අල්ලස් ගත් ගාල්ල ප්‍රදේශයේ විදුහල්පතියෙක් අත්අඩංගුවට

අල්ලස් ගත් ගාල්ල ප්‍රදේශයේ විදුහල්පතියෙක් අත්අඩංගුවට


අල්ලස් ගත් ගාල්ල ප්‍රදේශයේ විදුහල්පතියෙක් අත්අඩංගුවට

(07.09.2026 – sinhala.adaderana.lk)

ළමුන් දෙදෙනෙකු (2) පාසලකට ඇතුළත් කරදීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක (2,50,000) මුදලක් ලබාගත් ගාල්ල ප්‍රදේශයේ විදුහල්පතියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර විදුහල්පති විසින් අදාළ දරුවන් ඇතුළත් කරදීම සඳහා එක් ළමයකුට රුපියල් ලක්ෂ තුන (3,00,000) බැගින් දෙදෙනාට (2) රුපියල් ලක්ෂ හයක (6,00,000) මුදලක් ඉල්ලා ඇති අතර අනතුරුව එම මුදල රුපියල් ලක්ෂ තුනක් (3,00,000) දක්වා අඩු කර ඇති බව සඳහන් ය.

ඉන් රුපියල් ලක්ෂ එකහමාරක (1,50,000) මුදලක් අල්ලස් ලෙස ලබාගෙන 2026 වසරේ පළමු (1) ශ්‍රේණියට එක් (1) ළමයකු ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

අනෙක් දරුවා 08 ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමට කටයුතු කරදීම සඳහා ඉතිරි රුපියල් ලක්ෂ එකහමාරක (1,50,000) මුදලින් රුපියල් 50,000 ක් ලබාගෙන එම ළමයා ද පාසලට ඇතුළත් කරදීමට කටයුතු කර ඇති බව සඳහන්ය.

අනතුරුව මෙම දරුවන් දෙදෙනා (2) පාසලට ඇතුළත් කර දීමට අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂ දෙකහමාරක (2,50,000) මුදලක් ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වේ.

එම මුදල ලබා නොදුන්නොත් ළමුන් දෙදෙනාම (2) පාසැලෙන් ඉවත් කරන බව පවසා එසේ සිදු නොකිරීමට ඉල්ලා සිටි රුපියල් ලක්ෂ දෙක හමාරක (2,50,000) මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමට උත්සහ දැරීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය ෴

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *