සමාජ විරෝධී විකෘති ක්‍රියාකාරම් ප්‍රවර්ධනය කළ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

සමාජ විරෝධී විකෘති ක්‍රියාකාරම් ප්‍රවර්ධනය කළ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

මැදපෙරදිග තත්ත්වය මැද මෙරට මුහුදු සීමාව ආසන්නයේ නැව් 47 ක්

බුදු සර්, දරුවව බලාගන්න..! බස් ලලියා බිරිඳවත් හංඟන් ගහපු ගේම් එළියට (08.09.2026)

එන්න තියෙන නඩු තීන්දු කලින්ම තක්කෙටම කියන අනුර – දොළවත්ත (08.09.2026)

නිමල් පෙරේරා විශ්වාස නැහැ. CID ය කියයි. එයාර්බස් මගඩිය මුල සිට අගට මෙන්න. (08.09.2026)

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් දස දහසක් (10,000) මූල්‍ය වංචාවල

‘අද දෙරණ වාදපිටිය’ – නීතිය ක්‍රියාත්මක කිරීම සහ දේශපාලන පලිගැනීම් | 2026.09.08

අධිකරණයට බලපෑම්.. ජනරජය බිදවැටෙමින්.. වහා ශ‍්‍රී ලංකාවට මැදිහත් වන්න.. – මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතයි..

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක් (08.09.2026)


සමාජ විරෝධී විකෘති ක්‍රියාකාරම් ප්‍රවර්ධනය කළ 18 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

(08.09.2026 – sinhala.adaderana.lk)

සමාජ විරෝධී ලිංගික ක්‍රියාකාරම් ප්‍රවර්ධනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වට්ස්ඇප් සහ ෆේස්බුක් සමූහයන් පවත්වාගෙන ගිය 18 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, අන්තර්ජාල ආවේක්ෂණ හා විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ විරෝධී ලිංගික ක්‍රියාකාරම් ප්‍රවර්ධනය කරන සමාජ මාධ්‍ය ජාල සමූහ රැසක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, අන්තර්ජාල ආවේක්ෂණ හා විමර්ශන ඒකකයට තොරතුරු ලැබී තිබුණි.

ඒ අනුව සිදුකළ සොයාබැලීමේදී අනාවරණ වී තිබුණේ එම සමූහයන්වලට සම්බන්ධ වී ඇති පිරිස් තම පවුල්වල සාමාජිකයන් ගැන පවා විකෘති අදහස් පලකර තිබූ බවයි.

අනතුරුව, එවැනි සමාජ මාධ්‍ය සමූහයක් පවත්වාගෙන ගෙන ගිය සමාජ මාධ්‍ය ඇඩිමිනයෙකු වේයන්ගොඩ ප්‍රදේශයේදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

18 හැවිරිදි සැකකරු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම තවත් එවැනිම සමාජ විරෝධී ලිංගික ක්‍රියාකාරකම් ඇතුළත් සමූහ පිළිබඳ තොරතුරු ලැබී ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

ඒ අනුව ඒවාට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේය.

+


මැදපෙරදිග තත්ත්වය මැද මෙරට මුහුදු සීමාව ආසන්නයේ නැව් 47 ක්

(08.09.2026 – sinhala.adaderana.lk)

අමෙරිකාව සහ ඉරානය අතර මතුව ඇති යුද ගැටුම් මැද මෙරට මුහුදු සීමාවට ආසන්නව ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ නෞකා 47 ක් නවතා තබා ඇති බවට මේ වන විට හඳුනා ගෙන ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ මෙරට මුහුදු සීමාවට මුහුදු සැතැප්ම කිලෝමීටර් 24 කට එහායින් මෙම නෞකා නවතා තබා ඇති බවය.

මෙම නැව් අතරට ඉරාන නෞකා මෙන්ම වෙනත් නෞකාද පවතින බව පැවසූ අමාත්‍යවරයා එම නැව් වෙළෙඳ සහ භාණ්ඩ ප්‍රවාහන නෞකා බවට මේ වන විට හඳුනාගෙන ඇතැයිද පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ මෙම කිසිදු නෞකාවක් මේ වන තෙක් මෙරටින් පහසුකම් ඉල්ලීමක් සිදුකර නැති බවත් එමෙන්ම මෙරටද එම නෞකා සඳහා පහසුකම් සලසා දීමක් සිදුකර නැතැයි බවත්ය.

කෙස් වෙතත් නාවික හමුදාව මේ පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ සම්බන්ධව කිසිදු රජයේ මැදිහත්වීමක් සිදුකර නොමැති බවය.

“මේ කියන නැව් ඉරාන නැව් විතරක්ම නෙමෙයි. අපි නැව් 47 ක් අපි හඳුනගෙන තියෙනවා. මේ සියලුම නැව් තිබෙන්නේ අපේ මුහුදු සීමාවේන් ඔබ්බේ. ජාත්‍යන්තර මුහුදු සීමාවේ. මුහුදු සැතැප්ම කිලෝමීටර් 24 කට එහා පැත්තේ. ඒ තියෙන නැව්වලින් ඉරානයට අයත් නැව් කිහිපයකුත් තියෙනවා. ඒ කිසිවක් අපේ මුහුදු සීමාවේ නෑ. මේක අපේ ලංකාවට යාබදව විතරක් නෙමෙයි තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියා වගේ රටවලටත් යාබදව ජාත්‍යන්තර මුහුදු සීමාවේ විවිධ වෙළෙඳ නැව්, භාණ්ඩ ප්‍රවාහන නැව් නවතා තබනවා. ඒ භාණ්ඩ ප්‍රවාහන නැව් ප්‍රවාහන කටයුත්ත ඉටු කරන තෙක්. අපි මේ කිසිවකට ලංකාවේ ආණ්ඩුව හැටියට කිසිම පහසුකමක් සපයලා නෑ. ඒ වගේම ඔවුන්ගේ පැත්තෙන් අපෙන් ඉල්ලීමක් කරලාත් නෑ. මොනවාහරි අවශ්‍යයි කියලා ජාත්‍යන්තර සාගර නීතියට අනුව අපෙන් ඉල්ලීමක් කරලාත් නෑ අපි යමක් ලබා දීලත් නෑ. නැව් කිහිපයක් තිබෙන බව ඇත්ත. අපේ නාවික හමුදාවත් ඒ පිළිබඳව නිරීක්ෂණයක ඉන්නවා. ඒ හැර මේ පිළිබඳව කිසිදු මැදිහත්වීමක් රජයක් විදිහට කරලා නෑ.”


බුදු සර්, දරුවව බලාගන්න..! බස් ලලියා බිරිඳවත් හංඟන් ගහපු ගේම් එළියට (08.09.2026)

+


එන්න තියෙන නඩු තීන්දු කලින්ම තක්කෙටම කියන අනුර – දොළවත්ත (08.09.2026)

+


නිමල් පෙරේරා විශ්වාස නැහැ. CID ය කියයි. එයාර්බස් මගඩිය මුල සිට අගට මෙන්න. (08.09.2026)

+


අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් දස දහසක් (10,000) මූල්‍ය වංචාවල

(08.09.2026 – lankacnews.com)

විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් අංක දසදහසක් (10,000) පමණ යොදා ගනිමින් අන්තර්ජාලය ඔස්සේ කළ කෝටි ගණනක මූල්‍ය වංචාවන් ගණනාවක් හෙළිකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු වංචා විමර්ශන අංශ සමත් වී ඇත.

වංචාකරුවන් රුපියල් කෝටි ගණනක මුදල් හුවමාරු කර ඇත්තේ කුලී පදනම මත හා මුදල් ගෙවා මිලදී ගත් අන්සතු බැංකු ගිණුම් වලින් බවට පොලිස් විමර්ශන මගින් අනාවරණය වි තිබේ.

ලාභ ලබන ව්‍යාපාරවලට සම්බන්ධ කරගෙන ඉන් ලැබෙන කොමිස් මුදල් ගිණුම්වලට බැරකරන බව පවසමින් විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් අංක ලබාගන්නා මෙම සංවිධානාත්මක කණ්ඩායම් පසුව එම ගිණුම්වලට යම් මුදලක් බැරකරමින් ගිණුම් හිමියාගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කරයි. අනතුරුව ගිණුම් හිමියාගේ ‘පින් අංක’ ඇතුළු ගිණුමේ රහස් තොරතුරු සූක්ෂ්ම ලෙස ලබාගන්නා මෙම කල්ලි එම ගිණුම් අංක මහා පරිමාණ මූල්‍ය අපරාධ සඳහා යොදා ගන්නේ ගිණුම් හිමියාට අල්පමාත්‍ර හෝ සැකයක් ඇති නොවන ආකාරයටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් එවැනි ආකාරයේ පැමිණිලි 500 ක පමණ ප්‍රමාණයක් මේවනවිට වාර්තා වී ඇති අතර බොහෝ දෙනකු බැංකු ගිණුම් අන්සතු කර වංචාවකට ආධාර අනුබල දීමේ චෝදනාව මත නීතිය ඉදිරියේ අසරණ වී සිටින බව එම දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග කියා සිටියි.

අන්තර්ජාල වංචාකරුවන් විසින් නිවසේ සිට ආදායම් උපයාගන්නා ව්‍යාපාරවටල එක්වන ලෙසට මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකරමින් මේ සඳහා පුද්ගලයන් ඒකරාශී කරගන්නා බවද විමර්ශන රැසකින්ම අනාවරණය වී ඇත.

මෙම වංචනිකයන් පවසන්නේ තමන් දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳ සන්නාම සහිත සමාගම් හා ව්‍යාපාර සමග ගනුදෙනු කරන බව සහ ඉන් ලැබෙන ලාභාංශවලින් කොටසක් ගිණුම් හිමියන්ට ලබාදෙන බවය.

අවසානයේ ‘ක්‍රිප්ටෝ කරන්සි’ මගින් විදෙස් රටවල ජාවාරම්කරුවන් අතට එම ගිණුම් අංක පත්වේ. එම ගිණුම් අංක භාවිත කරමින් විවිධ මූල්‍ය අපරාධ සිදුකරයි.දේශීය ගිණුම් හිමියන් අවසානයේ දැනුවත්ව හෝ නොදැනුවත්ව වංචාවට ආධාර අනුබල දීමක් කරන අතර ඔවුන්ට නීතිය ඉදිරියේ දඬුවම් ලැබීමට ද සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කරන්නේ කිසිදු ආකාරයකින් තමාට අයත් බැංකු ගිණුමක් බාහිර පාර්ශ්වයකට අන්සතු කිරීමක් නොකරන ලෙසය. ඒ ආකාරයෙන් අන්සතු කිරීම් නිසා අන්තර්ජාල මුදල් වංචාවලට ආධාර අනුබල දීමේ වරදට නිකරුණේ දඬුවම් ලැබීමට සිදුවන බවය.

එෆ්. අස්ලම්


‘අද දෙරණ වාදපිටිය’ – නීතිය ක්‍රියාත්මක කිරීම සහ දේශපාලන පලිගැනීම් | 2026.09.08

+


අධිකරණයට බලපෑම්.. ජනරජය බිදවැටෙමින්.. වහා ශ‍්‍රී ලංකාවට මැදිහත් වන්න.. – මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතයි..

(08.09.2026 – lankacnews.com)

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, විධායකයේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රී ලංකා ජනරජයේ පදනම ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිලින්ද රාජපක්ෂ මහතා, මෙරට තුළ දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රවණතාවක් පවතින බව අවධාරණය කළේය.

නාමල් රාජපක්ෂ වැනි විපක්ෂයේ දේශපාලනඥයන් ඉලක්ක කර ගනිමින් සිදුකරන අත්අඩංගුවට ගැනීම් සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සාලේ මහතා දිගින් දිගටම රඳවා තබා ගැනීම හරහා අධිකරණ ක්‍රියාවලියේ සහ නීතිමය පටිපාටියේ පවතින බරපතළ දුර්වලතා මතු වන බව ඔහු පෙන්වා දුන්නේය.

එසේම, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වෙනස් කිරීම හරහා අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වී ඇති බවත්, එමගින් විධායකයට අධිකරණ පරිපාලනය කෙරෙහි අනවශ්‍ය බලයක් ලැබී ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවා අනතුරු අඟවා ඇති බව ඔහු සිහිපත් කළේය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා කිරීමට රජය උත්සාහ දරන බවත්, දූෂණ විරෝධී පනතේ ඇතැම් සංශෝධන හරහා ඇප ලබාදීමේ ක්‍රියාවලිය දැඩි කර පුද්ගලයන් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට අවස්ථාව සලසා ඇති බවත් මිලින්ද රාජපක්ෂ මහතා මෙහිදී චෝදනා කළේය.

ශ්‍රී ලංකාවේ පවතින මෙම මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පසුබෑම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරී මැදිහත්වීමක් සිදුකරන ලෙසත් ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ මහා කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.

+++

+


ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධව පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක් (08.09.2026)

++

********************* ( නැවත මුල් පිටුවට ….. ) –

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

➤