දේශපාලයෙකුගේ කැත වැඩේ ගැන ළමා හිමිකම් සංවිධාන කනස්සල්ල පළකරයි : සජිත් ප්‍රේමදාස ගැන ඇගයුමකුත්
දිවයිනට ආ ‘කොණ්ඩ රංජි’ ගුවන්තොටේදී CID අත්අඩංගුවට
කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ ව්‍යාපාර ආයතනයකට රු. ලක්ෂ 2 ක දඩයක්
දේශපාලයෙකුගේ කැත වැඩේ ගැන ළමා හිමිකම් සංවිධාන කනස්සල්ල පළකරයි : සජිත් ප්‍රේමදාස ගැන ඇගයුමකුත්
(09.09.2026 – hirunews.lk)
දරුවන් සමග සිදුවන භෞතික ස්පර්ශයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී දරුවාගේ කැමැත්තට (Consent) ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බවට ළමා හිමිකම් ක්‍රියාකාරිනී, ‘ස්ටොප් චයිල්ඩ් කෲවල්ටි ට්‍රස්ට්’ (Stop Child Cruelty Trust) සංවිධානයේ සභාපති වෛද්‍ය තුෂාරා වික්‍රමනායක අවධාරණය කර තිබෙනවා.
ඇය පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායිකව කතා කෙරෙන ‘හොඳ ස්පර්ශය සහ අයෝග්‍ය ස්පර්ශය’ (Good touch, bad touch) යන සංකල්පයට අමතරව, දරුවෙකු තමන්ට වන ස්පර්ශයන්ට එකඟ වන්නේද යන්න තීරණය කිරීමට ඇති අයිතිය ගරු කළ යුතු බවයි.
දේශපාලකයන් සහ දරුවන් සම්බන්ධ ඡායාරූප කිහිපයක් පෙන්වා දෙමින් ඇය මේ බව සඳහන් කර ඇත්තේ, දරුවකුගේ අභිමතය හෝ කැමැත්තකින් තොරව සිදු කෙරෙන ඕනෑම ස්පර්ශයක් නුසුදුසු විය හැකි බවයි.
එහිදී එක් සිදුවීමක් දැඩි ලෙස විවේචනය කළ ඇය, තවත් අවස්ථාවක විරුද්ධ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවට පෙත්සමක් භාර දෙන අවස්ථාවේදී දරුවෙකුගෙන් “මම ඔයාගේ උරහිස් මත අත තැබුවට කමක් නැද්ද?” යැයි විමසා අවසර ලබා ගැනීම දරුවාගේ කැමැත්තට ගරු කිරීමේ කදිම නිදසුනක් ලෙස අගය කර තිබෙනවා.
දරුවන්ට තමන්ට සිදුවන දේ සම්බන්ධයෙන් ‘නැත’ (No) කීමට ඇති අයිතිය ලබා දීම ඔවුන් සවිබල ගැන්වීමක් වන බවත්, දරුවාගේ කැමැත්තට විරුද්ධව සිදුවන ඕනෑම ස්පර්ශයක් ඔවුන්ගේ හිමිකම් උල්ලංඝනය කිරීමක් හෝ අයෝග්‍ය ස්පර්ශයක් බවට පත්විය හැකි බවත් ඇය පෙන්වා දෙනවා.
තවද, නිසි ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති නිසිපරිදි ක්‍රියාත්මක නොවීම සහ ළමා අයිතිවාසිකම් පිළිබඳ වැඩිහිටියන් මෙන්ම දේශපාලනඥයන් ද දැනුවත් වීම අත්‍යවශ්‍ය බව ඇය වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
ළමා හිංසනයක් දුටු තැන එසැනින්ම ‘ශ්‍රී ලංකා ළමා උපකාරක සේවයේ’ පැය 24 ම විවෘත හදිසි ඇමතුම් දුරකථන අංකය 1929 අමතන්න!
ළමා උපකාරක දුරකතන සේවය යනු භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක ළමා ආරක්ෂාව පිළිබඳ ඕනෑම පැමිණිල්ලක් යොමු කළ හැකි රාජ්‍ය රහස්‍ය උපකාරක දුරකතන සේවයකි ෴
+++

+++
https://childprotection.gov.lk
විමල්, ගම්මන්පිල ඇතුලු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති, අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල ගැන ඉදිරි පියවර ගැනීමට නියෝග
(09.09.2026 – hirunews.lk)
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති සත්‍යග්‍රහ ව්‍යාපාරය අතරතුර පළ කළ අදහස්වලින් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට එල්ල වූ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල ඊයේ (08) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.
එහිදී අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන ලෙසයි විනිසුරු මඩුල්ල විසින් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේ.
පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී (විශ්‍රාමික) මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති සත්‍යග්‍රහයේදී අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් අදහස් දැක්වූ බව කියන හිටපු අමාත්‍යවරුන් සහ දේශපාලන ක්‍රියාකාරිකයන් 06 දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අගෝස්තු 05 වන දින නියෝග කළා.
ඔවුන් පළ කළ අදහස්වලින් අධිකරණ ක්‍රියාවලිය විවේචනය වී ඇති බව බැලූ බැල්මට පෙනෙන්නට ඇති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, හිටපු අමාත්‍යවරුන් සහ දේශපාලන ක්‍රියාකාරිකයන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන අයට එරෙහිව මෙලෙස අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ ෴
වත්කම් ප්‍රකාශ ප්‍රමාද වී ලබා දුන් අයට දඩ මුදල්වලින් නිදහස් වීමට හේතු දක්වන්න අල්ලස් කොමිසමෙන් අවස්ථාවක්
(09.09.2026 – hirunews.lk)
නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර, ඒ සඳහා සාධාරණ හේතු ඇත්නම් ඒවා දැක්වීමට අදාල පුද්ගලයන්ට අවස්ථාව ලබා දී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
2026.06.30 වන දිනෙන් පසුව එනම් නියමිත දිනය පසුවී 2026.08.31 දින දක්වා ඉදිරිපත් කරන ලද වත්කම් සහ බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන්, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 90 වගන්තිය ප්‍රකාරව ප්‍රමාද වූ දින ගණනට අදාළව පරිපාලන දඩ මුදලක් නීත්‍යානුකූලව අය කළ යුතුව ඇතැයි ද එම කොමිසම සඳහන් කරනවා.
කෙසේ වෙතත්, එලෙස පරිපාලන දඩ අය කර ගැනීමට පෙර එම ප්‍රමාදය සම්බන්ධයෙන් යම් සාධාරණ හේතුවක් ඇත්නම්, ඒ බව කොමිෂන් සභාව වෙත දැන්වීමට අවස්ථාව ලබා දීමටයි කොමිෂන් සභාව තීරණය කර ඇත්‍තේ.
ඒ අනුව, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 80(1) වගන්තිය ප්‍රකාරව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු තැනැත්තකු වී අදාළ ප්‍රකාශ නියමිත දිනට ප්‍රමාද වී ඉදිරිපත් කර ඇත්නම්, එම ප්‍රමාදය සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදලක් අය නොකිරීමට හේතු 2026 සැප්තැම්බර් මස 30 දින හෝ ඊට පෙර ලිඛිතව (තහවුරු කිරීමේ ලේඛන ඇත්නම් ඒ සමඟ) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කළ යුතු බවයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
එලෙස යොමු කිරීමේදී ප්‍රකාශය කළ තැනැත්තාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය සඳහන් කිරීම අනිවාර්ය වන අතර, 2026 සැප්තැම්බර් මස 30 දින වනතුරුත් කොමිෂන් සභාව වෙත හේතු දැක්වීමක් නොලැබුණහොත්, ප්‍රමාදය පිළිබඳව දැක්වීමට හේතුවක් නොමැති බව සලකා පරිපාලන දඩ අය කර ගැනීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
හේතු දැක්වීම් ඉදිරිපත් කිරීමේදී තැපෑලෙන් නම් ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ ‘ප්‍රමාද වීමට හේතු දැක්වීම’ ලෙසත්, විද්‍යුත් තැපෑලෙන් නම් Subject හි ‘ප්‍රමාද වීමට හේතු දැක්වීම’ ලෙසත් සඳහන් කළ යුතු බවයි එම කොමිසම සඳහන් කරන්නේ.
අදාළ ලිපිනයන් සහ විස්තර පහතින් දැක්වෙනවා.
- ආයතනික ලිපිනය : අධ්‍යක්ෂ (වත්කම් සහ බැරකම් ප්‍රකාශ අංශය), නො.36, මලලසේකර මාවත, කොළඹ 07.
- විද්‍යුත් ලිපිනය : ald@ciaboc.gov.lk
- දුරකථන / ෆැක්ස් අංකය : 011 258 7287
- වට්ස්ඇප් අංකය : 076 701 1954
වාහන 1,000 ක් සිරවෙලා : Cross-Border LCs නිසා සිරවූ වාහන වහා මුදා හරින්නැයි වාහන ආනයනකරුවන්ගෙන් දැඩි ඉල්ලීමක්!
(09.09.2026 – hirunews.lk)
ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලැබූ වාහන සම්බන්ධයෙන් පවතින හරස් මායිම් ණය ලිපි (Cross-border Letters of Credit – LCs) අර්බුදය හමුවේ මේ වන විට වරායන් තුළ සිරවී තිබෙන වාහන 1,000 කට ආසන්න සංඛ්‍යාවක් කඩිනමින් නිදහස් කරගැනීමට අදාළ ආනයනකරුවෝ බලධාරීන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටිනවා.
මෙම ගැටළුව හේතුවෙන් දිගු කලක සිට වාහන නිදහස් කරගැනීමට නොහැකිව දැඩි අපහසුතාවන්ට සහ මූල්‍යමය පාඩුවලට මුහුණ දීමට සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
අදාළ බලධාරීන් කඩිනමින් මීට මැදිහත්වී පවතින නීතිමය සහ තාක්ෂණික බාධක මගහරවා ගනිමින් මෙම වාහන තොගය නිදහස් කිරීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගනු ඇතැයි ආනයනකරුවෝ දැඩි අපේක්ෂාවෙන් සිටිනවා ෴
දිවයිනට ආ ‘කොණ්ඩ රංජි’ ගුවන්තොටේදී CID අත්අඩංගුවට
(09.09.2026 – sinhala.adaderana.lk)
ඩුබායි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කළ පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘රංජිත් කුමාර’ හෙවත් ‘කොණ්ඩ රංජි’ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔහු CID භාරයට ගත් බවය.
‘කොණ්ඩ රංජි’ ඉතාලියට පලායාමට උත්සාහ කිරීමේදී පසුගිය ජනවාරි 09 වැනිදා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබුණි.
එරට ආරක්ෂක අංශ විසින් ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවන් ද අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව බිරිඳ සහ දරුවන් මුදාහැර තිබුණි.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ද ‘කොණ්ඩ රංජි’ පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව සඳහන් වේ.
+
කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ ව්‍යාපාර ආයතනයකට රු. ලක්ෂ 2 ක දඩයක්
(09.09.2026 – sinhala.adaderana.lk)
කල් ඉකුත් වූ තේ ඇසුරුමක් පාරිභෝගිකයෙකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමට රු. 200,000 ක දඩ මුදලක් නියම කර තිබේ.
කල් ඉකුත් වූ තේ ඇසුරුමක් පාරිභෝගිකයෙකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවේදී, විත්තිකාර සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව කොළඹ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දඩ මුදල නියම කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයේදී, 2026.07.15 දින කල් ඉකුත් වූ බව සඳහන් 400g තේ ඇසුරුමක් රු. 1,000 කට අලෙවි කර ඇති බව අනාවරණය කරගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2014.08.15 දිනැති අංක 1875/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කර ඇති විධාන අංක 52 උල්ලංඝනය කිරීම මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණි.
විධාන අංක 52 අනුව නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන්, සැපයුම්කරුවන් සහ වෙළෙඳුන් විසින් විකිණීමට නුසුදුසු, කල් ඉකුත් වූ හෝ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බව හඳුනාගත් භාණ්ඩ, විකිණීමට ඉදිරිපත් කර ඇති අනෙකුත් භාණ්ඩ සමඟ එක්ව, යාබදව හෝ ඒවා අතර තබා ගැනීම, ගබඩා කිරීම හෝ එක්රැස් කිරීම නොකළ යුතුය ෴
ලංකාවේ දරුවන් අතර පිළිකා රෝග ව්‍යාප්තිය ඉහළට
(09.09.2026 – sinhala.adaderana.lk)
උපතේ සිට අවුරුදු 19 දක්වා වයස් කාණ්ඩවල සිටින ළමුන් සහ නව යෝවුන්වියේ පසුවන දරුවන්ගෙන් වසරකට 900 ත් 1,000 ත් අතර සංඛ්‍යාවක් පිළිකා රෝගීන් මෙරටින් වාර්තාවන බව ප්‍රජා වෛද්‍ය විශේෂ්‍ය, වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පසයි.
ජාතික පිළිකා මර්දන වැඩසටහනට සමගාමීව අද (09) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවේදී මේ බව සඳහන් කළේය.
එහිදී වැඩි වශයෙන් හඳුනාගැනීමට ලක්ව ඇත්තේ ,ලේ පිළිකාව නොහොත් ලිව්කේමියාව, වසා ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාව වන ලිම්‍ෆොමාව, මොළය ආශ්‍රිත පිළිකාව, අස්ථි ආශ්‍රිත පිළිකාව සහ ඇස් ආශ්‍රිත පිළිකාව බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.
එහිදී වෛද්‍යවරයා පැවසුවේ සෑම පිළිකාවක් පිළිබඳවම කලින් හඳුනාගෙන ඒ අනුව නිසි ප්‍රතිකාර කිරීමෙන් පිළිකාව සුවකර ගැනීමට ඉතා ඉහළ හැකියාවක් පවතින බවය.
ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් අතර ඇතිවන පිළිකා සහ ඒ සඳහා වන ප්‍රතිකර පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් ලොව පුරා සැප්තැම්බර් මාසය “ළමා පිළිකා පිළබඳ දැනුවත් කිරීමේ මාසය” ලෙස සමරනු ලබයි ෴
රු. කෝටි 500 ක ‘අයිස්’ අල්ලන්න සහය වූ උපායදූතයා මරන්න කළ සැළසුම ව්‍යර්ථ වෙයි – ව්‍යාජ පොලිස් රථය වලානෙන් අල්ලයි
(09.09.2026 – sinhala.adaderana.lk)
පොලිස් උපාය දූතයෙකු ඝාතනය කිරීමට උත්සාහ කළ සංවිධානාත්මක අපරාධකරුවන් යොදාගත්, ව්‍යාජ ජීප් රථයක් ඊයේ (08) වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය භාරයට ගෙන තිබේ.
2025 නොවැම්බර් 29 වන දින සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීමෙන් කිරින්ද මුහුදු බඩ ප්‍රදේශයේදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ 325 ක්, සැකකරුවන් 8 දෙනෙකු සහ වාහන 6 ක් අත්අඩංගුවට ගැනීමට උපාය දූතයෙකු තොරතුරු ලබා දී තිබිණි.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 500 කට අධික බව සඳහන් වෙයි.
කෙසේ වෙතත් විදේශගතව සිටින ‘රූබන්’ සහ ‘අංගොඩ ප්‍රියංකර’ යන සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මෙහෙයවන ලද මෙම ජාවාරම පොලිසිය හසු වීම හේතුවෙන් සිදුවූ අලාභයට පලිගැනීමක් ලෙස, අදාළ උපාය දූතයා පැහැරගෙන ගොස් ඝාතනය කර ඔහුගේ හිස සහකාර පොලිස් අධිකාරීවරයාගේ නිවස ඉදිරිපිට දමා යාමට අපරාධකරුවන් සැලසුම් කර තිබූ බව වාර්තා වෙයි.
එහෙත් මෙම සැලසුම ව්‍යර්ථවීමෙන් මාස 9 කට පසුව, එනම් 2026 සැප්තැම්බර් 05 වන දින උදෑසන 06 ට පමණ කිරින්ද වරාය දෙසට ගමන් කරමින් සිටි උපාය දූතයාව මෙම ව්‍යාජ පොලිස් ජීප් රථයෙන් හප්පා මරා දැමීමට අපරාධකරුවන් උත්සාහ කර ඇත.
එහිදී උපාය දූතයා ඉන් මිදීමට උත්සාහ කිරීමේදී තුවාල ලබා ඇති අතර, ඔහු මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
සිද්ධියෙන් පසු පලාගිය ජීප් රථය පිළිබඳව ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කඩුවෙල, හේවාගම ප්‍රදේශයේ පිහිටි ගරාජයක සඟවා තිබියදී මෙම ව්‍යාජ පොලිස් ජීප් රථය සොයාගෙන ඇත.
ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය භාරයට ගත් ජීප් රථය වැඩිදුර විමර්ශන සඳහා කිරින්ද පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.
+
ප්‍රභාකරනුත් බිය වන සිතියමක් ගම්මන්පිලගෙන් මහින්දට. ලංකාවේ නියඟ හානියට ඇමරිකාවෙන් වන්දි. (09.09.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴