ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නොගිහින් පනින වංගුවක් ගැන ආරක්ෂක අංශවල අවාධානය

ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නොගිහින් පනින වංගුවක් ගැන ආරක්ෂක අංශවල අවාධානය

ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

මොරටුව, රාවතාවත්තේ වෙඩිතැබීමක් – කිසිවෙකුට හානියක් නැත


ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නොගිහින් පනින වංගුවක් ගැන ආරක්ෂක අංශවල අවාධානය

(09.09.2026 – sinhala.srilankamirror.com)

ඕස්ට්‍රේලියානු රජය මගින් කලාකරුවන් සඳහා නිකුත් කරන Subclass 408 (Entertainment Visa) අවභාවිත කරමින් සූක්ෂමව සිදුකරනු ලබන මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් නීති අංශවල අවධානය යොමුව ඇති බවට මාධ්‍ය වාර්තා පලව තිබේ.

මෙම ජාවාරමේ ප්‍රධානතම ක්‍රමවේදය වී ඇත්තේ ප්‍රසංග සංවිධායකයින් විසින් සංගීත කණ්ඩායම්, තාක්ෂණික ශිල්පීන් සහ සහායක පිරිස් ලෙස පෙන්වමින් නීති විරෝධී ලෙස පුද්ගලයින් ඕස්ට්‍රේලියාවට රැගෙන යාමයි.

වාර්තා වන තොරතුරු අනුව, මෙලෙස රැගෙන යන ඇතැම් පුද්ගලයින් අදාළ සංවිධායකයින්ටම අයත් ඕස්ට්‍රේලියාවේ පිහිටි ආපනශාලා තුළ ලාභ ශ්‍රමිකයන් ලෙස සේවයේ යොදවා ඇති බවයි.

මෙම වංචනික ක්‍රියාවලිය සංගීත ප්‍රසංග වලට පමණක් සීමා නොවී, නර්තන ප්‍රසංග හා චිත්‍රපට පෙන්වීම් හරහා ශිල්පීන් සහ නර්තන කණ්ඩායම් ගෙන්වා, ඔවුන් අතරට නීති විරෝධී සංක්‍රමණිකයන් ද ඇතුළත් කරමින් සිදු කර ඇති බවයි.

මේ මගඩියට ප්‍රසංගවලට ප්‍රසිද්ධ නර්තන වින්‍යාසකරුවන් (Choreographers) ලෙස සම්බන්ධව සිටින බවට ද චෝදනා එල්ලවී තිබේ.

මෙහි ඇති වඩාත්ම කනගාටුදායක තත්ත්වය වන්නේ, ප්‍රසංග සඳහා සහභාගී වන මෙරට ප්‍රධාන පෙළේ ගායක ගායිකාවන් සහ කලාකරුවන් ද මේ පිළිබඳව හොඳින් දැනුවත්ව සිටින බවට වන චෝදනාවය.

ඔවුන් ඕස්ට්‍රේලියාවට ගිය පසු, මීට පෙර මෙවැනිම ප්‍රසංග වීසා හරහා පැමිණ නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයින්ව සෘජුවම මුණගැසෙන බවටද මාධ්‍ය වාර්තා වල දැක්වේ.

මේ හරහා පැහැදිලි වන්නේ සංවිධායකයින් මෙන්ම ඇතැම් ප්‍රධාන ශිල්පීන් ද මෙම වීසා වංචාවට සෘජුව හෝ වක්‍රව අනුබල දෙන බවයි.

ප්‍රසංග වීසා මත ඕස්ට්‍රේලියාවට ඇතුළු වන මෙම පිරිස් භාවිතා කරන ප්‍රධානතම උපක්‍රමය වන්නේ, ඕස්ට්‍රේලියාව තුළට ඇතුළු වූ පසු එරට රැඳී සිටිමින්ම ශිෂ්‍ය වීසා අයැදුම් කිරීම බව මේවන විට ඕස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන ඇති බවද පැවසේ.

ඒ හරහා ප්‍රසංග වීසා අවභාවිත කරමින් දීර්ඝකාලීනව එරට රැඳී සිටීමටත්, රැකියාවල නිරත වීමටත් ඔවුන් අවස්ථාව උදාකර ගන්නා බවද වාර්තා වේ ෴


ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

(09.09.2026 – sinhala.adaderana.lk)

ඩුබායි ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ ‘රංජිත් කුමාර’ හෙවත් ‘කොණ්ඩ රංජි’ නමැති සංවිධානාත්මක අපරාධකරු අද (9) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුගෙන් මූලික ප්‍රශ්නකිරීම් වලින් අනතුරුව ඔහු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට රැගෙන ආ අතර, එහිදී පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන තිබේ.

‘රංජිත් කුමාර’ නොහොත් ‘කොණ්ඩ රංජි’ ඩුබායිහීදී ඉකුත් මාර්තු 29 වැනිදා රාත්‍රි 7 ට පමණ ඉරානය, ඩුබායි වෙත එල්ල කළ ගුවන් ප්‍රහාර සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර මිතුරන් තිදෙනෙකු (3) වෙත යැවීම හේතුවෙන් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේ නමුත් එම වීඩියෝ දර්ශන හුවමාරු කර පැය 2 ක් ඇතුළත ඩුබායි ආරක්ෂක අංශ ඔහු අත්අඩංගුවට ගෙන, ඔහු සතුව තිබූ පවුම් 17 ක් බර රන් මාල 2 ක්, ඩිරාම් 18,000 ක මුදලක් හා ජංගම දුරකථනද ආරක්ෂක භාරයට ගෙන තිබේ.

අනතුරුව ඔහු අද (09) අලුයම සාමාන්‍ය මගී ගුවන් යානයකින් මෙරටට පිටුවහල් කර ඇති අතර, ඒ පිළිබඳ මෙරට ආරක්ෂක අංශ වෙත දැනුම්දීමක් හෝ සිදුකර නොමැත.

කෙසේවෙතත් තොරතුරුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව ‘කොණ්ඩ රංජි’ මෙරටට පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

එහිදී සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසාඇත්තේ, මීට පෙර අවස්ථාවකද ඩුබායි සිට ඉතාලිය බලායෑමට උත්සහදැරීමේදී ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර ඇති ‘රතු වරෙන්තුව’ මත තමා අත්අඩංගුවට පත්වූ බවය.

එම අවස්ථාවේදී සතියක් පමණ ආරක්ෂක අංශ භාරයේ සිට, නඩු පවරා සිය ගුවන්ගමන් බලපත්‍රයද එරට ආරක්ෂක අංශ විසින් ලබාගත් බව ඔහු පවසා තිබේ.

එහිදී ඇප හිමිවීමෙන් අනතුරුව ඔහු සිය සගයන් පිරිසක් සමග සාදයක්ද පවත්වා ඇත.

‘කොණ්ඩ රංජි’ නමැත්තා එරටදී ජල බෝතල් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති අතර, ඒ හේතුවෙන් ඔහු ගෝල්ඩන් වීසා බලපත්‍රයක්ද ලබාගෙන තිබේ.

තමන් යටතේ සේවකයින් 11 දෙනෙකු සේවය කළ බවත් සැකකරු පවසා ඇත.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා කඳානේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ලවී තිබුණද, වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.

එමෙන්ම තමන් ඩුබායිහිදී පැළඳ සිටි ආභරණ චීනයේ නිෂ්පාදිත ව්‍යාජ රත්‍රන් බවත් පවසා තිබේ.

සැකකරුට එරෙහිව හරක් හා එළුවන් සොරකම, යතුරුපැදි සොරකම, සූදු ක්‍රීඩා කිරීම හා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම ඇතුළු චෝදනා රැසක් පවතී.

වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී සී. ධර්මරත්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි.

+


මොරටුව, රාවතාවත්තේ වෙඩිතැබීමක් – කිසිවෙකුට හානියක් නැත

(09.09.2026 – sinhala.adaderana.lk)

මොරටුව, රාවතාවත්ත එමානුවෙල් මාවත ප්‍රදේශයේ දී අද (09) රාත්‍රී 07:00 ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් ත්‍රිරෝද රථ රියදුරෙකු ඉලක්ක කර මෙම වෙඩිප්‍රහාරය එල්ලකර පලාගොස් ඇත.

කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව පොලීසිය පවසයි.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ අඟුලාන ප්‍රදේශයේ පදිංචි මොරටුව නගර සභාවේ සේවය කරන පුද්ගලයෙකු බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුවන්නට ඇති බවට පොලීසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මොරටුව පොලීසිය විසින් විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා විමර්ශන ආරම්භ කර ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *