සැලූනයක මුදල් සහ උපකරණ සොරාගෙන පලාගිය සේවකයා සහ බිරිඳ සොයා පොලිස් පරීක්ෂණ
මගී ප්‍රවාහන රථ සඳහා මාස 3 කට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්ය කෙරේ
තණමල්විල ගල්වලයාය ප්‍රදේශයේදී සහ අතුරුගිරිය වලේකඩේ ප්‍රදේශයේදී වෙඩි තැබීම් 2 කින් දෙදෙනෙකුට (2) තුවාල
(08.09.2026 – hirunews.lk)
තණමල්විල ගල්වලයාය ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු (1) තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ ෴
අතුරුගිරිය වලේකඩේ ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි ප්‍රහාරයෙන් එක් (1) පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවයි පොලිසිය පවසන්නේ ෴
+++
අතුරුගිරිය කැළඹූ වෙඩිල්ල | ෆුල් ෆේස් එකත් දාගෙන ඇතුලටම ඇවිත් වෙඩි තැබූ හැටි | CCTV දර්ශණ එළියට
+
සැලූනයක මුදල් සහ උපකරණ සොරාගෙන පලාගිය සේවකයා සහ බිරිඳ සොයා පොලිස් පරීක්ෂණ
(08.09.2026 – hirunews.lk)
බත්තරමුල්ල, තලංගම, කොස්වත්ත පාරේ පිහිටි පෞද්ගලික රූපලාවන්‍ය ආයතනයක සේවය කළ තරුණයෙක්, ඔහුගේ බිරිඳ සමඟ එක්ව අදාල ආයතනයේ තිබූ මුදල් සහ රූපලාවන්‍යාගාර උපකරණ සොරාගෙන පලාගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව තලංගම පොලිසිය පවසනවා.
මෙම ආයතනයේ මාස එකහමාරක (1½) පමණ කාලයක් සේවය කර ඇති මෙම සැකකරුට සහ ඔහුගේ බිරිඳ විසින් ඉකුත් 04 වැනිදා රාත්‍රියේ මෙම සොරකම සිදුකරනු ලැබ ඇති බවට අදාල ආයතනයේ හිමිකරු මෙම පැමිණිල්ල සිදුකර ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.
තමන් විසින් එම සේවකයාට ආහාර පාන සහ නවාතැන් පහසුකම් පවා ලබා දී තිබියදීත්, මෙම සොරකම සිදු කර ඇති බවත්, එහිදී රුපියල් 38,000 ක් පමණ වටිනා යන්ත්‍ර දෙකක් සහ කුලී ගවීම සඳහා තබා තිබූ රුපියල් 25,000 ක මුදලක් ද රැගෙන මෙම අඹුසැමි යුවළ පලාගොස් ඇති බවත් පැමිණිලිකරු සිය පැමිණිල්ලෙන් ඉදිරිපත් කර ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.
සොරාගත් මුදල් හා උපකරණවල මුළු වටිනාකම රුපියල් 63,000 ක් පමණ වන බව වාර්තා වෙනවා.
පලායාමට පෙර සැකකරු විසින්ම තම බිරිඳගේ හිසකෙස් රෝස පැහැයට වර්ණ ගන්වා ඇති අතර, එහි වටිනාකම රුපියල් 7,000 ක් පමණ වන බවද හිමිකරු පොලිසියට දැනුම් දී තිබෙනවා.
මෙම සියලු සිදුවීම් ආයතනයේ සීසීටීවී (CCTV) කැමරා පද්ධතියේ සටහන් වී ඇති බවද වාර්තා වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ආයතන හිමිකරු සඳහන් කරන්නේ තමන්, සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබදව දැනුවත් කළ බවයි. ඒ අනුව, මෙම අඹුසැමි යුවළ මීට පෙර හංවැල්ල ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක ද මේ හා සමානව මාස කිහිපයක් සේවය කර එහි තිබූ මුදල් හා උපකරණ සොරාගෙන පැනගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැනගත් බව හිමිකරු පවසනවා.
ඒ සම්බන්ධයෙන් පාදුක්ක පොලීසියට ද පැමිණිල්ලක් ලැබී ඇති බවද වාර්තා වෙනවා.
වංචනික ලෙස රූපලාවන්‍යාගාර හිමියන් මුළා කරමින් රැකියා සඳහා පැමිණ සිදුකරන මෙම ජාවාරම සම්බන්ධයෙන් අදාල සැකකරුට සහ සැකකාරියට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසත්, වෙනත් ව්‍යාපාරිකයන්ට මෙවැනි හානියක් සිදුවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් වින්දිත ව්‍යාපාරිකයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙලෙස පලාගොස් ඇති සැකකරු 25 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු පුත්තලම, පාලවිය, වන්නියටිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වෙලෙදසැල් හිමිකරු සඳහන් කළේ ෴
මගී ප්‍රවාහන රථ සඳහා මාස 3 කට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්ය කෙරේ
(08.09.2026 – hirunews.lk)
ඉදිරියේදී මගී ප්‍රවාහන බස් රථ, කාර්ය මණ්ඩල ප්‍රවාහනය බස් සහ වෑන් රථ මෙන්ම පාසල් ප්‍රවාහන හා දුරගමන් චාරිකාවල යොදවා ඇති රථ කිලෝමීටර් 5000 ක ගමන් දුර ඉක්මවීමට පෙර හෝ මාස තුනකට (3) අඩු කාලයකදී සාමාන්‍ය මට්ටමේ රථ වාහන යෝග්‍යතා සහතිකයක් ලබා ගත යුතු බව ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
පාර්ලිමේන්තුව අමතමින් අද (08) අමාත්‍යවරයා මේ බව පැවසුවා.
මෙම යෝග්‍යතා පරීක්ෂණය සාමාන්‍යයෙන් අවුරුද්දකට එක්වරක් සිදුකරන යෝග්‍යතා පරීක්ෂණය මෙන් මිල අධික එකක් නොවන බවයි ඔහු කියා සිටියේ.
සාමාන්‍යයෙන් රුපියල් 1500 – 2000 ත් අතර මිල සීමාවකදී ලංකාව තුළ මෙම පරීක්ෂණය සිදු කර ගත හැකි බවද ඔහු කියා සිටියා.
පසුගිය අවුරුද්දේ කොත්මලේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස් අනතුර, ඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික අනතුර වගේ සිද්ධීන්වල දැකිය හැකි පොදු ලක්ෂණය තිරිංග නිසිපරිදි ක්‍රියා නොකිරීම බවට වාර්තා බව ඔහු සඳහන් කළා.
එම අනතුරක් සම්බන්ධව කළ විමර්ශනයකදී එක් වාහනයක එක් පැත්තක මුළු අවුරුද්දක් පුරාවටම තිරිංග වසා දමා ඇති බව පරීක්ෂණවලින් තහවුරුකරගත් බවද අමාත්‍යවරයා කියා පැවසුවා.
මේ අතර ඔහු සඳහන් කළේ මෑතකදී පොලීසියෙන් අත්අඩංගුවට ගත් ඇතැම් වාහනවල බ්රේක් හෝස් සාදා තිබුණේ මල්පැලවලට වතුර දමනා හෝස් බටවලින් බවයි.
මිනිසුන් දුර ගමන් චාරිකා යන්නේ විනෝදාස්වාදය ලබා ගැනීමේ අරමුණින් බවත් එම විනෝද චාරිකාව ඛේදාන්තයකින් අවසන් වීම සිදු නොවිය යුතු කරුණක් බවද ඇමතිවරයා පැවසුවා.
මෙම යෝග්‍යතා පරීක්ෂණය හේතුවෙන් ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම හතරවන අදියර සම්පූර්ණ කළ (NVQ 4) ඕනෑම අයෙකුට පිළිගත් ගරාජයක ලියාපදිංචි වී මෙම පරීක්ෂණය සිදු කළ හැකි නිසා මෝටර් කර්මාන්ත ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථාවන් විවර වන බවද ඔහු පැවසුවා.
වැඩිදුරටත් කරුණු කී අමාත්‍යවරයා,
“අද ඉදිරිපත් කර තිබෙන ප්‍රධාන යෝජනා දෙකේ (2) අරමුණ මම කෙටියෙන් කියන්නම්. එකක් තමයි කතානායකතුමනි අපේ අනිත් මන්ත්‍රීතුමාලා ඒ වගේම නියෝජ්‍ය ඇමතිතුමාලා ඒගොල්ලෝ තව කරුණු විශාල වශයෙන් පැහැදිලි කරාවි. පළවෙනි එක තමා අද අපි ගැසට් එකක් ඉදිරිපත් කරලා ඒක පාර්ලිමේන්තුවේ අනුමත කරගන්න බලාපොරොත්තු වෙනවා. එයින් එකක් තමා අපි යෝජනා කරලා තිබෙනවා මගී ප්‍රවාහනයේ නිරත වෙන බස්රථ, වෑන්රථ කවුරුහරි කෙනෙක් මගී ප්‍රවාහනයේ නිරත වෙනවානම් පුද්ගලික වාහනවලට අයිති වෙන්නේ නෑ. පුද්ගලික තමන්ගේ ගමන් යන වාහනවලට අයිති වෙන්නේ නෑ. ඒවත් කරගත්තට කමක් නෑ. නමුත් මගීන් ප්‍රවාහනය කරනවා නම් බස් හරි, ඔෆිස් හරි, ස්කූල් වෑන් හරි ට්‍රිප් එකක් ගියා උනත් අනිවාර්ය වශයෙන්ම අන්න එවැනි වාහන කිලෝමීටර් පන්දාහකට (5000) අඩුවෙන් හෝ මාස තුනකට (3) අඩු කාලයකදී සාමාන්‍ය මට්ටමේ රථවාහන යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂණ සහතිකයක් ලබා ගත යුතුයි කියන එක. Roadworthiness Test එකක් කරගන්න ඕනේ කිලෝමීටර් 5000 කට අඩුවෙන් ඒක ඉක්මවන්න කළින්. ඒක නිසා තමයි අපි මේක යෝජනා කරන්නේ. අපි එකපාර කාටවත් විශාල බරක් පටවන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ නිසා මාස තුනකට (3) සැරයක් තමන්ගේ වාහනයේ මූලික දේවල් ටික Check කරගන්න. මේකෙන් අපි අලුත් Industry එකක් හා Profession එකක් Develop කරනවා. NvQ 4 තියෙන දැනුම තිබෙන වෘත්තිකයන්ට ගරාජ් එකක ලියාපදිංචි වෙලා මේවා Check කරන්න පුළුවන්” ෴
++
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴