
+
අයිස් කන්ටේනර් දෙක (2) ඇල්ලීම ගැන පොලිස්පති, පොලීසියට විරුද්ධව කරන විමර්ශනයේ ඇත්ත! (10.09.2026)
+
නාමල් හමුවීම අලුත් වීරයා සාරය සහ මම (10.09.2026)
+
කතානායක පාර්ලිමේන්තුවෙන් දිව්වේ ඇයි? පොළොන්නරුවේ රැස්වීමත් හුළං! (10.09.2026)
+
අනුරගේ රැස්වීමට SL තණකොළ බුදින්නන්ගේ සංගමය සමඟ ගැරඬි ආවේ ඇයි? (10.09.2026)
+
අවුරුදු 38 කට පසු ඉන්දියානු ආරක්ෂක ඇමති ලංකාවට ආවේ ඇයි? | රාජ්නාත් සිංගේ සංචාරය පිටුපස කතාව (10.09.2026)
+
ආණ්ඩුව මිලින්දට බයද? ජිනීවා ගිය මිලින්දට එල්ලවන දැවැන්ත මඩ ප්‍රහාරය! (10.09.2026)
+
’22 සංශෝධනය’ යනු ‘අපිට අවශ්‍ය තීන්දු නොදුන්නාත් තමුනුයි පුතායි හිරේ තමයි’ කියා අගවිනි ‘බ්ලැක්මේල්’ කිරීමයි..
(10.09.2026 – lankacnews.com ඇසුරෙන්)
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අගවිනිගේ සේවා කාලය තවත් වසර දෙකකින් (2) දීර්ඝ කිරීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ, ඔහුට සහ ඔහුගේ පුත්‍රයාට එරෙහි දූෂණ චෝදනා උපයෝගී කරගනිමින් අගවිනිව ‘බ්ලැක්මේල්’ කර ආණ්ඩුවට අවශ්‍ය නඩු තීන්දු ලබා ගැනීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පාර්ලිමේන්තුවේදී බරපතළ චෝදනාවක් එල්ල කළේය.
පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, අධිකරයේ ස්වාධීනත්වය මුළුමනින්ම විනාශ මුඛයට ඇද දමන මෙම කුමන්ත්‍රණයට කවුරුන් කුමන ආකාරයෙන් ‘සුදු හුණු’ ගෑමට උත්සාහ කළද 22 වැනි සංශෝධනය පිටුපස ඇති සැබෑ යථාර්ථය එය බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මෙසේද පැවසීය:
“වත්මන් අගවිනිට සහ ඔහුගේ පුත්‍රයාට එරෙහිව බරපතළ දූෂණ හා වංචා චෝදනා එල්ල වෙමින් තිබෙනවා. රජය සහ ජනාධිපතිවරයා මේ සූදානම් වන්නේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අගවිනිගේ සේවා කාලය තවත් වසර දෙකකින් (2) දිගු කිරීමටයි. අගවිනිව තවත් වසර දෙකක් (2) තනතුරේ රඳවාගෙන, ‘අපිට අවශ්‍ය නඩු තීන්දු දුන්නේ නැත්නම් තමුන්ටයි, පුතාටයි හිරේ තමයි ඉන්න වෙන්නේ’ කියමින් ඔහුව බිත්තියට හේත්තු කර ‘බ්ලැක්මේල්’ කිරීමේ නින්දිත උත්සාහයක් මෙතන තිබෙන්නේ. තමන්ට අවශ්‍ය නඩු තීන්දු ලබාගෙන, තමන්ට ඕනෑ කරන කතාව රට තුළ ස්ථාපිත කිරීමට නීතිය අතට ගැනීමේ මෙම උත්සාහය නිසා අධිකරයේ ස්වාධීනත්වය මුළුමනින්ම බිඳ වැටෙනවා.”
අගවිනි මෙවැනි සේවා දිගුවක් කිසිසේත් ඉල්ලා නොමැති පසුබිමක සහ විනිසුන් 65 දෙනෙකු මෙලෙස සේවා කාලය දීර්ඝ කිරීමට අකමැත්ත පළ කර තිබියදීත්, ආණ්ඩුව මෙය බලහත්කාරයෙන් සිදු කිරීමට සැරසෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
මෙය එක් අතකින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවද ඔහු කීය.
ආණ්ඩුවේ ඩිජිටල් ක්‍රියාකාරීන් යොදවා අගවිනිගේ පුත්‍රයා නීත්‍යනුකූල නොවන අන්දමින් ධනය උපයා ඇති බවට මාධ්‍ය මෙහෙයුම් දියත් කරමින් පවතින බවත්, එම පුවත් සත්‍ය හෝ වේවා අසත්‍ය හෝ වේවා, ඒවා අල්ලාගෙන අගවිනි වෙත අනවශ්‍ය පීඩනයක් එල්ල කරමින් සිටින බවත් ඔහු අනාවරණය කළේය.
මෙම මොහොතේදී අධිකරයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී නොසිටියහොත් සමස්ත නීති පද්ධතියම විධායකය සතු වී ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අනතුරකට ලක්වන බව පෙන්වා දුන් ප්‍රසාද් සිරිවර්ධන, ජනාධිපතිවරයා තම බලතල සීමා කෙරෙන ආයතන සියල්ල තම ග්‍රහණයට ගනිමින් ඒකාධිපති පාලනයක් කරා ගමන් කරමින් සිටින බවට ද චෝදනා කළේය ෴
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴