සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොස් මල්ලි’ගේ මස්සිනා වූ ‘භූත කළුවා’ ව කපාකොටා ඝාතනය කෙරේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොස් මල්ලි’ගේ මස්සිනා වූ ‘භූත කළුවා’ ව කපාකොටා ඝාතනය කෙරේ

22 ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

හංවැල්ල සුසාන භූමියකින් ‘බස් ලලිත්’ගේ ගිනිඅවි තොගයක් සොයාගනී

ශිෂ්‍යත්ව ලකුණු නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් කැඳවයි : සැප්තැම්බර් 21 දක්වා ඔන්ලයින් පහසුකම්

China Is Quietly Taking Over Western Car Brands (07.09.2026)

රටේ ප්‍රවාහනය භාරගත්තේ මරුම මනුස්සයා | හදනවා හැදිල්ලක් කොනක තියලා | දෙවෙනි මෙට්‍රෝ ඩිපෝව කඩවතින් (07.09.2026)

බණ්ඩාරගමදී මෝටර් රථයක් අභිරහස් ලෙස ගිනිගනී (07.09.2026)

ව්‍යාජ ලේබල් සහිත ජල බෝතල් 8,500 කට අධික තොගයක් විනාශ කිරීමට නියෝග

“කවදද දුන්නේ? මතක නෑ; කොහොමද දුන්නේ? මතක නෑ” – නාමල් බලන්න ආපු ගම්මන්පිල අදත් අල්ලස් සිද්ධිය ගැන කට අරී (07.09.2026)

මාලිමාව ලංකාවට අහිමි කළ ක්‍රිකට් ශූරතාවය. ජනපති පොලිසිය නිරුවත් කරයි. (07.09.2026)

Hiru TV Salakuna Live | Rajitha Senaratna | Episode 544 | 2026-09-07


සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොස් මල්ලි’ගේ මස්සිනා වූ ‘භූත කළුවා’ ව කපාකොටා ඝාතනය කෙරේ

(07.09.2026 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොස් මල්ලි’ නමැත්තාගේ නැමැත්තාගේ මස්සිනා වන ‘භූත කළුවා’ නමැත්තා තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කර ඇති බව දෙහිවල පොලීසිය පවසයි.

අද (07) අලුයම 01:45 ට පමණ මෙම ඝාතනය සිදුව තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචිව සිටි 46 හැවිරිදි අයෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොස් මල්ලි’ නමැත්තා සමඟ වසර කිහිපයක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිට ඇත.

අංශභාග රෝගී තත්ත්වයකට ගොදුරු වීම නිසා ඔහු මීට සති කිහිපයකට පෙර මෙරටට පැමිණ තිබේ.

සිව්දෙනෙකු (4) ගෙන් යුත් කල්ලියක් ත්‍රීරෝද රථයකින් පැමිණ නිවසේ දොර කඩා ඇතුළු වී, ඇඳ මත නිදා සිටි මෙම පුද්ගලයාට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇත.

බරපතළ තුවාල ලැබූ ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘බඩෝවිට අසංක’ගේ පාර්ශ්වය විසින් සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ ෴

+++

(07.09.2026 – hirunews.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘කොස්මල්ලි’ නමැත්තාගේ මස්සිනා අද (07) පස්වරුවේ දෙහිවල, ඕබන් පෙදෙස ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර සිදුවීම සම්බන්ධයෙන් අදාළව කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු සිය නිවසේ රැඳී සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි සිව්දෙනෙකු (4) ගෙන් යුත් කණ්ඩායමක් විසින් තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර, ‘කවිඳු ධනංජය’ නොහොත් ‘සැන්ඩෝ’ නමැති සංවිධානාත්මක අපරාධකරුවෙක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴


22 ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(07.09.2026 – hirunews.lk)

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තමන් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (07) පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු වූ දුලාර ගුණතිලක සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරීයකු වන ශාන්ත ජයතිලක විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් දුලාර ගුණතිලක නමැති පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බවයි.

එහෙත් එම පෙත්සම විභාගය සඳහා විවෘත අධිකරණයේ කැඳවීමක් සිදු නොවූ බවත් පෙත්සම්කරුවෝ සඳහන් කළා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කතනායකවරයා වෙත දැනුම්දීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා ෴


හංවැල්ල සුසාන භූමියකින් ‘බස් ලලිත්’ගේ ගිනිඅවි තොගයක් සොයාගනී

(07.09.2026 – hirunews.lk)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ලලිත් කන්නංගර’ හෙවත් ‘බස් ලලිත්’ නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලත් තොරතුරු මත හංවැල්ල ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ගිනිඅවි කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එලෙස සොයාගත් ගිනිඅවි අතර, T-56 වර්ගයේ ගිනිඅවියක් (1), රිපීටර් වර්ගයේ ගිනිඅවියක් (1) සහ පිස්තෝලයක් (1) වන බව පොලිසිය සඳහන් කළේ.

සුසාන භූමියේ පස යට සඟවා තිබියදී මෙම ගිනිඅවි සොයාගෙන ඇත්තේ කොළඹ අපරාධ පරීක්ෂණ කාර්යාංශය (CCIB) විසින්.

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන ලද ‘බස් ලලිත්’ නමැත්තා රැඳවුම් නියෝග මත තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින අතර, මෙම ගිනිඅවි තොගය සහ අපරාධ කල්ලි ක්‍රියාකාරකම් අතර පවතින සබඳතා පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි ෴

+++

+


ශිෂ්‍යත්ව ලකුණු නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් කැඳවයි : සැප්තැම්බර් 21 දක්වා ඔන්ලයින් පහසුකම්

(07.09.2026 – hirunews.lk)

2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර නැවත පරීක්ෂාව (Re-scrutiny) සඳහා වන අයදුම්පත් අද (07) සිට භාරගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරනවා.

ඒ අනුව, අද (07) සිට එළඹෙන සැප්තැම්බර් 21 වනදා දක්වා අන්තර්ජාලය (Online) ඔස්සේ පමණක් අයදුම්පත් ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා තිබෙනවා.

මෙම අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය https://www.doenets.lk/ වෙත පිවිසීමෙන් ඉදිරිපත් කළ හැකි බව වැඩිදුරටත් සඳහන් ෴


China Is Quietly Taking Over Western Car Brands (07.09.2026)

+


රටේ ප්‍රවාහනය භාරගත්තේ මරුම මනුස්සයා | හදනවා හැදිල්ලක් කොනක තියලා | දෙවෙනි මෙට්‍රෝ ඩිපෝව කඩවතින් (07.09.2026)

+


බණ්ඩාරගමදී මෝටර් රථයක් අභිරහස් ලෙස ගිනිගනී (07.09.2026)

+


ව්‍යාජ ලේබල් සහිත ජල බෝතල් 8,500 කට අධික තොගයක් විනාශ කිරීමට නියෝග

(07.09.2026 – sinhala.adaderana.lk)

ව්‍යාජ ලේබල් සහිත ජල බෝතල් නිෂ්පාදනය කර බෙදාහැරීම් සිදු කළ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි සමාගමකට රුපියල් 40,000 ක් දඩයක් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගය කර තිබේ.

එමෙන්ම එම ලේබල් සහිත බෝතල් 8500 ක් විනාශ කිරීමට අධිකරණය නියෝග කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

පසුගිය අගෝස්තු මස 21 වෙනිදා සිදුකළ වැටලීමකදී ලීටර් 19, ලීටර් 5, මිලිලීටර් 1500, 1000 සහ 500 ප්‍රමාණයේ ව්‍යාජ ලේබල් සහිත පානීය ජල බෝතල් විශාල තොගයක් අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ අනුව එම සමාගමට සහ එහි අධ්‍යක්ෂවරයාට එරෙහි නඩූ පැවරීමට කටයුතු කළ අතර එය අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වරද පිළිගෙන ඇති බව සඳහන්ය.

නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ පානීය ජල බෝතල් 8,500 කට අධික සම්පූර්ණ තොගයම විනාශ කිරීමට නියෝග කෙරුණු අතර, ඒ අනුව අදාළ ජල බෝතල් තොගය අධිකරණ භූමියේදීම විනාශ කර දමන ලදී ෴


“කවදද දුන්නේ? මතක නෑ; කොහොමද දුන්නේ? මතක නෑ” – නාමල් බලන්න ආපු ගම්මන්පිල අදත් අල්ලස් සිද්ධිය ගැන කට අරී (07.09.2026)

+


මාලිමාව ලංකාවට අහිමි කළ ක්‍රිකට් ශූරතාවය. ජනපති පොලිසිය නිරුවත් කරයි. (07.09.2026)

++


Hiru TV Salakuna Live | Rajitha Senaratna | Episode 544 | 2026-09-07

++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *