මෙට්‍රො බස් සේවාවේ තුන්වන (3) ඩිපෝව ඒකල – ඒකලින් කොළඹට මෙට්‍රො බස් 20 ක්
අලුත් පාර්ලිමේන්තුව – දෙවසරක ශේෂ පත්‍රය – 2026-09-09
රටේ ප්‍රශ්ණ ජිනීවා සමුළුවට – විපක්ෂයම 12 වෙනිදා අනුරාධපුරයට ! (09.09.2026)
ඇයි දැන් ආණ්ඩුව ඒකෙන් ඇඟ බේරාගන්න හදන්නේ ? (09.09.2026)
ජේවීපී ඇමතිලා මේ දවස්වල බැණ බැණ අනුරව හෝදනවා… හඳුනා පව් සහෝ ඕගොල්ලො (09.09.2026)
නාමල් අත්අඩංගුවට ගත් ගරිල්ලා මෙහෙයුම – නිමල් පෙරේරාගේ හෙළි නොවූ වාර්තාව මෙන්න! (10.09.2026)
පොලීසියවත් නොදැන පිටුවහල් කළ කොණ්ඩ රංජි! රංජි පොලීසියට කියූදේ? (09.09.2026)
බය කරන්න එපා – මම මැරෙනවාට වඩා ඔයාලට බයයි (09.09.2026)
Gen Z රවටපු ජාතික ජන බලවේගයේ අලුත්ම ‘සෝෂල් මීඩියා’ සූදුව (09.09.2026)
මාළිමාවේ උගතුන් ජවිපෙ පාප්ප මල්ලිලා ඉදිරියේ ඇට්ටකුණා වෙන්නේ මෙහෙමයි! (09.09.2026)
පාසලට දේශපාලනය එපා – NPP අපි කළාට අවුලක් නැද්ද? (09.09.2026)
බිමල්, හර්ෂණ සහ වටගල කිව්ව අතේ පැලවෙන බොරු | ඊයේ පාර්ලිමේන්තුවේ හොඳම කතාව! (09.09.2026)
මල්වතු මහනාහිමියන්ට කුණුහරුපෙන් විඩියෝ දැමු ජෙප්පාට විරුද්ධව පැමිනිල්ලක් (09.09.2026)
මෙට්‍රො බස් සේවාවේ තුන්වන (3) ඩිපෝව ඒකල – ඒකලින් කොළඹට මෙට්‍රො බස් 20 ක්
(09.09.2026 – hirunews.lk)
මෙරට නාගරික පොදු ප්‍රවාහන සේවාව තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ආරම්භ කළ මෙට්‍රො බස් රථ සේවාව සඳහා ඉදිකළ තවත් ඩිපෝ අංගනයක් අද (09) සිට ජා-ඇල, ඒකල ප්‍රදේශයේදී මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
මෙය මෙරට මෙට්‍රො බස් සේවාව වෙනුවෙන් ස්ථාපිත කළ තුන්වන (3) ඩිපෝ අංගනය වන අතර, එහි මෙහෙයුම් හා පරිපාලන කටයුතු ආරම්භ කිරීම ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්තද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මෙම නව ඒකල ඩිපෝව මූලික කර ගනිමින් නව මෙට්‍රො බස් රථ 20 ක් ධාවනයට එක් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
ඒකල සිට කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම දක්වා දිවෙන මෙම මෙට්‍රො බස් මාර්ගයේ දුර කිලෝමීටර් 29.9 ක්.
මෙම මාර්ගය ඔස්සේ මෙට්‍රො බස් නැවතුම් ස්ථාන 21 ක් ස්ථාපිත කර තිබෙනවා.
ඒ අනුව ඒකල, ජා-ඇල, වැලිගම්පිටිය, කඳාන, මහබාගේ, මාබෝල, හැඳල, වත්තල, හේකිත්ත හන්දිය, පෑලියගොඩ, දෙමටගොඩ, බොරැල්ල, කැම්බල් පාර්ක්, රාජගිරිය, සෙත්සිරිපාය, බත්තරමුල්ල හන්දිය සහ තලංගම ඇතුළු ප්‍රදේශ රැසකින් මගීන්ට මෙම සේවාවට එක්විය හැකි වනවා.
ඒ අනුව සැප්තැම්බර් මාසයේ සිට සමස්ත මාර්ග හතක් ඔස්සේ මෙට්‍රො බස් සේවාව ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් පෞද්ගලික සමාගම ඒකාබද්ධව කටයුතු කරන බවයි සඳහන් වන්නේ.
නව ඩිපෝව විවෘත කිරීමේ අවස්ථාවට දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, ‘ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ’ සහ ‘ලංකා මෙට්‍රො ට්‍රාන්සිට්’ ආයතනයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
අලුත් පාර්ලිමේන්තුව – දෙවසරක ශේෂ පත්‍රය – 2026-09-09
+
රටේ ප්‍රශ්ණ ජිනීවා සමුළුවට – විපක්ෂයම 12 වෙනිදා අනුරාධපුරයට ! (09.09.2026)
+
ඇයි දැන් ආණ්ඩුව ඒකෙන් ඇඟ බේරාගන්න හදන්නේ ? (09.09.2026)
+
අනුර ඕගොල්ලො නාමල්ට දුන්නෙ පට්ට පබ්ලිසිටි එකක් නේ.. සැප් 12 හිටපු ත්‍රස්තවාදීන්ට බඩයන දවසක් (09.09.2026)
+
ජේවීපී ඇමතිලා මේ දවස්වල බැණ බැණ අනුරව හෝදනවා… හඳුනා පව් සහෝ ඕගොල්ලො (09.09.2026)
+
නාමල් අත්අඩංගුවට ගත් ගරිල්ලා මෙහෙයුම – නිමල් පෙරේරාගේ හෙළි නොවූ වාර්තාව මෙන්න! (10.09.2026)
+
පොලීසියවත් නොදැන පිටුවහල් කළ කොණ්ඩ රංජි! රංජි පොලීසියට කියූදේ? (09.09.2026)
+
බය කරන්න එපා – මම මැරෙනවාට වඩා ඔයාලට බයයි (09.09.2026)
+
Gen Z රවටපු ජාතික ජන බලවේගයේ අලුත්ම ‘සෝෂල් මීඩියා’ සූදුව (09.09.2026)
+
මාළිමාවේ උගතුන් ජවිපෙ පාප්ප මල්ලිලා ඉදිරියේ ඇට්ටකුණා වෙන්නේ මෙහෙමයි! (09.09.2026)
+
පාසලට දේශපාලනය එපා – NPP අපි කළාට අවුලක් නැද්ද? (09.09.2026)
+
බිමල්, හර්ෂණ සහ වටගල කිව්ව අතේ පැලවෙන බොරු | ඊයේ පාර්ලිමේන්තුවේ හොඳම කතාව! (09.09.2026)
+
මල්වතු මහනාහිමියන්ට කුණුහරුපෙන් විඩියෝ දැමු ජෙප්පාට විරුද්ධව පැමිනිල්ලක් (09.09.2026)
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴